The Leader News
BREAKING
ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●
Top Ad
විශේෂාංග

ප්‍රතිසංස්කරණ පත්‍රිකාවේ නැති 'වැඩිහිටි අධ්‍යාපනය' - ශෂිකා අබේරත්න

T

The Leader Desk

January 1, 2026 • 12:21 PM

ප්‍රතිසංස්කරණ පත්‍රිකාවේ නැති 'වැඩිහිටි අධ්‍යාපනය' - ශෂිකා අබේරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත්, ශීඝ්‍රයෙන් වෙනස් වන ගෝලීය ආර්ථිකය හා තාක්ෂණය හමුවේ "ජීවිත කාලය පුරා ඉගෙනුම" (Lifelong Learning) යන්න අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව තිබේ.
  • මෙහිදී වැඩිහිටි අධ්‍යාපනය සහ නොවිධිමත් අධ්‍යාපනය (Adult and Non-formal Education) තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළද, ලාංකීය ප්‍රතිපත්තිමය රාමුව තුළ එයට හිමිව ඇති පිළිගැනීම සහ මූල්‍යමය ප්‍රමුඛතාව පිළිබඳව ඇත්තේ දැඩි විවාදාත්මක තත්ත්වයකි.
  • පවතින ආයතනික ව්‍යුහයන්හි දුර්වලතා, සහ තාක්ෂණික අසමානතාවන් මධ්‍යයේ වුවද, මෙම ක්ෂේත්‍රය නංවාලීම සඳහා රාජ්‍ය, පෞද්ගලික සහ සිවිල් සංවිධාන අතර ඇති විය යුතු සහයෝගීතාව කෙබඳු විය යුතුද යන්න පිළිබඳව පුළුල් සමාජ කතිකාවතක් අවශ්‍ය වී තිබේ.
  • වත්මන් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාව තුළ නොවිධිමත් අධ්‍යාපනය බොහෝ විට හුදෙක් පාසල් හැරගිය පිරිසකට ලබාදෙන විකල්ප වෘත්තීය පුහුණුවකට හෝ සාක්ෂරතාව ලබාදීමකට පමණක් සීමා වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

එහෙත්, ශීඝ්‍රයෙන් වෙනස් වන ගෝලීය ආර්ථිකය හා තාක්ෂණය හමුවේ "ජීවිත කාලය පුරා ඉගෙනුම" (Lifelong Learning) යන්න අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව තිබේ. මෙහිදී වැඩිහිටි අධ්‍යාපනය සහ නොවිධිමත් අධ්‍යාපනය (Adult and Non-formal Education) තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළද, ලාංකීය ප්‍රතිපත්තිමය රාමුව තුළ එයට හිමිව ඇති පිළිගැනීම සහ මූල්‍යමය ප්‍රමුඛතාව පිළිබඳව ඇත්තේ දැඩි විවාදාත්මක තත්ත්වයකි. පවතින ආයතනික ව්‍යුහයන්හි දුර්වලතා, සහ තාක්ෂණික අසමානතාවන් මධ්‍යයේ වුවද, මෙම ක්ෂේත්‍රය නංවාලීම සඳහා රාජ්‍ය, පෞද්ගලික සහ සිවිල් සංවිධාන අතර ඇති විය යුතු සහයෝගීතාව කෙබඳු විය යුතුද යන්න පිළිබඳව පුළුල් සමාජ කතිකාවතක් අවශ්‍ය වී තිබේ.

col nvq05jpg154841278 5411983 12032017 FHM CMY

 

