The Leader News
BREAKING
ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●
Top Ad
විශේෂාංග

ලග්නය මාරු නොකර නව වසරේ අසුබ පලාපල සුබ කර ගන්නා හැටි | ප්‍රණීත් අභයසුන්දර

T

The Leader Desk

January 3, 2026 • 5:25 AM

 ලග්නය මාරු නොකර නව වසරේ අසුබ පලාපල සුබ කර ගන්නා හැටි | ප්‍රණීත් අභයසුන්දර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තවත් නව වසරක් උදා වී තිබේ. නමුත් මේ දිනවල අප කාටත් නිතර අසන්නට ලැබෙන “සුබ අලුත් අවුරුද්දක් වේවා!” යන්න නිකම්ම නිකම් හිස් වචන ගොන්නක් බව අප බොහෝ දෙනකු ප්‍රායෝගිකව අත් දකින බව මගේ වැටහීම ය.
  • මේ වන විටත් සමාජය අමු‍වේ පැන නැඟී ඇති සමාජ ආර්ථික අස්ථායී බව ඊට ප්‍රධාන හේතුව සේ පෙනෙයි.
  • නමුදු, ජ්‍යොතිෂය නම් වෙළෙඳපොළේ පදික වෙළෙඳාමක් බඳු ලග්න පලාපල සම්බන්ධයෙන් පවත්නා සමාජමය ඉල්ලුම සුළු පටු නොවන බව ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද නොයෙකුත් විමසුම් මඟින් තහවුරු වී තිබේ.
  • එහෙත්, ජන මාධ්‍යවලින් ලග්න පලාපල ඉදිරිපත් කරන ආකාරය දෙස බැලූ විට, එකම දිනයක්, සතියක් හෝ වසරක් මුල් කොට පැවසෙන ඒවා එකිනෙකට බොහෝ සෙයින් පරස්පර බව පෙනී යයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අතරේ අපේ දෛවය විසින් නව වසරේ අපට කෙබඳු ඉරණමක් උදා කර දෙනු ඇද්ද? යන අනියත බියක් අද සමාජයේ බොහෝ දෙනෙකු තුළ පවතී.

මේ වන විටත් සමාජය අමු‍වේ පැන නැඟී ඇති සමාජ ආර්ථික අස්ථායී බව ඊට ප්‍රධාන හේතුව සේ පෙනෙයි. එහි දී සමහරෙක් ඒ අනියත බිය සැක දුරු කර ගනු පිණිස ජ්‍යොතිෂයේ පිහිට පතති. ඒ සඳහා ප්‍රධාන වශයෙන් තමන්ගේ කේන්ද්‍රය පරීක්ෂා කර ගත යුතු වුවත්, එය නිතර සිදු කළ හැකි කාරියක් නොවේ. එනිසා අප සමාජයේ බොහෝ දෙනකු එම අවශ්‍යතාව සපුරාගනුයේ ජ්‍යොතිෂයේ ප්‍රාථමික අංගයක් වන ලග්න පලාපල මඟිනි.

2025 pseudoscience 01

 නමුත් ජ්‍යොතිෂයේ එන රාශි දොළහෙන් යමකුගේ උප්පත්ති කේන්ද්‍රයේ එන ලග්නය මත පදනම් ව ගොඩනැඟුණු මෙම ජනප්‍රිය සම්ප්‍රදාය විද්‍යාත්මක පදනම මඟින් ව්‍යාජ විද්‍යාවක් (Pseudoscience) වශයෙන් මුළුමනින්ම ප්‍රතික්ෂේප කෙරෙන අතර, ජ්‍යොතිෂයේ එන ශාස්ත්‍රීය පදනම සමඟ පවා හරි හැටි නොසැසඳෙන බව පෙනේ. නමුදු, ජ්‍යොතිෂය නම් වෙළෙඳපොළේ පදික වෙළෙඳාමක් බඳු ලග්න පලාපල සම්බන්ධයෙන් පවත්නා සමාජමය ඉල්ලුම සුළු පටු නොවන බව ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද නොයෙකුත් විමසුම් මඟින් තහවුරු වී තිබේ.

