The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය : මහාචාර්ය ප්‍රසන්නට වැටුණු තොප්පිය

T

The Leader Desk

January 9, 2026 • 12:49 PM

සජිත්ගේ දේශපාලන සතිය : මහාචාර්ය ප්‍රසන්නට වැටුණු තොප්පිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කන්ටේනර් 309 පැන්නීමෙන් ඇරඹි මාලිමා ආණ්ඩුවේ චෝදනා පත්‍රය, මේ වසර ආරම්භය වනවිට, බාල ඖෂධ ගෙන්වීම, බාල ගල්අඟුරු ගෙන්වීමෙන් නොනැවතී මේ වනවිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ බාල මොඩියුල දක්වාම වර්ධනය වී අවසන්ය.
  • හිස්බුල්ලා, ෆයිසර් මුස්තාපා, දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් ද එක්ව සිටියේය.
  • තෙල් මිලට, විදුලි මිලට එරෙහිව වීදි බසින සජිත් : “ ශ්‍රී ලංකාව කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට පත් කරන බවත්, තෙල් මත පදනම් වූ විදුලි ජනනය වෙනුවට, අඩු මිල පුනර්ජනනීය බලශක්තියට යොමුවන බවත් කියපු ආණ්ඩුවට දැන් ඒවා අමතක වෙලාද?
  • කෝ අර බලයට පත්වූ වහාම 33% අඩුකරනවා කිව්ව විදුලි බිල.
අකුරු ප්‍රමාණය (Font Size):


වයිට් පේපරේට හිනා වුන හරිනිට ලැබුන උත්තර දීගන්න බැරි පේපර් එක :

මාලිමා ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ළමා මනසට නුසුදුසු දෑ මෙන්ම, විෂය කරුණු සම්බන්ධයෙන් වැරදි රාශියක් පැවතීම හේතුවෙන් සහ ඒ සම්බන්ධයෙන් විධිමත්ව කටයුතු නොකිරීම මූලික කරගනිමින් අධ්‍යාපන අමාත්‍යවරිය වන හරිනි අමරසූරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අත්සන් කිරීම (07) වනදා ආරම්භ වුණේ, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදීය.

 

WhatsApp Image 2026 01 09 at 5.21.14 PM
මේ අධ්‍යාපන ප්‍රශ්ණය වගේම, විගණකාධිපතිධූරට සුදුස්සෙකු පත් නොකරමින් තම මිතුරෙකුට ඒ තනතුර පිරිනමන්නට ජනාධිපති අනුර කුමාර ගහන ගේම් එක ගැනත් සාකච්ජා කරන්නට විපක්ෂ නායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ මන්ත්‍රීවරුන් රැස්වී සාකච්ජා කර තිබුණේ අඟහරුවාද සවසය.

එහිදී විපක්ෂ නායක සජිත් මතු කළ ප්‍රධාන කාරණයක් වී තිබුණේ, ලක්ෂ ගණනක දරු පරපුර වෙනුවෙන් හඳුන්වා දෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පාර්ලිමේන්තුවෙන් සහ අධ්‍යාපන කේෂ්ත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සැඟවූයේ ඇයිද යන්න අනාවරණය කරගත යුතු බවය.

“ මතකද? අපි ජූලි මාසයේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන විවාදයක් ඉල්ලපු වෙලාවේ ධවල පත්‍රිකාව ගැන අපි ප්‍රශ්ණ කළාම හරිනි අගමැතිතුමියගෙයි, සභානායක බිමල් ඇමතිතුමාගෙයි හැසිරීම, වයිට් නැත්නම් ඕන පාටකින් ප්‍රින්ට් කරලා දෙන්නම් කියලා අපිට විහිළු කළා. අපි ඒක ඉල්ලුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කරන්න නෙමෙයි නේ. අපිට ඕන වුනේ මේ සංකල්පය සහ මේකේ අන්තර්ගතය දැනගන්න, ඒකත් එදා අපෙන් හැංගුවා, අද මොකක්ද වෙලා තියෙන්නේ, ආණ්ඩුවම තමයි පාර්ලිමේන්තුවටත් හංගලා මේක කරන්න ගියේ, අද ඒක එයාලටම පාරා වලල්ලක් වෙලා”

