The Leader News
BREAKING
ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●
Top Ad
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් සහ මහින්ද 'සඳ දඩයම' බලන්න ගිහින්

T

The Leader Desk

January 9, 2026 • 6:56 AM

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් සහ මහින්ද 'සඳ දඩයම' බලන්න ගිහින්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නව වසරේ එක්සත් ජාතික පක්ෂ ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සුපුරුදු ලෙස පැවැත්වුණේ සිරිකොත එජාප මූලස්ථානයේදීය.
  • රැස්වීම ආරම්භයේදීම කිසිවෙකුත් අපෙක්ෂා නොකළ ආකාරයට එක්සත් ජාතික පක්ෂය යළි නගා සිටුවීමේ සම්පූර්ණ වැඩසටහනක් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරනු ලැබීය.
  • එහිදී එක්සත් ජාතික පක්ෂ නායකයින් කිහිප දෙනෙකු සජිත් ප්‍රේමදාස මහතා සමග මෑතකදී පැවැත්වූ සාකච්ඡාව පිළිබඳව කරුණු කෘත්‍යාධීකාරී මණ්ඩලය හමුවේ ප්‍රකාශ කරනු ලැබීය.
  • ඒ සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලට එකඟත්වය පළ කෙරුණු අතර ප්‍රධාන යෝජනා 6 ක් සම්මත කිරීමටද කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගත්තේය.
අකුරු ප්‍රමාණය (Font Size):


Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පැමිණ සිටියේ ලිපිගොනු කිහිපයක්ද රැගෙනය. රැස්වීම ආරම්භයේදීම කිසිවෙකුත් අපෙක්ෂා නොකළ ආකාරයට එක්සත් ජාතික පක්ෂය යළි නගා සිටුවීමේ සම්පූර්ණ වැඩසටහනක් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරනු ලැබීය. මේ වැඩසටහනෙහි මූලික අරමුණ වී තිබුණේ පක්ෂය සම්පූර්ණයෙන්ම යළි ගොඩනැංවීමය.

මෙම වැඩසටහනට සමගාමීව සමගි ජනබලවේගය සමග කෙරෙන සාකච්ඡා සම්බන්ධයෙන්ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අවධානය යොමු කෙරිණි. එහිදී එක්සත් ජාතික පක්ෂ නායකයින් කිහිප දෙනෙකු සජිත් ප්‍රේමදාස මහතා සමග මෑතකදී පැවැත්වූ සාකච්ඡාව පිළිබඳව කරුණු කෘත්‍යාධීකාරී මණ්ඩලය හමුවේ ප්‍රකාශ කරනු ලැබීය.

 



සමගි ජනබලවේගයත්, එක්සත් ජාතික පක්ෂයත් ඉදිරියේදී එකමුතුව කටයුතු කිරීම සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟත්වය පළ කරන ලදි. ඒ සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලට එකඟත්වය පළ කෙරුණු අතර ප්‍රධාන යෝජනා 6 ක් සම්මත කිරීමටද කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගත්තේය.

පළාත් පාලන ආයතනවන මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල එක්සත් ජාතික පක්ෂයේත් සමගි ජන බලවේගයේත් සිටින පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගේ වැඩ කටයුතු සඳහා ඒකාබද්ධ ජාතික වැඩසටහන් කමිටුවක් පක්ෂ දෙකෙන් පත්කිරීමට පළමුවෙන් යෝජනා විය.

දෙවැනි යෝජනාවෙන් කියැවුණේ එජාප සහ සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල විසින් ඒකාබද්ධ වැඩසටහන් 3 කට එළැඹීම සඳහා කමිටුවක් පත් කිරීමේ අවශ්‍යතාවයය.

දැනට වෙනත් දේශපාලන පක්ෂ සමග එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන අතර, ඒ පක්ෂවලටද කරුණු පැහැදිළි කිරීමටත්, එමෙන්ම ඒ ගැන සාකච්ඡා කිරීමට පක්ෂ දෙකෙහි නායකයන්ගේ අනුමැතියෙන් කමිටුවක් පත් කිරීමටත් ඊළඟට යෝජනා කෙරිණි.

