" මම ධම්මපදයේ පළවෙනි ගාථාවේ පළවෙනි පදය ගැන චැට් Gpt ගෙන් ඇසුවා. මේ අනුව වඩා උසස් මනසද කෘතිම ඥානය ද කියා මා විමසා සිටියා. ටික වෙලාවක් අරගෙන අධ්‍යයනය කිරීමෙන් පස්සේ වඩා උසස් මනස කියා චැට් Gpt පිළිගත්තා. කෘත්‍රිම ඥානය කියන්නේ සීමා සහිතයි. ඒ ඔක්කොටම කලින් බුදුන් වහන්සේ ඒ බව කියලා තියෙනවා".
තමා සහ චැට් Gpt හතර සිදුවූ සංවාදය ගැන රනිල් ගාල්ලේ පැවති අත්ත පත්‍ර ප්‍රදානෝත්සවයකදී විස්තර කළේ එසේය. ඒ උත්සවය තිබුනේ ගාල්ල, මණ්ඩලපුර ශ්‍රී මිහිඳු මහා විහාරය ඇතුළු විහාරාද්වයාධිපති පැලවත්තේ චන්දිම නා හිමිට අක්ත පත්‍ර ප්‍රදානය කරන්නටය.
වජිර, ගයන්ත, පියසේන ගමගේ ආදීහු එහි වූහ. අක්ත පත්‍ර ප්‍රදානය කරන්නට තිබුණේ රනින්ගේ අතිනි. රනිල් එහිදී අක්ත පත්‍රය වජිර, ගයන්ත සහ පියසේන ගමගේ අතට දී මෙහෙම කතාවක් කිව්වේය.
" මේ හැම එක්කෙනාටම දැන් යුතුකම තියෙනවා ව්‍යවස්ථාවේ නව වැනි වගන්තිය ආරක්ෂා කරන්න" ඒ කතාවේ වාච්‍යාර්ථයට එහා ගිය අරුතක් ගැබී වී තිබිණි.
"රටේ පාලකයන් බුදු දහමට ප්‍රමුඛතාව ලබාදීම සඳහා බැඳිලා ඉන්නවා
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පාලන යුගයේදී පවා බුදු දහමට ප්‍රමුඛත්වය ලබා දීම යන කාරණය පිළිගෙන ඒ අනුව කටයුතු කළා.
බුදු දහමට ලැබිය යුතු ප්‍රමුඛතාවය අහිමි කළහොත් කරන්නේ කුමක්දැයි පක්ෂ නායකයින් මහා නාහිමිවරුන් සමඟ සාකච්ඡා කරනවා" රනිල් සිය කතාවේදී සඳහන් කළේය.

මේ බෞද්ධ පුනරුදයෙන් බුද්ධාගම ඉදිරියට ආවා. 1972 අපේ ව්‍යවස්ථාව සකස් කරන අවස්ථාවේත්, ජේ. ආර්. ජනාධිපති විපක්ෂ නායක හැටියට බුද්ධාගමට විශේෂ තැනක් ලබාදෙන්න කියා ඉල්ලීමක් කළා.
කළුතර බෝධිය කපන්න ගිය අවස්ථාවේ වික්ටෝරියා රැජිණ ඊට විරුද්ධ වුණා.
ඒ නිසා අද මේ පළාතේ සමහර විහාරස්ථාන වල 19 වෙනි සියවසට අයත් බිතු සිතුවම් වල වික්ටෝරියා රැජිණගේ පින්තූර නිර්මාණය කර තිබෙනවා. ඒකට උදාහරණයක් හැටියට කතලුවේ පන්සල පෙන්වා දෙන්න පුළුවනි රනිල් ඉතිහාසයෙන් බිඳක් විස්තර කළේ එසේය.
ඔහු විහාර දේවාලගම් පනත ගැනත් එහිදී යමක් කීවේය.
"ලංකාවේ විහාර - දේවාලගම් පනත සම්මත කර තිබෙන්නේ බුද්ධාගමට දිය යුතු නිසි තැන ලබාදීම සඳහායි. ඒකෙන් කියන්නේ විහාරවලට අයිති දේවල් විහාරවලට අයිති බවත් දේවාල වලට අයිති දේවල් දේවාල වලට අයිති බවත්ය.