සජිත් එහෙම කියද්දී, මන්ත්‍රී අජිත් පී. පෙරේරා තවත් වැදගත් කාරණයක් මතු කළේය, “මේක ඇත්තටම අපරාදමය වරදක්, බලන්න 6 වසරේ දරුවන්ට බලෙන්, එයාලගේ ළමා මනසට නුසුදුසු දර්ශන තියෙන සමාජ ජාලාවල ප්‍රවේශ වෙන්න නැඹුරු කිරීමක් මේකෙන් සිද්ධ වෙනවා”

 

WhatsApp Image 2026 01 09 at 5.21.26 PMවයිට් පේපරේට හිනා වුන හරිනිට ලැබුන උත්තර දීගන්න බැරි පේපර් එක
“ ඇත්තටම මේක මේ හරිනිගේ පුද්ගලික දෙයකට ලගු කරන්න හදනවා කියලා පැලවත්තෙන් ලොකු කැම්පේන් එකක් හදනවා. ඒක නෙමෙයි ප්‍රශ්ණය, මේ කඩිමුඩියේ ගෙනාපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුලේ එක පැත්තකින් දරුවන්ට නුසුදුසු දේවල්වලට පොළඹවනවා වගේම, මේ මොඩියුල හැම එකකම වගේ විවිධ දෝෂ තියෙනවා, මට සරසවි ආචාර්යවරුන් කිහිප දෙනෙකුම කතා කරලා කිව්වා, තවත් මොඩියුල කිහිපයකම තියෙන යූ ටියුබ් ලිංක්ස් යන්නේ විවිධ පුද්ගලික යූ ටියුබ්වලට කියලා. මේවායේ ඵලකරන දේවල් රජය නියාමනය කරනවද? මොනිටර් කරනවද? මේක අනාගතයේදී තවත් බරපතල ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්. ඒ වගේම මේ ගොඩක් පොත්වල භාෂා වැරදි, අක්ෂර වින්‍යාසයේ වැරදි තියෙනවා කියලත් අධ්‍යාපන ක්ෂ්ත්‍රයට සම්බන්ධ අය කියනවා. මේක අපේ දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියටම ලොකු බලපෑමක් වෙන්න පුලුවන්. අනිත් එක මේ සමාජ ජාලා පරිශීලනය කරන්න දරුවන්ට පරිගණක පහසුකම් නැති ඉස්කෝල කොච්චර තියෙනවද? අපේ රටට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයයි, ඒත් රටේ හැම දරුවෙකුටම ඒකේ ප්‍රතිලාභ යන්න ඕන. මේකෙන් ගමේ පහසුකම් අඩු දරුවෝ කොන්වීමක් අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා, නගරයේ පහසුකම් ඇති දරුවට අවස්ථා හිමිවෙන්නත්, නගරයේ පහසුකම් අඩු දරවන්ට අවස්ථා අහිමි වෙන්නත් බෑ.”

 

WhatsApp Image 2026 01 09 at 5.23.37 PMවිපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම

සජිත් එහෙම කියද්දී, මුජිබර් මන්ත්‍රීවරයා කිව්වේ, නායකතුමා, ඔබතුමාගේ සක්වල ගැන දැන් තමයි ඔන්න මිනිස්සුන්ට දැනෙන්න ගන්නේ, අපි ස්මාට් පන්තිකාමර දෙන ගමන් තමයි ස්මාට් එඩියුකේෂන් පටන් ගන්න සැලසුම් හදන්න කතා කළේ, ඒකවත් ක්‍රියාත්මක කරන්න නොදීපු ආණ්ඩුව අද කිසිම පාසැලකට ස්මාට් පන්තිකාමරයක්වත් නොදී, ස්මාට් අධ්‍යාපනය ගැන කතා, කර, කර මොඩියුල වල යූ ටියුබ් දානවා, ඒවා බලන්න බැරි දරුවෝ වැඩිදුර අධ්‍යාපනය ලබන්නේ කොහොමද? මේ ප්‍රතිසංස්කරණ එහෙම්පිටින්ම අච්චාරුවක්”

