The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
විශේෂාංග

අප රටේ බොහොමයක් අගය නොකළ මහා සත්ව හිමිකම් ක්‍රියාකාරිනිය බ්‍රිජිට් බාර්ඩෝ

T

The Leader Desk

January 10, 2026 • 6:46 AM

අප රටේ බොහොමයක් අගය නොකළ මහා සත්ව හිමිකම් ක්‍රියාකාරිනිය බ්‍රිජිට් බාර්ඩෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 1950 දශකයේ සිට ලෝක සිනමාවේ විප්ලවීය පරිවර්තනයක් සිදු කළ ප්‍රංශ සිනමා පුරාවෘත්තයක් වන බ්‍රිජිට් බාර්ඩෝ (Brigitte Bardot) ගේ අවමංගල්‍ය උත්සවය පැවැති ඉකුත් ජනවාරි 07 වන දා ප්‍රංශයේ සෙන්ට්-ට්‍රොපේස්හි (Saint-Tropez) වීදිවල දස දහස් ගණන් ජනතාව පෙළ ගැසී සිටියහ.
  •   1950 ගණන්වල ප්‍රංශ සිනමාවේ විප්ලවීය වෙනසක් සිදු කරමින් ලිංගික විමුක්තියේ සංකේතයක් බවට පත් වූ බාර්ඩෝ, පසුගිය නත්තලට දින තුනකට පසු එනම් දෙසැම්බර් 28 වන දා වයස අවුරුදු 91 දී මිය ගියා ය.
  • මරණයට හේතුව පිළිකාවක් බව අනාවරණය විය.
  • සිය මරණය ඉතා ආසන්න බව දැන සිටි බාර්ඩෝ තම අවමංගල්‍යය උත්සවශ්‍රීයෙන් සේම ප්‍රදර්ශනාත්මක බවින් තොරව සිදු කරන ලෙස උපදෙස් දී තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ ප්‍රාදේශීය දේවස්ථානයක පැවැති දේව මෙහෙයකින් පසු ඇගේ දේහය සහිත දෙන ප්‍රංශයේ රිවීරා (Riviera) නගරය හරහා රැගෙන යන අතරේ ඇයට සදහටම සමුදීමට ය. ඒ අනුව වීදි දෙපස රැස්ව සිටි ශෝකී මුහුණු වලින් හා නෙත් රැඳි කඳුළු බිඳු වලින් යුතු දහස් ගණන් පිරිස් සන්සුන් රිද්මයකින් අත්පොළසන් දෙමින් ඇයට සදහටම සමු දෙනු දක්නට ලැබුණි. ඇය පිළිබඳ දේව මෙහෙයට සහභාගී වූ අමුත්තන් අතර දක්ෂිණාංශික දේශපාලන නායිකාවක වන මැරීන් ලෙ පෙන් (Marine Le Pen) සහ බාර්ඩෝ මෙන් සත්ව හිමිකම් හා අයිතිවාසිකම් ආරක්ෂා කරන්නියක වන සමානාත්මතා අමාත්‍ය ඕරෝර් බර්ගේ (Aurore Bergé) ද වූහ. පසුව බ්‍රිජිට් බාර්ඩෝගේ දේහය මධ්‍යධරණී මුහුදට ඉහළින් පිහිටි නිසංසල කඳු බෑවුමක සුසාන භූමියක තැන්පත් කරන ලදී.

 



1950 ගණන්වල ප්‍රංශ සිනමාවේ විප්ලවීය වෙනසක් සිදු කරමින් ලිංගික විමුක්තියේ සංකේතයක් බවට පත් වූ බාර්ඩෝ, පසුගිය නත්තලට දින තුනකට පසු එනම් දෙසැම්බර් 28 වන දා වයස අවුරුදු 91 දී මිය ගියා ය. මරණයට හේතුව පිළිකාවක් බව අනාවරණය විය.

සිය මරණය ඉතා ආසන්න බව දැන සිටි බාර්ඩෝ තම අවමංගල්‍යය උත්සවශ්‍රීයෙන් සේම ප්‍රදර්ශනාත්මක බවින් තොරව සිදු කරන ලෙස උපදෙස් දී තිබුණි. ඒ අනුව ඇය අපේක්ෂා කරන ලද්දේ අතිශය චාම් නිහඬ අවමඟුලකි. නමුත් ශාන්ත-ට්‍රොපෙස්හි ජනතාව බදාදා ඇයට එලෙස “නිකම්ම” සමුදීමට කැමති නොවූහ. ඇයට සදහටම සමුදීමට පැමිණි ප්‍රංශ සම්භාවනීයන් හෙවත් ජෙට් කට්ටලය (Jet Set) සඳහා ක්‍රීඩා පිටියක් බවට පත්ව තිබූ සෙන්ට්-ට්‍රොපෙස්හි නගරයේ කොටසක තිර සකස් කරන ලදී.

