දේශපාලනික මතවාදී බලපෑමක් ලෙස පැහැදිලිව හඳුනාගත යුතුය. මෙය දරුවන්ගේ අවශ්‍යතාවයන්ගෙන් හෝ දෙමාපියන්ගේ ඉල්ලීම්වලින් උපන් යෝජනාවක් නොව, බටහිර NGO ජාල, විදේශීය අරමුදල් සහ “ප්‍රගතිශීලීත්වය” නාමයෙන් ක්‍රියාත්මක වන මතවාදී බලකොටු විසින් රාජ්‍යයට පැටවෙන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමක් හා සීමිත පිරිසකගේ ප්‍රදර්ශණ කාමුකත්වය පෝෂණය කිරීමේ උත්සාහයකි.
මෙහිදී අධ්‍යාපනය භාවිතා වන්නේ දරුවන් සංවර්ධනය කිරීම සඳහා නොව, දරුවන් භාවිතා කර මතවාද පරීක්ෂා කිරීම සඳහාය. මෙය සෘජුවම වගකීම් විරහිත දේශපාලන ක්‍රියාවකි.

ප්‍රශ්නය සරලය: හය ශ්‍රේණියේ, වයස අවුරුදු 10–12 අතර දරුවන්ට, තමන්ගේම ජීවිතය, හැඟීම් සහ ශරීරය පිළිබඳ තවම ස්ථිර අවබෝධයක් නොමැති අවධියක, ලිංගික අනන්‍යතා සහ ලිංගිකත්වය ආශ්‍රිත මතවාද හඳුන්වාදීමට රාජ්‍යයට ඇති නීතිමය හා නෛතික අයිතිය කුමක්ද?
මෙය “ගෞරවය” හෝ “බුලි කිරීම වැළැක්වීම” යන සුන්දර වචනවලින් සඟවාගෙන සිදු කරන දේශපාලනික අත්හදා බැලීමකි. දරුවාගේ මනස සුරක්ෂිත කිරීම වෙනුවට, ඔහුගේ මනස ව්‍යාකූල කර එම ව්‍යාකූලත්වය “නූතනකම” ලෙස විකුණන ප්‍රවණතාවක් මෙහි දැකිය හැක.
හය ශ්‍රේණියේ දරුවන් වයස අවුරුදු 10–12 අතර වන අතර, ඔවුන් තවමත් මානසිකව, සංවේදීව හා හැඟීම්මය වශයෙන් වර්ධනය වන අවධියක සිටිති. මේ වයසේ දරුවන්ට ලිංගිකත්වය ආශ්‍රිත සංකල්ප ඉදිරිපත් කිරීම ඉතාමත් ප්‍රවේසමෙන් කළ යුතුය. නැතිනම් එය අනවශ්‍ය මානසික ව්‍යාකූලත්වයක් ඇති කළ හැක.
දරුවා තුළ “මම කවුද?”, “මගේ කැමැත්ත කුමක්ද?” වැනි ප්‍රශ්න වයසට පෙර උපදවමින්, ඔහුගේ ස්වභාවික මානසික වර්ධනය බාධා කිරීම බුද්ධිමත් අධ්‍යාපනයක් ලෙස හැඳින්විය නොහැක.