 

මෙම ලග්න පලාපල නම් වන ජනප්‍රිය සම්ප්‍රදාය ප්‍රධාන වශයෙන් ජන මාධ්‍ය හා බැඳී තිබේ. එසේ නොමැතිව කිසිවකුත් තමන්ගේ ලග්නයට කෙබඳු දැයි දැන ගැනීමට ජ්‍යෝතිර්වේදියකු හමුවට යන්නේ නැත. එහෙත්, ජන මාධ්‍යවලින් ලග්න පලාපල ඉදිරිපත් කරන ආකාරය දෙස බැලූ විට, එකම දිනයක්, සතියක් හෝ වසරක් මුල් කොට පැවසෙන ඒවා එකිනෙකට බොහෝ සෙයින් පරස්පර බව පෙනී යයි.

එකම සිද්ධාන්ත සමූහයක් පදනම් ව, එකම කාල පරාසයක් මුල් කොට ලියැවෙන මෙම ලග්න පලාපල මෙලෙස එකිනෙකට ඉඳුරාම වෙනස් වන්නේ කෙසේ ද? යන්න පිළිබඳව සමාජමය කතිකාවක් පවා පැන නැඟී නොමැති වීම විශේෂත්වයකි.


maxresdefault 4
එමෙන්ම, එකිනෙකට ඉඳුරාම වෙනස් බවක් පළ කරන මෙම ලග්න පලාපල බොහොමයක් ඉතා පොදු ප්‍රකාශ හෙවත් ඕනෑම අයෙකුට තමන්ට ගැලපෙන බව හැඟෙන පරිදි ඒවා සකස් කර ඇති බව පෙනී යයි. ඒ අනුව ඒවා නව ග්‍රහයන් නොවන, ඒ ලග්න පලාපල කියන, ලියන, කියන “මිනිස් ග්‍රහයන්ගේ” මනංකල්පිතයන් බව පෙනෙයි.

 ලග්න පලාපලවල නිතර සඳහන් වන “ඔබ අන් අයට උදව් කිරීමට ගොස් කළකිරීමට පත් වේ” වැනි ප්‍රකාශයක් ඕනෑම ලග්නයක කෙනෙකුට තමන්ගේ එදිනෙදා ජීවිතයට ගලපාගත හැකි ය. ඒ අනුව මෙය මනෝ විද්‍යාත්මක ගුණ්ඩුවක් මිස ග්‍රහ බලපෑමක් නොවේ. අද වන විට ලෝක ජනගහනය බිලියන 8කට ආසන්න ය. නමුත් ලග්න ඇත්තේ 12ක් පමණි. එසේ නම් එම ලග්න පලාපල අනුව, සෑම දිනකම ලෝක ජනගහනයෙන් 12න් 1කට, එනම් මිලියන 600කට පමණ එකම කාල රාමුවක් තුළ එකම ආකාරයේ සුබ හෝ අසුබ පල අත්විය යුතු ය.

 

මෙය ප්‍රායෝගිකව කිසිසේත්ම සිදුවිය නොහැක්කකි. එමෙන්ම අප නිතර අසන, දකින දිනපතා ලග්න පලාපල අතරේ “සන්ධ්‍යා සමයේ ඥාති මිත්‍රාදීන්ගේ උත්සව සාදවලට එක් වීමේ අවස්ථාවක් ලැබේ” ආදී වශයෙන් වන ප්‍රකාශ ද අපි කොතෙකුත් දැක ඇත්තෙමු. ඒ අනුව මෙම ලග්න පලාපල සත්‍ය නම්, එම දිනය තුළ ආසන්න වශයෙන් ලක්ෂ දහඅටකට පමණ ජනතාවක් එලෙස උත්සව සාදවලට එක් වෙති. ඒ එලෙස අනාවැකිවල සඳහන් නොවී උත්සව සාදවලට එක් වන පිරිස්වලට අමතරව ය.
image 2

 එමෙන්ම ලග්න පලාපලවල භාවිතා වන යෙදුම් බොහෝ විට නිර්මාණය කර ඇත්තේ ඕනෑම කෙනෙකුට, ඕනෑම අවස්ථාවක ගැලපෙන ආකාරයේ “අවිනිශ්චිත”, “අඩමාන” හෝ “පොදු” ස්වභාවයකින් බව ඒ සම්බන්ධයෙන් විමසුම් කරන විට මනාව පෙනී යයි. ඒ අනුව මෙහි ඇති බාර්නම් ආචරණය (Barnum Effect) යනු මනෝ විද්‍යාවේ එන ඉතා ප්‍රසිද්ධ සංකල්පයකි. මෙහිදී සිදුවන්නේ ඉතා පොදු, ඕනෑම පුද්ගලයෙකුට ගැලපෙන ප්‍රකාශයක්, තමන්ටම විශේෂ වූවක් ලෙස පිළිගැනීමට මිනිසුන් පෙළඹීමයි.

