The Leader News
BREAKING
ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●
Top Ad
විශේෂාංග

ඇස්බැස්ටෝස් මගඩිය සහ කොන්ආර්ට් | චින්තන ධර්මදාස

T

The Leader Desk

January 4, 2026 • 9:08 AM

ඇස්බැස්ටෝස් මගඩිය සහ කොන්ආර්ට් | චින්තන ධර්මදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇස්බැස්ටෝස් මගඩිය කදිම දෙයක් විදිහට දකින්නෙ නැද්ද කියල කීප දෙනෙක් අහලා තිබුන.
  • ඒ වගේ මුදල් ප්‍රමාණයක් වෙනුවෙන් ඊට වඩා මුදලක් වැය කරගෙන බුවා පසුපස ලුහුබැදීම නොකරන බව දැනගෙනයි ගනුදෙනුව කරන්නෙ.
  • කොන්ආර්ට් කියන එකට එන්න කලින් අපිට ඇමරිකාවෙ 1840 විතර හම්බුවෙනවා කොන්ෆිඩන්ස් මෑන් කියල වචනයක්.
  • මේ වගේ වදන්වලින් එයා මේ ගනුදෙනුවට සුවිශේෂත්වයක්, වටිනාකමක් නිර්මාණය කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇත්තටම ඒක කදිමයි. ඒ කදිම බව හින්දම තමයි ඒ ගැන මේ තරම් උනන්දුවත්.

මේ බුවාට තියෙනවා බිස්නස් මොඩ්ල් එකක්. ඒ මොඩ්ල් එකේදි බුවාට එක්කෙනෙක්ව මුනගැහෙන්නෙ එක වතාවයි. හැම වතාවකම බුවාගෙ ව්‍යාපාරයට අලුත් කෙනෙක් හොයාගන්න සිද්ද වෙනවා. ඒ වගේම බුවා ලොකු ප්‍රමාණයක මුදලක් එක්කෙනෙක්ගෙන් වංචා කරන්නෙ නෑ. බුවාගෙ දැලට දරාගත හැකි ප්‍රමාණය ගැන බුවා හොදටම දැනුවත්. ඒ වගේ මුදල් ප්‍රමාණයක් වෙනුවෙන් ඊට වඩා මුදලක් වැය කරගෙන බුවා පසුපස ලුහුබැදීම නොකරන බව දැනගෙනයි ගනුදෙනුව කරන්නෙ. ඒ වගේම ලංකාවෙ පොලිසිය, නීතියේ සහ බැංකු පද්ධතියේ දුර්වලතා ආදිය ගැනත් බුවා හොඳින්ම දැනුවත්. කුඩා ප්‍රමාණයේ ගනුදෙනු වැඩි ප්‍රමාණයක් කිරීමෙන් තමයි බුවා ගොඩයන්නෙ.

602463133 10164016944725185 9031532187659867068 n

මේ ඇස්බැස්ටෝස් මගෝඩියා අපිට අදුරගන්න වෙන්නෙ කොන්ආර්ටිස්ට් කෙනෙක් විදිහට. කොන්ආර්ට් කියන්නෙ කන්ෆිඩන්ස් ආර්ට් කියන වචනෙන් බිඳිලා එන එකක්. කෙනෙකුගේ විශ්වාසය දිනාගැනීම හරහා ආර්ථික දේශපාලන හෝ වෙනත් ආකාර වාසියක් ලබාගැනීම තමයි කොන්ආර්ට් එකකදි සිද්ද වෙන්නෙ.

මේක ස්කෑම් එකකට වඩා වෙනස්. මොකක් හරි ලොතරැයියක් ඇදුනා කියලා එස්එම්එස් මගින් හෝ වෙනත් ඩිජිටල් පනිවිඩකරණයක් පාවිච්චි කරලා කරන රැවටීමකට අපිට කියන්න පුළුවන් ස්කෑම් එකක් කියල. නමුත් කොන්ආර්ටිස්ට් කෙනෙක් ඊට වඩා ලොකු වැඩක් කරනවා. අනෙක් පුද්ගලයාගේ විශ්වාසය දිනාගැනීම හරහා තමන් විසින් නිර්මාණය කරන ලද ප්‍රබන්ධයක් විකිනීමෙන් තමයි කොන්ආර්ටිස්ට් කෙනෙක් තමන්ගෙ ලාබය ලබාගන්නෙ.

 

koombiyo

ලංකාවෙ හැමෝම කොන්ආර්ටිස්ට් කෙනෙක් විදිහට පොදුවේ අදුරගත්තෙ ලකාගේ කූඹියෝවල හිටපු ජෙහාන් කියන චරිතය. කුඩා වාණිජ රැවටීම්වල ඉඳන් මහා දේශපාලන රැවටීම් දක්වා විශාලනය වෙන කොන්ආර්ටිස්ට් කෙනෙක් අපිට කූඹියෝවලදි මුනගැහෙනවා.

