The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
විශේෂාංග

භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ වොෂින්ටන් සාම පා ගමනට එක්වූ ආලෝකාට මොකද වුණේ?

T

The Leader Desk

January 14, 2026 • 8:04 AM

භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ වොෂින්ටන් සාම පා ගමනට එක්වූ ආලෝකාට මොකද වුණේ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සැතපුම් දහස් ගණනක් පුරා සාම පාගමනේ නිරත බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමගින් ගමනේ යන ලොවක් ආදරය කරන ‘ආලෝක’ට සිදුකළ පාදයේ සැත්කම සාර්ථක වී තිබේ.
  •   මෙම සැත්කම සඳහා මුලින් පැය 2ක් හෝ 3ක් ගතවනු ඇතැයි අනුමාන කර තිබු නමුත් එය පැයක් වැනි කෙටි කාලයකින් අවසන් කිරීමට වෛද්‍ය කණ්ඩායම සමත් වී ඇත.
  • මේ වන විට අලෝක දැඩි වෛද්‍ය අවධානය යටතේ විවේක ගනිමින් සුවය ලබමින් සිටින බව වාර්තාවේ.
  • ඒ අනුව සැත්කම සිදුකිරීමේදී ඔහුට කිසිදු වේදනාවක් නොදැනෙන සේ සුවදායී ගැඹුරු නින්දකට (නිර්වින්දනය) පත්කිරීමට ඔවුන් කටයුතු කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ වනවිටත් සාම පාගමනේ දින ගණනාවක් පසුකර ආ ආලෝකගේ පාදයේ සැත්කම කර තිබුණේ පෙරේදා (12) දිනයේදීය.

 

aloka 46

මෙම සැත්කම සඳහා මුලින් පැය 2ක් හෝ 3ක් ගතවනු ඇතැයි අනුමාන කර තිබු නමුත් එය පැයක් වැනි කෙටි කාලයකින් අවසන් කිරීමට වෛද්‍ය කණ්ඩායම සමත් වී ඇත. මේ වන විට අලෝක දැඩි වෛද්‍ය අවධානය යටතේ විවේක ගනිමින් සුවය ලබමින් සිටින බව වාර්තාවේ.

සැත්කමට පෙර, ඉතා දක්ෂ පශු වෛද්‍ය කණ්ඩායමක් විසින් අලෝකව ප්‍රවේශමෙන් සූදානම් කර තිබිණ. ඒ අනුව සැත්කම සිදුකිරීමේදී ඔහුට කිසිදු වේදනාවක් නොදැනෙන සේ සුවදායී ගැඹුරු නින්දකට (නිර්වින්දනය) පත්කිරීමට ඔවුන් කටයුතු කර ඇත.

අලෝකගේ පාදය සුව කිරීම සඳහා විශේෂඥයන් කටයුතු කරන අතරතුර ඔහු ඉතා සන්සුන්ව සිටීම සැමට විශාල සහනයක් වී ඇත.

 

aloka 45

Charleston Veterinary Referral Center (CVRC) හි වෛද්‍ය කණ්ඩායම දැක්වූ කරුණාව සහ කැපවීම භික්ෂූන්වහන්සේලා මෙහිදී විශේෂයෙන් අගය කර තිබේ. මෙහි ඇති විශේෂම කරුණ නම්, මෙම වෛද්‍ය කණ්ඩායම සිය වෘත්තීය සේවාවන් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීමයි. මෙම කණ්ඩායමට ශල්‍ය වෛද්‍ය පැට්‍රීෂියා සූරා හෘද රෝග විශේෂඥ සහ වෛද්‍ය අධ්‍යක්ෂ සොෆී ජෙස්ටි, නිර්වින්දන වෛද්‍ය එමෙට් ස්වන්ටන් සහ බේට්ස්බර්ග්-ලීස්විල් සත්ව රෝහලේ ප්‍රධාන වෛද්‍ය ඒමි වැග්නර් ඇතුළත්වේ. මීට අමතරව, ප්‍රවාහන සම්බන්ධීකාරක රොන්ඩා හොලිමන්, භාරකරු ලුවී හායි තායි ශල්‍ය හෙදිය ටිෆනි සහ සහායිකා ලෝරන් ද ඊට දායක වී ඇත.

aloka 47

 

අලෝක මේ වන විට ඉතා හොඳින් සුවය ලබමින් සිටින අතර, හැකි ඉක්මනින් ඔහු නැවතත් භික්ෂූන් වහන්සේලා වෙත යොමු කිරීමට නියමිතය.

ඉන්දියාවේ වීදියක අසරණව සිටි සුනඛයෙකු වූ ආලෝක මීට පෙර මෙම භික්ෂූන් වහන්සේලා සිදුකළ දීර්ඝ පාගමනකදී හමුවී උන්වහන්සේලා සමඟම සිටියේය.

හ්ඔන්ග් ඩාඕ විපස්සනා භාවනා මධ්‍යස්ථානය විසින් සංවිධාන කළ, ඇමරිකාවේ ප්‍රාන්ත 10ක් හරහා කිලෝමීටර් 3,700ක් පමණ දුරක් ආවරණය කරන මෙම 'සාමය උදෙසා පාගමනට’ අරමුණ වන්නේ ඇමරිකාව සහ මුළු ලෝකය පුරාම සාමය, කරුණාව සහ මෛත්‍රිය පිළිබඳ දැනුවත්භාවය පැතිරවීමයි.

 


පසුගිය ඔක්තෝබර් 10 වනදා ටෙක්සාස්හි ෆෝර්ට් වර්ත් නගරයෙන් ආරම්භ වූ මෙම පාගමනට වොෂින්ටන් ඩී.සී. වෙත ළඟා වීමට දින 120ක් ගත වන බවට මීට පෙර අනුමාන කර තිබිණ.

මෙම ගමන පුරාවට ආලෝක ද භික්ෂූන් වහන්සේලා සමගින් පාගමනේ යෙදුනේය. 'Aloka -The Peace Dog' ලෙස හඳුන්වන ඔහුට මේ වනවිට 244,000ක අනුගාමිකයින් පිරිසක් සිටින ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් සහ ලක්ෂ 6ක් සිටින ෆේස්බුක් ගිණුමක් පවා තිබේ.


| Hirunews

මුලාශ්‍ර :

What happened to Aloka? Monks' companion undergoes surgery. What we know

Dog accompanying monks on peace walk recovering after surgery

සබැඳි ලිපි :

සාම සඟ පෙරහැර සමඟ 'ආලෝක' වොෂිංටනයට !

මිනිස් ශිෂ්ටාචාරයට නව ආලෝකයක් උදා කරන ආලෝකා

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ වොෂින්ටන් සාම පා ගමනට එක්වූ ආලෝකාට මොකද වුණේ? | The Leader