 

“ඉදිරි සතියේ ඔබට දුර ගමනක් යාමට සිදු වනු ඇත” හෝ “මේ සතියේ ඔබට නොසිතූ වියදමක් දැරීමට සිදු වනු ඇත” යනාදී වශයෙන් පැවසෙනIllustration of two-headed man සතියේ ලග්න පලාපල අපි අසා කියවා ඇත්තෙමු. ලෝකයේ ඕනෑම අයෙකුට සතියක් ඇතුළත කුමන හෝ ගමනක් යාමට හෝ යම් වියදමක් දැරීමට සිදුවේ. එහෙත් ඒ දුර ගමන් සහ නොසිතූ වියදම් යන්නට නිසි අර්ථ නිරූපණයක් ලබා නොදෙන්නේ පාඨකයාට හෝ ප්‍රේක්ෂකයාට එය තම තමන්ගේ අභිමතයට අනුව තීරණය කිරීමට ඉඩ දෙමිනි. එවිට පාඨකයා හෝ ප්‍රේක්ෂකයා සිතන්නේ “අන්න පලාපල හරි ගියා” කියායි. එමෙන්ම පලාපලවල “ඉදිරියේදී”, “ළඟදීම”, “කාලයකට පසු” වැනි වචන බහුලව භාවිතා වේ. මෙහිදී නිශ්චිත දිනයක් හෝ වේලාවක් සඳහන් නොකරන නිසා, මාසයකින් හෝ වසරකින් යම් දෙයක් සිදු වුවද, එය පලාපල නිවැරදි වීමේ වාසිය ඒ ජ්‍යොතිෂවේදීන්ට හිමි වෙයි. මෙය විද්‍යාත්මක අනාවැකියකට වඩා “අනුමානයක්” පමණි.

 එමෙන්ම දෙපැත්තටම ගැලපෙන අනාවැකි (Double-headed Predictions) පැවසීම ද ලග්න පලාපලවල දී බොහෝ විට සිදු වේ. උදාහරණයක් ලෙස: “මේ සතියේ ඔබ ආදායම්, වියදම් පාලනය කරගත යුතු ය” යන ලග්න පලාපලය ගැන සිතමු. එවිට වියදම් වැඩි වුවහොත් “මගේ ලග්නෙට කියලා තිබුණා නේද වියදම් පාලනය කරගන්න කියලා” යනුවෙන් යමකුට සිතෙනු ඇත. නමුත් අද කාලයේ වියදම් වැඩි බව හෝ වියදම් පාලනය ලග්න දොළහටම එක සේ පොදු සමාජමය ගැටළුවක් බව ආධානග්‍රාහී ලග්න පලාපල විශ්වාස කරන්නෝ නොසිතති.


ලග්න පලාපල මඟින් ඉදිරිපත් කරන “වාසනාවන්ත අංක” හෝ “ජය වර්ණ” ලොව පුරා බොහෝ දෙනා අත්හදා බලන්නේ විනෝදාංශයක් ලෙසයි. එයින් ජයග්‍රහණයක් නොලැබුණත්, “බලමුකෝ අදවත් වෙයිද කියලා” යන කුතුහලය මිනිස් මොළයට යම් සැනසුමක් ගෙන දෙයි. එය විනෝදාංශයක් ලෙස පරිශීලනය කිරීම ගැටලුවක් නොවුණත්, ඒ මත පදනම් වී විවාහය, ව්‍යාපාරික ආයෝජන, වැනි බැරෑරුම් ජීවිත තීරණ ගැනීම අවදානම් සහිත වන්නේ එහි කිසිදු ප්‍රමිතියක් හෝ තාර්කික පදනමක් නොමැති නිසයි.
horoscope and astrology horoscope wheel with the twelve signs of the zodiac zodiacal circle illustration vector removebg preview 300x300ජ්‍යොතිෂ අනාවැකිවල වැරදුණු අවස්ථා 90% ක්ම අමතක කර දමන මිනිසා, අහම්බෙන් හෝ නිවැරදි වූ 10% ක ප්‍රමාණය ඉතා තදින් මතක තබා ගනී. මෙය ජ්‍යොතිෂය වැනි විශ්වාසයන් පවත්වාගෙන යාමට විශාල රුකුලක් වේ.

