The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
විශේෂාංග

ලාල් කාන්ත ගේ 'වනචාරී'කතාවට පසු වදනක් | ප්‍රණීත් අභයසුන්දර

T

The Leader Desk

January 19, 2026 • 12:47 PM

ලාල් කාන්ත ගේ 'වනචාරී'කතාවට පසු වදනක් | ප්‍රණීත් අභයසුන්දර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කේ. ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා ප්‍රසිද්ධ කතාවකදී මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නාහිමියන් ‘මිහින්තලේ වනචාරියා’ යනුවෙන් හැඳින්වීම සම්බන්ධව පුළුල් සමාජ කතිකාවක් හටගෙන තිබේ.
  •   වත්මන් සමාජ ක්‍රමය කෙසේ වුව ද ශිෂ්ටාචාරගත සමාජයක සම්භාවනීය පුරවැසියන් ලෙස සැලකෙන්නේ උසස් ගුණධර්ම, බුද්ධිය සහ මානුෂීය ගුණාංගවලින් පිරිපුන් පුද්ගලයන් මිස, හුදෙක් ධනය හෝ බලය ඇති පිරිස නොවේ.
  • ඒ ඔවුන්ගේ වගකීම් සහගත මධ්‍යස්ථ ප්‍රකාශයන් සැමවිටම සමාජයේ යහපැවැත්මට සහ ප්‍රගතියට මඟ පෙන්වන බැවිනි.
  • සදාචාරාත්මක සමාජයක පදනම වැටෙන්නේ නීතියට වඩා පුද්ගල විනය මත බව බොහෝ විද්වතුන් පෙන්වා දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙය උන්වහන්සේගේ පෞද්ගලිකත්වයට සේම භාරකාරත්වය දරන පූජ්‍යස්ථානය කේන්ද්‍ර කරගත් අවලාදයක් සේ ද ඇතැමුන් අර්ථ දක්වන බව පෙනේ.

 

ඔවුන් එසේ පවසනුයේ ශ්‍රී ලාංකේය ජන සංස්කෘතිය සහ ශිෂ්ටාචාරය මිහින්තලය පදනම් කොට ඇති වූවක් බව අතිගරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු කිතුනු සංස්කෘතිය නියෝජනය කරන මහා ප්‍රාඥයන් පවා එදා මෙදා තුර පවසා ඇති පසුබිමක, සිංහල බෞද්ධ ජන පදනමකින් වත්මන් සමාජයේ ඉහළම තැනකට පත්ව හිඳින කැබිනට් අමාත්‍යවරයකුගේ මුවින් එවැන්නක් පිටවීම නිසා ය.

 


වත්මන් සමාජ ක්‍රමය කෙසේ වුව ද ශිෂ්ටාචාරගත සමාජයක සම්භාවනීය පුරවැසියන් ලෙස සැලකෙන්නේ උසස් ගුණධර්ම, බුද්ධිය සහ මානුෂීය ගුණාංගවලින් පිරිපුන් පුද්ගලයන් මිස, හුදෙක් ධනය හෝ බලය ඇති පිරිස නොවේ. ඒ ඔවුන්ගේ වගකීම් සහගත මධ්‍යස්ථ ප්‍රකාශයන් සැමවිටම සමාජයේ යහපැවැත්මට සහ ප්‍රගතියට මඟ පෙන්වන බැවිනි. සදාචාරාත්මක සමාජයක පදනම වැටෙන්නේ නීතියට වඩා පුද්ගල විනය මත බව බොහෝ විද්වතුන් පෙන්වා දී ඇත. “විනයක් නැති ජාතියක් ලොව කිසිදා දියුණු කළ නොහැක” යන මහත්මා ගාන්ධි තුමාගේ ප්‍රකාශයට අදටත් ඉන්දීය සමාජයේ ඉහළම පිළිගැනීමක් හිමි වේ. කිසියම් සමාජයක මිනිසුන්ට සදාචාරාත්මක හික්මීමක් නොමැති නම්, භෞතික සම්පත් කොතරම් තිබුණත් එම ශිෂ්ටාචාරය බිඳ වැටෙන බව මෙයින් අදහස් කෙරේ.

