The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
විශේෂාංග

නීතිපති තනතුරේ නිල භාවිතාව සහ හර්ෂණ නානායක්කාර | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

T

The Leader Desk

January 25, 2026 • 11:45 AM

නීතිපති තනතුරේ නිල භාවිතාව සහ හර්ෂණ නානායක්කාර | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්තමාන නීතිපතිවරයා පිළිබඳව පවත්නා සමාජ කතිකාව කෙරෙහි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර දැක්වූ ප්‍රතිචාරය ඛෙහෙවින් ධනාත්මක වේ.
  • හර්ෂණගේ ප්‍රකාශය නිර්දේශපාලනික සමාජ යථාර්ථයක් බව තහවුරු කෙරෙන අතීත සිද්ධියක් මෙහි උපුටා දක්වනු කැමැත්තෙමි.
  • දප්පුල ගැන මොනවා හරි කරන්න වේවි.''  මගේ මතකය නිවැරදි නම් ඒ අවස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වරයා ලෙස නීතිඥ සුදර්ශණ ගුණවර්ධන මා අසලින් වාඩිගෙන සිටියේය.
  • ලේක් හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ලෙස එකී සාකච්ඡාවට සහභාගිවූ  මම කාටත් පළමුව ඇමති මංගල සමරවීරගේ ප්‍රකාශය සම්බන්දව මගේ ස්ථාවරය දක්වා සිටිමට තීරණය කළෙමි.
අකුරු ප්‍රමාණය (Font Size):


එකී ප්‍රතිචාරයෙන් කලබලවූ මාලිමා සමාජ මාධ්‍ය බලකාය මෙතෙක් දේශපාලන හතුරන්ට එල්ල කරමින් සිටි තම සහාසික බර අවි ආයුධ හර්ෂණ නානායක්කාර වෙත දමා ගසමින් සිටිත්. හර්ෂණගේ ප්‍රකාශය නිර්දේශපාලනික සමාජ යථාර්ථයක් බව තහවුරු කෙරෙන අතීත සිද්ධියක් මෙහි උපුටා දක්වනු කැමැත්තෙමි.

 



ඊට සමගාමිව, යහ පාලන ආණ්ඩුවේ මුදල් අමාත්‍ය රවි කරුණානායක ගෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දප්පුල ලිවේරා සිදු කළ ආන්දෝලනාත්මක හරස් ප්‍රශ්න ඇසීම එදා පාලකයන්ගේ සතුටට හේතු නො වීය. එවකට ජන මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර දිනපතා උදෑසන රජයේ මාධ්‍ය ප්‍රධානින් සමග කළ සාකච්ඡාවේදී දප්පුල ලිවේරා ගැන කරමින් මෙසේ කීය.

''දප්පුල ලිවේරා ගැන ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මට ලොකු පීඩනයක් එල්ල කරනවා. දප්පුල ගැන මොනවා හරි කරන්න වේවි.''  මගේ මතකය නිවැරදි නම් ඒ අවස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වරයා ලෙස නීතිඥ සුදර්ශණ ගුණවර්ධන මා අසලින් වාඩිගෙන සිටියේය. ලේක් හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ලෙස එකී සාකච්ඡාවට සහභාගිවූ  මම කාටත් පළමුව ඇමති මංගල සමරවීරගේ ප්‍රකාශය සම්බන්දව මගේ ස්ථාවරය දක්වා සිටිමට තීරණය කළෙමි.

''ඇමතිතුමා මමත් වෘත්තියෙන් නීතිඥයෙක්. හරස් ප්‍රශ්න ඇසීම නීතිඥ වෘත්තියේ වගකීමක්. අපේ රස්සාවේ මූලික කොටසක්. රජයේ අධි නිතිඥ දප්පුල ලිවේරා ඒ නඩුවට පෙනි සිටින්නේ නීතිපති නියමයෙන්. ඒක ඔහුට පැවරුණ රාජකාරියක්. ඒ අනුව අපි දප්පුලට ප්‍රහාරයක් එල්ල කිරීම වැරදියි.'' මොහොතක් මා දෙස බලා සිටි අමාත්‍ය මංගල සමරවීර Forget it  කියා ඒ ප්‍රශ්නය අවසන් කළ බව ගෞරවයෙන් සිහිපත් කරමි. (හේමලයා. ස්වයං චරිතාපදානය 406 පිට චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

