The Leader News
BREAKING
ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●
Top Ad
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් ගේ අලුත් ම සින්දුව

T

The Leader Desk

January 1, 2026 • 4:34 PM

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් ගේ අලුත් ම සින්දුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විසාලා මහනුවරට කිට්ටු වෙන්නට ම වාගේ ලංකාවේ ජන දුක වැඩි වෙමින් පවතී.
  • එහි දී සාකච්ඡාව වූ සියලු කරුණු එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
  • මෙම හමුවෙන් අනතුරුව නියෝජ්‍ය නායක රුවන් මාධ්‍යයට පැවසූයේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකට වැඩ කිරීම සම්බන්ධයෙන් වන අඩිතාලම දැමීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ වූ බවයි.
  • කෙසේ වෙතත් මේ හමුව ගැන සජබ ජ්‍යෙෂ්ඨයන් කිසිවකුටත් සජිත් කලින් පවසා නැති බව දැනගන්නට ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

විසාලා මහනුවරට කිට්ටු වෙන්නට ම වාගේ ලංකාවේ ජන දුක වැඩි වෙමින් පවතී. ඔය අල්ලපනල්ලේ සජිත් සහ එජාපයේ නිලධාරීන් අතර සිදුවූ හමුව දේශපාලන ලෝකයේ කතාබහට ලක් විය.

ටාජ් සමුද්‍ර වගේ ද ඉන්දියාව

frgyet34

හමුව සිදු වූයේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී ය. නියෝජ්‍ය නායක රුවන්, උප නායක අකිල, උප සභාපති නවීන් ඊට සහභාගී වූහ . හමුවට ආරාධනය ලැබුණේ සජිත්ගෙනි. එහි දී සාකච්ඡාව වූ සියලු කරුණු එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙම හමුවෙන් අනතුරුව නියෝජ්‍ය නායක රුවන් මාධ්‍යයට පැවසූයේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකට වැඩ කිරීම සම්බන්ධයෙන් වන අඩිතාලම දැමීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ වූ බවයි. කෙසේ වෙතත් මේ හමුව ගැන සජබ ජ්‍යෙෂ්ඨයන් කිසිවකුටත් සජිත් කලින් පවසා නැති බව දැනගන්නට ඇත. ඒ ගැන ඔවුන්ගේ හිතේ යම් අමනාපයක් ඇති වී තිබෙන නමුත් ඔවුන් හිත හදාගෙන ඇත්තේ "ඉන්දියාවට යද්දිත් නොකිය ගිය මිනිහා ටාජ් සමුද්‍රා එකට යද්දි කියාවිදැයි" පවසමිනි.

"එකතුවක් වෙනවා නම් තැන් තැන් වල මාස ගණන් අවුරුදු ගණන් කතා කරනවාට වඩා ඇත්ත ක්‍රියාකාරී එකතුවක් ළඟදී ම වෙන්න ඕන. හමු වගේම ඊට පස්සේ වෙන දේ ගැන තමයි මිනිස්සු බලාගෙන ඉන්නේ. පියානෝ ගහල විතරක් මදි. ඇත්ත ක්‍රියාකාරී විපක්ෂයක් ගොඩනැගෙන්න ඕන ළඟදිම "

රනිල් මේ හමුව ගැන එසේ පවසා තිබිණි.

"පරණ සින්දුවලට ම සීමා වෙලා වැඩක් නෑ. අපි අලුත් සින්දුවක් හොයාගන්න ඕන."

මන්ත්‍රී කණ්ඩායම හමුවේ  රනිල් එසේ පවසා තිබිණි.

කතාව දෝලාවෙන් ගමන පයින් ද...?

dryt5e6754

කෙසේ වුවත් සජබ ජ්‍යෙෂ්ඨයෙක් එජාප සභාපති හමුවී යම් කතාවක් පවසා තිබිණි.