එහෙම අදහස් හා මතවාද අස්සේ පැයකට ආසන්න කාලයක් ගියපු විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ජාවට ගයන්ත,හර්ෂ, රංජිත්, අජිත් පී. වගේ සජබයේ ජේ්‍යෂ්ඨ වගේම විපක්ෂයේ සෙසු පක්ෂ නියෝජිතයින් වන මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, රවී කරුණානායක, පී. සත්‍යලිංගම්, වී රාධාක්‍රිෂ්ණන්, චාමර සම්පත්, ඩී. වී. චානක, නිසාම් කාරියප්පර්, ඒ.එල්.එම්. හිස්බුල්ලා, ෆයිසර් මුස්තාපා, දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් ද එක්ව සිටියේය.

සජිත් ලෝක උදාහරණ සහිතව පැහැදිලි කළ ළමා ආරක්ෂාව :

WhatsApp Image 2026 01 09 at 5.21.40 PMසජිත් උදාහරණ සහිතව පැහැදිලි කළ ළමා ආරක්ෂාව
ලොව බොහෝ රටවල දරුවන්ට අන්තර්ජාල භාවිතයේදී ඇති ආරක්ෂිත පියවරයන් අපේ රටේ දරුවන් වෙනුවෙනුත් ක්‍රියාවට නැංවීම ආණ්ඩුවක වගකීමක් බවත්, එසේ නොමැතිව විවිධ සමාජ මාධ්‍ය ජාලාවලට දරුවන්ට ප්‍රවේශවීමට මොඩියුල ඔස්සේම උත්තේජනය ලබාදීම, සමාජය තුළ තවත් ගැටළුවක් නිර්මාණය කිරීමක් විය හැකි බවත්, සජිත් අවධාරණය කළේය.

ඒ, මීරිගම මිණිඔලුව ශ්‍රී විද්‍යාවාස මහා පිරිවෙනේ, කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී පූජ්‍ය කඩදොරපිටියේ සුමන හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදෙමින්ය.

තෙල් මිලට, විදුලි මිලට එරෙහිව වීදි බසින සජිත් :

“ ශ්‍රී ලංකාව කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට පත් කරන බවත්, තෙල් මත පදනම් වූ විදුලි ජනනය වෙනුවට, අඩු මිල පුනර්ජනනීය බලශක්තියට යොමුවන බවත් කියපු ආණ්ඩුවට දැන් ඒවා අමතක වෙලාද? කෝ අර බලයට පත්වූ වහාම 33% අඩුකරනවා කිව්ව විදුලි බිල. දැන් සුළි කුණාටුවෙන් පීඩා විදින ජනතාවට තෙල් මිලත් වැඩි කරලා, ඉදිරියේදී විදුලි බිල 11.57% වැඩි කරන්න තමයි ආණ්ඩුව හදන්නේ, අපි මේකට විරුද්ධයි, ජනතාව මෙහෙම පීඩාවට පත් කරන්න එපා”

WhatsApp Image 2026 01 09 at 5.22.29 PMතෙල් මිලට, විදුලි මිලට එරෙහිව වීදි බසින සජිත්
විපක්ෂ නායක සජිත් මේ විදහට ටිකක් කෝපයෙන් කතා කළේ 07 වනදා පාර්ලිමේන්තුවේදී 27/2 ප්‍රශ්ණයක් යොමු කරමින්ය.

ඒ කතාවෙන් පසු විපක්ෂ නායක කාර්යාලයට ගොස් පක්ෂ ක්‍රියාකාරිකයින් පිරිසක් සහ වෘත්තීය සමිති සාමාජිකයින් පිරිසක් වට්ස්අප් මාර්ගයෙන් සම්බන්ධ කරගත් සජිත්, කඩිනමින් රටපුරා විරෝධතා මාලාවක් සංවිධානය කරන ලෙස උපදෙස් දුන්නේ, ඉන්ධන මිල වැඩි කිරීමට සහ යෝජිත විදුලි ගාස්තු වැඩි කිරීමට විරෝධය දැක්වීමටය.

