The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
විශේෂාංග

මාධ්‍යවේදී ඝාතන හොයන්න ආණ්ඩුවට පුලුවන්ද ? | ඉෂංඛා සිංහආරච්චි

T

The Leader Desk

January 18, 2026 • 7:19 AM

මාධ්‍යවේදී ඝාතන හොයන්න ආණ්ඩුවට පුලුවන්ද ? | ඉෂංඛා සිංහආරච්චි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉකුත් දශක කිහිපය තුළ රාජ්‍ය හමුදා හා නොයෙකුත් සන්නද්ධ කණ්ඩායම් විසින් මරා දැමුණු හෝ අතුරුදහන් කරනු ලැබූ
  • මෙම ඝාතනයන්ගේ වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙන බවට වූ කතා දේශපාලන වේදිකාවන්හි උත්කර්ෂයට නැංවුවද,මෙතෙක් මේ කිසිදු මරණයක් ගැන යුක්තිය ඉටුවී නොමැත.
  • කළු ජනවාරිය 2009 වසරේදී යුද ගැටුම් අවසන් වීමෙන් අනතුරුවද   ජනමාධ්‍ය ඝාතන කෙරෙහි විමර්ෂණය කර යුක්තිය පසිඳලීමට බලපෑම් කරමින්  දිගින් දිගටම උද්ඝෝෂණ පැවැත්විණි.
  • 2012 වන විට මේ වෙනුවෙන් කිසියම් දිනයක් හෝ මාසයක් නම් කිරීමේ අවශ්‍යතාවක් පැන නැගුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව හතළිස් හතර දෙනෙකු බව ශ්‍රිලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සකස් කළ වාර්තාවක දැක්වේ. මෙම ඝාතනයන්ගේ වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙන බවට වූ කතා දේශපාලන වේදිකාවන්හි උත්කර්ෂයට නැංවුවද,මෙතෙක් මේ කිසිදු මරණයක් ගැන යුක්තිය ඉටුවී නොමැත. ඇත්තේ අපේක්ෂාවක් පමණි.

කළු ජනවාරිය

cgsdffd

2009 වසරේදී යුද ගැටුම් අවසන් වීමෙන් අනතුරුවද   ජනමාධ්‍ය ඝාතන කෙරෙහි විමර්ෂණය කර යුක්තිය පසිඳලීමට බලපෑම් කරමින්  දිගින් දිගටම උද්ඝෝෂණ පැවැත්විණි. 2012 වන විට මේ වෙනුවෙන් කිසියම් දිනයක් හෝ මාසයක් නම් කිරීමේ අවශ්‍යතාවක් පැන නැගුණි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය [සුනිල් ජයසේකර], ශ්‍රීලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය [ඥානසිරි කොත්තිගොඩ], මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය [ධර්මසිරි ලංකාපේලි], ශ්‍රී ලංකා දෙමළ මාධ්‍ය සංගමය [අමිර්තනායගම් නික්සන්] සහ ශ්‍රීලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය [එම්.එන්.අමීන්] එක්ව පැවති කතා බහකින් අනතුරුව ඒ සඳහා ජනවාරි මාසය යොදා ගැනීමටය.

මේ සඳහා ජනවාරිය යොදා ගැනීමට හේතුවී ඇත්තේ ඒ වනවිටත්  සන්ඩේ ලීඩර්  සංස්කාරක ලසන්ත වික්‍රමතුංග සහ  සුඩර්ඔලි  මාධ්‍යවේදී  සුගිතරාජන් සුබ්‍රමානියම් මහමග මරා දැමීමත්, ලංකා ඊ නිවුස්  කාටූන් ශිල්පී හා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමත්, ඊට අමතරව සිරස මාධ්‍ය ආයතනයට ක්ලෝමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමත්, සන්ඩේ ලීඩර් හා ඉරුදින පුවත් පත් මුද්‍රණාලය සහ ලංකා ඊ නිවුස්  ආයතනය ගිනි තැබීමත්  ආදි සිදුවීම් රැසක් ජනවාරිය තුල  වාර්තාවූ බැවිනි. එහෙත් සෑම මසකම මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය සේවකයන්ට එරෙහිව ඝාතන හා අඩත්තේට්ටම් රැසක් සිදුව තිබේ. ඒ සියල්ලටම යුක්තිය හා සාධාරනත්වය දිනා ගැනීම වෙනුවෙන් වූ උද්ඝෝෂණය ``කළු ජනවාරිය``  ලෙස නම්විය.