මෙම වැඩසටහනට එකඟ වූ පසු එක්සත් ජාතික පක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක මුණ ගැසීමට ක්‍රියා කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් සම්මත වූ තවත් යෝජනාවකින් කියැවිණි.

පක්ෂ දෙකෙහි කෘත්‍යාධිකාරී මණ්ඩල ඒකාබද්ධය මුණ ගැසීමට තීරණය වූයේ ඉන් පසුවය.

 



එමෙන්ම එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් දේශපාලන පක්ෂ ප්‍රමුඛ සන්ධාන අතර පවතින ගිවිසුම්, එජාපය සමග සම්බන්ධ වී කටයුතු කරන පක්ෂ, සමගි ජන බලවේගය සමග එකමුතුව ක්‍රියා කරනු ඇති බවට සියලු පාර්ශව දැනුවත් කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු හය වැනි යෝජනාවෙන් ප්‍රකාශ විය.

 සමාජ වෙළඳ ආර්ථිකය (Social Market Economy) අරමුණු කර ගත් එක්සත් ජාතික පක්ෂ මතවාදය එජාප උපනායක අකිල විරාජ් කාරියවසම් මහතාගේ මූලිකත්වයෙන් සැකසීම සඳහා ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟත්වය පල කෙරිණි.

සමාජය නවීකරණය, ආර්ථිකය, සමාජ රටාව, අධ්‍යාපනය, නව තාක්ෂණය සමග එදිනෙදා ජීවිතයට උසස් තත්ත්වයක් උදා කිරීම පොහොසත් රටක් - පොහොසත් පවුලක්, Hand phone එකක්, Crypto currency ආදී සංකල්ප යටතේ ඒ වෙනුවෙන් ක්‍රියා කිරීම එජාප මතවාදයේ ප්‍රධාන අරමුණුව පවතී.  

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීත් ඉන් පසුවත් වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නායකයින් අතර අදහස් රැසක් හුවමාරු විය.

''සජබ සමග සාකච්ඡා කිරීමට තිදෙනෙකු පමණක් යාම එජාප බහුතරයගේ අනුමැතියට හේතු වී නැ''

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ 2025 රජයට එරෙහිව තදබල ක්‍රියාමාර්ග ගැනීමට සුදුසු කාලය නොවුනත් මේ වසර ඒ සඳහා සුදුසු කාලය වන බවය. එහෙයින් 2026 දී පක්ෂය නඟා සිටුවීමේ වැඩපිළිවෙල ආරම්භ කරන බව කියා සිටියේය.

සමගි ජනබලවේගය සමග සාකච්ඡා කිරීම සඳහා තිදෙනෙකු පමණක් යාම පක්ෂ බහුතරයගේ අනුමැතියට හේතු වී නැති බව එහිදී ප්‍රකාශ කෙරිණි. හිස් අතින් කිසිඳු වැඩපිළිවෙලකට අවතීර්ණ වීම තේරුමක් නැති බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා හැමවිටම ක්‍රියා කළ යුතුව තිබෙන්නේ වැඩපිළිවෙලක් සමග වැඩ කළ හැකි කණ්ඩායමක්ද එකතු කරගනිමින් බව පෙන්වා දුන්නේය.

සමගි ජනබලවේගයට ආණ්ඩු බලය ගෙන ක්‍රියා කිරීමට සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් එහිදී නම් වශයෙන් අවධානය යොමු කෙරුණු අතර එක්සත් ජාතික පක්ෂයේ සිටින එැවිනි කණ්ඩායම හඳුනාගැනීමද සිදුවිය. මෙහිදි පැහැදිලිවම පෙන්වාදෙනු ලැබුවේ ආණ්ඩු බලය ගෙන ක්‍රියා කළ හැකි පළපුරුදු කණ්ඩායමක් සිටින්නේ එක්සත් ජාතික පක්ෂය තුළ බවය.

මහින්ද සහ රනිල් ''සඳ දඩයම'' බලන්න ගිහින්...