මන්ත්‍රී කාවින්දගෙන් සජිත්ට ස්තුතියක් :

පසුගිය බදාදා සමගි ජන බලවේග මූලස්ථානයේ පැවති දෛනික මාධ්‍ය හමුවට වාඩිවුනේ, මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධනය.

එහිදී එක්තරා පුද්ගලික මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියකු කාවින්දගෙන් විමසා සිටියේ, සජබ - එජාප එක්වීම කිසි දිනෙක සිදු නොවන්නක් නේද? කියාය.

ඒ ගැන සිනාමුසු මුහුණින් අසාසිටි කාවින්ද  මන්ත්‍රීවරයා…

WhatsApp Image 2026 01 09 at 5.22.42 PMමන්ත්‍රී කාවින්දගෙන් සජිත්ට ස්තුතියක්
“ සමගි ජනබලවේගය ප්‍රතිපත්තිගරුක පක්ෂයක්. ඒ අනුව පාක්ෂිකයින්ගේ ඉල්ලිම්වලට ගරු කරමින් තමයි අපි වැඩ කරන්නේ, ඒ අනුව සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක් විය යුතු බවට පක්ෂ දෙකේම පාක්ෂියන්ගේ ඉල්ලිමක් තියෙනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කිරීමේ අවකාශය අපේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ලඩලය කටයුතු කළා. ඊට පක්ෂයක් ලෙස අපි පුර්ණ ආශිර්වාදය ලබාදුන්නා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් පිරිසක් සමඟ සජිත් ප්‍රේමදාස මහතා සාකච්ජා කරලා ධනාත්මකව ඉදිරි කටයුතු සඳහා යොමුවීමට කටයුතු කර තිබෙනවා. එම අවකාශය නිර්මාණය කරපු සජිත් ප්‍රේමදාස මහතාට අපි ස්තුතිවන්ත වෙනවා. අද යූ.එන්.පී. කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙනවා, අපි 13 රැස්වෙනවා, ඉන් පස්සේ ඉදිරි සම්මුති ටිකත් සිද්ධ වේවි, බයවෙන්න එපා අපි අනිවාර්යෙන්ම එකතු වෙනවා.”

ඉන්පසුව ඉදිරි නායකත්වය ගැනත්, විවිධ පාර්ශව විවිධ අවස්ථාවල කියූ කතා ගැනත් ඒ මාධ්‍යවේදියා නොනවත්වා ප්‍රශ්ණ කරන්නට විය.

ඒවාටත් කල්පනාකාරීව පිළිතුරු දුන් කාවින්ද මන්ත්‍රීවරයා මාධ්‍ය හමුව අවසන්වී සෙසු මාධ්‍යවේදීන්ට අතට අත දෙමින් පැමිණ, අදාළ මාධ්‍යවේදියාගේ අතින් අල්ලන ගමන් කිව්වේ, “ මම දැනගත්තා මල්ලිට ඕන කට්එක මගෙන් ආවේ නෑ කියලා. ඔහොම යමු මල්ලී” කියමින් පිටට තට්ටුවකුත් දමා පිටව ගියේය.

මහාචාර්ය ප්‍රසන්නට වැටුණු තොප්පිය

WhatsApp Image 2026 01 09 at 5.23.03 PMමහාචාර්ය ප්‍රසන්නට වැටුණු තොප්පිය
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරාත් සජබයයි - යුන්පීයයි එකමුතුවක් ගැන කලක සිට සිහින මැවූ විද්වතකු විය.

පහුගිය 30 වෙනිදා සිදුවූ අලි - සජබ සාකච්ජාව ගැන සතුටට පත්වී ඔහු සජිත්ට දුරකථන ඇමතුමක් ගෙන තිබුණේ සුබ පතන්නටය.