එහෙත් මේ වන විට එකී අරමුණින් බැහැරව බොහෝ සංවිධාන හා මාධ්‍යවේදීන් කටයුතු කරනු දැකිය හැක. ඔවුන් සිතන්නේ කළු ජනවාරිය ලෙස නම් කර ඇත්තේ ජනවාරි මාසය තුල මරා දැමූ හෝ අතුරුදහන් කරනු ලැබූ මාධ්‍යවේදීන් පමණක් සැමරීමට යොදා ගත් වැඩසටහනක් ලෙසය.

බහුතරය දෙමළ

xcvzfdf

ශ්‍රි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍යවේදියෝ පවසන පරිදි ඉකුත් දශක කිහිපය තුල මරා දැමූ හා අතුරුදහන් කරනු ලැබූ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන්ගෙන් බහුතරයක් නියෝජනය කරන්නේ උතුරු නැගෙනහිර පලාත්ය. එක් අයෙක්, දෙන්නෙක් හැරුණු කොට සෙසු සියල්ලම දෙමළ මාධ්‍ය ආයතන නියෝජනය කළවුන්ය.

නිමලරාජන් මයිල්වාගනම්, අයියාතුරෙයි නඩේසන්, කන්නමුත්තු අර්සකුමාර්, යෝගකුමාර් ක්‍රිෂ්ණපිල්ලෛ, එල්.එම්.ෆලීල්, කේ.නවරත්නම්, සුබ්‍රමනියම් සුගිදරාජන්, බැස්ටියන් ජෝර්ජ් සගයදාස්, රංජිත් කුමාර්, මරියදාසන් මනොජන්රාජ්, සතාසිවම් බාස්කරන්, සින්නතම්බි මහසිවරාසා, එස්.රවින්ද්‍රන්, සුබ්‍රමනියම් රාමචන්ද්‍රන්, චන්ද්‍රබෝස් සුදාහර්, සෙල්වරාසා රජීවර්මන්, සහදේවන් නිලක්ෂන්, අන්තොනිපිල්ලෛ සිත්තිරන්ජන්, වඩිවේලු නිමලරාජ්, ඉසෛවෙලි චෙම්පියන්, සුරේෂ් ලිම්බියෝ, ටී.ධර්මලිංගම්, පී.දේවකුමාර්, රාසයියා ජෙයන්තිරන්, පුණ්‍යමුර්ති සත්‍යමුර්ති, සසි මදන්, නල්ලයියා මහේෂ්වරන්, ඇන්ටන් බෙනඩික්ට්, රාජ්කුමාර් ඩෙන්සි, ජෙයරාජා සුසිදරන්, මාරිඅප්පු අන්තෝනි කුමාර්, සින්කර්සිවම් සිවදර්ශන්, ශෝභා ඉසෙයිප්‍රියා සහ ටී.තවපාලන් උතුරු හා නැගෙනහිර පලාත්වල දී ඝාතනයට ලක්වුවන්ය.

බොහෝ දෙනා යුද්ධයේ සෘජු ගොදුරුය. මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන් ඉලක්ක කරමින්, සැලසුම් සහගතව කෙරුණු ඝාතන සම්බන්ධයෙන් ද  අද වන විටවත් කිසිදු විමර්ශනයක් වත් පැවැත්වෙන්නේ නැත. දශක ගනනාවක සිට මේ මිනිස් ඝාතන ගැන ස්වාධීන විමර්ශනයක් වෙනුවෙන් ඉල්ලීම් පැවතිය ද, වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුව විසින් ද තෝරාගත් කිහිපයක් සම්බන්ධයෙන් සොයා බැලීමට පොරොන්දුවී ඇත.

