එහෙත් මීට දින කිහිපයකට පෙරාතුව එම රථයේ custom charges සම්බන්ධයෙන් වන ගැටලුවක් හේතුවෙන් සමාජ ජාලා උණුසුම් වී තිබෙනු දක්නට ලැබිණි.
එම සිදුවීම සම්බන්ධයෙන් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන තම නිළ ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදා තිබූ අතර, එහි සඳහන් පරිදි එම වාහනය ඔහු වෙත ආනයනය කර දී තිබුණේ ප්‍රකට Volstar ආයතනය විසිනි.
ඩඩ්ලි සිරිසේන තම නිළ ෆේස්බුක් ගිණුමේ පළකර තිබු සටහන මතු පළවේ.
' මේ දවස් වල මම ගෙන්වපු රෝල්ස් රොයිස් Phantom 8 රථය සම්බන්ධයෙන් හා ශ්‍රී ලංකා රේගුව සම්බන්ධයෙන් කියවෙන කතා බොහෝ තැන්වල සංසරණයවන නිසා, ඒ ගැන මගේ ප්‍රතිචාරය ඔයාලට එක්ක බෙදා ගන්න මට ඕන වුණා. ( මොකද කිසි දෙයක් හරියාකාරව නොදන්නා පරිසරයක වැරදි පුවත් සමාජගතවන එක ඉක්මණටම සිදු වෙනබව අපි හැමෝම දන්න නිසා )
කතාව මේකයි. මීට මාස කිහිපයකට කළින් මම Rolls-Royce මාදිලියට අයත් Phantom 8 කියන සුඛෝපභෝගී වාහනය ලංකාවට ආනයනය කරන්න සියලු දේවල් සූදානම් කළා. ඉතින් ඒකට අවශය බැංකු ණයවර, එහෙමත් නැත්නම් LC ආදිය විවෘත කරලා අදාළ මෝටර් රථයත් ලංකාවට ගෙනාවා.
ඉතින් ඒ සිදුවීම නිසාම මේ මෝටර් රථය නිදහස් කරගන්න විශාල මුදලක් අපිට අතිරේකව ගෙවන්න වෙන නිසා මම කළේ අදාල ප්‍රතිඅපනයන ගාස්තු ගෙවලා ඒක ඒ ආයතනයටම නැවතත් යවපු එක. ඉතින් ඒ සිදුවීමෙදි මම සහ ඒ ආයතනය අතර ඇතිකගත්ත එකඟතාවයකදි නැවතත් ඉදිරියේදී එම රථයක් ලංකාවට ගෙන එන්න ගිවිසගත්තා.

ඔය අතරෙදි තමයි මට ආරංචි වුණේ Rolls Royce සමාගමේ 100 වෙනි සංවත්සරය වෙනුවෙන් විශේෂ මාදිලිවල සීමාසහිත නිෂ්පාදනයන් ( Limited Edition ) පෙළක් ඒ අය හඳුන්වා දෙන්න යනව කියලා. ඉතින් ඒ අනුවයි මම පසුගිය දිනෙක ලංකාවට ගෙන්වපු Rolls Royce Phantom series 8, EWB කියන මෝටර් රථය ලංකාවට ගෙන්වන්නෙ. මොකද ඒක කළින් ගෙන්වපු රථයට වඩා තාක්ෂණය වැඩිදියුණු කළ ( Upgrade ) එකක්.
ඉතින් හිතුවත් වගේම මීට ටික දවස් කිහිපයකට කළින් එම ආයතනය විසින් මගේ වාහනය ලංකාවට ආනයනය කළා. ඊට පස්සෙ ඒ වාහනයට අදාළ බදු ඇතුලු සියලුම රේගු ගාස්තු ගෙවලා වාහනය නිදහස් කරගත්ත එම ආයතනයේ අය එය ගෙනැවිත් මට බාරදුන්නා. ඉතින් මගේ පාර්ශවයෙන් මෙයට අදාළ ගණුදෙණුව සම්පූර්ණ වුණ නිසාම, මම වාහනය බාරගෙන පහුවෙනිදම රාජකාරී සංචාරයක් වෙනුවෙන් විදෙස්ගත වුණා.
ඉතින් ඔහොම ටික දවසක් යද්දි තමයි මට ආරංචි වෙන්නෙ මගේ වාහනයට අදාළ රේගු ගාස්තු නිසියාකාරව නොගෙවපු නිසා අදාල ආනයනකරුගෙන් කෝටි 07 ක දඩ මුදලක් (penalty එකක්) රේගුව විසින් අයකරගෙන කියලා.

ඔයාල හැමෝම දන්නවනෙ අපි වාහනයක් ආනයනය කරද්දි ඒක යම් කිසි තැරැව්කාර ආයතනයක් හරහා සිදුකළොත් වාහනය අපේ අතට ගන්නකල් සිදු වෙන ක්‍රියාවලියට අපි මැදිහත් වෙන්නෙ නෑ කියලා. ඉතින් මෙතනත් වුණේ ඒ වගේ දෙයක්. මම මගේ ආනයනකරුට ගෙවන්න ඕන සම්පූර්ණ මුදලම ගෙවලා මගේ වාහනය ලබාගත්තා මිසෙක, එතතින් එහාට ඔහු කළ දේවල් මට අදාළ වෙන්නෙ නෑ.
මිත්‍රවරුනි, මේ සුඛෝපභෝගී මෝටර් රථය Rolls- Royce සමාගමේ 100 වෙනි සංවත්සරය වෙනුවෙන් නිකුත් කළ සුවිශේෂ මෝටර් රථයක් වීමත්, මෙය විශේෂ LWB කියන මාදිලියට අයත් එකක් වීමත් සමඟ අපේ අය කළේ මෙහි තොරතුරු ලබා ගන්න අන්තර්ජාලයේ පිහිට පැතීම.

ඉතින් Rolls - Royce Anniversary Model කිව්ව ගමන් ඉහළින්ම එන්නෙ මෙම මෝටර් රථයට සමගාමීව නිර්මාණය කළ ඩොලර් මිලියන 3 ක් වටිනා Phantom-8 centenary රථය. ඉතින් මගේ මෝටර් රථයත් සුවිශේෂී Anniversary Model එකක් නිසාම ගොඩක් අයට වුණේ ඒ වාහන මාදිලි දෙක පැටලීම.
ව්‍යාපාරිකයෙක් වශයෙන් කොච්චර මිල මුදල් තිබුණත්, මෝටර් රථයක් වැනි දෙයක් වෙනුවෙන් රුපියල් බිලියන ගණන් වියදම් කරන්න තරම් මම මෝඩ නැහැ කියල මාව ළඟින් අඳුරන ඔයාල හැමෝම දන්නවා. මොකද ව්‍යාපාරයක් ගොඩනඟන්න තියන අමාරුව වගේම අද කාළෙ ව්‍යාපාරයක් රැකගන්න තියන අමාරුවත් මම හොඳින්ම දන්නවා.
( උපුටා ගැනීම අවසන් )
සබැඳි ලිපියක් :
ඩඩ්ලිගේ ශෘංගාරය




