The Leader News
BREAKING
ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●
Top Ad
විශේෂාංග

පළමුව සොබා දහම - දෙවනුව මිනිසා | ඉෂංඛා සිංහආරච්චි

T

The Leader Desk

January 8, 2026 • 2:44 PM

පළමුව සොබා දහම - දෙවනුව මිනිසා | ඉෂංඛා සිංහආරච්චි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉල් මහ ගෙවී යන්නට ආසන්න දින කිහිපයේ රටපුරා නොකඩවා ඇද හැලුණු වර්ෂාපතනයෙන් දිනකට වැටුණු ඉහලම අගය වාර්තා වුයේ මාතලේ ප්‍රදේශයෙනි.
  • මෙවර විශේෂත්වය වන්නේ, වැඩිම වර්ෂාපතනය මාතලේට වුවත්, මාධ්‍ය කඳුකරය ඇතුළු අනෙකුත් ප්‍රදේශවලට ද ඒහා සමාන වර්ෂාපතනයක් ලැබීම නිසා විශාල ජල කඳක් පොළව මත  පතිත වීමය.
  • එබැවින් සිදුවුයේ  විශාල ලෙස මිනිස්  ජිවිත අහිමි කරමින්, දේපල හානි කරමින් රටම ආපදා තත්වයකට පත්කිරීමය.
  • සුළං වේගය  පැයට කිලෝමීටර් 19 වැඩි වේගයක් ඇත්නම් එය සුළි කුණාටුවක් ලෙස හඳුනා ගැනේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ මිලි මීටර්  540 ක් වැනි ප්‍රමාණයකි.කාලගුණික වාර්තාවන් උපුටා දක්වන ජල විද්‍යා හා  කෘෂි භෞතික විද්‍යාව පිලිබඳ මහාචාර්ය ලක්ෂ්මන් ගලගෙදර පවසන්නේ 1992 වසරේදී රත්මලාන ප්‍රදේශයට ඇද වැටුණු මිලි මීටර් 494 ක වර්ෂාපතනය මෙතෙක් සටහන්ව තිබු වැඩිම අගය බවය.

xfgrgg

1996 වසරේදී රත්නපුරයට මිලි මීටර් 397 ක වර්ෂාපතනයක් වාර්තා වී තිබිණි. මෙවර විශේෂත්වය වන්නේ, වැඩිම වර්ෂාපතනය මාතලේට වුවත්, මාධ්‍ය කඳුකරය ඇතුළු අනෙකුත් ප්‍රදේශවලට ද ඒහා සමාන වර්ෂාපතනයක් ලැබීම නිසා විශාල ජල කඳක් පොළව මත  පතිත වීමය.  මෙම ජල කඳ උරා ගැනීමට පොළොව සමත් නොවුණු අතර, ගංගා පිටාර ගලමින් ගලා යන ජල කඳ පාලනයට ජලාශද නොවිණි. එබැවින් සිදුවුයේ  විශාල ලෙස මිනිස්  ජිවිත අහිමි කරමින්, දේපල හානි කරමින් රටම ආපදා තත්වයකට පත්කිරීමය. රට හරහා හමා ගිය දිට්ඨා සුළි කුණාටුවේ බලපෑමෙන්  ගංවතුර හා නාය යාම් හමුවේ වැඩි විපත් රැගෙන ආවේය. තත්වය තවත් උග්‍ර වුයේ සන්නිවේදනය බිඳ වැටීම, විදුලිය ඇනහිටීම හා ගමනාගමනය අවහිර වීම හේතුවෙනි.

කාලගුණ හා පරිසර විද්‍යාඥයන්ගේ අදහසට අනුව සුළි කුණාටු හටගැනීමට හේතුවන්නේ  පරිසරයට එරෙහිව වන මිනිස් ක්‍රියාකාරකම්ය. සුළං වේගය  පැයට කිලෝමීටර් 19 වැඩි වේගයක් ඇත්නම් එය සුළි කුණාටුවක් ලෙස හඳුනා ගැනේ. චක්‍රවාත,හරිකේන්,ටයිපුන් මේ කවරාකාරයෙන් හැඳින්වුවත් සුළි කුණාටු ඇති වන්නට හේතුවන්නේ  විශේෂයෙන් වන සම්පත විනාශ කිරීම වැනි දේ හමුවේ පරිසර උෂ්ණත්වය ඉහළ යාම මගිනි. මිහිකත සුවපත් කරන ජන දිවියක් දෙසට මිනිස් ක්‍රියාකාරකම් ගමන් නොකරන තාක් මෙම ගෝලීය උණුසුම්වීම කාලගුණික විපර්යාස වලට රුකුලක් වනු ඇත. මෙහි ඉමහත් බලපෑමක්  ඉන්දීය සාගර කලාපය හමුවේ පවතී. එම බලපෑමෙන් ලංකාව වැනි දිවයිනකට මග හැරිය නොහැක්කකි.