විද්‍යාත්මක අනාවැකියක් සෑම විටම නිශ්චිත (Specific) වන අතර අසත්‍යකරණය කළ හැකිය (Falsifiable). නමුත් ලග්න පලාපල අවිනිශ්චිත (Vague) වුව ද, ඒවා කිසිදා වැරදි බව ඔප්පු කිරීමට ඉඩක් තබන්නේ නැත.

නමුත් සිද්ධාන්තමය වශයෙන් හැදෑරීම් කළ ජ්‍යොතිෂවේදීන් පවා පෙන්වා දෙන්නේ ග්‍රහ පිහිටීමකින් පෙන්වන්නේ යම් සිදුවීමක් වීමට ඇති සම්භාවිතාව (Probability) මිස එය අනිවාර්යයෙන්ම සිදුවන දෙයක් නොවන බවයි. කාලගුණ අනාවැකියක් වැස්ස ඇතිවිය හැකි බව පැවසුව ද, සුළඟේ වේගය හෝ වෙනත් හේතු මත එය වෙනස් වන්නාක් මෙන්, ග්‍රහ බලපෑම් ද වෙනස් විය හැකි බව ඔව්හු පවසති.

486380125 1002718888738220 544568641681506314 n

 ජ්‍යොතිෂ මතයන්ට පටහැනි ලෙස දෛවය වෙනස් කළ හැකි සාධක පිළිබඳව ද පරිනත ජ්‍යොතිෂවේදීන්ගේ අවධානය යොමු වේ. එම ජ්‍යොතිෂ මතයන්ට අනුව අසුබ අනාවැකි පවා වෙනස් කළ හැකි බව පැවසෙන බලවේග අතුරින් ආධ්‍යාත්මික ශක්තිය ප්‍රධාන වේ. භාවනාව, ආගමික වතාවත් සහ ගුණධර්ම ආරක්ෂා කිරීම මඟින් අකුසල කර්ම යටපත් කළ හැකි බවත්, බුද්ධිය සහ උත්සාහය පදනම් ව ජන්ම පත්‍රයේ පෙන්වන බාධක මැඩ ගනිමින් තමන්ගේ බුද්ධියෙන් සහ වීර්යයෙන් ජය ගත හැකි බව ද පරිනත ජ්‍යොතිෂවේදීහු පවසති.

 

එමෙන්ම සමස්ත විශ්වයේම යම් නිරූපණයක් වන ජ්‍යොතිෂය, පරිසරය සහ ඇසුර, තමන් ජීවත් වන වටපිටාව සහ ඇසුරු කරන පුද්ගලයන් අනුව ග්‍රහ අපලවල බලපෑම අඩු වැඩි විය හැකි බව පිළිගන්නා සහනශීලී විෂය පථයක් බව ද සම්භාව්‍ය මතයකි.

2026 නව වසරේ ඔබ ගේ ලග්නය හා සම්බන්ධ සුබදායක අනාවැකි පළ වී නොමැති වුව ද ලග්නය මාරු කර ගැනීමට ඔබට නොපුළුවන. එහෙත්, නව වසර සඳහා වෙනත් ජ්‍යොතිෂවේදියකු ඉදිරිපත් කොට ඇති නව වසරේ පලාපල විස්තරයක් පරිශීලනය කළ හොත් ඔබගේ ලග්නයට හා සම්බන්ධ කලින් පැවසුණු අසුබ අනාවැකිය වෙනුවට සුබ අනාවැකියක් දැන ගන්නට ඔබට හැකි වනු ඇත. මෙම ලග්න පලාපලවල ප්‍රමිතිය සම්බන්ධ ඇත්තම කතාව එයයි.

Praneeth Abyasundara

 

 

 

(සටහන | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර)
හිටපු මානව විද්‍යා මහාචාර්ය
(උපුටා ගැනීම - vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...