අනේකවිධ වූ හේතු කාරණා මත අප ශ්‍රී ලාංකේය ජන සමාජය ද මේ වන විට එවන් අවදානමකට පත්ව තිබේ.

 ‘වනචාරියා’ යන වචනය සිංහල භාෂාවේ ප්‍රධාන අර්ථ කිහිපයක් සඳහා භාවිත වේ. භාෂාමය අර්ථයෙන්71SpEVnrecL. AC UF10001000 QL80 ‘වනචාරියා’ යනු වනයේ සැරිසරන්නා ය. එනිසා මෙය ශිෂ්ටාචාරයෙන් බැහැරව වනාන්තරගතව ජීවත් වන මිනිසුන් සේම, ශිෂ්ටත්වයෙන් බැහැර මිනිසුන් හැඳින්වීමට ද භාවිත කරයි. ශ්‍රීමත් වෝල්ටර් ස්කොට් විසින් 1819 රචිත ‘අයිවන්හෝ’ (Ivanhoe) නවකතාවේ සිංහල පරිවර්තනයක හෝ ඒ ඇසුරින් නිර්මාණය වූ කතාවල චරිත හැඳින්වීමට ‘වනචාරියා’ යන නම භාවිත වී තිබේ. නමුත් ඉන් පැවසෙන ‘අයිවන්හෝ’ යනු රාජකීය පරපුරකට අයත් වෙස් වලාගත් වීරවරයෙකි. එහෙත් එදිනෙදා ව්‍යවහාරයේදී සමාජ සම්මතයන්ට පටහැනිව, රළු ලෙස හෝ නොහික්මුණු ලෙස හැසිරෙන පුද්ගලයන් හැඳින්වීමට උපහාසාත්මකව හෝ දෝෂාරෝපණය කිරීමට මෙම වචනය භාවිත කරන අවස්ථා තිබේ.

 
වනචාරියා යන අදහස සහිත ‘බාබේරියන්’ (Barbarian) යන ඉංග්‍රීසි වචනයේ සම්භවය ඉතිහාසය, සංස්කෘතිය සහ වර්තමාන භාවිතය අනුව අර්ථ කිහිපයක් ලබා දෙයි. මෙහි මූලික අදහස වන්නේ ‘අශිෂ්ට’ හෝ ‘නොදියුණු’ පුද්ගලයා යන්නයි. පුරාණ ග්‍රීකයන් තමන්ගේ භාෂාව (ග්‍රීක) නොදන්නා, වෙනත් භාෂා කතා කරන සියලුම විදේශිකයන් හැඳින්වීමට ‘බාබරොස්’ (Barbaros) යන වචනය භාවිත කළහ. ඔවුන්ට අනුව එම විදේශිකයන් කතා කරන්නේ “බා-බා” (bar-bar) වැනි තේරුමක් නැති ශබ්ද සමූහයකි.

 

Untitled 3

 මෙම ‘වනචාරී’ සහ ‘වනවාසී’ යන්න බොහෝ දුරට එක සමාන වුව ද අරුත් වශයෙන් ඒවා බෙහෙවින් පරස්පර ය. නූතන ශිෂ්ටාචාරයෙන් දුරස්ව වනයේ ජීවත් වන ජනකොටස් හෙවත් ආදිවාසීන් (Indigenous people) ‘වනචාරී ගෝත්‍ර’ ලෙස ඇතැමුන් හැඳින්වුව ද, ඒ සම්බන්ධයෙන් ඉංග්‍රීසි බසෙහි එන ‘Jungle tribe’ යන්නෙහි නිවැරදි සිංහල වදන ‘වනවාසී ගෝත්‍ර’ ලෙස නිවැරදි විය යුතු ය.