වත්මන් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාව තුළ නොවිධිමත් අධ්‍යාපනය බොහෝ විට හුදෙක් පාසල් හැරගිය පිරිසකට ලබාදෙන විකල්ප වෘත්තීය පුහුණුවකට හෝ සාක්ෂරතාව ලබාදීමකට පමණක් සීමා වී ඇත. විධිමත් අධ්‍යාපන පද්ධතියට හිමිවන ගෞරවය හෝ සමාජ පිළිගැනීම මෙම අංශයට නොලැබීම නිසා බොහෝ පිරිසක් නොවිධිමත් ඉගෙනුම් මාර්ග වෙත යොමු වීමට මැලිකමක් දක්වති. මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා අධ්‍යාපන සුදුසුකම් අතර "සමාන්තරතාවක්" ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ. එනම්, වෘත්තීය අත්දැකීම් සහ නොවිධිමත් පාඨමාලා හරහා ලබාගන්නා දැනුම, ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව (NVQ) සමඟ දැඩි ලෙස බද්ධ කරමින්, ඒවා විශ්වවිද්‍යාල උපාධි මට්ටම දක්වා ගමන් කළ හැකි පැහැදිලි මාවතක් (Credit Transfer System) ලෙස සකස් කළ යුතුය. එවිට වැඩිහිටි අධ්‍යාපනය යනු හුදෙක් සහතිකයකට එහා ගිය, සමාජ හා ආර්ථික වටිනාකමක් සහිත ක්‍රියාවලියක් බවට පත්වනු ඇත.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ කතාබහ කිරීමේදී පවතින ප්‍රධානතම ගැටලුවක් වන්නේ, වරින් වර විවිධ ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ නිර්මාණය වුවද ඒවායේ සැබෑ පණිවිඩය පද්ධතියේ සියලු මට්ටම් කරා නිසි ලෙස ගලා නොයෑමයි. විශේෂයෙන්ම "වැඩිහිටි සහ නොවිධිමත් අධ්‍යාපනය" වැනි ක්ෂේත්‍ර පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයින් අවධානය යොමු කළද, පද්ධතිය තුළ සිටින ක්‍රියාකාරීන් ඒ පිළිබඳව කෙතරම් දුරට දැනුමම්වත්ද සහ එම නිර්දේශ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අදාළ ආයතන කෙතරම් දුරට කැපවී සිටින්නේද යන්න ගැටලුසහගතය.

 

dreamstime xxl 85000806 650x365 1

ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති රාමුව සැකසීමේ වගකීම පැවරී ඇත්තේ ජාතික අධ්‍යාපන කොමිසමටය. එම කොමිසම මගින් ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රධාන ක්ෂේත්‍ර අටක් (08) කෙරෙහි අවධානය යොමු කරයි. එහිදී සාමාන්‍ය අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය, පිරිවෙන් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ පූර්ව ළමාවිය සංවර්ධනය මෙන්ම ‘වැඩිහිටි සහ නොවිධිමත් අධ්‍යාපනය’ ද සුවිශේෂී ක්ෂේත්‍රයක් ලෙස සලකා ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරනු ලබයි. මෙයින් පැහැදිලි වන්නේ ප්‍රතිපත්තිමය මට්ටමින් මෙම විෂය කෙරෙහි අවධානයක් පවතින බව වුවත්, රටක් ලෙස එය ප්‍රායෝගිකව සාකච්ඡාවට බඳුන් කරන ප්‍රමාණය සහ ඒ සඳහා ලබා දෙන ප්‍රමුඛතාව තවමත් ප්‍රමාණවත් නොවන බවයි.

Sri Lanka higher education FBLive

 

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළ නොවිධිමත් අධ්‍යාපනය සඳහා දැනටමත් සංවිධානාත්මක ව්‍යුහයක් පවතී. අමාත්‍යාංශ මට්ටමින් ‘නොවිධිමත් සහ විශේෂ අධ්‍යාපන ඒකකය’  ක්‍රියාත්මක වන අතර, පළාත් මට්ටමින් සහ කලාප මට්ටමින් ඒ සඳහා වෙනම අධ්‍යක්ෂවරුන් පත් කර ඇත. එසේම කොට්ඨාස මට්ටමින් නොවිධිමත් අධ්‍යාපන ව්‍යාපෘති නිලධාරීන් ද සේවය කරති. මෙවැනි ශක්තිමත් යාන්ත්‍රණයක් පද්ධතිය තුළ තිබියදීත්, එහි ක්‍රියාකාරිත්වය බලාපොරොත්තු වන මට්ටමින් සිදු නොවීම බරපතල අඩුපාඩුවකි.