ජල බැස්ම අවහිර කිරීම

 cvsdfse

පරිසරය ආරක්ෂා කරගනිමින් තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් යොදා ගත හැකි, යම් ප්‍රමාණාත්මක පරිසර නීති අණ පනත් ලංකාව සතුව පවතී. පාරිසර හානි කිරීම් වලදී සෑම විටකම මැදිහත්වීමක් දක්වන පරිසර යුක්ති කේන්ද්‍රය පෙන්වාදී තිබුනේ පවතින නීති අණ පනත් නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවය. දැනුවත්ව කෙරෙන පරිසර විනාශයට පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් පමණක් නීති සම්පාදනය කළ හැකි මුත්  පරිසරය රැක ගැනීම සම්බන්ධයෙන් ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ ආකල්පමය වෙනසක් ඇතිකිරීම කළ  යුතුව ඇතැයි පාරිසරික නීතිවේදී රවින්ද්‍ර දාබරේ අවධාරණය කර ඇත. ඉකුත් දශක ගණනාවක් ම රාජ්‍ය නිලධාරින් විසින්  පරිසරයට හානි කරන ව්‍යාපෘති වලට අනුමැතිය ලබා දී ඇත්තේ කිසියම් වූ පෞද්ගලික වාසි අපේක්ෂාවෙනි. එය ඉවත හළ නොහැකි චෝදනාවකි.

ජල මාර්ග අවහිර කිරීම, වැසි ජලය රඳවන තෙත් බිම් ගොඩ කිරීම, අපජලය බැහැර කෙරෙන කාණු පද්ධති අවහිර කිරීම වැනි වැරදි සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ බලය නගර සභා,ප්‍රාදේශීය සභා වැනි පළාත් පාලන ආයතන සතු කාර්යකි. සිය බලප්‍රදේශය තුල අනවසර ඉදිකිරීම් හා ගොඩකිරීම් පිළිබඳව ක්‍රියාත්මක වීමේ බලතල ඔවුන් සතු වුවද ගෙවීගිය දශක ගණනාව තුල මෙම ආයතන තුලින් ඒ කිසිවක් ඉටුවී නොමැත. නිදසුන් ලෙස කොලොන්නාව  සහ ගම්පහ මහ නගර සභා බලප්‍රදේශ පෙන්වා දිය හැක.

පහත්බිම් ගොඩකිරීම,  පොදු ස්ථානයන්හි ඇති ඇළ මාර්ග, කානු පද්ධති අවහිර කිරීම් වලට එරෙහිව මහජන පීඩාව යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය පොලීසිය සතු වුවද, ඔවුන් එවැනි දේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වනු දක්නට නොමැත. එහෙත්  ජනතාවගේ උද්ඝෝෂණ, විරෝධතා පෙළපාලි,හර්තාල් ආදියට පමණක් මහජන පීඩාව යටතේ පොලිසිය නොමදව ක්‍රියාත්මකවේ.

වැසි ජලය නිසි ලෙස ගලා යාමට ඇති ජල මාර්ග අවහිර කිරීම මගින් සිදුවන්නේ, නායයෑම්, ගංවතුර ආපදාවන් නිර්මාණය වීමය. පර්චසයකට වැඩි ඉඩකඩක් ඇති වැසි ජලය රැඳෙන  ස්ථාන ගොඩකිරීම තහනම් කරමින් නීති සම්පාදනය කෙරුනේ 2000 වසරේදීය. එහෙත් ඊට පසුව ද නීතිවිරෝධී ලෙස ගොඩකරනු ලැබූ  ඕනෑ තරම් ස්ථාන දක්නට ලැබේ. නිදසුන් ලෙස කොළඹ  තෙත් බිම් පද්ධතිය හා මුතුරාජවෙල පෙන්වා දිය හැකිය.