WhatsApp Image 2026 01 09 at 12.13.46 PM

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසුව තවත් සුවිශේෂී අවස්ථාවකට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූයේය. ඒ කොළඹ වන් ගෝල්ෆේස් හී පුළුල් තිරයේ ප්‍රදර්ශනය කෙරුණු හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිෂ්පාදනයක් වූ ''සඳ දඩයම'' චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹීමටය. 

sada dadayama
611675115 1558919712093135 5702158401574466623 nභේදයකින් තොරව දේශපාලන නායකයින් කලාකරුවන්, මාධ්‍යවේදීන් රැසක් ඒ අවස්ථාවට සහභාගී වී සිටිම විශේෂයෙන් කැපී පෙනිනි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන, ඇමති හිනිදුම සුනිල් සෙනෙවි, මහාචාර්ය ජී. එල්. පීරිස්, දිලිත් ජයවීර, රවුෆ් හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද අමරවීර ඇතුළු දේශපාලනඥයින් රැසක් ඒ අතර සිටින ආකාරය හඳුනාගන්නට ලැබිණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චිත්‍රපටය ආරම්භ වී කෙටි වේලාවකින් පිටව ගියත් Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චිත්‍රපටය නරඹ අවසන් වීමෙන් පසුවත් එහි රැඳි සිටිමින් ආචාරය බන්දුල ගුණවර්ධන මහතා සමග පැමිණ සිටි කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිස සමග පිළිසඳරේ යෙදි සිටිනු දක්නට ලැබිණි.

 

607617034 25349348134748862 1848443124432457091 n
චිත්‍රපටයේ අධ්‍යක්ෂ අශෝක හඳගම මහතා සමගද අදහස් හුවමාරු කර ගැනීමටද රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත්තේය.

වජිර කියන්නේ නෙක්ස්ට් ලෙවල් පොලිටීශියන් කෙනෙක්...

මේ අතර එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු අතර සුහද හමුවක් පසුගිය අඟහරුවාදා කොළඹදී පැවැත්විණි.

රටේ ඉදිරි දේශපාලන ගමන් මග සහ ආර්ථික දිශානතිය සම්බන්ධයෙන් ඉතා හරවත් අදහස් හුවමාරුවක් මෙහිදී සිදුවිණි.

විශේෂයෙන්ම මේ සිදුවීම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සතුව ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන් එම ක්‍රියාකාරීන් වජිරව දැනුවත් කළ අතර වජිර ඊට හොඳ ප්‍රතිචාරයක් දැක්වීම පැමිණ සිටි ක්‍රියාකාරීන්ගේ අගය කිරීමට ලක්විණි.

එසේම ඔවුන්ට කුතුහලයක් ගෙන දෙන කාරණා ගණනාවක්ම වජිරගෙන් අසා නිරාකරණය කර ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබී තිබුණි.

 

42137100 826a 11f0 a34f 318be3fb0481.jpg
මීටත් අමතරව පසුගිය 2021 වසරේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුව නියෝජනය කර ජනාධිපතිධූරයට පත්වීම සම්බන්ධයෙන් බොහෝ රස මුසු තැන් මෙන්ම දේශපාලන කරුණු කාරණා ගණනාවක්ම වජිරගෙන් මේ පිරිසට දැනගන්නට ලැබිණි.

විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා වැටුණු රට බාරගෙන ඉන්ධන, ගෑස්, ගෙන්වා ගැනීමට රට තුළ ඩොලර් නැති අවස්ථාවේදී එය මනා ලෙස කළමණාකරනය කළ ආකාරය වජිර පැවසුවේ නව කතාවක කතාව ගලාගෙන යන ආකාරයටය.

කතාබහ ඉතාම රසවත් නිසා පැමිණ සිටි පිරිසද එකදු වචනයක් හෝ කතාබහ නොකොට එකිනෙකාගේ මුහුණ දිහා බලමින් නවකතාවක් රස විඳින ආකාරයට මේ දේශපාලන ගමන් මග රස විඳින්නට විය.