නොවිධිමත් අධ්‍යාපනය යනු හුදෙක් එක් ඒකකයකට සීමා වූ කාර්යයක් නොවේ. විධිමත් අධ්‍යාපන රාමුවෙන් පරිබාහිරව සිටින සියලු දෙනාගේ දැනුම වර්ධනය සහ කුසලතා සංවර්ධනය මෙහි අරමුණයි. එබැවින් අධ්‍යාපන අමාත්‍යාංශය පමණක් නොව, අනෙකුත් සියලුම අමාත්‍යාංශ ද මෙම කාර්යභාරය හඳුනාගත යුතුය. සෑම අමාත්‍යාංශයක් තුළම වැඩිහිටි අධ්‍යාපනය පිළිබඳව සොයා බැලෙන ‘අධ්‍යාපන ඒකකයක්’ පැවතීමත්, ඒවා අතර මනා සම්බන්ධීකරණයක් තිබීමත් මෙම ක්ෂේත්‍රය නගා සිටුවීමට අත්‍යවශ්‍ය වේ.

2026 වසරේ අයවැය මගින් මෙරට් අධ්‍යාපනය සදහා වෙන් වූ මුදල් පහත පරිදිය.

 

education reform in sri lanka 2 large

අධ්‍යාපනය සඳහා වෙන් කිරීමට යෝජිත සමස්ත මුදල රු. බිලියන 704කි. එහි අරමුණු කිහිපයකි. එනම්, දිවයින පුරා පාසල් 10,191 හරහා සිසුන් මිලියන 4.1 ක් පමණ සඳහා ගුණාත්මක පාසල් අධ්‍යාපනයක් ලබා දීම, ගුරු කාර්ය මණ්ඩලය 236,129ක් සේවයේ යෙදවීම රජයේ විශ්ව විද්‍යාල 19ක් මගින් උපාධි අපේක්ෂකයින් 192,750ක් පමණ සඳහා උසස් අධ්‍යාපනය ලබා දීම, අධ්‍යයන කාර්ය මණ්ඩලය 11,521 ක් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය 12,826ක් සේවයේ යෙදවීම. සිසුන් 110,000 කට පමණ වෘත්තීය අධ්‍යාපනය ලබා දීම යනුවෙනි.

8293975052 0ffe3354a3 c

 

බිලියන 537.1 පාසල් අධ්‍යාපනය

බිලියන 133.9 විශ්වවිද්‍යාල අධ්‍යාපනය

බිලියන 20.2 වෘත්තීය අධ්‍යාපනය

බිලියන 7.1 විද්‍යාව සහ තාක්ෂණය

බිලියන 1.3 දහම් පාසල් අධ්‍යාපනය

බිලියන 4.7 පූර්ව ප්‍රාථමික අධ්‍යාපනය

It is a tragedy that adult education is not included in national policy

 

වැඩිහිටි අධ්‍යාපනය සඳහා රජය වෙන් කරන මූල්‍ය ප්‍රතිපාදන පිළිබඳව විමසීමේදී පෙනී යන්නේ, සාධනාත්මක මුදලක් අයවැය මගින් වෙන් කර නොමැති බවයි. මුදල් වෙන් කළද වෙන් කර ඇති මුදලට වඩා එම මුදල් කාර්යක්ෂමව භාවිත කරන වැඩසටහන්වල හිඟයක් පවති. රජයට අමතරව දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන (NGOs) මගින් මෙම ක්ෂේත්‍රය සඳහා විශාල අරමුදල් ප්‍රමාණයක් ලබා දෙයි. එහෙත් එම මුදල් ඵලදායී ලෙස යොදවන්නේද යන්න ගැටලුවකි. නිවැරදි ඉලක්ක සහිත, ප්‍රායෝගික වැඩපිළිවෙලක් පවතින්නේ නම් මූල්‍ය හිඟය බාධාවක් නොවේ. රජයේ වගකීම වන්නේ මෙම අරමුදල් නිසි ලෙස නියාමනය කරමින් සියලු පාර්ශවයන් ඒකාබද්ධ වූ ‘ඒකාබද්ධ ප්‍රවේශයක්’ (Integrated Approach) හරහා කටයුතු කිරීමයි.