මේ පැරණි සිද්ධිය සමග පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිතිඥයෙක් වන හර්ෂණ නානායක්කාර අධිකරණ ඇමති හැටියට නීතිපතිගේ මැදිහත්වීම දේශපානිකව නො දැකීම  ඉතිහාසයේ කොටසක් වන බව මම විශ්වාස කරමි. එදා මා පෙනී සිටියේ යහ පාලනය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් නොවන අතර හර්ෂණ මෙදා සියල්ල දේශපාලනය නොවන බවට නිකුත් කරන නිහඬ පණිවිඩය වෘත්තිකයෙකු මෙන්ම යහපත් රට වැසියෙකු හැටියට සැලකිය යුතුය. පවත්නා තත්වය පිළිබඳ මා මිත්‍ර ජනාධිපති නිතිඥ උපුල් කුමරප්පෙරුම සහ සුනිල් වටගල වැනි හර්ෂණටත් වඩා වෘත්තියෙන් ජ්‍යෙෂ්ඨ (එහෙත්) මාලිමාව සමග සිට ගත් නීති වෘතිකයන් නිහඬව සිටීම ගැන මට ඇත්තේ මහත් සංවේගයකි.

 

Untitled 2347ශ්‍රීනාත් පෙරේරා
ජනාධිපතිනි  චන්ද්‍රිකා බණ්ඩාරනායක කාලයේ  නීතිපති තනතුර ඇබෑර්තු වූ අවස්ථාවක ඒ ඇබෑර්තුව පුරවන තෙක් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්  ශිබ්ලි අසීස් නීතිපති තනතුරේ වැඩ ආවරණය කළේය. මේ අතර එවකට ජනාධිපති ලේකම් බාලපටබැඳි එවකට නීතිපති දෙපාර්තමේන්තුවේ සිටි ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥයෙකුවූ ශ්‍රීනාත් පෙරේරා කැඳවා ඔහු නීතිපති තනතුර සඳහා නම් කර ඇති බව දන්වා සිටියේය. ජනාධිපති නීතිඥ මා මිත්‍ර ශ්‍රීනාත් පෙරේරා ඒ අවස්ථාවේ ඊට ප්‍රතිචාර දැක්වූ ආකාරය මෙසේය.

''මට යමක් කියන්න තියෙනවා.'' ශ්‍රීනාත් පෙරේරා එසේ ආචාරශීලිව ලබා ගත් අවසරයෙන් සිය ස්ථාවරය මෙසේ පැහැදිලි කළේය.

''නීතිපති තනතුර සඳහා මට වඩා ජ්‍යෙෂ්ඨයන් තිදෙනෙක් මේ වන විට දෙපාර්තමේන්තුවේ සේවය කරනවා. එයින් වඩාත් ජ්‍යෙෂ්ඨ නිලධාරියා ශීබ්ලි අසීස් මහතා. මේ පසුබිමේ නීතිපති තනතුර මා විසින් භාර ගත යුතු නැත කියා මම කල්පනා කරනවා.'' ශිබ්ලි අසීස් නීතිපති තනතුරට පත් කළේ මේ අප්‍රකට සිද්ධියට පසුවය.  

ඊළඟට නීතිපතිගේ වගකීම සහ අභිමතය දැක්වෙන සිද්ධියක් පෙළ ගස්වනු කැමැත්තෙමි.

කලකට පෙර එක් මැදිවියේ ගැහැනියක්, තමා සේවය කළ නිවසේ ලොකු මහත්තයා තමාව බලෙන් දූෂණය කළ බවට කළ පොලිස් පැමිණිල්ලක් හුවා දැක්වූ වික්ටර් අයිවන් 'රාවය' පුවත්පත හරහා ස්ත්‍රී දූෂණයක් යටපත් කිරීමට එරෙහිව නීතිපති සහ පොලිසිය එක්ව අපරාධයක් යටපත් කරතී යයි ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේය.  සැකකාර ලොකු මහත්තයා වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාට එරෙහිව සිදු කළ මූලික විමර්ෂණ අනුව අධි චෝදනා නැගීමට ප්‍රමාණවත් සාක්ෂි නැති බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිගමනය  විය. විමර්ශණයට පාදක වූ පොලිස් පැමිණිල්ලේ දැක්වෙන දූෂණයට ලක්වූවා කියන වින්දිත තැනැත්තියගේ දුර්වල ප්‍රකාශය තුළ අපරාධ වරදක් හැටියට beyond a reasonable doubt සැකයෙන් තොරව ඔප්පු කළ හැකි නඩුවක් නොවී ය. ලඝු නොවන නඩු විභාගයේදී ඇය සාක්ෂි දෙමින් කියා සිටියේ ''ලොකු මහත්තයා මං ළඟට ආවා හිනෙන් වාගේ මතකයි'' වැනි භාවාත්මක සංවේදී සුරංගනා කතාවකි.

