The Leader News
BREAKING
ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●
Top Ad
විශේෂාංග

ආණ්ඩුවේ කරට වැටුණු අධ්‍යාපන අවුල | මහින්ද පතිරණ

T

The Leader Desk

January 3, 2026 • 6:45 AM

 ආණ්ඩුවේ කරට වැටුණු අධ්‍යාපන අවුල | මහින්ද පතිරණ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධ්‍යාපනය යනු අපේ රටේ කොඳු නාරටියයි. අන් සියල්ල ක්‍රියාත්මක වන්නේ අධ්‍යාපනය වටා ගෙතුණු උප විෂයයන් සේ ය. යටින්ම, පදනමේ ම ඇත්තේ අධ්‍යාපනයයි. අපේ රටේ අධ්‍යාපනය ගැන පිටරැටියෝ පවා මහත් ආඩම්බරයෙන් කතා කරති.
  • මේ ගුණාත්මය නිසාම ලංකාවේ සිසුන් විදේශවල දී ඉතාම විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්වන බව චිරප්‍රසිද්ධ සහ පුළුල් ලෙස පිළිගත් මතයකි.
  • මෙය අපගේ ඉතිහාසගත මූලයන්ගෙන් එන සම්ප්‍රදායයේ පිළිබිඹුවක් ලෙස සැලකිය හැකි ය.
  • ඇත්ත වශයෙන්ම මෙම ක්‍රියාවලිය පටන්ගෙන තිබුණේ 2019 වසරේ දී ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ එහි තිබෙන සැමට සමානව ලබා දෙන ප්‍රතිපත්තිය නිසා නොව, එහි තිබෙන ගුණාත්මක බව ද නිසා ය. මේ ගුණාත්මය නිසාම ලංකාවේ සිසුන් විදේශවල දී ඉතාම විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්වන බව චිරප්‍රසිද්ධ සහ පුළුල් ලෙස පිළිගත් මතයකි. මීට හේතුව අප දරුවන් මුල සිටම ලබන ඉතා පුළුල් පරාසයක විහිදෙන අධ්‍යාපනයයි.

මෙය අපගේ ඉතිහාසගත මූලයන්ගෙන් එන සම්ප්‍රදායයේ පිළිබිඹුවක් ලෙස සැලකිය හැකි ය. අපට බෞද්ධ පිරිවෙන් සම්ප්‍රදාය මූලික කරගෙන රට පුරා විහිදී ගිය අධ්‍යාපන පද්ධතියක් පැවතුණි. ඒ තුළ මනුෂ්‍ය ජීවිතයට අවශ්‍ය ආර්ථික, සමාජීය සහ සංස්කෘතික යන සියලු‍ ක්ෂේත්‍ර නියෝජනය විය. විදේශීය ආක්‍රමණ හමුවේ මේ පද්ධතියේ ආයතනගත ව්‍යුහය දුර්වල වූව ද ඒවාහි ජානගත අඛණ්ඩතාව නොසිඳී ඉදිරියට ආවේ ය. ඉංග්‍රීසින් අප රටට සර්වජන ඡන්ද බලය දෙන විට පවා ඔවුන්ට එය මගහැර යෑමට නොහැකි වූයේ මේ භූමි යථාර්ථය නිසා ය.