brado funaralබාඩෝ ගේ අවමඟුල
බ්‍රිජිට් බාර්ඩෝගේ දෙමාපියන් සහ පළමු සැමියා වන රොජර් වඩීම් (Roger Vadim) තැන්පත් කර ඇති සුසාන භූමියට ඇයව රැගෙන යන ලද්දේ එය ඇගේ සදාතනික සාමයේ සැතපීමට සුදුසුම දනව්ව වූ බැවිනි. එසේ ගිය පිරිස අතර ඇගේ එකම පුත් නිකොලස්-ජැක් චාරියර් (Nicolas-Jacques Charrier) ද විය. ඇගේ මරණයෙන් පසු, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් (Emmanuel Macron) පැවසුවේ ජාතිය ඇය “සියවසේ පුරාවෘත්තයක්” ගැන ශෝක වන බවකි.

 

bardo26බාඩෝ ගේ එකම පුත් නිකොලස් ජැක් වාරියර් අවමඟුල් අවස්ථාවේ දී
1950 දශකයේ සිට මෙම සුරූපී සිනමා නිරූපිකාව ඇගේ නමේ මුල් අකුරු වලින් “බී බී” (B.B.) ලෙසින් ඇගේ මව් රටේ ප්‍රසිද්ධියට පත් වූ අතර, බ්‍රිජිට් බාර්ඩෝ අනුරාගයේ ප්‍රතිමූර්තියක් ලෙස ලොව පුරා ප්‍රකට කරමින් 1956 තිරගත වූ And God Created Woman (තව ද දෙවියන් වහන්සේ ගැහැනිය මැවූ සේක) ඇතුළු චිත්‍රපට 50 කට ආසන්න සංඛ්‍යාවක රඟපෑ නමුත්, 1973 දී ඇය තම සිනමා ජීවිතයෙන් මුළුමනින් සමුගත්තා ය. ඒ සත්ව හිමිකම් හා සුභසාධනය උදෙසා තම ඉදිරි ජීවිතය මුළුමනින්ම කැප කිරීමට ය. ඒ අනුව ඇගේ නිළි භූමිකාව වසර දාහතකට සීමා වන අතර, ඉන් අනතුරුව ඇය පිවිසි සත්ව හිමිකම් හා සුබ සාධන භූමිකාව එතැන් සිට ඇගේ මරණය දක්වා වූ වසර පනස් දෙකක දීර්ඝ කාල පරාසයක් දක්වා පැතිර තිබිණි. ලොව පුරා සත්ව හිමිකම් උදෙසා බ්‍රිජිට් බාර්ඩෝගෙන් ඉටු වූ ප්‍රධාන දායකත්වයන් ගෝලීය මට්ටම තෙක් පැතිර ගිය අතර, ඉන් තමන් අපේක්ෂිත ප්‍රතිඵල බොහොමයක් නෙලා ගැනීමට ඇය සමත් වූවා ය.

 

bardo24And God Created Woman චිත්‍රපටය

බ්‍රිජිට් බාර්ඩෝගේ මෙම උදාර කටයුත්තේ වඩාත්ම කැපී පෙනෙන ජයග්‍රහණයක් වන්නේ කැනඩාවේ සීල් පැටවුන් දඩයම් කිරීමට එරෙහිව ගෙන ගිය සටනයි. 1977 දී ඇය අයිස් තට්ටු මත සිටින සීල් පැටවෙකු වැළඳගෙන සිටින ඡායාරූපය ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සීල් සතුන්ගෙන් ලබාගන්නා නිෂ්පාදන ආනයනය තහනම් කිරීමට යුරෝපා සංගමය තීරණය කොට තිබිණි.

එමෙන්ම තම ජීවිතයේ විජයග්‍රාහී ඡායාරූපය ලෙස එය නම් කොට තිබූ, එම ඡායාරූපය තම සොහොන් ගැබ අසල තබන ලෙස බ්‍රිජිට් බාර්ඩෝ කළ ඉල්ලීම ද එලෙසින්ම ඉටු වී තිබිණි. ඒ අතර විලාසිතා ලෝකයේ ප්‍රධාන අංගයක් වූ සත්ව ලොම් භාවිතය මිනිස් සදාචාරයට පටහැනි බව ඇය ලොවට පෙන්වා දුන් අතර, ප්‍රමුඛ පෙළේ විලාසිතා නිර්මාණකරුවන්ට සත්ව ලොම් වෙනුවට කෘත්‍රිම විකල්ප භාවිතා කිරීමට ඇය නිරන්තරයෙන් බලපෑම් කළා ය. ඇයගේ දැඩි විරෝධය නිසා ඇඟැළුම් නිෂ්පාදකයන් බොහොමයක් ඇයට එරෙහි වූවත්, වර්තමානයේ බොහෝ සුපිරි විලාසිතා සන්නාම (Brands) සත්ව ලොම් භාවිතයෙන් ඉවත් වී ඇත.

