The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
විශේෂාංග

ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න ගිහින් ඇනගත්තු හැටි 'ස' හතරකින් | ඩලස් අලහප්පෙරුම

T

The Leader Desk

January 18, 2026 • 9:44 AM

ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න ගිහින් ඇනගත්තු හැටි 'ස' හතරකින් | ඩලස් අලහප්පෙරුම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මම හිටපු අධ්‍යාපන ඇමැතිවරයෙක් වගේම 2020 මේ ප්‍රතිසංස්කරණ ආරම්භ කරන්න කණ්ඩායමට නායකත්වය දීපු කෙනෙක්.
  • 2020 අවුරුද්දේ ආරම්භයේදී ජාතික අධ්‍යාපන ආයතයේ සභාපති විදියට ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න පත් කළා.
  • අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පළමු වාර්තාව අපිට 2020 අගොස්තු මාසය වන විට පළමු කෙටුම්පතත් දුන්නා.
  • බණ්ඩාරනායක මහත්තයා සිංහල රාජ්‍ය භාෂාව කරන විට ඔහු සමග ඔක්ස්ෆර්ඩ් එකේ හිටපු නේරු ඉන්දියාවේදී ඉංග්‍රීසි අත්‍යවශ්‍ය භාෂාවක් බවට පත් කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

අපිට හොඳ ටීම් එකක් හිටියා ඒ වගේම මම අපේ මහ පොළොවට සහ දරුවන්ට ආදරණීය තාත්තා කෙනෙක්. ඒ නිසාම, අපි අතර කොයිතරම් දේශපාලන පරස්පරතාවක් තිබුණත්, ඒ කිසිවක් මායිම් කරන්නේ නැතුව, අපේ දරුවන්ගේ අධ්‍යාපනයේ අනාගත දිශානතිය සැකසීම සඳහා කොන්දේසි විරහිතව සහ ස්වේච්ඡාවෙන්, ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට සහය දෙන්න මම කොයිම මොහොතකවත් පැකිළෙන්නේ නෑ.

cfgfdg

2020 අවුරුද්දේ ආරම්භයේදී ජාතික අධ්‍යාපන ආයතයේ සභාපති විදියට ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න පත් කළා. ආචාර්ය සේදර අපේ උපදේශකයෙක් විදියට කටයුතු කළා. අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ප්‍රමුඛත්වය දුන්නා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පළමු වාර්තාව අපිට 2020 අගොස්තු මාසය වන විට පළමු කෙටුම්පතත් දුන්නා.

මීට දශක පහකට හයකට කලින් බ්‍රිතාන්‍ය ජාතිකයන් දුන් අධ්‍යාපනයේ උරුමයන් තමයි අරගෙන යන්නේ.

අපේ දරුවන් අද හිරවෙලා ඉන්නේ බ්‍රිතාන්‍යයන් විසින් මීට අවුරුදු සීයකටත් වඩා එපිට අපට දීපු අධ්‍යාපන රාමුවක. කියවීම, ලිවීම සහ ගණිතය මත පදනම් වෙච්ච අධ්‍යාපනයක්. මේකට කිව්වේ 3 - R කියලා. නමුත් අද දියුණු ලෝකේ ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා. මිනිස් බුද්ධිය හා මිශ්‍ර වුණු කෘතිම බුද්ධිය පදනම් කරගෙන දරුවන්ගේ නිර්මාණශීලීභාවය, නවෝත්පාදක චින්තනය වගේම ව්‍යවසායකත්ව හැකියාව පෙරමුණට ගැනීම තමයි නූතන අධ්‍යාපනයේ පදනම වෙලා තියෙන්නේ. ඉගෙනුම් කුසලතා, නීතියේ මූලධර්ම, විචක්ෂණශීලි චින්තනය, ගැටලු විසඳීමේ හැකියාව, කණ්ඩායම් හැඟීම, සන්නිවේදනය සහ සහයෝගීතාව, ජීවන කුසලතා, වැනි අංශ නූතන අධ්‍යාපනයට අත්‍යාවශ්‍ය මොඩියුල වෙලා තියෙනවා. මෙන්න මේවා පදනම් කරගෙන අපි අපේ විෂය මාලා වෙනස් කරගත යුතුයි. සංවර්ධනය කරගත යුතුයි.

xsdfdf
මේ අධ්‍යාපන ක්‍රමය අපට ලැබුණේ පළමු කාර්මික විප්ලවයෙන් පසුවයි. අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටියේ කෘතිම බුද්ධිය මත පදනම්වූ පස්වැනි කාර්මික විප්ලවයට කලින්. නූතන කෘතිම බුද්ධියත්, මිනිස් බුද්ධියත් එකට එක්වූ අලුත් පරම්පරාවට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යතාවය මත පදනම්ව තමයි අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අරගෙන ආවේ.