“congratulations leder" කියමින් මහාචාර්යවරයා සුබ පතද්දි, සජිත් කියා තිබුණේ, දැන් එකමුතුව සිද්ධවේවි, ඒ අතරෙම මේ රටේ ආර්ථිකයට වෙලා තියෙන දේ ගැන කතා කරන්න ඔබතුමාලටත් වගකීමක් තියෙනවා. ඔබතුමාට පුළුවන්නේ අපේ මාධ්‍ය හමුවලට සහභාගීවෙලා මේ ආපදා තත්ත්වයත් එක්ක රටේ වෙනස් වීමට ලක්වෙච්ච ආර්ථික තත්ත්වය ගැන කතා කරන්න”

 

WhatsApp Image 2026 01 09 at 5.23.21 PM
එහි අවසාන ප්‍රතිඵලය වී තිබුණේ මහාචාර්ය ප්‍රසන්න සඳුදා (05) මාධ්‍ය හමුවට පැමිණිමය.

‘‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති එකඟතාවයන් සංශෝධනය කර ගැනීම ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියන කරුණු ඉතාම වැදගත්, ලෝක බැංකු දත්ත අනුව 2025 දී ශ්‍රී ලංකාවේ දරිද්‍රතා රේඛාවට පහලින් ඉන්න ප්‍රමාණය 22.4% ක්. ලෝක බැංකුව පුරෝකථනය කරනවා, 2027 දී අපේ රටේ අන්ත දුක්ඛිත දරිද්‍රතාවය 20% කට වඩා වැඩිවෙයි කියලා. මේක බරපතල තත්ත්වයක්. ඒත් ලෝක බැංකුව මේ දරිද්‍රතා දර්ශක පිළියෙළ කර තිබුණේ දිට්වා සුළි කුණාටුව පෙර. ආපදාවෙන් රටට වෙච්ච පාඩුව ඩොලර් බිලියන 4.1 ක් කියලා ලෝක බැංකුව කියනවා. විශේෂයෙන්ම මිලියන 2 ක ජනතාවක් ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වෙලා. ඒ ප්‍රමාණය පවුල් ලක්ෂ 5ක්. දරිද්‍රතා රේඛාවේ සිටි පුද්ගලයකුට 2021 දී මාසයකට රුපියල් 8000 යි අවශ්‍ය වුණේ, අද ඒ මුදල රුපියල් 16,000 දක්වා දෙගුණයකින් වැඩි වෙලා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේකයි කියන්නේ IMF සමඟ යළිත් සාකච්ජා ආරම්භ කරන්න, ජනතාවට පීඩාකාරී එකඟතා යළි සමාලෝචනය කරන්න කියලා. මේ සම්බන්ධවම ලෝකයේ පිළිගන්නා සංවර්ධන ආර්ථික විද්‍යාඥයින්  120 ක් ලිපියක් ඵල කරලා තිබුනා. අපි දැක්කා මාධ්‍ය බෙහොමටක් ඒක වාර්තා කරලා තිබුනා. ඔවුන් කියන්නෙත් නැවත ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියක් ආරම්භ කළ යුතු බව, නමුත් මේ ගැන ආණ්ඩුවේ මතය තවමත් ප්‍රකාශ නොකිරීම බරපතල තත්ත්වයක්. ලෝකබැංකු දත්තවල බරපතලකම තේරුම් අරන් එයාලගේ නිවුන් සහෝදරයා වෙච්ච IMF එක්ක සාකච්ජා කිරීම ආණ්ඩුව සිදුකළ යුතුමයි”

මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මාධ්‍ය හමුවේ දැඩිව සජිත් ප්‍රේමදාසයේ මතය නිවැරදි බව තහවුරු කළේය.

(මම | බංගලා හංදියේ ලියුම්කරු)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සජිත්ගේ දේශපාලන සතිය : මහාචාර්ය ප්‍රසන්නට වැටුණු තොප්පිය | The Leader