`සාක්ෂි අතුරුදහන්` 

zxcsafe

නඩු පවරා තිබෙන ඇතැම් සිදුවීම්වල සාක්ෂි ලිපිගොනු, විමර්ශන වාර්තා, නඩු භාණ්ඩ මේ වන විට අතුරුදහන්ව ඇති බවට ආණ්ඩුවේ පාර්ශවයන් මතු කරන කරුණකි. බොහෝ සිදුවීම්  වසර දහයක් පමණ ඉක්මවා තිබේ. මෙම සිදුවීම් වලට සෘජු දායකත්වයක් ඇති කණ්ඩායම් ආණ්ඩු බලය හොබවද්දී  ඔවුන්ට එරෙහිව ඇති අපරාධ චෝදනා වල සාක්ෂි සුරක්ෂිත කරනු ඇතැයි සිතිය නොහැක. බොහෝ විට ඒවා සැලසුම් සහගතව විනාශ කොට ඇති බවට නිසැකය. මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවක ඝාතන ගැන යුක්තිය හා සාධාරනත්වය අපේක්‍ෂාකරන්නන් හමුවේ පවතින්නේ නැවත සාක්ෂි එකතු කිරීමේ අභියෝගයකි.

මරාදැමු හා අතුරුදහන් කරනු ලැබූ බොහෝ සිදුවීම් වලට  චෝදනා එල්ල වී ඇත්තේ රජයේ ආරක්ෂක හමුදාවන් වෙතය. ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, කීත් නොයාර්, උපාලි තෙන්නකෝන්, නිමලරාජන් මයිල්වාගනම්, ධර්මරත්නම් සිවරාම්,පොද්දල ජයන්ත විමර්ශන හා නඩු විභාග වලදී චෝදනා එල්ලවී ඇති රජයේ ආරක්ෂක අංශ සාමාජිකයන් විටෙක අත්අඩංගුවට ගැනීම් තවත්විටෙක නිදොස් කොට නිදහස් කිරීම් රැසක් පසුගිය කාලය පුරාම දක්නට ලැබුණි. විවිධ ආණ්ඩු යටතේ සිදුවූ මේ ක්‍රියාවලියේදී කිසිවිටෙක වැරදි කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුයේ ඉතාමත් අවම මට්ටමකිනි. එසේ නොවූ තරම්ය.

``චුදිතයන්ට උසස්වීම්
cbxbxcg
ජාතික ජනබලවේග ආණ්ඩුව යටතේ ද මෙම විමර්ශන හා නඩු විභාග පවතින්නේ ද ඉබි ගමනේය. සාක්ෂි ලිපිගොනු ආදිය අතුරුදහන් කිරීම් නිසා නැවත සාක්ෂි එකතු කර ගැනීමේ අභියෝගය ඔවුන් හමුවේ තිබිය හැකිය. එහෙත් චෝදනා එල්ල වී ඇති, එසේත් නැතහොත් චුදිතයන් වූ ආරක්ෂක හමුදාවල නිලධාරීන්ට සිය රාජකාරි නිලයන්හි උසස්වීම් ලබා දීම ගැන ආණ්ඩුවට චෝදනා එල්ලවී තිබේ. මෙවැනි දේ තුලින් යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් වූ සටන  දැනුවත්ව හෝ නොදැනුවත්ව අධෛර්යමත් කිරීමකි.

කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අනීතික ලෙස පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ නඩුවේ නවවැනි චුදිතයාට උසස් වීමක් ජනාධිපතිවරයා විසින් ලබා දී ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ සම්බන්ධයෙන් සිය විරෝධය හා කනස්සල්ල පළ කරමින් ප්‍රගිත්ගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ විසින්  ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කෙරිණි.