අපේ රටේ පාසල් ගොඩනැගිලි විසි වැනි ශතවර්ශයේ ගොඩනැගිලි. අපේ විභාග ක්‍රමය විසි වැනි ශතවර්ෂයේ මැද භාගයේ විභාග ක්‍රමයක්. ඒ වගේම විෂය මාලාවත් විසි වැනි ශතවර්ශයේ මැද භාගයේ විෂය මාලා. ගුරුවරුන් සේරම විසි වැන ශතවර්ෂයේ අග භාගයේ ඉන්න අය. හැබැයි දරුවෝ විසි එක්වැනි ශතවර්ශයේ දරුවෝ. අධ්‍යාපනයේ තිබෙන ගැටලුව තමයි විසි එක්වැනි ශතවර්ෂයේ දරුවන්ට විසි වැනි ශතවර්ෂයේ ගොඩනැගිලි, ව්‍යුහයන් තුළ සිටිමින් විෂයමාලා හා විභාග ක්‍රමය තුළින් ගුරුවරුන් හා දෙමාපියන් විසින් ඉගැන්වීමයි. මේක තමයි අධ්‍යාපනයේ තිබෙන අර්බුදය. අපි අධ්‍යාපන අමාත්‍යාංශය විදියට මේකට ගැළපෙන ප්‍රතිසංස්කරණ කළ යුතුයි. ඉංග්‍රීසි අත්‍යවශ්‍ය භාෂාවක් විය යුතුයි. බණ්ඩාරනායක මහත්තයා සිංහල රාජ්‍ය භාෂාව කරන විට ඔහු සමග ඔක්ස්ෆර්ඩ් එකේ හිටපු නේරු ඉන්දියාවේදී ඉංග්‍රීසි අත්‍යවශ්‍ය භාෂාවක් බවට පත් කළා.

දරුවන්ගේ නිර්මාණශීලීත්වය, ව්‍යවසායක්තව හැකියාවන් එක්ක අලුත් අධ්‍යාපන විෂයමාලා අත්‍යවශ්‍ය වෙනවා. නූතන ඉගෙනුම් ක්‍රමවලට යාමට අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා කරලා ගොඩක් ඉදිරියට ගියා.

මම අධ්‍යාපන ඇමැතිවරයා වෙනකම් දරුවන්ට කැල්කියුලේටරයක් විභාගයට භාවිතා කරන්න දුන්නේ නෑ. අපි තමයි ඒවා වෙනස් කළේ.

මේ ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න ගිහිල්ලා කරපු දේ “ස” හතරකින් පැහැදිලි කරගත හැකියි.

xdgsdbfg
මම ඇමැතිතුමියට විතරක් දොස් කියන්න සූදානම් නෑ.. මම දකින විදියට, වර්තමාන ආණ්ඩුව මේ ප්‍රතිසංස්කරණවලදි කරගත්ත මූලික වැරැද්ද තමයි, සාකච්ඡාව, සම්මුතිය, සන්නිවේදනය සහ සංවේදිභාවය බැහැර කරලා; අනම්‍යව,අත්තනෝමතිකව, අසංවේදීව සහ අවිශ්වාසයෙන් කටයුතු කිරීමයි. ඒ කියන්න, "ස" ප්‍රතික්ෂේප කරලා "අ" වැලඳ ගැනීමයි.



''මේ වැඩෙත් හරියට ගෝඨාභය කාබනික පොහොර හඳුන්වා දුන්නා වගේ''

xgdfgfg

ඒ වගේම, අවම වශයෙන්, නියමු ව්‍යාපෘතියක් පවා නැතුව, මේ වගේ සංකීර්ණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්නට යෑමයි.