වැසි ජලය එක් රැස්වීම හා ඒවා ක්‍රමයෙන් බැසයාමට සලස්වන කුඹුරු ඉඩම් හා ජල බැස්ම ආදිය සීග්‍රයෙන් ගොඩකිරීම ඉකුත් දශක ගණනාව පුරාම දක්නට ලැබේ. ඊට එරෙහිව ක්‍රියාත්මක වීමේ නීති ප්‍රතිපාදන ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සතුය. එහෙත් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවේ. ගොඩකරනු ලැබුවේ කුඹුරු ඉඩමක් නම්, එය පෙර තිබු පරිදි සකස් කිරීමට නියෝග නිකුත් කිරීමේ බලයක් නීතිය සතුය. එහෙත් සිදුවන්නේ ගොඩ කරනු ලැබූ ඉඩම කුඹුරු ඉඩමක් නොවන බවට ගොවිජනසේවා දෙපාර්තමේන්තුවෙන් සහතිකයක් ලබා ගැනීමය.

මිට අමතරව පාංශු සංරක්ෂණ පනත, 1924 ගංවතුරෙන් ආරක්ෂාවීමේ ආඥා පනත,වැව්,ගං,ඔය,මහාමාර්ග හා දුම්රිය මාර්ග සිමාවේ ආරක්‍ෂිත භුමි ලෙස වෙන්කොට ඇති ඉඩම් පිලිබඳ නීති හා නාගරික සංවර්ධන අධිකාරි පනත හරහා යම් ප්‍රමාණයකට පරිසරයත්, ඒ තුලින් හටගන්නා වූ ව්‍යසනයන් වළක්වා ගත හැකිය.  1924 සිට ගංවතුර පාලනයට නීති, අණ පනත් තිබුනත් ගංගා ද්‍රෝණි කළමනාකරණය සම්බන්ධයෙන් පවතින ගැටළු රැසකි. සියවසක් පැරණි මේ නීති වලින් අද පවතින අර්බුද කළමනාකරණය කළ නොහැකි නම් ඒවා අදට ගැලපෙන පරිදි සංශෝධනය කලයුතුය. ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය කිරීම, තිරසර ඉඩම් පරිහරණය, දේශගුණික අනුවර්තන සමග කටයුතු යුතු කිරීම ගැන  මෙන්ම ගංගා ද්‍රෝණි කළමනාකරණය ගැනත් නැවැත සිතා බලන්නට දැන් අවස්තාව පැමිණ ඇත.

අඩි 5000 න් ඉහළට

csdgds| නුවරඑළියේ ග්‍රෙගරි වැව

අනෙකුත් ප්‍රදේශවලට සාපේක්ෂව මධ්‍යය  කඳුකරයේ  වැව් දක්නට නොමැත. මහනුවර බෝගම්බර වැවත්, නුවරඑළියේ ග්‍රෙගරි වැවත් හැරුණු කොට වෙන විශේෂිත වැව් ගැන සඳහනක් නොමැත. එහෙත් පසුකාලීනව ඉදි කෙරුණු ජලාශ බොහොමයක් කේන්ද්‍ර වන්නේ මධ්‍යය කඳුකර පෙදෙස්ය. දශක තුනකින් නිම කරන්නට අපේක්ෂිතව සැලසුම් කළ මහවැලි යෝජනා ක්‍රමය 1977 දී බලයට පත් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව වසර හයකින්  නිමකරන්නට කඩිනම් කළේය. ඒ අනුව මුල් සැලසුම් ඉවත දැමිණි.

මුහුදු මට්ටමේ සිට අඩි 5000 ට ඉහල මධ්‍යය  කඳුකරයේ බිම් ප්‍රමාණය හෙක්ටයාර් 75,000කට ආසන්නය.ඉන්  සියයට 68 ක ප්‍රමාණයක් වනාන්තර ය,සියයට 27 ක් වගා බිම් ය.  සියයට 4 ක් නගර හා ජනාවාස පෙදෙස්ය. සියයට 2 ක් අයත් වන්නේ වගා බිම් වලටය.