විශේෂයෙන්ම අපේ බැතිමතුන් ලබාදෙන රත්තරන් බඩු සියල්ලම අයිති වෙන්නේ ඒ විහාරයට නැතිනම් ඒ දේවාලයටයි. ඕවට අත තියන්න ගිහින් රටට මොනවා වෙයිද කියා මමනම් දන්නේ නෑ"
ආණ්ඩුවට වැළඳී ඇති අලුත්ම භීතිය
ආණ්ඩුවට වැළඳී ඇති අලුත්ම භීතිය නීතිපති භීතියයි. නීතිපතිට යන්නැයි කියා දැන් පැලවත්තෙන් උද්ඝෝෂණ සූදානම් කරමින් සිටී. නීතිපතිට යන්නැයි කියා ආණ්ඩුව සංවිධාන කළ උද්ඝෝෂණයට සහභාගී වී ඇත්තේ දොළොස් දෙනකු පමණක් බව දැනගන්නට ඇත. එතන වැඩිපුර සිට ඇත්තේ මාධ්‍යකරුවන්ය. නීතිපති එළවීමේ සටන ආණ්ඩුවේ අලුත්ම හත්පොළේ ගා ගැනිල්ලයි. පැලවත්තෙන් නීතිපති ඉවත් කරන්නට යාම ගැන ප්‍රගතිශීලී පාර්ශ්ව වලින් දැඩි විරෝධය එල්ල වෙමින් තිබේ. ඕනෑ එකට මෙන්ම එපා එකටත් පැලවත්ත ඈදා ගැනීම ගැන ඔවුන්ට චන්දය දුන් ජනතාවට පවා ඔක්කාරයක් දැනෙමින් පවතින බව හොඳින්ම පෙනෙන්නට තිබෙයි.
ජේ.වී.පී පොලිස්පති කෙනෙක්, ජේ.වී.පී.නීතිපතිවරයෙක්, ජේ.වී.පී අගවිනිසුරු වරයෙක් පත්කර ගැනීම ඔවුන්ගේ එකම සිහිනය වී තිබෙයි. කොටි වලස්සු ආදී වල් සත්තු ඇඟට පනින්නේ මිනිසුන්ට ඇති බය නිසාම යැයි කියනු ලැබේ. ඒ ආකාරයටම ජවිපාවුන් දැන් දැන් සාමාන්‍ය මිනිස්සුන්ගේ ඇඟට පනින්නට පටන් ගෙන තිබේ. ස්වාධීන නීතිපතිලා ඉවත් කරන්නට ප්‍රයත්න දැරීම ඒ දිගුකාලීන ක්‍රියාවලියේ එක් අංශු මාත්‍රයකි. ආණ්ඩුවේ මේ බියගුළු ක්‍රියාවලිය විපක්ෂයේ ප්‍රබල දේශපාලකයන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබිණි.
ආණ්ඩුව නීතිපතිවරයා හා අධිකරණ පද්ධතිය බිය ගන්වන්න උත්සාහ කරන බවත් ඔවුන් ඒ තර්ජන වලට බය නොවන බව තමා දැඩි ලෙස විශ්වාස කරන බවත් නාමල් කියා තිබිණි.
නාමල් කියා තිබුණේ ආණ්ඩුව පන්ති පහ පාස් නමුත් හය වසර ෆේල් බවයි.
මන්ත්‍රී කණ්ඩායම් හමුවට හා චාමර "සර් ස්විස්ටර්ලන්තයේ දී හරිනිට ට්‍රම්ප් හබ්බ වෙලා නේදැයි විමසීය. ආ... ඇත්තදැයි රනිල් ඇඟට පතට නොදැනී විමසූ විට චාමර කීවේ ''ඔව්, එල්.ජී.බී.ටි කිව් ගැන මොනවද අහල තියනවා කියලා ආරංචියි. අනේ අපි නම් ඕවා දන්නේ නෑ''යනුවෙනි.
රනිල් ඊට කිසිත් නොකීවේ චාමර මේ කියන්නේ වෙන දහංගැටයක් බව දැන ගත් නිසාය.
නන්දනගේ වියෝගයත් සමඟ බොර දියේ මාළු බාපු කට්ටිය...
පසුගිය සතිය එජාපයට අසුබදායක සතියක් වුණේ පානදුර සංවිධායක නන්දන ගුණතිලකගේ හදිසි අභාවය නිසාය.
කලක් රෝගාතුරව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන අතරතුර නන්දන රාගම ශික්ෂණ රෝහලට මාරු කරන්නේ රෝගී තත්ත්වය උත්සන්න වීමත් සමගයි.

