The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
විශේෂාංග

ලංකාවේ ඖෂධ මාෆියාව පවත්වාගෙන යන්නෙත්, නියාමනය කරන අයමද? | රවී කුමුදේශ්

T

The Leader Desk

December 27, 2025 • 1:04 PM

ලංකාවේ ඖෂධ මාෆියාව පවත්වාගෙන යන්නෙත්, නියාමනය කරන අයමද? | රවී කුමුදේශ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියානු එන්නත් දහයක් අත්හිටුවීමෙන් පසු නැවත උත්සන්න වී ඇති “බාල ඖෂධ” බිය රෝගීන් බලෙන් ළිපට වැටෙයිද?
  • නැවත කරළියට පැමිණි බාල ඖෂධ භීතිකාව මහජනතාවට විසඳා ගත නොහැකි ප්‍රධාන ගැටලු තුනකින් පීඩාවට පත් කර ඇත.
  • තුන්වෙනි එක, “ඉන්දියන් ෆාර්මකොපියා” සම්බන්ධ ගිවිසුමක් පිළිබඳ ප්‍රශ්ණකාරී තත්වය ය..  මේ තුන එකට එකතු වෙද්දී  “රටේ ඖෂධ පද්ධතිය තුළ තමන්ට විසඳා ගත නොහැකි විශාල අර්බුධයක් ඇති නිර්මාණය වෙනවා.
  • අධිකාරියේ ඇතුළේ “එකම වටය” තීරණ බලය, උපදේශන බලය, ප්‍රතිපත්ති බලය, මේවා ආණ්ඩු ගණනාවක් හරහාත් බොහෝ වෙලාවට ගලාගෙන යන්නේ එකම වටයකින්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඖෂධ නියාමන අධිකාරිය විසින් ඉන්දියානු එන්නත් දහයක් අත්හිටුවීමත් සමගම ශ්‍රී ලංකාවේ බාල ඖෂධ පිළිබඳ බිය නැවත වරක් පැතිර යමින් තිබේ. පෙර කාලයේදී මේ ගැටලුව සම්බන්ධයෙන් වෘත්තීය සමිති දැඩි උද්ඝෝෂණ, විවේචන සහ දේශපාලන පීඩනයක් පවා ගොඩනැගූ අතර, අද එම හඬ “නිහඬද?” යන්න පිළිබඳ ප්‍රශ්න රැසක් මතුවෙමින් පවතී.

නැවත කරළියට පැමිණි බාල ඖෂධ භීතිකාව මහජනතාවට විසඳා ගත නොහැකි ප්‍රධාන ගැටලු තුනකින් පීඩාවට පත් කර ඇත.

injection 251217
එකක්, එන්නත් ගැන “විෂබීජ” චෝදනාවය.

දෙවෙනි එක, එම සමාගමේ එන්නත් දහයක් එකවර අත්හිටුවීමය.

තුන්වෙනි එක, “ඉන්දියන් ෆාර්මකොපියා” සම්බන්ධ ගිවිසුමක් පිළිබඳ ප්‍රශ්ණකාරී තත්වය ය.. 
මේ තුන එකට එකතු වෙද්දී  “රටේ ඖෂධ පද්ධතිය තුළ තමන්ට විසඳා ගත නොහැකි විශාල අර්බුධයක් ඇති නිර්මාණය වෙනවා.

බාල ඖෂධ ප්‍රශ්නය කියන්නේ එක් එක් ඇමතිවරයෙක්, එක් එක් ආණ්ඩුවක්, එක් එක් සමාගමක් මත පටවලා විසඳන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ක්‍රමයේ ගැටලුවක්.

අපි තවමත් පුද්ගලයන්ට අධිකව බර දීපු නියාමන ක්‍රමයක් තුළ ඉන්නවා. මිනිසුන්ගේ මූණ දිහා, ඉතිහාසය දිහා, ඔවුන්ගේ විශේෂඥතාවය දිහා බලලා තීරණ ගන්න එක ලෝකයේ හොඳ නියාමනයක් වෙන්න බෑ. ඒක නිසාම තමයි අපි දිගටම කියන්නේ, එක ඇමතිවරයෙක් හිරේ දැම්මත්, ක්‍රමය වෙනස් නොකර බාල ඖෂධ ප්‍රශ්නය විසඳන්න බෑ කියලා. ආණ්ඩු වෙනස් වුණත්, මේ වගේ ආන්දෝලන නැවත නැවත එන එකම ඒක තහවුරු කරනවා.