බිම් ප්‍රමාණයෙන් සියයට 4 ක් වන නුවරඑලිය ඇතුළු නගර හා ජනාවාසවල පදිංචි  ජනගහනය ලක්ෂ හතරේ සිට හත දක්වා වූ සංඛ්‍යාවකි.  මෙම ප්‍රදේශ නිදහස් කරන්නේ නම්  ජනයා වෙනත් ප්‍රදේශවල පදිංචි කළ යුතු අතර ඔවුන්ගේ යැපීම් මාර්ග වෙනුවෙන් ද වැඩ පිළිවෙලක් සකස් කිරීම ආණ්ඩුවේ අත්හල නොහැකි වගකීමකි. මෙවර නාය යාම් බොහොමයක්ම වාර්තාවූයේ  මුහුදු මට්ටමේ සිට අඩි 2000 ත් 4500 ත් අතර කලාපය තුලය. මෙම කලාපය ප්‍රමුඛ මැද කඳුකරය නායයාම් සංවේදී කලාපයක් ලෙස නම් කරමින්, පෙර අවදානම් දැනුම් දීමේ වැඩසටහන් මෙන්ම, ආපදා තත්වයකදී ජනතාවට එක් රැස්වීමට අවශ්‍ය ආරක්‍ෂිත ස්ථාන පිහිටුවීම වැදගත්ය.

එමෙන්ම ඉහළ කඳුකරයේ ඇති සියයට 68 ක් වූ වන බිම් අතරින් වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් රක්ෂිත ඉඩම්, රජයේ ඉඩම් කොමසාරිස්වරයා යටතේ පවතින ඉඩම් සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩම් ලෙස දක්නට ලැබේ. විශේෂයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතු ඉඩම් සියල්ල  රක්ෂිත වනාන්තර බවට ප්‍රකාශයට පත් කිරීම කළ යුතුය.

නිසි නඩත්තුවකින් තොර තේ වගාව බිම් හේතුවෙන් බොහෝ විට සිදුවන්නේ පාංශු ඛාදනයයි. භූමියෙන් සහ මිනිස් ශ්‍රමයෙන් උපරිම ලාභ රැස් කරන වතු සමාගම් වෙත ඒ සම්බන්ධයෙන් එල්ලවෙන චෝදනාව බැහැර කළ නොහැක. එමෙන්ම ඉක්මන් අස්වැන්නක් ලබා දෙන මාධ්‍ය කඳුකරයේ එළවළු වගාව ද පාරිසරික  වශයෙන් හානි ගෙන දෙන්නකි.

තේ වගාබිම් වල පස හෝදාපාළුව  වලක්වන්නට  බහු බෝග වගාවට එළඹිය යුතු වෙනවා මෙන්ම  භූ විද්‍යා පරීක්ෂණයක් කිරීම නොපමාව කළයුතුය. වැසි ජලය ගලා යාමට අවශ්‍ය කානු පද්ධති නිසි ලෙස නඩත්තු කිරීමත් වැදගත්ය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තු බලධාරීන්ට බලය පැවරෙන 1951 අගෝස්තු 13 ප්‍රකාශය පත්කළ අංක 25 දරන පාංශු සංරක්ෂණ පනත කඳු හා බෑවුම් ප්‍රදේශවල ව්‍යසන අවම කර ගැනීමට යොදා ගත හැකිය. අවශ්‍යවන්නේ එම පනත් ක්‍රියාවේ යෙදවීමය. කඳුකරයේ පාංශු සංරක්ෂණය වෙනුවෙන් ක්‍රියාත්මක වී ඇත්තේ මිට දශක හත, අටකට පෙරාතුවය. පාංශු සංරක්ෂණ මණ්ඩලයක් මෙන්ම ඒ වෙනුවෙන් වූ අරමුදලක් පිහිටුවන්නට ද අදාළ පණත මගින් යෝජනා වී තිබේ.

මාධ්‍ය කඳුකරයේ  බෑවුම් හා කඳු මත අනාරක්ෂිත ගොඩනැගිලි ඉදි කිරීම සම්බන්ධයෙන් සම්පුර්නයෙන්ම වගකිව යුත්තේ ඊට අනුමැතිය ලබා දෙන පළාත් පාලන ආයතන බලධාරීන්ය. මෙවැනි ප්‍රදේශවල ඉදිකිරීම් ලබා දිය යුත්තේ නිවැරදි පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් මතය.

පරිසරවේදියෙකු හා පරිසර නීතිවේදියෙකු වන ජගත්  ගුණවර්ධනට අනුව මෙවැනි අවදානම් කලාප වල ඉදි කර තිබෙන  ආදායම් උපදවන ආයතන, පොදු ගොඩනැගිලි මෙන්ම ආගමික ස්ථාන සම්බන්ධයෙන් වුවද පොදු ජනයහපත වෙනුවෙන් අපක්ෂපාති පොදු නිර්ණායක යටතේ කටයුතු  කළ යුතු බවය. එය පළාත් පාලන ආයතන බලධාරීන්ගේ වගකීමකි.