 

brado seelබාඩෝ 1977 දී සීල් සතකු සමඟ ගත් ලෝක ප්‍රකට සේයාරුව
ඒ අතරේ සිනමා ජීවිතයෙන් සමුගැනීමෙන් පසු, බ්‍රිජිට් බාර්ඩෝ සතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සඳහා “බ්‍රිජිට් බාර්ඩෝ පදනම” (Fondation Brigitte Bardot) ආරම්භ කළාය. 1986 දී ඇය මෙම පදනම පිහිටුවූයේ තනි පුද්ගල සටනක් සංවිධානාත්මක වැඩපිළිවෙළක් බවට පත් කිරීමටයි. පදනමට අවශ්‍ය මූලික අරමුදල් සොයා ගැනීම සඳහා ඇය තමා සතු වටිනා ආභරණ සහ පුද්ගලික භාණ්ඩ පවා වෙන්දේසි කළා ය. 1992 දී ප්‍රංශ රජය විසින් මෙය පොදු ප්‍රයෝජනය සඳහා වූ පදනමක් (Public Utility Foundation) ලෙස පිළිගන්නා ලදී.

මේ අතර මෙම සත්ව හිමිකම් සම්බන්ධයෙන් කළ ඇතැම් ප්‍රකාශ වල නීති විරෝධී භාවය නිසා ප්‍රංශ අධිකරණය මඟින් ඇයට පස් වතාවක්ම දඩ නියම කරන ලදී. ඒ වෛරී ප්‍රකාශ (Hate Speech) යන චෝදනාව මත ය. විශේෂයෙන් ඉස්ලාම් භක්තිකයන් විසින් කරනු ලබන ආගමානුකූල සත්ව ඝාතන වලට නිරතුරුව එරෙහි වූ ඇය වරක් කියා සිටියේ “සත්තු මගේ දරුවෝ, මගේ දරුවන්ට මුකුත් කරන්න කාටවත්ම ඉඩ දෙන්න බෑ” යනුවෙනි. ඒ අනුව මෙය හුදු ආගමික විරෝධයක් නොවන බව වටහා ගැනීමට 2013 වසරේදී ඇති වූ මෙම සිදුවීම කදිම නිදසුනකි.

 

brado7බාඩෝ නිසා දිවි රැකුණු අලි දෙදෙනා
brado9ප්‍රංශයේ ලියොන් (Lyon) නගරයේ සත්වෝද්‍යානයක සිටි ‘බේබි’ (Baby) සහ ‘නේපෝල්’ (Nepal) නම් ඇතුන් දෙදෙනෙකුට ක්ෂය රෝගය වැළඳී ඇති බවට සැක කිරීම නිසා ඔවුන්ව මරා දැමීමට (Euthanasia) ප්‍රංශ බලධාරීන් තීරණය කර තිබුණි. ඊට එරෙහිව සත්ව හිමිකම් ක්‍රියාධරයන් හඬ නැඟුව ද ප්‍රංශ රජය ඒ සම්බන්ධයෙන් දක්වන ලද්දේ ඇල් මැරුණු ප්‍රතිචාරයකි. එහි දී ප්‍රංශ රජය එම ඇතුන් දෙදෙනා මරා දැමීමට කටයුතු කළහොත් තමන් ප්‍රංශය අතහැර රුසියානු පුරවැසිභාවය ලබා ගන්නා බව බ්‍රිජිට් බාර්ඩෝ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමඟ එය ලෝක ප්‍රවෘත්තියක් බවට පත් විය. එහි දී ඇය ප්‍රංශය යනු “සතුන්ගේ සුසාන භූමියක්” ලෙස හඳුන්වා දුන් අතර, එය ද ජාත්‍යන්තරයට ගියේ ය. එම කාලවකවානුවේදීම තවත් සුපිරි ප්‍රංශ නළු ජෙරාඩ් ඩිපාර්ඩියෝ (Gérard Depardieu) ප්‍රංශයේ අධික බදු ප්‍රතිපත්තියට විරෝධය පා රුසියානු පුරවැසිභාවය ලබාගෙන තිබුණි.