අධිකාරියේ ඇතුළේ “එකම වටය”

තීරණ බලය, උපදේශන බලය, ප්‍රතිපත්ති බලය, මේවා ආණ්ඩු ගණනාවක් හරහාත් බොහෝ වෙලාවට ගලාගෙන යන්නේ එකම වටයකින්. ඒ නිසා තමයි සමහර වෙලාවට ඒම පද්ධතිය ඇතුළේ සිටින අයම එළියට ඇවිත් විවේචනය කරනවා; සමහර වෙලාවට ඒම පද්ධතිය ඇතුළේ සිටින අයම ඇතුළේ සිටිමින් වැරදි වහගන්නවා.

ඔවුන්ට ඕන වෙලාවට “ප්‍රශ්නයක් තියෙනවා” කියලා පිළිගන්නවා. ඕන නැති වෙලාවට “ප්‍රශ්නයක් නෑ” කියලා පිළිගන්න අනෙක් අයට බල කරනවා. අද දකින “නිහඬියාව” කියන්නේත් එහෙම හදලා තියෙන තත්වයක් වෙන්න පුළුවන්.

රෝහලක පරීක්ෂණයකින් රටක් තීරණ ගන්න පුළුවන්ද?

“විෂබීජ” චෝදනාවකට පස්සේ එන්නතක් අත්හිටුවීම කියන්නේ රෝගී ආරක්ෂාව පැත්තෙන් තේරුම් ගන්න පුළුවන් පියවරක්. නමුත් මෙතැන ප්‍රශ්නය වෙන්නේ තීරණය ගත්තේ මොන පරීක්ෂණය මතද, මොන ක්‍රමවේදය මතද, ඒක නීතිමය/නියාමන ලෙස පිළිගන්න පුළුවන්ද කියන තැනයි.
 


රෝහලක රසායනාගාර පරීක්ෂණයක් පමණක් පදනම් කරගෙන රටක නියාමන තීරණ ගන්න එක විධිමත් ක්‍රියාවලියක් නොවීමට ඉඩ තියෙනවා. විශේෂයෙන්ම රටේම ජාතික ඖෂධ තත්ත්ව පාලන රසායනාගාරයවත් ශ්‍රී ලංකාව තුළ පවා සම්පූර්ණ ප්‍රමිතිගත කරගන්න බැරිවෙලා තියෙද්දී, රෝහලක ව්‍යාධිවේදී රසායනාගාරයක පරීක්ෂණයකින් තීරණ ගත්තේ යැයි කියන එක අවිධිමත් වීමේ අවදානමක් තිබෙනවා.
මෙතැනින් අහන්න තියෙන බරපතල ප්‍රශ්නයක් තියෙනවා: නියමිත ක්‍රමවේදය තුළ කරන පරීක්ෂණයකින් “විෂබීජ නෑ” කියලා තහවුරු වුණොත් කවුද අමාරුවේ වැටෙන්නේ? එන්නත නැවත භාවිතයට ගන්න සිද්ධ වුණොත්, ඒ අතරතුරේ ජනතාවගේ විශ්වාසය කොහොමද? සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ගැන ජනතාවට ඇති භය කොහොමද?

අනුමානයෙන් කියන තීරණ නියාමනයක් නොවේ

ඖෂධයක විෂබීජයක් තිබුණාද, ගුණාත්මක දෝෂයක් තිබුණාද කියලා තීරණය කරන්නේ නියමිත ක්‍රමවේදයකින්. ඒ ක්‍රමවේදය අනුගමනය නොකර කලින්ම ප්‍රකාශ නිකුත් කළොත්, අන්තිමට අමාරුවේ වැටෙන්නේ රටත් ජනතාවත්.