 

ඒ අතර වනයේ හුදකලාව වාසය කරමින් අධ්‍යාත්මික ගුණ වගාවන්හි නිරත වන තවුසන් ද ‘වනවාසීන්’ ලෙස හඳුන්වනු ලබයි. පැරණි සංස්කෘත සාහිත්‍යයේ සහ බෞද්ධ ඉතිහාසයේ මොවුන් පිළිබඳව බොහෝ තොරතුරු සඳහන් වේ. මෙය හුදෙක් ආධ්‍යාත්මය හා සම්බන්ධ ව්‍යවහාරයකි. ත්‍රිපිටක මූලාශ්‍රවලට අනුව සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ද බුදුවීමට පෙර සය අවුරුද්දක් මුළුල්ලේ වනවාසීව දුෂ්කරක්‍රියා කරමින් මෙවැනි තාපස ජීවිතයක් ගත කළ බව කවුරුත් දනිති.

 

ancient kingdoms
ශ්‍රී ලංකාවේ අනුරාධපුර සහ පොළොන්නරුව වැනි පැරණි රාජධානි සමයේ වනවාසී භික්ෂූන් වහන්සේලා සඳහාම වෙන් වූ ආරණ්‍ය සේනාසන පද්ධති පැවති බවට ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාක්ෂි කොතෙකුත් ලැබී තිබේ. ඒ අනුව අපට පැහැදිලිව පෙනී යන කරුණක් නම් මෙම වන වාසය ද ශිෂ්ටාචාරගත අංගයක් බවකි. එමෙන්ම භාරතීය හින්දු වර්ණාශ්‍රම ධර්ම අනුව මිනිස් ජීවිතයේ තුන්වන අවදිය, එනම් ජීවිත කාලය වසර සියයක් වශයෙන් සැලකුවහොත් වයස අවුරුදු 50-75 අතර සීමාව ‘වානප්‍රස්ථ’ වශයෙන් නම් කොට තිබේ. එහි වචනාර්ථය “වනයට පිවිසීම” යන්නය. එහෙත් මින් අදහස් කරනුයේ පංචකාම සම්පත්වලින් දුරස් වීම මිස සැබැවින්ම වනගත වීම නොවේ.

මේ අතර නූතන භාෂා ව්‍යවහාරයේ ‘වනචර’ යන වදනක් ද බහුලව භාවිත වන අතර, බොහෝ විට එය ලිංගිකත්වය සම්බන්ධ ආචාර විචාරවලින් බැහැරව කටයුතු කරන්නවුන් හැඳින්වීම උදෙසා යොදන බව පෙනේ. “ඒකා මහ වනචර මිනිහෙක්” යන ව්‍යවහාරය වත්මන් කාන්තාවන් අතරේ සුලබව භාවිත වන්නකි.

hq720 1

 රටක පාලකයන්ගේ වාග් සංවරය එම රාජ්‍යයේ විනය සහ සදාචාරාත්මක බවට බෙහෙවින් ඉවහල් වන බව ග්‍රීක දාර්ශනික ප්ලේටෝ සිය ‘The Republic’ වැනි ලෝක ප්‍රකට ග්‍රන්ථවලින් පවා අවධාරණය කොට තිබේ. එවන් පසුබිමක, වත්මන් ආණ්ඩුවේ වගකිව යුතු කැබිනට් අමාත්‍යවරයකුගේ වාග් සංවරය මීට වඩා අතිශයින් ප්‍රශස්ත මට්ටමක පැවතිය යුතු බව මගේ වැටහීමය.

මක්නිසාද යත්, එසේ නොවන්නට වත්මන් රජයේ සේම සමස්ත ශ්‍රී ලාංකේය ජන සමාජයේම පැහැදිලි අවනතියක් නියත ලෙසම සිදුවන බැවිනි. අප එසේ පවසනුයේ ලාල්කාන්ත අමාත්‍යවරයාගේ එම අවිචාරවත් වචන කිහිපය නිදොස් කරන්නට ගොස් කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාත්, ඒ සම්බන්ධව අදටත් මුනිවත රැකීමෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාත් ස්වකීය වශයෙන් සිදුකරගත් ආත්ම අලාභය සුළුපටු නොවන බැවිනි.

Praneeth Abyasundara
(සටහන | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර)
හිටපු මානව විද්‍යා මහාචාර්ය

(උපුටා ගැනීම - vinivida.lk)


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලාල් කාන්ත ගේ 'වනචාරී'කතාවට පසු වදනක් | ප්‍රණීත් අභයසුන්දර | The Leader