605705839 997280553458330 4947749973730699423 n

 වත්මන් ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනුවෙන් යමක් හඳුන්වා දී තිබේ. ඇත්ත වශයෙන්ම මෙම ක්‍රියාවලිය පටන්ගෙන තිබුණේ 2019 වසරේ දී ය. ඒ මෙම ප්‍රතිසංස්කරණ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 400ක් ලබා ගැනීමත් සමගයි. කෙසේ වෙතත්, යහපාලන ආණ්ඩුව 2019 වසරේ පරාජයට පත්වන අතර පසුව පැමිණි ගෝඨාභයගේ කාලය හරහා ද ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ මූලික කටයුතු සිදුව තිබේ. කෙසේ වෙතත්, ගෝඨාභය පැමිණ මාස තුනකින් පමණ කෝවිඩ් වසංගතයෙන් රටම වෙළාගත් අතර මෙම ක්‍රියාවලිය ඉදිරියට ගියේ නැත.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන යම් කතිකාවක් පෙර සිදුව තිබුණ ද ඒවාහි අඩංගු අලු‍තින් ලියවී ඇත්තේ වත්මන් ආණ්ඩු සමයේ ය. අධ්‍යාපන ලේකම්වරයාම පවසා සිටින්නේ, තමන් සියලු‍ පෙර හඳුන්වා දුන් පොත් නැවත විමර්ශනය කළ බවත්, යම් දේ බැහැර කරමින් යම් දේ අලු‍තින් එකතු කළ බවත් ය. ඉන් අදහස් වන්නේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ ඍජුව මැදිහත් වී මේවා ලේඛනගත කළා යන්න නොවේ. එහෙත් එම ප්‍රතිසංස්කරණවල දිසාව සහ නැමියාව නැවත සකස් කර ඇත්තේ වත්මන් ආණ්ඩුව මගින් බවයි.

මේ අතර මෙම ප්‍රතිසංස්කරණවල අනිටු විපාක පිළිබඳ මෙම ලියුම්කරු ද ඇතුළු විවිධ පාර්ශවවලින් අවධානය යොමු කළ විට අගමැතිනිය අධ්‍යාපන ඇමැතිවරිය ලෙස රට පුරා සම්මන්ත්‍රණ තබමින් ගියේ මේවා අගය කරමිනි. එසේ අගය කිරීමට නම් ඒ ගැන වත්මන් ආණ්ඩුවට නිසි තක්සේරුවක් තිබිය යුතු වන අතර ඉන් අදහස් වන්නේ ඔවුන්ගේ මූලිකත්වයෙන් ඒවා සකස් කළ බවයි.

605811414 122115811791115334 953112735081717551 n

 මේ වන විට මෙසේ සකස් කළ ප්‍රතිසංස්කරණවලට අදාළ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂා මොඩියුල මහත් ආන්දෝලනයට ලක්ව තිබේ. ඒ එම පොතෙහි සිසුන්ට ලබා දී තිබෙන සෙවුම් සබැඳි (Search Link) මගින් දරුවන් සමලිංගික වෙබ් අඩවිවලට යොමු කිරීමයි. මෙය ඇදහිය නොහැකි තරම් සිදුවීමකි.


දරුවන් ලක්ෂ ගණනක අනාගතය තීන්දු කරන පාසල් පෙළපොත් හරහා මේ වැනි යටිකූට්ටු කුමන්ත්‍රණ කිරීම කෙසේ අනුමත කළ හැකි ද? අමාත්‍යාංශය කියා සිටින්නේ තමන් එම සැබැඳි ගැන දැනුවත් නැති බවයි. එම යොමු කෙසේ පෙළපොතට ආවේදැයි සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව අමාත්‍යාංශ ලේකම්වරයා පවසා ඇත. එය නම් අරුම පුදුම දෙයකි.

 

 පාසල් පෙළ පොතේ සංස්කාරණ මණ්ඩලය පැහැදිලිව දක්වා තිබිය දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්නේ කුමකට ද? මුලින්ම කළ යුත්තේ සංස්කාරක මණ්ඩලය කැඳවා මූලික විමර්ශනයක් කිරීමයි. එම මූලික විමර්ශනය මගින් සිදු වූයේ කුමක් ද යන්න සොයාගත නොහැකි වුවහොත් පමණක් වෙනත් අංශවලට පැමිණිලි කළ හැකි ය. එහෙත් ආණ්ඩුව කර තිබෙන්නේ තම බරපතළ වරද හෙළිවීමත් සමගම වහා දිව ගොස් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිලි කර ප්‍රචාරක වාසියක් ලබා ගැනීමයි.


