The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
විශේෂාංග

අර්චුනා සමාජගත කළ 'පුක්කි' කියන්නේ මොනවාද? | ආචාර්ය කේ. අරුලානන්දන්

T

The Leader Desk

January 28, 2026 • 5:01 AM

අර්චුනා සමාජගත කළ 'පුක්කි' කියන්නේ මොනවාද? | ආචාර්ය කේ. අරුලානන්දන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දවස්වල අපේ සිංහල හිතමිතුරන් මගෙන් අහන විශේෂ ප්‍රශ්නයක් තියනවා. ඒ දෙමළ ජනතාව අතර ප්‍රචලිත “පුක්කි” කියන ආහාරය ගැනයි. ඔවුන්ගේ මේ ප්‍රශ්නයට මුල රාමනාදන් අර්චුනා මන්ත්‍රීතුමා කළ ප්‍රකාශයක් සමාජ ජාල මඟින් සංසරණය වීමයි.
  • ඒ අපේ රටේ දෙමළ ජනගහනය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්ත වන බවයි.
  • සියවස් කිහිපයකට පෙර දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමිණි ඒ ජන කොටසත් දැන් ස්වදේශිකයන් ලෙසයි සැලකෙන්නේ.
  • නමුත් මේ දෙකොටස එකි’නෙකා අතර ලොකු සම්බන්ධතාවක් නැති, ඇතැම් සංස්කෘතිකමය විෂමතා සහිත වෙනම ජන කොටස් දෙකක් බවත් කිව යුතුයි.
අකුරු ප්‍රමාණය (Font Size):


නමුත් මේ පුක්කි ගැන කතා කිරීමට පෙර තවත් දෙයක් කිව යුතුයි. ඒ අපේ රටේ දෙමළ ජනගහනය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්ත වන බවයි. එයින් පළමුවැනි කොටස තමයි අපේ රටේ උතුරු පළාත කේන්ද්‍ර කරගත් ශ්‍රී ලාංකේය දෙමළ ජනතාව. ඔවුන් මෙරට ස්වදේශිකයන්. අනෙක් කොටස අපේ රටේ මධ්‍යම කඳුකරය කේන්ද්‍ර කරගත් ඉන්දියානු හෙවත් වතු දෙමළ ජනතාවයි. සියවස් කිහිපයකට පෙර දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමිණි ඒ ජන කොටසත් දැන් ස්වදේශිකයන් ලෙසයි සැලකෙන්නේ.

නමුත් මේ දෙකොටස එකි’නෙකා අතර ලොකු සම්බන්ධතාවක් නැති, ඇතැම් සංස්කෘතිකමය විෂමතා සහිත වෙනම ජන කොටස් දෙකක් බවත් කිව යුතුයි. එබැවින් මා නියෝජනය වන ශ්‍රී ලාංකේය දෙමළ ප්‍රජාව හා සම්බන්ධ මේ “පුක්කි” කතාව මම කියන්නම්.

arunanandaආචාර්ය කේ අරුලානන්දන් සිය දියණියන් දෙදෙනා සහ වැඩිමල් සොයුරිය සමඟ පේදුරු තුඩුවේ වඩුවාවත්තෙයි ශ්‍රී වීර පත්‍ර කෝවිලේ දී තෛපොන්ගල් දිනයේ දී

පුක්කි (Pukki) කියන්නේ උතුරේ ඉතා ජනප්‍රිය, විශේෂයෙන්ම දෙමළ උත්සව සහ ආගමික වතාවත්වලදී සාදන පොන්ගල් බතට. යාපනය සහ උතුරු පළාතේ දෙමළ ජනතාව අතර මේ පුක්කි කියන නම බහුලව භාවිත වෙනවා.

මේක ප්‍රධාන වශයෙන්ම සහල්, හකුරු (හෝ සීනි) සහ එළකිරි යොදාගෙන හදන පැණි රසැති කිරි බත් වර්ගයක්.

pukki1පාල් පුක්කි
සක්කරෙයි පුක්කි (Sakkarai Pukki): හකුරු හෝ පැණි යොදාගෙන හදන දුඹුරු පාට බතයි.

පාල් පුක්කි (Paal Pukki): කිරි සහ සීනි පමණක් යොදාගෙන සුදු පැහැයට හදන බතයි. දෙමළෙන් “පාල්” කියන්නෙ කිරිවලටයි.

මම දන්නා තරමින් අපේ රටේ මේ පුක්කි නිවෙස්වලම හදන ආහාරයක්. නමුත් ඉන්දියාවේ නම් මේවා හෝටල්වලත් තිබෙනවා මම දැක තිබෙනවා. මේක සහල් මාධ්‍ය කොටගත් ආහාරයක් වගේම සාදන එකත් එතරම් අපහසු නැහැ. මේක “පොංගල් බතක් හින්දා සෞභාග්‍යයේ ආහාරයක් ලෙස සැලකෙනවා.