thilak marapanaතිලක් මාරපන
එකී නිරීක්ෂණයට මුවා වී  වික්ටර් අයිවන් එවකයට නීතිපතිව සිටි තිලක් මාරපනට මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවට ජේ.ආර්, ජයවර්ධනගේ පාලනයද එකට පටලවා දේශපාලනිකව දැවැන්ත ප්‍රහාර එල්ල කළේය. මේ කියන කාලයේ නීතිපති වරයා රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් සමග සතිපතා පැවැත්වූ නො නිල කතාබහක් අතර, මෙම මඩ ප්‍රහාරය සිහිපත් කළ එක් රජයේ නීතිඥයෙක් ඔප්පු කළ නොහැකි වුවද මහාධිකරණයේ අධි චෝදනා ගොනු කොට නීතිපති දෙපාර්තමේන්තුව මේ අසීරු තත්වයෙන් ගොඩ ගත යුතු බවට යෝජනා කළ ද, නීතිපති තිලක් මාරපන සිය ස්ථාවරය මෙසේ දැක්වීය.

''අපි රාජ්‍යයේ නීතිඥයන් මිස ආණ්ඩුවේ හෝ මාධ්‍ය කාරයන්ගේ නීතිඥයන් නොවේ. අපි තීරණ ගැනිමේදී කාගේවත් බලපෑමකට යටත් වී වැඩ කළ යුතු නැහැ. මා ඔය වාර්තාව දැක්කා. ඒක දුර්වල පැමිණිල්ලක්. උසාවියත් හිනාවෙයි. අපි එක එකාට බයේ අධි චෝදනා ගොනු කළොත් නො කළ වරදකට අර පිරිමියා විතරක් නෙවෙයි. විත්තියේ නීතිඥයන් අර ගෑනිගෙත් රෙදි ගලවනවා. පත්තර කාරයන්ට උවමනා විදියට නීතිපති හැසිරෙන්නේ නෑ. පත්තර අපට ගහපුවාවේ. සමහර විට පාර්ලිමේන්තුවෙත් කතා වේවි. කමක් නැහැ. ඉතිහාසය දවසක අපව නිදහස් කරනවා ඇත. මම ගෙදර ගියත් මේ නඩුව පවරන්නේ නෑ මොකද වෙන්නේ කියලා බලමු '' ඒ අනුව එකී විශ්‍රාමික පුද්ගලයාට එරෙහිව අධි චෝදනා ගොනු කර නඩුවක් පැවරුණේ නැත.

ටික කලකින් වික්ටර් අයිවන්ට වඩාත් රසවත් අළුත් කතාවක් සොයා ගත් නිසා අර ස්ත්‍රී දූෂණ නඩු අවලාදය යටපත් වුවද, ලොඩ නැගුණ සමාජ වෛරය හේතුවෙන්  දැඩි පීඩාවකට ලක්ව සිටි අර විශ්‍රාමික පොලිස් නිලධාරියා හෘදයාබාධයකින් මිය ගිය බවත් ඊට ආසන්න දවසක අර මෙහෙකාර ගැහැනිය පාපොච්ඡාරණයක් කරමින් තමා යම් කෙනෙකුගේ උවමනාවට එකී පැමිණිල්ල කළා මිස තමන්ට නිවැසි ස්වාමියාගෙන් අතවරයක් සිදු නොවූ බවට කළ ප්‍රකාශයට වික්ටර් අයිවන් අවශ්‍ය ප්‍රසිද්ධිය ලබා දුන්නේ නැත.

නිතිපතිගේ ස්වාධින භූමිකාව හෙළි කෙරෙන තවත් පුවතක් මෙසේය.