මීට පෙර ඇතැම් මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියෙන් ව්‍යාජ ලෙස ආචාර්ය යන්න යෙදීම හෙළි වූ විට ද අදාළ ඇමැතිවරුන් සීඅයිඩී යනු දුටුවෙමු. එසේ ගොස් මාධ්‍යවලට කියා සිටියේ පාර්ලිමේන්තු නිලධාරීන් තමන් අපහසුතාවට පත් කිරීම සඳහා එසේ කරන්නට ඇත යන්නයි. කෙසේ වෙතත්, එම විමර්ශනවල ප්‍රතිඵල වාර්තා මහජනතාවට නිකුත් කර නැත. ඒවා සැඟවූයේ ය. ඊට හේතුව අනෙකක් නොව මෙම ආචාර්යකම් දමා තිබුණේ අන් කවරෙකු හෝ නොව අදාළ ලයිස්තු ලබාදුන් ජවිපෙ ප්‍රධාන කාර්යාලයම බවයි. ඒ මැතිවරණ සමයේ තමන් උගතුන් ලෙස හුවා දක්වමින් මහජනතාව රැවටීම සඳහා ය.

608984823 1438070171651956 4001022944354230126 n


ඒ අනුව අභ්‍යන්තර පරීක්ෂණ නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු යෑමේ ප්‍රමුඛතම අරමුණ මේ අපරාධය ගැන මහජනතාවට කරුණු හෙළිවීම වැළැක්වීම ය. එහි වගඋත්තරකරුවන් වසං කිරීම ය. මූලික විමර්ශනයක් කළහොත් මේ සඳහා උපදෙස් දුන් අයගේ නම් හෙළි වේ. මා අනුමාන කරන්නේ එය වැළැක්වීම සඳහා මූලික විමර්ශනයක් නොමැතිව ඍජුවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය බවය.

ඒ කෙසේ වෙතත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල එකම ප්‍රශ්නය මෙය නොවේ. මෙම ලියුම්කරු විසින් පසුගිය කාලය පුරාම මේ පිළිබඳ සැලකිය යුතු අධ්‍යයනයක් කරන ලදී. එහි දී විශේෂයෙන්ම අපගේ අවධානය යොමු වූයේ 6 ශ්‍රේණිය සිංහල භාෂා මොඩියුලය වෙතයි. එහි දී අපට හෙළි වූයේ එම සිංහල මොඩියුලය ඇත්ත වශයෙන්ම සිංහල භාෂාව ඉගැන්වීම සඳහා සකස් කරන ලද්දක් නොවන බවයි. එහි සියයට 80ක්ම තිබෙන්නේ දරුවන්ගේ මෘදු හැකියාවට අදාළ පාඩම් ය. දුරකතන සංවාද කිරීම සුබ පැතුම්පත් සකස් කිරීම බහුමාධ්‍ය ප්‍රදර්ශන සිදු කිරීම වැනි දෑවලින් එය පිරී තිබේ. එමගින් සිංහල භාෂාව-මව්බස ඉගෙනීමේ අවස්ථාව දරුවාගෙන් උදුරාගෙන තිබේ.

Soft Skills Concept. Chart with keywords and icons on white background.

මෘදු හැකියාව ඉගැන්වීම අපට ගැටලු‍වක් නැත. එහෙත් සිංහල භාෂා පාඩම යනු මෘදු හැකියා පාඩමක් නොවේ. අවශ්‍ය නම් භාෂාව උගන්වන පාඩමක් තුළ දරුවන්ගේ මෘදු හැකියාව වර්ධනය වන ලෙස පාඩම් සැලසුම් කළ හැකි ය. එය අමතර කාර්යයකි. මූලික කාර්ය වන්නේ භාෂාව ඉගැන්වීමයි.

අප මෙහි දී අමතක නොකළම යුත්තේ මව්බස යනු අපගේ සිතීමේ-චින්තනයේ වාහකය බවයි. අපගේ භාෂාවේ සීමාව චින්තනයේ ද සීමාවයි. සුබපැතුම්පත් තැනීම හෝ දුරකතන සංවාද කිරීම කවදා කෙසේ හෝ ඉගෙනගත හැකි ය. එහෙත් අවශ්‍ය සංස්කෘතික සංවර්ධන අවදියේ දී භාෂාව අහිමි වීම යනු කිසිදා පිරිමැසිය නොහැකි දෙයකි. අධ්‍යාපන අමාත්‍යාංශය මේවා නොදැන සිටිය හැකි නොවේ. අප සිතන්නේ මෙය හිතාමතාම අපගේ දරුවන්ගේ චින්තනමය හැකියාව මොට කිරීම සඳහා සූක්ෂම ලෙස සැලසුම් කරන ලද්දක් බවයි.