මෙයටත් වඩා භයානක කරුණ වන්නේ, මෙවැනි ව්‍යාකූලත්වය දරුවන් අනවශ්‍ය අත්හදා බැලීම්වලට පෙළඹවීමේ අවදානමයි. වයසට නොගැලපෙන සංකල්ප පිළිබඳ කුතුහලය, පරිණත නොවූ තීරණ ගැනීම සහ මිතුරන්ගේ බලපෑම් සමඟ එකතු වූ විට, දරුවාට තමන් තේරුම් නොගත් හැසිරීම් අත්හදා බැලීමට ඉඩ සැලසිය හැක. මෙය “අධ්‍යාපනය” යන නාමයෙන් සිදු කරන වගකීම් විරහිත ක්‍රියාවකි.
තවද, ලිංගිකත්වය පිළිබඳ අදහස් වයසට පෙර සාමාන්‍යකරණය කිරීමෙන්, දිගුකාලීනව සමාජ රෝගවලට (sexually transmitted diseases) නිරාවරණය වීමේ අවදානම පවා වර්ධනය විය හැකි බව ලෝක අත්දැකීම් පෙන්නුම් කරයි. දරුවාට එවැනි අවදානම් තේරුම් ගැනීමට හෝ ඒවා කළමනාකරණය කිරීමට අවශ්‍ය මානසික පරිණතභාවය නොමැති අවධියක, “නූතනකම” නාමයෙන් මේවා සාමාන්‍යකරණය කිරීම දරුවාගේ සුරක්ෂිතභාවයට කරන සෘජු අභියෝගයකි.
මෙය සමලිංගික පුද්ගලයන්ට ගෞරවය නොදක්වන අදහසක් ලෙස වරදවා අර්ථ දැක්වීම වැරදිය. දරුවන්ට මිනිසුන් එකිනෙකාට වෙනස් විය හැකි බව, ඒ වෙනස්කම් හේතුවෙන් කිසිවෙකුට හිරිහැර කිරීම හෝ බුලි කිරීම වැරදි බව ඉගැන්වීම අත්‍යවශ්‍යය. නමුත් ඒ සඳහා ලිංගික මතවාද, වර්ගීකරණ සහ අනන්‍යතා පාඩම් හය ශ්‍රේණියේ පන්ති කාමරයට ගෙන ඒම අනිවාර්ය නොවේ.
ලංකාවේ සංස්කෘතික හා ආගමික පසුබිම තුළ, ගෞරවය, කරුණාව, අහිංසාව සහ සහකම්පනය වැනි වටිනාකම් දශක ගණනාවක් තිස්සේ ලිංගික මතවාද ඇතුළත් නොකරම දරුවන්ට ඉගැන්වූ කරුණු වේ. එසේ නම්, අද හදිසියේම මෙම වටිනාකම් ඉගැන්වීමට “සමලිංගික අධ්‍යාපනය” යන ලේබලය අත්‍යවශ්‍ය වන්නේ ඇයිද යන්න ගැඹුරින් ප්‍රශ්න කළ යුතුය.
සභ්‍යත්වය යනු සෑම බටහිර අදහසක්ම අන්ධ ලෙස අනුකරණය කිරීම නොව, ඒවා තමන්ගේ සමාජයට, දරුවාගේ වයසට සහ මානසික පරිණතභාවයට ගැලපේද යන්න විමසා බැලීමයි. දෙමාපියන් සමඟ සාකච්ඡා නොකර, ගුරුවරුන්ට පැහැදිලි සීමා සහ මාර්ගෝපදේශ නොදෙමින්, මෙවැනි සංවේදී කරුණු බලෙන් පාසල් පද්ධතියට ඇතුළත් කිරීම ප්‍රගතියක් නොව වගකීම් විරහිත අත්හදා බැලීමකි.
වයසට පෙර ලිංගික සංකල්ප සාමාන්‍යකරණය කිරීමෙන් දරුවන් තුළ ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳ කිසිදු වගකිවයුතු අධ්‍යයනයක්, විවෘත සංවාදයක් හෝ දෙමාපියන්ගේ අදහස් විමසීමක් හෝ ලබාගැනීමක් මෙහිදී සිදුවූ බවක් නොපෙනේ. එය වෙනුවට, “විද්‍යාත්මකයි”, “ගෝලීය ප්‍රවණතාවයයි” යන වචන භාවිතා කර, විවේචනය මර්දනය කිරීම පමණක් සිදු කරයි.
මෙවැනි ව්‍යාකූලත්වය දරුවන් අනවශ්‍ය අත්හදා බැලීම්වලට පෙළඹවීමේ අවදානම පිළිබඳව කථා කිරීමද අද “පසුගාමී” ලෙස ලේබල් කර නිහතමානී කර ඇත. නමුත් වගකීම් සහිත රාජ්‍යයක් නම්, දරුවන්ගේ කුතුහලය, සමූහ බලපෑම් සහ පරිණත නොවූ තීරණ ගැනීම එකට එකතු වූ විට ඇතිවන සමාජීය හා සෞඛ්‍යමය අවදානම් වාගේම සමාජ රෝගවලට නිරාවරණය වීමේ දිගුකාලීන අවදානම අවම කර ගැනීම ප්‍රමුඛ කාර්යයක් විය යුතුය.

මෙහි තවත් බරපතල කරුණක් වන්නේ, ලංකාවේ සංස්කෘතික හා ආගමික පසුබිම සම්පූර්ණයෙන් නොසලකා හැරීමයි. බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් සම්ප්‍රදායන්ගෙන් පෝෂිත වූ සමාජයක, දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පැහැදිලි සංකල්ප පවතී. ඒ සියල්ල “යල් පැන ගිය සංකල්ප” ලෙස බැහැර කර, බටහිර සමාජවල පවතින මතවාදී සටන් ඒ ආකාරයෙන්ම මෙරට පාසල් පද්ධතියට ආනයනය කිරීම සංස්කෘතික ආක්‍රමණයක් ලෙස හැඳින්විය හැක.
එකිනෙකා කෙරෙහි ගෞරවය, කරුණාව, අවිහිංසාන සහ සහකම්පනය ඉගැන්වීමට, දරුවන්ගේ පන්ති කාමරය ලිංගික මතවාදවලින් පිරවීම අවශ්‍ය වන්නේ නැත. අද එසේ කිරීමෙන් පැහැදිලි වන්නේ, මෙහි සැඟවුණු අරමුණ සමාජීය වටිනාකම් වර්ධනය නොව, දේශපාලනික සහ පෞද්ගලින අනන්‍යතා සාමාන්‍යකරණය කිරීම බවයි.
දෙමාපියන්ගේ සම්පූර්ණ සහභාගීත්වය, විවෘත සංවාදය සහ සමාජ සම්මතය නොමැතිව, මෙවැනි සංවේදී අන්තර්ගතයන් පාසල් පද්ධතියට බලෙන් ඇතුළත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයටත්, අධ්‍යාපන නෛතිකත්වයටත් කරන අභියෝගයකි.

මෙය තේරුම් නොගන්නා රාජ්‍යයක් සහ ප්‍රතිපත්ති සම්පාධකයින් සිටින තුරු, “ප්‍රගතිය” නාමයෙන් සිදු වන්නේ දරුවන්ගේ අනාගතය බිල්ලට දී කරන වගකීම් විරහිත දේශපාලන අත්හදා බැලීම් පමණි. වගවියයුත්තන් සහ වගකිවයුත්තන් මෙම අඥාන අත්තනෝමතික ක්‍රියාව වහාම නවතා දැමිය යුතුය.
(සටහන | ආචාර්ය රසිකා කුමාරසිංහ)ඔස්ට්‍රේලියාවේ Peter MacCallum Cancer Centre හි පර්යේෂණ ආචාරධර්ම ජේෂ්ඨ කළමණාකාරිනී
මෙල්බර්න් විශ්ව වීද්‍යාලයේ බාහිර කථිකාචාර්ය
rasikuma@yahoo.com