 

ad61525aecd36a287baccdab08b1c19f XLයුවන්ජන් වනසුන්දර විජේතිලක
වසර 2015 ජනවාරි 8 වෙනිදා රාත්‍රීයේ මහින්ද රාජපක්ෂ ස්වකීය නිල නිවාසය වූ අරලිය ගහ මන්දිරයේ සිට, 2010 මෙන් ජනාධිපති මැතිවරණ ප්‍රතිපල උඩු යටිකුරු කළ හැකි වෙට්ටුවක් ගැන කල්පනා කරමින් සිටියේය. විධායක ජනාධිපති හැටියට තමා ගෙන් අක්ත පත්‍ර ලබා ගත් අග විනිසුරු මොහාන් පීරිස්, නීතිපති විරංජන් විජේතිලක, හමුදාපති දයා රත්නායක කැඳවූ මහින්ද රාජපක්ෂ, පවත්නා අසිරු තත්වය විස්තර කොට ඊට සහාය දක්වන ලෙස ඉල්ලා සිටියේය.  ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත් කළ අග විනිසුරු මොහාන් පීරිස් අත් දෙකම ඔසවා වහා කැමැත්ත පළ කළද, ජනාධිපති මහින්ද පත් කළ හමුදාපති දයා රත්නායක මැතිවරණ කාලයක හමුදාව අක්‍රිය බව දක්වා ඍජුව ඊට එකඟ නො වීය. ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත් කළ නීතිපති යුවන්ජන් වනසුන්දර විජේතිලක සිය හඬ අවදි කළේය.

'' සර් මේක බරපතල නීති ප්‍රශ්නයක්. මම තවත් නිලධාරියෙකු සමග කතා කළ යුතුව තිඛෙනවා.'' එසේ ලබා ගත් අවසරය ඇතිව හෙතෙම, සිය ජංගම දුර කතනයෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ වරියක සම්බන්ධ කරගෙන ස්පීකර් පෝන් විවෘත කර එකී සාකච්ඡාව කාටත් ඇසෙන්නට සැලැස්වීය. ඇය සිය ප්‍රධානියාට අවධාරණය කළේ තීරණාත්මක මැතිවරණයක් අතර පොලිසියට නියෝග දීමේ අභිමතයක් මැතිවරණ කොමසාරිස්ට පවා පවත්නා හෙයින් අමතර නීතිමය අත පෙවීමක් සිදු කරන්නේ නම් පළමුව මැතිවරණ කොමසාරිස් සමග සාකච්ඡා නො කර කිසිදු ඍජු මැදිහත්මක් කළ නො හැකි බවය. දුරකතන සංවාදය අසා සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ ගම් බලා යාමට තීරණය කළේය.

1720784511 new attorney generalපාරින්ද රණසිංහ

මේ අතීත සිද්ධි හරහා නීතියේ ආධිපත්‍ය මෙන්ම නීතිපති භූමිකාවේ ආකල්ප මෙන්ම රාජ්‍ය කෙරෙහි පවත්නා වගකීම ද, පැහැදිලි වේ. වෘත්තීයෙන් නීතිඥයෙකු වූ වර්තමාන අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වර්තමානයේදී නීතිපති අර්බුදය සම්බන්ධව දරණ විශිෂ්ඨ ස්ථාවරය ඉහත සංසිද්ධින් හරහා කියැවෙන සම්ප්‍රදාය පිළිබඳ අවබෝධය විසින් හැසිරවීමක් වන හෙයින් සමාජ මාධ්‍ය හර්ෂණ හරහා පතුරු ගැසුවාට සමහර විට අප ජිවත් නොවන හෙට දවසේ මහත් සම්භාවනාවට පාත්‍ර වෙනවාමය.

මේ සියල්ල ඉතිහාසය හෝ අතීතය කියා කිසිවෙකුට බැහැර කළ හැකිය. එහෙත් තවත් වැදගත් යමක් මේ සංසිද්ධිය අතර, සැඟවී පවත්නා බව අවබෝධ කරගත යුතුව තිබේ.  

වර්තමාන නීතිපති පිළිබඳ මේ අර්බුදකාරි තත්වය ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිළිබඳ නඩුව පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව දෙකට ඛෙදී සිටීමේ ප්‍රතිපලය බව රහසක් නොවේ. රනිල්ට නඩු පැවරීමට බැලු බැල්මට නීතිමය පදනමක් නැත යන ස්ථාවරය දැරූ අතිරේක සොලිසිටර් ජනරාල් පෙරේරා මේ වනවිට එකී පරීක්ෂණ කටයුතු වලින් ඉවත් වී සිය ස්ථාවරයට සිදු වන්නේ කුමක්දැයි බලා සිටින්නාහ. එහෙත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සමාජ උත්තේජනයෙන් ප්‍රබෝධමත්ව තවම සටන අතහැර නැත. බොහෝ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් කියන්නේ දිලීප පීරිස් සිය ආත්ම ගෞරවය මෙන්ම වෘත්තිය ගෞරවය කෙරෙහි සැලකිල්මත් වේ නම් පරික්ෂණ වලින් වහා ඉවත්ව සිය ස්ථාවරය තවත් නිලධාරියෙකුගේ විමර්ශණයට ඉඩ දිය  යුතු බවය.  