බාර්ඩෝ සිය තර්ජනය එල්ල කළේ තමන් ද එම ආදර්ශය අනුගමනය කරන බව පවසමිනි. කෙසේ වෙතත්, පසුව එමඟින් එම ඇතුන් දෙදෙනාගේ ජීවිත බේරා ගැනීමට හැකි වූ අතර, බාර්ඩෝ දිගටම ප්‍රංශයේම රැඳී සිටියා ය. මේ අතර බ්‍රිජිට් බාර්ඩෝ පදනම ආරම්භ කිරීමෙන් පසු තම කාර්ය භාරය වඩාත් විධිමත් හා ශක්තිමත් කළ ඇය ආසියාවේ සුනඛ මස් වෙළඳාම නැවැත්වීමටත්, අප්‍රිකාවේ වන අලින් ආරක්ෂා කිරීමටත් මෙම පදනම මඟින් මූල්‍ය සහ තාක්ෂණික සහය ලබා දීම අරඹා තිබේ.

bardo28 බ්‍රිජිට් බාඩෝ පදනමේ ලාංඡනය

brado2විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල වීදි සුනඛයන් සහ බළලුන් මරා දැමීම වෙනුවට, ඔවුන් වන්ධ්‍යාකරණය (Sterilization) සහ එන්නත් කිරීමේ වැදගත්කම ඇය ලෝකයට හඳුන්වා දුන්නා ය. ඇය පවසන්නේ “මරා දැමීම විසඳුමක් නොවන” බවකි. ඒ අතරේ ඇය තම පදනම මඟින් ලෝක නායකයන් වෙත සෘජුවම ලිපි ලියමින් සහ සාකච්ඡා කරමින් සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටි අතර, විද්‍යාත්මක පර්යේෂණ සඳහා සතුන් යොදා ගැනීමට එරෙහි වීම, ගොවිපළ සතුන් ප්‍රවාහනය කිරීමේදී සහ මරා දැමීමේදී සිදුවන අමානුෂික ක්‍රියා නතර කිරීමට නීති සම්පාදනය කිරීම ඇය ලත් විශිෂ්ඨ ජයග්‍රහණ විය. 

බ්‍රිජිට් බාර්ඩෝගේ මෙම පදනම මේ වන විට ප්‍රංශයේ පමණක් නොව ලොව පුරා රටවල් 70කට අධික සංඛ්‍යාවක ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි. පදනම සතුන් සඳහා නවාතැන්පොළවල් (Animal Shelters) කිහිපයක් පවත්වාගෙන යන අතර, වඳවී යන සතුන් ආරක්ෂා කිරීමට ද සහාය වේ. එමෙන්ම මෙම පදනමේ ක්‍රියාකාරීත්වය තම මරණයෙන් පසු ද එලෙසම ක්‍රියාත්මක විය යුතු බව පවසමින් ඒ සඳහා අවශ්‍ය සියළු කටයුතු සම්පාදනය කිරීම ද ඇගේ චරිතයේ අති උදාරත්වය හෙළිකරවන්නකි.

brado1
brado4“මම මගේ තරුණ කාලය සහ රූපය පිරිමින්ට ලබා දුන්නා. දැන් මම මගේ ප්‍රඥාව සහ පළපුරුද්ද සතුන්ට ලබා දෙනවා.” මෙම සත්ව හිමිකම් හා සුබසාධන ක්‍රියා මාර්ගයට අවතීර්ණ වීමෙන් පසු කළ මෙම ප්‍රකාශය මඟින් අපේ රට තුළ කෙසේ වෙතත්, ගෝලීය වශයෙන් දිනෙන් දින ප්‍රවර්ධනය වන සත්ව හිමිකම් සහ සුබ සාධන ක්‍රියාන්විතයන් හමුවේ ඒ සඳහා තම දිවියෙන් අඩකටත් වඩා කැප කළ බ්‍රිජිට් බාර්ඩෝ නාමය කෙසේ වත් සුළු කොට තැකිය නොහැක. 
නමුත් ඒ සම්බන්ධ තවත් ශෝචනීය තත්වයක් වනුයේ සතුන් ගේ ජීවත්වීම සම්බන්ධයෙන් ඇය කළ මෙම උදාරතර මෙහෙවර අප සමාජයේ සත්ව ලෝලීන් වෙතින් නිසි අගැයුමට ලක් නොවීම ය. එහෙත් එක් අතකට ඒ සඳහා ඔබ හෝ මා ළත විය යුතු ද නැත. ඒ එම කාරිය සඳහා මෙතැන් සිට සදා කාලය තෙක් බොහෝ ඉඩ ප්‍රස්ථා ඇති බැවිනි.

Screenshot 2024 12 25 at 10.13.44 copy 1
(සටහන | රීටා ජෙනට් පෙරේරා)

madampagereetajenet@gmail.com

උපුටා ගැනීම - vinivida

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අප රටේ බොහොමයක් අගය නොකළ මහා සත්ව හිමිකම් ක්‍රියාකාරිනිය බ්‍රිජිට් බාර්ඩෝ | The Leader