The Leader News
BREAKING
ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●
Top Ad
විශේෂාංග

හරිනිට එරෙහි වෛරී ප්‍රකාශ නවතනු! හැබැයි නීතිය ක්‍රියාත්මක කරනු! | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

January 8, 2026 • 5:43 AM

හරිනිට එරෙහි වෛරී ප්‍රකාශ නවතනු! හැබැයි නීතිය ක්‍රියාත්මක කරනු! | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලිංගික නැමියාවන් සම්බන්ධ පූර්ව විනිශ්චයන් මත පදනම්ව අගමැති හා අධ්‍යාපන ඇමති හරිනි අමරසූරියට එරෙහිව එල්ල කරන ප්‍රහාර නතර කළ යුතුය කියන කාරණයට මාත් එකඟයි.
  • ඒ වගේම මෙහි අත්සන් කර ඇති අයට මෙන් අපට මිතුරියක නිසා හරිනි ආරක්ෂා කළ යුතුය කියන වගකීමක් නැහැ.
  • වෛරී ප්‍රහාර දරාගැනීම හරිනිලාට ටිකක් නුපුරුදු බව තමයි පෙනෙන්නෙ.
  • දැන් ජවිපෙ සමග සිටින බොහෝ අය අපට විතරක් නෙමෙයි, අපේ දේශපාලන අදහස් නිසා අපේ දරුවන් පවා පටලාගෙන අපහාස කරලා තිබෙන බවත් මතක් කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


වෛරි ප්‍රහාරවලට එරෙහිව සාමාන්‍ය මිනිසුන්ගේ අත්සන් ලේඛනයක් ගත්තා නම් මාත් එයට අත්සන් කරනවා. විද්වතකු නොවන නිසා අපි ඉතින් කොහොමත් මේවායින් පිටස්තරයි. ඒ වගේම මෙහි අත්සන් කර ඇති අයට මෙන් අපට මිතුරියක නිසා හරිනි ආරක්ෂා කළ යුතුය කියන වගකීමක් නැහැ.

වෛරී ප්‍රහාර දරාගැනීම හරිනිලාට ටිකක් නුපුරුදු බව තමයි පෙනෙන්නෙ. ඔවුන් දිගු කලක් සිටියේ වෛරී ප්‍රහාර එල්ල කරන්නන්ගේ ජනප්‍රිය පැත්තෙ. වර්තමානයේ ජවිපෙ සමග සිටගෙන සිටින බොහෝ අයට සෙසු අයට එරෙහිව වෛරී ප්‍රහාර වාචිකව පමණක් නොවෙයි, ශාරීරිකවත් එල්ල කිරීමේ දිගු ඉතිහාසයක් තිබෙනවා.

NCM Sajith 260107
දැන් ජවිපෙ සමග සිටින බොහෝ අය අපට විතරක් නෙමෙයි, අපේ දේශපාලන අදහස් නිසා අපේ දරුවන් පවා පටලාගෙන අපහාස කරලා තිබෙන බවත් මතක් කරනවා. මෙතනින්වත් පාඩමක් ඉගෙනගෙන ඒවායින් ඈත් වෙන්න. මිනිසුන්ගේ ලිංගික නැමියාවන්ට විතරක් නෙමෙයි, වයසට, හමේ පැහැයට, උස් මිටිකම්වලට, ජනප්‍රිය නොවන දේශපාලන අදහස් දරන එකට ගරහන එක, වෛර කරන එක නවත්වන්න. ආකාශ් නිලුපුල්ගෙ අසික්කිත සමාජ මාධ්‍ය බලකාය පාලනය කරගන්න.

හරිනිට එරෙහිව වෛරී ප්‍රහාර නැවැත්විය යුතුයි. හැබැයි, ඇය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු වගකිව යුතු අය ඉල්ලා අස්විය යුතුයි. විමර්ශනයක් කර නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි. මොනවටද? පහත සඳහන් අපරාධමය වැරදිවලට.

 

buddy net 2511

1.⁠ ⁠දණ්ඩ නීති සංග්‍රහයේ 365 හා 365 අ වගන්ති යටතේ නීති විරෝධී වන අන්තර්ගතයන් සහිත වෙබ් අඩවියක ලිපිනයන් පාසල් පෙළ පොතකට ඇතුළත් කිරීම (මේ නීතිවලට විරුද්ධව අප කලක සිට උද්දේශනය කරන මුත්, මෙම රජය මෙම නීති සංශෝධනය කිරීමට කිසිදු උත්සාහයක් දැරුවේ නැත. අතීත උත්සාහයන්ට උපකාර කළේ ද නැත.)