කොන්ආර්ට් කියන එකට එන්න කලින් අපිට ඇමරිකාවෙ 1840 විතර හම්බුවෙනවා කොන්ෆිඩන්ස් මෑන් කියල වචනයක්. මේක පාවිච්චි වුනේ විලියම් තොම්ප්සන් කියල පුද්ගලයෙකුට. එයා අදම දැකපු, අමුම ආගන්තුකයෙක් ළගට එකපාර  ගිහින් අහනවා මෙහෙම.

‘අදට ඔයාගෙ ඔරලෝසුව මට දෙන්න තරමට ඔයාට මං ගැන විශ්වාසයක්  තියෙනවද..’  

 

Con Artist in Boiler Room
මිනිස්සු හිතාගන්න බැරි තරම් ඉක්මනට තමන්ගේ ඔරලෝසුව ගලවලා තොම්ප්සන්ට දෙනවා. එයා යන්න යනවා. ආපහු එන්නෙ නෑ. පුවත්පත්වලින් මේ පුද්ගලයා හදුන්වන්න 'කන්ෆිඩන්ස් මෑන්' කියන වචනය පාවිච්චි කළා. පස්සෙ මේක කොන්මෑන් විදිහට කෙටි වුනා. මේ කලාවෙ පුහුණුවෙන අයට කොන්ආර්ටිස්ට්ලා කිව්වා.

කොන්ආර්ට් එකක් වැඩකරන විදිහ හරිම ඉන්ටරෙස්ටින්. අපේ සමාජය‍ේ ඕනම දෙයක් පවතින්නෙ විශ්වාසය මත. කොයිතරම් නීති රීති තිබුනත් ආදරයේ පටන් ව්‍යාපාර දක්වා ඕනෑම ගනුදෙනුවකදි විශ්වාසය කියන එක ලොකු කොටසක් ගන්නවා. ඔයාට අනෙකා ගැන විශ්වාසයක් නැත්තං ඔයාට ගොඩක් දේවල් කරන්න බැරි වෙනවා. කොන්ආර්ටිස්ට් කෙනෙක් හයිජැක් කරන්නෙ මෙන්න මේ විශ්වාසයේ වියමන

එයා හොරෙක් නෙමෙයි. එයා කිසි දෙයක් වෙනුවෙන් බල කරන්නෙ නෑ. එයා කරන්නෙ එයා විසින් නිර්මාණය කරන ප්‍රබන්ධයේ නළුවෙක් විදිහට ඔයාව සහභාගි කරගන්න එකයි. එතනදි කොන්ආර්ටිස්ට් කෙනෙක් විශ්වාසය ආයුධයක් විදිහට පාවිච්චි කරනවා.

කොන්ආර්ටිස්ට් කෙනෙක් පාවිච්චි කරන්නෙ සයිකොලොජි. අපේ ආශාව, බය, බලාපොරොත්තුව, අපේ ඊගෝව තමයි කොන්ආර්ටිස්ට් කෙනෙකුගෙ සෙල්ලම් පිට්ටනිය. හොඳ කොන්ආර්ටිස්ට් කෙනෙකුට පුළුවන් එයාට ගොදුරුවෙන පුද්ගලයාගේ ආශාව හරියටම මිරර් කරන්න.

 

Image 2 25 23 at 8.23 AM 750x350
එයා එන්නෙ කතාවක් එක්ක. ඒක එයාගෙ ප්‍රබන්ධයක්. ‘ජීවිතේට මේ වගේ චාන්ස් එකක් නං ලැබෙන්නෙ නෑ’ ‘ මං වෙන කෙනෙක් නං විශ්වාස කරන්නෙ නෑ. ඒත් මහත්තයාව විශ්වාස කරලා මේ වැඩේ කරනවා’. මේ වගේ වදන්වලින් එයා මේ ගනුදෙනුවට සුවිශේෂත්වයක්, වටිනාකමක් නිර්මාණය කරනවා. එයා අපිව විශ්වාස කරන තරම අපිට දනවනවා.

මේ විදිහෙ කොන්ආර්ටිස්ට්ලා වර්ග ගණනාවක් ඉන්නවා. අපි බොහෝ වෙලාවට අදුරගන්නෙ කීයක් හරි මුදලක් කඩාගන්න අයව විතරයි. ඒ අය මුදල් සම්බන්ධ කොන්ආර්ටිස්ට්ලා කියන්න පුළුවන්. ඊට වඩා දේවල් අපෙන් ලබාගනිමින් අපිත් එක්ක බොහෝ කාලයක් ගත කරන ආර්ටිස්ට්ලත් ඉන්නවා.

ප්‍රේමයේ කොන්ආර්ටිස්ට්ලා ඉන්නවා. බොරු පොරොන්දු දෙමින්, බොරු විවාහ අත්සන් කරමින් විවධාකාරයේ ලාභ ප්‍රයෝජන ගැනීම තමයි ඒ අයගෙ කලාව. දාර්ශනික කොන්ආර්ටිස්ට්ලා ගොඩක් අපිට සෝෂල් මීඩියාවල මුනගැහෙනවා. සමහර අය සදාචාරය සාධාරණය ගැන ලොකු ටෝක්ස් දෙන අය. සමහර අය ආධ්‍යාත්මික ගුරුවරු. සමහර අය ඇක්ටිවිස්ට්ලා. අපි මෑත දැකපු අරග‍ලය කියන්නෙ කොන්ආර්ටිස්ට්ලාගෙ සැනකෙලියක් කියන්න පුළුවන්.