මෙයට කිරි බතට වගේම කැකුළු සහල්, විශේෂයෙන්ම පච්චපෙරුමාල් හෝ රතු කැකුළු යොදාගන්නවා. ඒ සමඟ උකු එළකිරි හෝ පොල්කිරි, හකුරු හෝ පැණි, බැදගත් මුං ඇට, කජු සහ මුද්‍රප්පලම් මෙන්ම රස වැඩි කිරීමට එනසාල් කුඩු සහ එළඟිතෙල් යොදාගන්නවා.

pk1කෝළි පුක්කි
පළමුව සහල් සහ බැදගත් මුං ඇට සෝදා මෘදු වන තුරු තම්බා ගත යුතුයි.

පසුව පොල්කිරි එකතු කර හොඳින් මිශ්‍ර කර, දියකරගත් හකුරු හෝ පැණි එක් කරගත යුතු වෙනවා

අවසානයට එනසාල් කුඩු ඉස, ගිතෙල්වලින් බැදගත් කජු සහ මුද්‍රප්පලම් උඩින් එක් කරගන්නවා.

මේ කෑම විශේෂයෙන්ම තෛපොංගල් උත්සවයේදී සහ කෝවිල්වල පූජාවන් පවත්වන විට “ප්‍රසාදම්” ලෙස බෙදා දෙනවා. ප්‍රසාදම් කියන්නේ දෙවියන් උදෙසා පූජා කළ භෝජනයයි. මෙය අනුභව කිරීමෙන් දෙවියන්ගේ ආශිර්වාදය හා කරුණාව හිමි වන බවට හින්දූන් තුළ දැඩි විශ්වාසයක් පවතිනවා.

නමුත් පුක්කි ආගමික සම්බන්ධයක් නැතිව, රසවත් විශේෂ කෑමක් ලෙස හදන අවස්ථාද තියනවා. එය කෝළි පුක්කි (Kozhi Pukki) ලෙස හඳුන්වනවා. “කෝළි” කියන්නේ දෙමළෙන් කුකුළාටයි. ඒ අනුව මේකට “කුකුළු මස් පුක්කි” කියන්න පුළුවන්.  

මේක අනික් පුක්කි වගේ පැණිරස නැති, ලුණු සහ කුළුබඩු රසැති (Savory) පෝෂණීය කෑමක්. ශරීරයට ශක්තිය අවශ්‍ය වෙලාවට හෝ අසනීප වී සුව වන අයට යාපනය පැත්තේ අය මෙය හදා දෙනවා.

pukki2පාල් පුක්කි
මෙය මෘදුවට පිසගත් සහල්, මුං ඇට සහ කුඩා කැබලිවලට කැපූ කුකුළු මස් මිශ්‍ර කර සාදන, “කුකුළු මස් කැඳ” සහ “බත්” අතරමැදි අවස්ථාවක පවතින උකු කෑමක්. මෙයට ඉඟුරු-සුදුළූණු පේස්ට්, ගම්මිරිස්, සූදුරු, මහදුරු, අමු මිරිස්, ලූනු, රම්පේ සහ කරපිංචා යොදාගනී. මුලින්ම කුකුළු මස් කුළුබඩු දමා තම්බා, පසුව සහල් සහ මුං ඇට සමඟ බෙරි වන තුරු පිස, අවසානයේ පොල්කිරි සහ තෙම්පරාදුව එක් කර ගන්නවා. ඒත් මේක සාමාන්‍ය “චිකන් රයිස්” වගේ නොවෙයි; මස්වල යුෂ සහල් සමඟ හොඳින් මුසු වී ඇති නිසා ඉතා මෘදුයි, ගුණදායකයි.

pk2සක්කරෙයි පුක්කි
රටේ සිංහල සමාජයේ බොහෝ දෙනෙක් මේ දෙමළ ආහාර සංස්කෘතිය ගැන දන්නේ නැහැ. ලෝකය පුරා දෙමළ ජනගහනය මිලියන 75ක් පමණ සිටියත්, සමස්ත ගෝලීය සිංහල ජනගහනය මිලියන 17කටත් අඩුයි. ඒ හින්දා සිංහල ආහාර සංස්කෘතියට සාපේක්ෂව දෙමළ ආහාර සංස්කෘතිය අතිවිශාල පරාසයක පැතිර පවතිනවා. අර්චුනා රාමනාදන් මන්ත්‍රීතුමා කළ ප්‍රකාශයත් සමඟ මේ “පුක්කි” ගැන සිංහල සමාජය තුළ ඇති වූ කථිකාව, සිංහල-දෙමළ ජන වර්ග අතර සංස්කෘතික සහසම්බන්ධතාවක් ඇති කිරීමට යොදාගත හැකි බවක් තමයි මට නම් පේන්නෙ.
 


arulannadan
| සාගර විද්‍යාඥ ආචාර්ය කේ. අරුලානන්දන්
(ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධනය පිළිබඳ නියෝජිතායතනයේ NARA හිටපු අධ්‍යක්ෂ ජනරාල්)
 
 
 

renuka damayanthi psd
( සටහන | ඒ.ජී. රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...