2.⁠ ⁠අසැබි ප්‍රකාශන පළකිරීම: 1983 අංක 22 දරන පනත මගින් හා 2005 අංක 12 දරන දඩ මුදල් වැඩි කිරීමේ පනත මගින් සංශෝධිත 1927 අංක 04 දරන අසභ්‍ය ප්‍රකාශන ආඥා පනතෙහි සඳහන් ප්‍රතිපාදන පනත යටතේ වැරදි සිදු කිරීම. වෙළඳාම පිණිස හෝ වෙළඳාමක් වශයෙන් හෝ බෙදා හැරීම සඳහා හෝ මහජන ප්‍රදර්ශන සඳහා හෝ දක්වා ඇති හෝ දක්වා නොමැති කාර්යය සඳහා අසභ්‍ය ප්‍රකාශන ලෙස සලකන දෑ සැදීම, නිෂ්පාදනය කිරීම හා තමා සන්තකයේ තබා ගැනීම. අසභ්‍ය ප්‍රකාශන හා සම්බන්ධ දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286, 287 යන වගන්ති, 1995 අංක 22 දණ්ඩ නීති සංග්‍රහයෙහි සංශෝධිත පනත, 1998 දණ්ඩ නීති සංග්‍රහය සංශෝධිත පනත, 2006 අංක 16 දරන දණ්ඩ නීති සංග්‍රහය සහ 1956 අංක 48 ළමා හා යෞවන හානිකර ප්‍රකාශන පනත යටතේ වැරදි සිදුකිරීම.

3.⁠ ⁠ළමා අපයෝජනය: දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය - වචනයෙන් හෝ ක්‍රියාවෙන් සිදුකරන ලිංගික අතවර, ළමුන්ගෙන් අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම හා පොළඹවා ගැනීමට තැත්කිරීම (360 (ආ, ඉ) වගන්ති)

 

1721701286 school Book L

4.⁠ ⁠පාසල් පෙළ පොත් යනු පොදු දේපළක්. 1982 අංක 12 දරණ පොදු දේපළ පනත යටතේ පොදු දේපළක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාස කඩ කිරීමක් මෙහිදී සිදු වී තිබෙනවා. එවැනි වරදක් I. සිදුකර ඇති බවට හෝ, II. වරදක් සිදු කිරීමෙහි ලා සම්බන්ධ වූ බවට හෝ, III. වරදක් සිදුකරන ලදැයි සැක කරනු ලබන බවට හෝ IV. වරදක් සිදු කිරීමෙහි ලා සම්බන්ධ වීයැයි සැකකරනු ලබන බවට චෝදනාවක් මත යම් තැනැත්තකු යම් අධිකරණයකට භාරවන්නා වූ හෝ සිරභාරයට ගනු ලැබ යැයි අධිකරණයක් වෙත ඉදිරිපත් කරනු ලබන අවස්ථාවකදී එම වගන්තියේ අතුරු විධානය යටතේ පැමිණිල්ල විසින් පියවර ගෙන ඇති අවස්ථාවකදී සුවිශේෂී හේතු මත හැර එවන් තැනැත්තකු නඩු විභාගය අවසන් කරනු ලබන තෙක් රිමාන්ඩ් භාරයේ තැබිය යුතු බවට දැක්වෙන අතර, තවද පනතේ 8 (2) වගන්තිය ප්‍රකාරව දක්වන්නේ, වරදකරු කිරීමක් හෝ ඒ සම්බන්ධයෙන් පනවන ලද දණ්ඩන නියමයකට විරුද්ධව අභියාචනයක් සිදුකර ඇති අවස්ථාවකදී පවා ඉහත ආකාරයටම අධිකරණය සෑහීමට පත් කළ හැකි ආකාරයට සුවිශේෂී කරුණු ඉදිරිපත් වී නොමැති නම් එවැනි අවස්ථාවක එවන් තැනැත්තන් අභියාචනය අසා නිම වන තෙක් රිමාන්ඩ් භාරයේ තැබිය යුතුය. අයුතු ලෙස භාවිතා කළ පොදු දේපළේ වටිනාකම රුපියල් 25000 ට වඩා වැඩි නම් එය අත්අඩංගුවට ගෙන මුදාහැරිය නොහැකි බරපතල වරදක් වේ.

අපි නීතිය ගැන දන්නේ සාමාන්‍ය පුරවැසියන් විදියට විතරයි. මෙහි දක්වා තිබෙන්නේ අපට පෙනෙන පරිදි සිදු වී තිබෙන නීති උල්ලංඝනයන්. නීති විශාරදයන්ට මේවා නිවැරදිව විග්‍රහ කරන්නට පුළුවන්. අන්න ඒක නිසයි අපි වගකිව යුත්තන් ඉවත් කරලා විමර්ශනයක් සිදු කළ යුතු බව අවධාරණය කරන්නෙ.

ඔවුන් බලයට ආවෙ පැරණි ක්‍රමය වෙනස් කරන බවට පොරොන්දුවක් එක්ක. නීතිය සැමට සමාන තත්වයට පත් කරනවාය කියන පොරොන්දුවක් එක්ක. ඉතින් ඒක කරල පෙන්නන්න තියෙන අවස්ථා ඇයි දිගින් දිගටම මගහරින්නෙ? කවුරුද දැන් නීතියට ඉහළින් සිටගන්නට හදන්නෙ?

AJITH PARAKUM
(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
Creative Content Consultants

ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk හි පලවූවකි)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...