ඇත්තටම කෙනෙක් කොන්ආර්ටිස්ට් කෙනෙකුට රැවටෙන්නෙ ඒ ආර්ට් එකෙන් ඒ පුද්ගලයාගේ ගැඹුරු අවශ්‍යතාවයක් ස්පර්ශ කරන නිසා. ඒ ආශාව හෙලි කිරීම තමයි කොන්ආර්ටිස්ට්ගෙ ආර්ට් එක.

192223191 m

 

කොන්ආර්ට් එකක තියෙනවා අනිවාර්යෙන්ම අඩංගු ද්‍රව්‍ය. ඉක්මන කියන්නෙ ප්‍රධානම එක. ඒ කියන්නෙ හරි හදිස්සියක් ඒක ඇතුලෙ තියෙනවා. ඔයාටම සුවිශේෂී, අනිත් අයට නොලැබෙන අවස්ථාවක් කියන හැගීමත් මෙතන වැඩ කරනවා. යම් අයට කතා කර විස්තර දැනගැනීම, සැකහැර ගැනීමේ මාර්ග අවහිර කිරීමේ වෑයමක් බොහෝ විට තියෙනවා. ‍’මේක ගැන එයාට කියන්න එපා. ඔයාට විතරයි මෙහෙම චාන්ස් එකක් දෙන්නෙ’ වගේ කතාවලින් කරන්නෙ ඒක.

කොන්ආර්ටිස්ට්ලට අහුවෙන්නෙ නොදැනුවත් අය විතරක් නෙමෙයි.  විශ්වාස කිරී‍ම කියන කාරණය පවතින ඕනම මනුස්සයෙක් මේ ආර්ට් එකේ අනිවාර්ය ගොදුරක්.

හොඳ කොන්ආර්ටිස්ට් කෙනෙක්  එයා කරන දේ ගැන එයා විශ්වාස කරනවා.

‘මං කරන දේ සාධාරණයි, ලෝක අනිත් උන් නරකයි නං අපි සිල් අරන් ඉඳලා හරියනවද?’

 

1 S4r5GAfv97SwZtPeOyCWmA
වගේ ස්ථාවරයක් එක්ක තමයි එයාගෙ ප්‍රබන්ධය කරන්නෙ. ගොඩක් සාර්ථක කොන්ආර්ටිස්ට්ලට ඒ ආර්ට් එක දිගටම කරන්න ඉතාම ඇත්ත හේතුවක් ජීවිතේ තියෙනවා.

මේකෙන් ගැලවෙන්න කියල මිනිස්සු විශ්වාස නොකර සිටීම කියන්නෙ මෝඩකමක්. ඒකෙන් වෙන්නෙ අපේ ජීවිතේ ලස්සන මිනිස් ගනුදෙනු බොහොමයක් අපිට අහිමි වෙන එක. විශ්වාස කිරීමේ සතුට කියන්නෙ අපිට වංචාවක් වගේ අල්ප දෙයක් නිසා අහිමි කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි.

කොන්ආර්ට්වලින් ගැලවෙන්න තියෙන එකම සහ සරලම ක්‍රමය තමයි කල්ගැනීම. පුළුවන් තරම් කාලය දිගු කිරීම. කොන්ආර්ටිස්ට් කෙනෙකුට නැතිම දේ තමයි ඉවසීම. එයාට ඉක්මණින් සියල්ල විසදුනේ නැත්නම් ඒ ගනුදෙනුවෙ වැඩක් නෑ. ඉතින් ඒ හදිස්සිය වෙනුවට අපේ පැත්තෙන් ඉවසීම, කල්ගැනීම කරන්න පුළුවන් නම් අර ආර්ට් එක අසාර්ථක වෙනවා.

ඇත්තටම අපිට කොන්ආර්ටිස්ට් කෙනෙක් හින්ද තවත් ගොඩක් කොන්ආර්ටිස්ට්ලාව පේන්න පටන් ගන්නවා. ලංකාවෙ ‍පොලිසිය කියන්නෙ කොන්ආර්ට් එකක් නෙමෙයිද? ලංකාවෙ ජාතිවාදී ආගම්වාදී ලිංගවාදී උවමනාවන් වෙනුවෙන් පෙනී ඉන්න ආගමික සංස්ථාවල ඉන්නෙ කොන්ආර්ටිස්ට්ලා නෙමෙයිද? වංචා දූෂන නතර කරනවා කියලා අපේ වෛරයේ සහ ඉච්ඡාභංගත්වයේ ආවේගය තමන්ගේ දේශපාලන බලය වෙනුවෙන් වාසියට පෙරලාගත් කොන්ආර්ටිස්ට්ලා පිරිසක් රට පාලනය කරනවා වෙන්න බැරිද?

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...