ජාතික අධ්‍යාපන කොමිසම මගින් ඉදිරිපත් කර ඇති නිර්දේශ සහ නීතිමය රාමුව සක්‍රීය කිරීම කාලීන අවශ්‍යතාවකි. අධ්‍යාපනය මගින් මිනිසා සහ සමාජය ගොඩනැගීමේදී එය හුදෙකලා ප්‍රවේශයක් නොවිය යුතුය. රාජ්‍ය සහ රාජ්‍ය නොවන යන අංශ දෙකෙහිම සහයෝගීතාවය මත, ඉහළ සිට පහළට විහිදුණු ක්‍රමවත් නියාමන හා අධීක්ෂණ යාන්ත්‍රණයක් සහිතව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක විය යුතුය.

 

1697110653
වර්තමාන සමාජය තුළ තාක්ෂණයෙන් බැහැරව පුද්ගල සංවර්ධනයක් අපේක්ෂා කළ නොහැක. වැඩිහිටි ප්‍රජාවට තාක්ෂණය යම් අභියෝගයක් විය හැකි වුවත්, ඔවුන්ව එම අවස්ථාවන්ට නිරන්තරයෙන් සම්බන්ධ කිරීම තුළින් ඔවුන්ට එම දැනුම හුරු කරවිය හැකිය. තාක්ෂණය බද්ධ කිරීමේ අභියෝගය ද මෙහිදී සුළුකොට තැකිය නොහැකිය. වැඩිහිටි ඉගෙනුම්ලාභීන් නවීන තාක්ෂණය (LMS හෝ Online Platforms) භාවිත කිරීමට දක්වන බිය සහ ග්‍රාමීය ප්‍රදේශවල පවතින දුර්වල අන්තර්ජාල පහසුකම් ප්‍රධාන ගැටලු වේ. මෙම තාක්ෂණික පරතරය අවම කිරීම සඳහා 'ඩිජිටල් සාක්ෂරතාව' වැඩිහිටි අධ්‍යාපනයේ මූලිකාංගයක් බවට පත්කළ යුතුය. සංකීර්ණ පද්ධති වෙනුවට සරල ජංගම දුරකථන යෙදුම් හරහා ඉගෙනුම් ද්‍රව්‍ය ලබාදීමත්, දිවයින පුරා විසිරී ඇති විද්‍යායතන සහ ප්‍රජා මධ්‍යස්ථාන 'ඩිජිටල් ඉගෙනුම් කේන්ද්‍රස්ථාන' ලෙස නවීකරණය කිරීමත් මීට ඇති සාර්ථක විසඳුම් වේ.

අවසාන වශයෙන්, වැඩිහිටි අධ්‍යාපනය යනු හුදෙක් පුද්ගලයෙකුගේ දැනුම වර්ධනය කිරීමක් පමණක් නොව, එය රටේ මානව සම්පතේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම හරහා සමස්ත ආර්ථිකයම ශක්තිමත් කරන ආයෝජනයක් ලෙස සැලකිය යුතුය. තාක්ෂණික මෙවලම් (LMS, Online Platforms) වැඩිහිටි අධ්‍යාපනයට බද්ධ කිරීම හරහා ඔවුන්ව හුදකලා නොවූ, සමාජය සමඟ සමපාත වූ පිරිසක් ලෙස ගොඩනැගීමට අවස්ථාව සැලසේ. වැඩිහිටි සහ නොවිධිමත් අධ්‍යාපනය නංවාලීමට නම්, හුදෙක් ප්‍රතිපත්ති සකස් කිරීමෙන් පමණක් නොනැවතී, පවතින ආයතනික යාන්ත්‍රණය සක්‍රීය කළ යුතුය. මූල්‍ය සම්පත් ඵලදායී ලෙස කළමනාකරණය කරමින්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සියලුම අංශ ඒකාබද්ධ වූ පුළුල් වැඩපිළිවෙලක් හරහා ‘ජීවිත කාලය පුරා ඉගෙනුම’ යන්න මෙරට තුළ යථාර්තයක් බවට පත් කළ හැකිය.


ආචාර්ය කපිල බණ්ඩාර
අධ්‍යාපන පීඨය
කොළඹ විශ්වවිද්‍යාලයීය

සංවාද සටහන

ශෂිකා අබේරත්න

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...