 

image f8726ce190
වර්තමාන නීතිපතිට එරෙහිව හදිසියේ පාරට බැස්ස සමාජ මාධ්‍ය වේදීන් නීතිපති පාරින්ද රණසිංහට ගෙදර යන්න කියන්නේ රනිල්ගේ නඩුව නිසා නොවේ. ත්‍රීකුණාමලේ නඩුවේ භික්ෂූන්ට ඇප දීමට කොළඹින් නීතිඥයන් යැවීම නිසාය. ත්‍රීකුණාමල සිද්ධියේ සැකකාර භික්ෂුන්ට ඇපදිය නො හැකිව ඇත්තේ වෙරළ සංරක්ෂණ නීති කඩ කිරීමක් අධිකරණයට වාර්තා වී ඇති නිසාය.  

භික්ෂුන් සහ බෞද්ධයන් වෙරල සංරක්ෂ නීති කඩ කරමින් බුදු පිළිමයක් තැම්පත් කළ බව කියති. එය සැලවූ වහාම පොලිස් නිලධාරින් මහ රෑ එකී ස්ථානයට ගොස් භික්ෂූන්ගේ විරෝධතා මැද පිළිම වහන්සේ එකී ස්ථානයෙන් ඉවත් කළ බවද රටමබ දනිති.  ප්‍රශ්ණය වන්නේ නඩු භාණ්ඩයක් හැටියට පොලිස් භාරයේ තබා ගත යුතු ප්‍රශ්න ගත පිළිමය ආපසු වෙරළ සංරක්ෂණ කලාපයට ගෙන ගියේ කවුද යන්නය. එය සිදු කළේ භික්ෂුන් හෝ බෞද්ධයන් නොව පොලිස් නිලධාරින් බව රහසක් නොවේ. මේ  අනුව භික්ෂුන් සිරගත කොට රටේ යම් කැළඹීමක් නිර්මානය කිරීමට සිදුවන කුමන්ත්‍රණයකට පොලිසිය ඍජුව මැදිහත්ව සිටින බව නීති වෘත්තිකයන් සැලකිල්ලට ගත යුතු අතර, රජයේ අධීනීතිඥ දිලීප පීරිස් මේ ගැන දරණ මතය කවුරුන් හෝ විමසිය යුතුවේ.

image 7c21b2bb5e

 

නඩු කටයුතු කෙටි ක්‍රමයෙන් අවසන් කර ගැනීමේ පිළිගත් සම්ප්‍රදාය අනුව රටක් ජාතිවාදි කලබලයකට යොමු කෙරෙන මේ සිද්ධිය වෙරළ සංරක්ෂ නීති කඩ කිරිමේ චෝදනාව ඉවත් කර නඩුව අවසන් කළ හැකි බවට උගත් මහේස්ත්‍රාත් වරයාද ඉඟි පළ කළ ද, පොලිසිය වෙනත් ස්ථාවරයක් දැරීම වැළක්විය හැක්කේද නිල වශායෙන් නිතිපති දෙපාර්තමේන්තුවට පමණක් බව අවධාරණය කළ යුතුවේ.

මේ සියලු කරුණු පෙළ ගැස්වූ විට කාටදෝ අවශ්‍යව ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිරේ යැවීම නොවේ. පාරින්ද රණසිංහ ගෙදර යවා දිලීප පිරිස් නීතිපති කරවීමේ කුමන්ත්‍රණයක් විය හැකිය. හේතුව  බහාලූම් සිද්ධිය ගල් අගුරු සිද්ධිය වැනි චෝදනා ගණනාවක විමර්ශණ ගොනු නීති කටයුතු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යැවීමට නියමිතව ඇති බැවිනි.

චණ්ඩි බුද්ධාගම, පොන්න පොලිසිය සහ යහ (ලාලකතිස්ස) පාලනය - Colombo Telegraph(සටහන | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නීතිපති තනතුරේ නිල භාවිතාව සහ හර්ෂණ නානායක්කාර | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න | The Leader