"සජිත් මේ හමු වලට අපේ පක්ෂයේ කිසිම නියෝජිතයෙක් එක්කාසු කරගන්නේ නැතුව තනියම ඉන්නේ මොකද දන්නවද? එයාට ඕන කතා කර කර ඉන්න විතරයි. තව ජ්‍යෙෂ්ඨයො ආවොත් ඒ අය පක්ෂ දෙකේ එකතුවට ඉදිරිගාමී පියවර කියලා ඇත්ත එකතුවකට පසුබිම හදනවනේ. ඒකට සජිත් උන්නැහේ කැමති නෑ. උන්දැට ඕන කතා කරනවා කියලා ලෝකෙට පෙන්න පෙන්න මුකුත් නොකර ඉන්න එක විතරයි.

දේශපාලන විචාරකයින් ගේ මතය වූයේ සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු නොවුණහොත් සජබෙ  දැන් සිටින මන්ත්‍රීවරුන් බහුතරයක ගේ දේශපාලනය ඉදිරියේ දී අවසන් වනු ඇති බවයි.

හුදෙකලා චරිත

fdtr3456r5

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ භූමිකාව පවතින්නේ ද ඉතා මන්දගාමී ස්වරූපයක ය. දුර්වල ආණ්ඩුව විසින් පිටිය ඉතා හොඳින් සකසා දුන්න ද ඊටත් වඩා දුබල විපක්ෂය මන්දගාමීව ඒ පිටියේ එහා මෙහා ඇවිදිමින් සිටින  ආකාරයක් පමණක් පෙන්නුම් කරමින් සිටී.

"විපක්ෂයේ පක්ෂ වෙන වෙනම හරි ක්‍රියාශීව තමන්ගේ කාර්යභාරය කරනවා නම් එකට එකතු නොවුනත් ප්‍රශ්නයක් නෑ. ඒත් ඒක වෙන්නේ නැහැ. මිනිස්සු අමාරු අඩියකට පත්වෙච්ච වෙලාවේ කෑ ගහලා මොනවා හරි කරන්න ඕන නේද? ඇයි මේ ගොළුවො, බීරො වගේ ඉන්නේ. සමාජ ප්‍රශ්න කොච්චර තියෙනව ද ඒවා ගැන වගේ වගක් නෑනේ රනිල් මන්ත්‍රී කණ්ඩායම හමුවේ කීය.

"අවුරුද්ද අන්තිමට ඇවිත් ආපහු හැරිලා බලද්දී විපක්ෂය කවුද කියලා ඇහුවොත් මොකක්ද කියන්න තියෙන්නේ. පුද්ගලයන් ගෙ නම් ටිකක් විතරයි. නාමල් , චාමර, දයාසිරි, මුජිබුර්, අර්චුනා ඔය වගේ හුදෙකලා නම් කීපයක් තමයි මතක් වෙන්නේ. වෙන කවුද විපක්ෂයක් තියලා ඉන්නේ. හුදෙකලා චරිත ටිකක් හැදිලා තියනවා. එච්චරයි"

ආණ්ඩුවේ 'එදා වේල'

cfy467yt

ආණ්ඩුවද එදා වේල පිරිමසා ගනිමින් රටේ ප්‍රශ්න යට ගසිමින් අසීරු ගමනක් අරඹා ඇත. කැබිනට් මාධ්‍ය හමුව ඇසුවොත් මේ තත්ත්වය හොඳාකාරව ම මොළයක් තියෙන මිනිහෙකුට අවබෝධ වේ. රටේ ප්‍රශ්න ගැන මාධ්‍යවේදීන් අසන කිසිම ප්‍රශ්නයකට ආණ්ඩුවෙන් උත්තරයක් ලැබෙන්නේ නැත. ලැබෙන්නේ ලිස්සා යන උත්තර පමණි.

නව වසර සැමරුම කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී රනිල්ගේ ප්‍රධානත්වයෙන් චාම් අභිමානවත් අයුරින් පැවැත්විණි. එහි ආ සියල්ලන් ම රනිල්ට සුබ පැතුම් එක් කළේ නව බලාපොරොත්තුවක් සමගිනි.

මෙවරත් උත්සවයේ සංවිධාන කටයුතු බාරව සිටියේ සභාපති වජිරයි.

(සටහන | මල් පාරේ ලියුම්කරු)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...