අද අපිට මතකයි, කාලයකට කලින් “ඉවත් කරන්න” කියලා නියෝග කරපු ඉමියුනෝග්ලොබියුලින් එන්නතක් පසුව නැවත භාවිතයට ගන්න කතා වුණු හැටි. මෙවැනි කලබල තීරණ පසුව ආපසු හැරෙද්දී, සෞඛ්‍ය සේවාව පිළිබඳ විශ්වාසය බිඳ වැටෙනවා.

හරි ක්‍රමය - අත්හිටුවීමෙන් පස්සේම වැඩ

“විෂබීජ” සැකයක් ආවහම කළ යුතු දේ “අත්හිටුවලා කෑ ගහලා” නෙවෙයි. සත්‍යට ආසන්න ක්‍රමය යන්නේ පියවර තුනකින්: රෝගී ආරක්ෂාවට තාවකාලිකව වෙන් කිරීම → නියමිත ලෙස සාම්පල් ගැනීම → තහවුරු කිරීම.

Locking Medical Cabinet
ඒ වගේම විෂබීජයක් ඇතුළු වුනේ කොතැනදීද කියන එකත් තීරණාත්මකයි. නිෂ්පාදනයේදීද, ප්‍රවාහනයේදීද, ගබඩාකරණයේදීද, රෝහලේ හසුරවද්දීද—මේව තීරණය වෙන්නේ පරීක්ෂණ හා සාධක මතයි.

පූර්ව සාම්පල් පරීක්ෂාව ගැන නිහඬතාව

මෙහි වගකීමක් තියෙන තැනක් තවමත් පැහැදිලි නෑ: රටට ගේන්න කලින් පූර්ව සාම්පල් පරීක්ෂාව කළේද? එන්නත් වගේ බරපතල ඖෂධයක් ගෙන්වද්දී, පූර්ව සාම්පල් පරීක්ෂාව ගැන මිලදීගන්නා පාර්ශවය සෑහීමකට පත් වෙලා තහවුරු වෙන්න ඕන.

“ඔන්ඩැසෙට්‍රොන්” 8mg/4ml වැනි එන්නත් ප්‍රමාණයක් ලක්ෂ ගණනින් ඇණවුම් වුණ බවට සංසරණය වන තොරතුරුත් තිබෙනවා. එවැනි ප්‍රමාණයක් කියන්නේ රෝහලකට දෙකකට නෙවෙයි—රට පුරා බෙදාහැරෙන ඖෂධ ප්‍රවාහයක්. ඒ නිසා වගකීම අතහැරලා බැහැ.

ඉතා වැදගත් දෙයක් මෙතැන තියෙනවා: සමාජ මාධ්‍ය තුළ ලේඛන/රූප සටහන් සංසරණය වුණත්, සම්පූර්ණ නිල ලේඛන කට්ටලය ජනතාවට නිසි ලෙස නිරාවරණය නොවීම නිසා, රටේ තීරණ “අනුමාන-තොරතුරු” මත යාම වැළැක්වීමටම නියමිත ක්‍රමවේදය වැදගත් වෙනවා.

පරස්පර වාර්තා - කෑ ගහලා විසඳන්න බැහැ

ඉන්දියාවේ රසායනාගාර දෙකකින් “විෂබීජ නෑ” කියලා වාර්තා තියෙනවා කියලා තොරතුරු තිබුණොත්, “මම හරි” කියලා කෑ ගහලා ජයගන්න බැහැ. ඒකට පිළිතුර තියෙන්නේ පිළිගත් ක්‍රමවේදයකින් නැවත තහවුරු කිරීම තුළයි.

එක්කෝ ඒ වාර්තා වැරදි වෙන්න ඕන. නැත්තං ඒ වාර්තා බැලුවා කියන කතාව වැරදි වෙන්න ඕන. නැත්තං ලංකාවේ පරීක්ෂණය තහවුරු කරගන්න ඕන. මෙතැන තුන්වෙනි මගක් නෑ.