මේක හරියට නියමු ව්‍යාපෘතියක් නැතිව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කාබනික පොහොර හඳුන්වාදුන්නා වගේ. ඒ වෙලාවේ කන්නයෙන් කන්නයට ටික ටික කළානම් ඒක අද ක්‍රියාත්මකයිනේ. අමුවට ගෙඩිය පිටින් ක්‍රියාත්මක කරන්න ගියානේ. ඒ වගේ දෙයක් තමයි අද මේ තත්ත්වයටත් ඇතිවෙලා තියෙන්නේ.

මම 1974, O/L අවසාන බැච් එක. ඊට පස්සේ NCGE ගෙනාවා. ඒ පිළිබඳ සංවාදයකුත් රටේ තිබුණා.. ප්‍රාග් වෘත්තීය විෂයන් වැනි ඒ කාලෙට අදාළ වැදගත් පරිවර්තනත් තිබුණා. නමුත් සන්නිවේදනයේ තිබූ දුර්වලකම් නිසා ඇතිවූ මහජන කැළඹීමේ ප්‍රතිඵලයක් විදියට 1978, ඊළඟ ආණ්ඩුව, NCGE සහ HNCE වෙනස් කරලා නැවත O/L සහ A/L වලට ගියා. ඒක මැද හිටපු දරුවෝ, අපි හුදු රසානාගාර මීයන් බවටට පත්වුණා. මම පුද්ගලිකව ඒකෙන් හෙම්බත් වෙච්ච කෙනෙක්.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අනිවාර්ය කාරණාවක්. එය කළ යුත්තේ වසර දහස් ගණනක ඉතිහාසයක් සහ සංස්කෘතියක් උරුම අපේ වගේ රටක, එම ඓතිහාසික උරුමයන් රැකගෙන, අපේ දරුවන්ට ඩිජිටල් යුගයේ දොර කවුළු විවෘත කිරීමයි. ඔවුන් විශ්වයට මුදා හැරීමයි.

xfggfdg
මේ දේවල් එක්ක ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරුණු හතරකට ලඝු වුණා. ඒ තමයි විනාඩි හතළිහේ කාල පරිච්ඡේදය විනාඩි පනහක් කරනවා, දෙකහමාර වෙනකම් පාසල් පවත්වනවා, හයේ පංතියේ ඉංග්‍රීසි මොඩියුලේ ගැටලුව.

අධ්‍යාපන ප්‍රතිංස්කරණයක් අපිට එපා කියලා කවුරු හරි කියනවා නම් ඒක ගෝත්‍රිකයි. ඒකට අධ්‍යාපන ඇමැතිට පුද්ගලිකව ගොනු කරන්න බෑ.

ආණ්ඩුවේ කිසිදු සංවාදයකින් තොරව, කිසිදු සන්නිවේදනයකින් තොරව, සාකච්ඡාවකින් තොරව, සංවේදීභාවකින් තොරව, යාන්ත්‍රිකව උඩින් පහළට අරගෙන එන්න හැදුවා. අර කාබනික පොහොර වගේම උඩින් ගෙන් දාලා සමාජය එක්ක ගළප්පන්න හැදුවා. මේ ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළේ වගකීම් විරහිතභාවය පැහැදිලිව පේන්න තිබුණා. ආණ්ඩුවද, අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම් විරහිතභාවය හොඳින්ම හඳුනාගන්න පුළුවන් වුණා.

මොන දේශපාලන පරස්පරභාවයන් තිබුණත්, අනාගතයේ දුවා දරුවන් වෙනුවෙන් අනාගතයේ අධ්‍යාපනයේ දිශානතිය තීරණය කිරීමට කොන්දේසි විරහිතව අපි සහාය දීමට සූදානම්. හැබැයි එය වගකීම් සහගත එකක් විය යුතුයි. එය සමාජය සමග සාකච්ඡා කරන එකක් විය යුතුයි. අපි ඓතිහාසික උරුමයන් රාශියකට උරුමකම් කියන රටක්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී ඒ උරුමයන් එකට ගැට ගැසිය යුතුයි.

(ඩලස් අලහප්පෙරුම)
හිටපු අධ්‍යාපන අමාත්‍ය

dullas11@hotmail.com

උපුටා ගැනීම - aruna

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...