 

vajira 250430 696x464

“සර්, ඇත්තටම අපි මේ පළවෙනි වතාවට තමයි සර්ත් එක්ක මේ තරම් වෙලාවක් සුහදව කතා බහ කරන්න ලැබුණේ. සර් කියපු කරුණු කාරණා අනුව සර්ගේ තියෙන දැනුම ඇත්තටම අපට දැන් තමයි අවබෝධ වෙන්නේ. ඒ විතරක්ද රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති කරලා මේ රට ගොඩගැනීම ඇතැම් අයට ලෙහෙසි පහසු කාර්යයක් වගේ පෙනුනත් ඒක මොන තරම් විශ්ව කර්මයක්ද කියලා දැන් තමයි අපිට හරියට අවබෝධ වුණේ. බොහෝ අයට එලියේ ඉදන් විවිධ දේ කියමින් විවේචනය කරන්න පුලුවන්. නමුත් ඇත්තටම මේ දේවල් වෙන්නේ කොහොමද කියන එක ගැන කිසිම අවබෝධයක් නැති එකනේ ප්‍රශ්නේ.

එක් අයෙක් වජිරගේ මූණටම කියන්නට විය.

“ඒ විතරක්ද සර්, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනවා කියලා බොරු කියමින් සර්ට ගහන මඩ ප්‍රමාණය බලන්නකෝ. තවත් අයෙක් කීය.

“හැබැයි ඉතින් එක අතකට මේ අය සර්ට ගහන එකෙත් කුමන්ත්‍රණයක් නැතුවම නෙමෙයි. අපි දැන් අහපු කියපු කරුණු කාරණා එක්ක සර්ව මේ අය ටාර්ගට් කරන්නේ ලොකු හේතුවකට. මොකද සර් තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ළඟම කෙනා. ඒ වගේම එතුමාව ජනාධිපතිධූරය දක්වා ගෙන ඒමට ඔබතුමා කළ කාර්යභාරය දැන් අපිට කරුණු කාරණා ඇතිවම දැනගන්න ලැබුණා.

එහෙම බැලුවම ඉතින් රනිල්ට ගහන්න තියෙන තවත් එක විදිහක් තමයි වජිරට ගහන එක. ඒක ඉතින් පක්ෂයට පිටතින් වගේම පක්ෂය ඇතුළතිනුත් සිදුවෙනවා. ඒක තමයි කණගාටුව.” තවත් කෙනෙක් පවසන්නට විය.

 

wajira abe
“අපිට කවුරුත් මඩ ගහන එකෙන් වැඩක් නෑ. අපිට අවශ්‍ය කරන්නේ මේ රට සහ රටේ ජනතාව ආරක්ෂා කිරීම පමණයි. ඒක අපි එදත් කළා හෙටත් කරනවා. මේවා පිටිපස්සේ අපේ රටේ ජනතාව නොදැනුවත් උනාට ජාත්‍යන්තරය ඉන්න පුලුවන්. අපේ මහජනතාව ඒවා ගැන නොදැනුවත්ව ඇතැම් අවස්ථාවලදී ජාත්‍යන්තරයට අවශ්‍ය කරන විදිහට ඉන්නවා. කොහොම හරි කමක් නෑ, අවශ්‍ය වෙලාවට අපේ සහයෝගජය අපි දෙනවා.” වජිර මෙසේ කියමින් පැය දෙකකට අධික කාලයක් පැවැත්වුණු සහද සාකච්ඡාව නිමා කරන්නට සිදු වූයේ වජිරට වෙනත් කටයුත්තකට සහභාගී වීමට තිබුණු නිසාවෙනි. කෙසේ වෙතත් වජිර ඔවුන්ට සමුදෙමින් පැවසුවේ තවත් දිනයක මෙලෙස යළි මුණගැසෙමු යැයි පවසමිනි.

පැය දෙකකට පමණ පසු වජිර පිටව යෑමෙන් පසු තවත් සුළු වෙලාවක් රැඳි සිටි මෙම පිරිස වජිරගේ මාධ්‍ය ලේකම්වරයා සමග පවසා තිබුණේ,

“මේ ඉන්නේ අපි හිතන් හිටපු වජිර නෙමෙයි. සමාජ මාධ්‍ය ඇතුලේ බැලුවම අපි දකින්නේ වෙනම කෙනෙක්. ඒ උනාට මේ කතා බහ ඇතුලේ අපි නම් දැක්කේ එකම එක දෙයයි, වජිර කියන්නේ නෙක්ස්ට් ලෙවල් පොලිටීශියන් කෙනෙක්...”


(සටහන | මල් පාරේ ලියුම්කරු)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...