ආපදා කළමනාකරණය

cvdse

කාලගුණ විද්‍යා  දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන නිවේදන, අනාවැකි හා අනතුරු හැඟවීම් ගැන ජනතාව තුල එතරම් විශ්වාශයක් ගොඩ නැගී නොමැත. එබැවින් මෙම දිට්වා ආපදාවෙන් පාඩම් ඉගෙන ගනිමින් කාලගුණික විපර්යාස වලට සංවේදීවීමට අවශ්‍ය දැනුම ජනතාව අතර ප්‍රචලිත කළ යුතුය. ඒ සඳහා වැඩි අවධානයක් යොමු කිරීම කෙරෙහි  මාධ්‍යයට ද විශාල කාර්යභාරයක් පැවරෙනු ඇත. එමෙන්ම නව තාක්ෂණය යොදා ගනිමින් ස්වභාවික ව්‍යසනයන් පිලිබඳ පෙර දැනුම් දීමේ ක්‍රමවේදයක් පිළිබඳව යළි සලකා බැලීම අත්‍යවශයෙන්ම කළ යුත්තකි. එමෙන්ම ආපදා කළමනාකරණයේදී අදාළ ආයතන අතර විධිමත් සබඳතාවක් ගොඩ නැගීම ද ප්‍රධාන කර්තව්‍යයකි.

මෙරට ආපදා කළමනාකරණ නීති ගැන සඳහන් කිරීමේදී  2005 අංක 13 දරන ආපදා කළමනාකරණ පනත අමතක කළ නොහැක.

මේ තුළින් ලංකාවට ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ශක්තිමත් නීති පද්ධතියක් හඳුන්වා දී ඇති අතර ජාතික මට්ටමෙ ප්‍රතිපත්ති, පෙර සූදානම්, ආපදා අවස්ථාවකදී කරනු ලබන ප්‍රතිචාර සහ සම්බන්ධීකරණ කෙරෙහිත්  අවධානය යොමු කර ඇත.

ජාතික ආපදා කළමනාකරණය සම්බන්ධ කවුන්සිලය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ලෙස මේ සම්බන්ධයෙන් වන ආයතනයක් ද මේ යටතේ ස්ථාපිතය.

දේශගුණික විපර්යාස ගැන වූ  ප්‍රතිපත්තිය මගින් 2023 -2030 වසරවලට අදාළව ලංකාවට හඳුන්වාදුන්  ජාතික ආපදා කළමනාකරණ සැලැස්මක්ද වේ.

එහිදී ප්‍රමුඛතා වශයෙන් ව්‍යසන  තුළ කටයුතු කරන අයුරු, ආයතනික වගකීම්, පූර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණය සහ 2030 වන විට ආපදා සම්බන්ධයෙන් ජන සහභාගීත්වය පිළිබඳවත්  මෙහිදී අවධානය යොමු කර ඇත.

මිට දස වසකට ඉහත 2015 දී  රැස්වූ කාලගුණ විපර්යාස පිලිබඳ ලෝක සමුළුවේදී ද මුලික වශයෙන්  අවධානයට ලක්වුයේ කාලගුණ විපර්යාසයන්ට හැඩ ගැසීම හා පුරෝකථනය කිරීමේ පද්ධතියක් නිර්මාණය කරගැනීම කෙරෙහිය.

සොබාදහම සමග ගැටීමට මිනිස් වර්ගයාට ශක්තියක් නොමැති බව මෙම ව්‍යසනය මගින් පෙන්වා දී තිබේ. සිදුව ඇති පාඩුව ඩොලර් බිලියන හතක් බවට ප්‍රකාශ කෙරේ. ජන දිවියට හා දේපල හානි වලට අමතරව සංවේදී පරිසර පද්ධතීන්ට හා එහි විසු ආවේණික සතා සිව්පාවුන් මෙන්ම ගස් වල ගැන ද තක්සේරුවක් කළයුතුව ඇත.

Ishankha Sinhaarachchi(සටහන | ඉෂංඛා සිංහආරච්චි)
Ishankha Singha Arachchi
Freelance Journalist

ishanka.singhe@gmail.com

 

whatsapp 202507155

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පළමුව සොබා දහම - දෙවනුව මිනිසා | ඉෂංඛා සිංහආරච්චි | The Leader