නන්දනගේ වියෝගයත් සමඟ බොර දියේ මාළු බාන්නට සූදානමින් සිටින ඒ මඩ බලකායක් ක්‍රියාත්මක විය.එම මඩෙන් කියැවුනේ නන්දනගේ ජයවර්ධනපුර රෝහලේ බිල්පතෙහි සඳහන් මුදල් ගෙවන්නට රනිල් ,වජිරට පැවරූ බවත් නමුත් ඒ මුදල් නොගෙවා ඇති බවත්ය.
ඇත්ත නැත්ත නොදන්නා ඇතැම් එ.ජා.ප පාක්ෂිකයින් පවා මෙම කාරණාව තම කර මත තබාගෙන සභාපති වජිරට විශාල මඩ ප්‍රහාරයක් එල්ල කරන්නට විය.
වජිරට දුරකථන ඇමතුම් එක දිගට ලැබෙන්නට වූයේ මෙහි සත්‍ය අසත්‍යභාවය දැනගැනීමටය.
කෙසේ නමුත් වජිර ගැන දන්න පිරිස් නම් මෙම කාරණාව කණකටවත් නොගෙන ප්‍රතික්ෂේප කර තිබුණේ වජිර සිය දහස් ගණනකට තම පුද්ගලික ධනයෙන් අනේක විධ උදව් උපකාර කර තිබු නිසාවෙනි.

කතා කරන බොහෝ දෙනෙක් වජිරගෙන් මේ කාරණාව අසන අවස්ථාවේදී වජිර ලබාදුන් පිළිතුර ඉතා සරල විය.
“මම තාම ජීවත් වෙනවා. ගහන මඩක් මට ගහන්න, හැබැයි නන්දන දැන් මැරිලා. ඒ මනුස්සයට මඩ ගහන්න එපා. ඒක මහා පාප කර්මයක් යනුවෙනි.”
ඔය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල මඩක් යනවා මම දැක්කා. අනිත් එක ඔය කාරණාව වෙන අතරේ මමත් නායකතුමාත් හිටියේ අනුරාධපුරයේ.
බිල ගෙව්වා විතරක් නෙමෙයි එතුමා අසනීප වුණ අවස්ථාවේ ඉදලම රනිල් නායකතුමා ඔහු ගැන සොයා බැලුවා. ඔහු වෙනුවෙන් කරන්න පුලුවන් සෑම දෙයක්ම කරන්න මටත් උපදෙස් ලබා දුන්නා. මම ඒ හැම දෙයක්ම කළා.
රෝහලේ බිල ආවම අපි නන්දනගේ සහෝදරියට පැහැදිලි කළා අපි ඉන්නේ අනුරාධපුරේ කියලා. එතුමියගෙන් අහලා බලන්න පුලුවන් ඕන කෙනෙක්ට.
අපි අනුරාධපුරේ ඉදන් ආව ගමන් ඒ බිල් සියල්ලක්ම ගෙවා දැම්මා.මගේ ගාව ඒ බිල් තියනවා.
මටනේ ඔය මිනිස්සු නිව්ස් ප්ලාන්ට් කරලා මඩ ගහන්නේ. අනේ ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ.
මේ සම්බන්ධයෙන් වජිරගේ මාධ්‍ය අංශයෙන් පවා නිවේදනයක් නිකුත් කරන්න වජිරගෙන් විමසා සිටියත් වජිර ඔවුන්ටද පවසා තිබුණේ නන්දනට අපහාස වෙන කිසිම දෙයක් කළ යුතු නැති බවයි.
මඩ නිවුස් ප්ලාන්ට් කළ උදවිය පළාතේ නාවත් වජිර නන්දනගේ අවමගුලට ගොස් දේහයටත් කර ගැහුවෙය. රනිල්ගේ ශෝක ප්‍රකාශයේද අවමංගල්‍ය උළෙලට ඉදිරිපත් කළේ වජිරයි.
"සැබෑ මානව ප්‍රේමී දේශපාලනඥයකු වූ නන්දන ගුණතිලක වෙනුවෙන් ලාංකේය සබුද්ධික ජනතාව ලකුණු සියයෙන් සියයම ලබා දෙනු ඇත" රනිල් සිය ශෝක ප්‍රකාශය අවසන් කර තිබුණේ එසේය.
(සටහන | මල් පාරේ ලියුම්කරු)