මේ අතර, මෙම ප්‍රතිසංස්කරණවල සමස්තය දෙස බලන විට තවත් ඉතා බරපතළ ප්‍රශ්නයක් මතුවේ. ඒ නම් මේවා ක්‍රියාත්මක කිරීම සඳහා සෑම සිසුවකු සතුවම පරිගණක හෝ සුහුරු ජංගම දුරකතන තිබිය යුතුවීමයි. ලංකාවේ නාගරික ජනයාට ද මේ වැනි පහසුකම් දරුවන්ට ලබා නොදිය හැකි අවස්ථාවක ග්‍රාමීය දරුවන්ගේ මවුපියන් ගැන කියනුම කවරේ ද?

ඇත්තෙන්ම මේ ප්‍රතිසංස්කරණ හරහා මෙරට දරුවන්ගෙන් සියයට 60කට වඩා මෙම අවස්ථා අහිමි වනු නියත ය. අදළ පහසුකම් පාසලේ ද නැති කර දරුවෝ ඒවා නොමැති පරිසරයක ඉගෙන ගෙන ඒවා තිබෙන පාසල් දරුවන් අතර දැඩි අසාධාරණයට ලක්වෙති. එවන් දරුවන් කඩඉම් විභාගවල දී අසමත් වීම අමුතුවෙන් කිවයුතු නැත.

sipsala sri lanka free education

 සත්‍ය වශයෙන්ම මේ සිදු කර තිබෙන්නේ දරුවන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය අහිමි කිරීමයි. එනම් එවක යටත් විජිත කාලයේ මෙන් ඇති හැකි අයට පමණක් නැගිය හැකි උස් ඉනිමං තැනීමයි. මාලිමා ආණ්ඩුව නිරන්තරව කියන්නේ තමන් නිර්ප්‍රභූ අව-වරප්‍රසාදිත ජනයා වෙනුවෙන් පෙනී සිටින බවය. එහෙත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු සපුරා එහි විරුද්ධ පැත්ත ය.

 
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දී ඒවා ලබන වසරේ සිට කඩිමුඩියේ ක්‍රියාත්මක කිරීමට ද ආණ්ඩුව තීරණය කළේ කිසිදු මහජන සංවාදයක් නොමැතිව ය. ප්‍රශ්නගත මොඩියුල පවා එළියට ආවේ අන්තිම මොහොතේ ය. එවිට මේවා පාසල්වල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියල්ල සිදුකර අවසන් කර තිබුණි. රටක අනාගතය තීන්දු කරන එවන් භාරධූර කටයුත්තක් කිසිදු ජාතික සංවාදයකින් තොරව කළ හැකි බව තීරණය කළෝ කවරහු ද?

කවුරුන් තීරණය කළ ද මේ වන විට අමාත්‍යාංශය හොඳම එකෙන් පාඩම් ඉගෙනගෙන ඇතිවාට සැක නැත. දැන්වත් තම උද්දච්ඡකම්, මෝඩකම් පසෙක තබා රටෙන්, දරුවන්ගෙන් සමාව ගෙන යෝජිත ප්‍රතිසංස්කරණ පිළිබඳ රට තුළ පුළුල් සංවාදයක් සිදු කිරීම හරහා පමණක් ඒවා ක්‍රියාවට නැංවීමට කටයුතු කළ යුතු ය.

 

Mahinda P

 

 

 

(සටහන | මහින්ද පතිරණ)
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
සබරගමුව විශ්ව විද්‍යාලය

(උපුටා ගැනීම - lankadeepa)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආණ්ඩුවේ කරට වැටුණු අධ්‍යාපන අවුල | මහින්ද පතිරණ | The Leader