මෙම චුදිතයා වන හමුදා බුද්ධි අංශ සාමාජික එරන්ත පීරිස් බ්‍රිගේඩියර් ධුරයක් දක්වා උසස් කර ඇති බැවින්, සන්ධ්‍යා පෙන්වා දී ඇත්තේ  ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ නඩුවට බලපෑමක් එල්ල වන බවය.
 
යුක්තිය වෙනුවෙන් අඛණ්ඩ අරගලයක්
cvdfgsre
ජාතික ජනබලවේගය නියෝජනය පිරිස් මෙන්ම විපක්ෂයේ වමේ හා දකුණේ  බහුතරයද  යුධ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටිනු ලැබූ අතර ඒ වෙනුවෙන් ආරක්ෂක හමුදාවන්ට නොමදව  ධෛර්ය ලබා දුනි. එපමණක් නොව සියලු පාර්ශවයන් විසින් විශ්‍රාමික ආරක්‍ෂක අංශ සාමාජිකයන් සිය මැතිවරණ ව්‍යාපාර සඳහා යොදා ගැනිණි. එම තත්වයන් හමුවේ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන් ඝාතන වලට චෝදනා ලැබූ ආරක්ෂක අංශ සාමාජිකයන්ට එරෙහිව නිසි ලෙස විමර්ෂණය කිරීමට ආණ්ඩුවට හැකියාවක් ඇත්ද යන්න මතුවන ගැටලුවකි.

යම් හෙයකින් යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් නිසි නීතිමය ක්‍රියාදාමයක් ආණ්ඩුව විසින් ආරම්භ කළහොත්, ``රණවිරු දඩයම`` වැනි විරෝධතා විපක්‍ෂය හා ඊට සම්බන්ධ  බෞද්ධ භික්ෂුන්  විසින් දියත් කරනු ඇත. ආණ්ඩුව විසින් ගෙන එනු ලැබූ බොහෝ අණපනත්, සංශෝධන ආදිය සමාජ මාධ්‍ය, බෞද්ධ භික්ෂුන් හා විපක්ෂයේ කොටස් වල විරෝධයන් හමුවේ  හකුළා ගත් පරිද්දෙන්, යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන්වූ ක්‍රියාවලිය ද ආපසු කැඳවීම කෙරෙහි ඇත්තේ වැඩි සම්භාවිතාවකි.

දැනට විභාග වෙමින් පවතින නඩු වල අදාළ දිනයන්හි අධිකරණයන් වෙත යන්නේ වින්දිතයන්ගේ පවුලේ ඥාතින් පමණකි. එම නඩු විභාග ගැන පවතින්නේ ද අවම වාර්තාකාරණයකි.

 මාධ්‍ය ඝාතන, අතුරුදහන් කිරීම්, ගිණි තැබීම, පහර දීම් පිලිබඳ විමර්ශන කඩිනම් කරමින් වැරදිකරුවන්ට දඩුවම් ලබාදෙමින්, යළිත් එවැනි සිදුවීම් නොවන්නට යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් වූ අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම මාධ්‍යවේදීන්ට හා ඔවුන් නියෝජනය කරන සංවිධාන වල ද අත්හල නොහැකි වගකීමකි. එසේ නොවන්නේ නම් මාධ්‍යවේදීන්ට  හා මාධ්‍යයට එරෙහි අපරාධ සියල්ලම යුක්තියක් නොලබාම යටපත් වනු ඇත.

Ishankha Sinhaarachchi(සටහන | ඉෂංඛා සිංහආරච්චි)
Ishankha Singha Arachchi
Freelance Journalist

ishanka.singhe@gmail.com
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මාධ්‍යවේදී ඝාතන හොයන්න ආණ්ඩුවට පුලුවන්ද ? | ඉෂංඛා සිංහආරච්චි | The Leader