“එන්නත් දහයක්” - විද්‍යාත්මක පදනමක්ද?
images 2025 12 27T182638.644
එන්නතක් ගැන සංකූලතා වාර්තා, මරණයක් පිළිබඳ සැක වැනි කරුණු තිබුණා නම් තාවකාලිකව අත්හිටුවලා පරීක්ෂා කරන එක තේරුම් ගන්න පුළුවන්. නමුත් මෙතැන අහන්න තියෙන ප්‍රශ්නය ඉතිරි එන්නත් නවයයි: ඒවා නවත්වන්න භාවිතා කළ ක්‍රමවේදය මොකක්ද?

එයට පැහැදිලි කිරීමක් නැත්නම් ජනතාවට පේන්නේ “කලබලයක්” විතරයි. තවත් අතකින් මේ වගේ තීරණවලින් සමාගමට නීතිමය පියවර ගන්න ඉඩ තියෙනවා. අපි නොදන්න ගිවිසුම්වල වගන්ති ඔවුන්ට ප්‍රයෝජනවත් වෙන්නත් පුළුවන්. එහෙම වෙද්දී ගෙවන්නේ තීරණ ගත්ත අය නෙවෙයි—රටේ ජනතාව.
එක සමාගමක් වට්ටලා තව සමාගමකට ඉඩ හදන එක, ඖෂධ මාෆියාවේ දූෂිත ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. මේවා ජනතාවාදී වැඩක් වගේ පේන්න දුන්නත්, වෙනත් අරමුණු තිබිය හැකි බව අමතක කරන්න බැහැ.

ගිවිසුමක් නම් - නිරාවරණය කළ යුතුයි

“ඉන්දියන් ෆාර්මකොපියා” ගැන ගිවිසුමක් තිබුණා නම්, ඒක ජනතාවට නිරාවරණය විය යුතුයි. නිරාවරණය නැතුව “ප්‍රශ්නයක් නෑ” කියලා කියන්න බැහැ. “අලුත් දෙයක් නෑ” කියලා කියනවා නම්, අලුතෙන් ගිවිසුමක් ඇයි කියලා අහන්නම වෙනවා. ගිවිසුමක් කියන්නේ වගකීම් බෙදාගැනීමක්. කාටද වාසිය? කාටද බර? මේවා පැහැදිලි නොකර රටට නිහතමානී උත්තර දෙන්න බැහැ.

කමිටු වලින් නෙවෙයි - පද්ධතියෙන්

කමිටු, කඩිනම් වැඩපිළිවෙළ, ආයතන කිහිපයක් එකතු කිරීම—මේවා පරණ කතා. මේ වගේම කමිටු මීට පෙරත් තිබුණා. වගකීම් එකම කණ්ඩායමට නැවත නැවත දීමෙන් ප්‍රතිඵල වෙනස් වෙන්නේ නෑ.

ඖෂධ මාෆියාව කියන්නේ සමාගම් අතේ තියෙන එකකට වඩා, තීරණ ගන්න අය අතේ තියෙන එකක් වෙන්නත් පුළුවන්. ඒ සැකය නොකියලා නෑ කියලා මගහරින්න බැහැ.

රසායනාගාරය-නැතිවම දේශය අසරණ වෙයි

1756291876290
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඖෂධ තත්ත්ව පාලන රසායනාගාරයක් ගැන අවුරුදු 15–20කට පෙරත් කතා වුණා. නමුත් වැඩේ ඉදිරියට ගියේ නැහැ. රටට ඕනේ පළමුවම ජාතික ඖෂධ තත්ත්ව පාලන රසායනාගාරයම හරි තත්ත්වයට ගන්න එකයි. ජාත්‍යන්තර මට්ටමට බැරි නම්, අඩු ගානේ ශ්‍රී ලංකා ප්‍රතීතන සහතිකයවත් ගන්න එක අත්‍යවශ්‍යයි.
ඊට පස්සේම, ඒ රසායනාගාරය ස්වාධීන කළ යුතුයි—නියාමන අධිකාරියෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්, ඖෂධ නීතිගත සංස්ථාවෙන් වෙන් කරලා. නැත්තං “තත්ව පාලනය” කියලා අල්ලගෙන ඉන්න එක දේශපාලන-පෞද්ගලික බල ක්‍රීඩාවක් වෙනවා.

ravi kumudesh 1000px 28 5 21
(රවී කුමුදේශ්)
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය
kumudeshr@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...