The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
විශේෂාංග

ගෙවල් කුලී සම්බන්ධ ඇත්ත ප්‍රශ්න හා බොරු විසඳුම් | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

February 3, 2026 • 4:55 AM

ගෙවල් කුලී සම්බන්ධ ඇත්ත ප්‍රශ්න හා බොරු විසඳුම් | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපේ පවුලෙ හතරදෙනාට ගෙවල් දෙකක් තියෙනවා.
  • අපි මීට අවුරුදු 30කට විතර ඉහත කාලෙ පවුල් ජීවිත ආරම්භ කරනකොට ගෙවල් කීපයක කුලියට ඉඳලා තියෙනවා.
  • එවැනි අයට එරෙහිව ගත හැකි සීමිත ක්‍රියාමාර්ග පවා මේ පනතෙන් ඇහිරෙනවා.
  • එවැනි ක්‍රියාමාර්ග ගැනීමම දිග්ගැහෙන නඩුවක් බවට පත්වෙන්නට පුළුවන්.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙවෙනි ගේ මං දැන් හෝම් ස්ටේ එකක් හදාගෙන යනවා. ඒක බොහෝ අය කුලියට ඉල්ලුවත්, මං දුන්නෙ නැත්තෙ, අපේ පැත්තෙ ගෙවල් කුලිය අඩු නිසා සහ ඒ කුලියට දීලා ඉන් පසු එන රෙපෙයාර් එක කරන එක පාඩු නිසායි. දැන් අලුත් ප්‍රශ්නෙකුත් ඇවිත්. තව ප්‍රශ්නයක් එන්නත් නියමිතයි. ඒ අර දේපළ බද්ද. බදු සහ මරණය හැර වෙන කිසිවක් නියත නැති ලෝකෙකනෙ අපි ඉන්නෙ.

අපි මීට අවුරුදු 30කට විතර ඉහත කාලෙ පවුල් ජීවිත ආරම්භ කරනකොට ගෙවල් කීපයක කුලියට ඉඳලා තියෙනවා. ඒ වගේම, ගෙවල් කුලියට ගන්නට ගියාම මිනිසුන් මුහුණ දෙන ගැටලු ගැනත් දන්නවා. ගෙවල් කුලිය කියන්නෙ බොහෝ විට පවුලේ එක් අයෙකුගේ වැටුපට සමාන වියදමක්. මිය යන්නට ඉඩ තියෙන වැඩිහිටියන්, කුඩා දරුවන් ඉන්න අයට ගෙයක් කුලියට දෙනකොට කොන්දේසි හැටහුටහමාරක් වාචිකව දානවා. කුලියත් වැඩි කරන්න බලනවා.

625034858 885635271107653 3887113596329017188 n

ගෙවල් කුලියට දෙන ජාවාරම්කාරයන් හා නගරංකාරයන් ඉන්නවා. උන් දැන් ඩිපොසිට් එක, සිකියුරිටි එක ආදී වශයෙන් මාස ගණනක කුලිය කලින් අරගන්නවා. ඊට කලින් ඒ වගේ ගත්ත තැන්පතු මුදල් වියදම් වෙලා නම් ඒවා පියවන්නෙ එහෙම ගන්න ඒවායින්. නැතිනම්, ඒ සල්ලි පොළියට දෙනවා. ස්ථාවර තැන්පතු දානවා. කොහොම හරි එයිනුත් ලාභ ලබනවා. ඒ සල්ලි ආපහු ගන්න ගියාම කුලියට ගත් පුද්ගලයාව රස්තියාදු කරනවා. ඊළඟ තැනට කුලියට යනකොට තැන්පතු ගෙවන්නට ඒ සල්ලි ලැබෙන්නෙ නැහැ. ඒකට වෙනම සල්ලි හොයාගන්නට ඕනැ. ආපහු දෙනකොට කපන්නට පුළුවන් ඔක්කොම කපනවා. නීතිමය ඉන්වෙන්ට්‍රි පවත්වා ගැනීමක් නැහැ.

ගෙයක් ගන්නකොට ඒවා අහන්න ගියොත්, ගන්නවා නම් ගනින්, නැතිනම් නිකම් හිටපන් තමයි කතාව. කුලියට දෙන්නා විසින් දැරිය යුතු වගකීම් ඉටු නොකරන අවස්ථා එමටයි. ඒ වගේම, සුළු හේතු මත තග දාලා ගෙවල්වලින් එළියට ඇදලා දාන අවස්ථාත් තිබෙනවා. (හැබැයි ඉතින්, ගෙවල් කුලියට දෙන අයගේ බිස්නස් එක ඒක නිසා, ඔවුන් බොහෝ විට එහෙම කරන්නෙ වෙලාවට කුලී නොගෙවීම වැනි ගැටලු නිසායි.)

දැන් මේ පනතෙන් ඒ වගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනවාද? ඒවා තමයි, කුලීකරුවන් මුහුණ දෙන සැබෑ ප්‍රශ්න.

01 107
දැන් අපි බලමු, කුලියට දෙන අය මුහුණ දෙන ප්‍රශ්න. ලංකාවේ ගෙවල් කුලියට දෙන හැමෝම ඒක ව්‍යාපාරයක් කරගත් අය නෙමෙයි. ඇතැමෙකු විදේශගත වෙලා. නැතිනම්, විවිධ හේතු මත, තාවකාලිකව හෝ ස්ථිරව වෙනත් පැතිවලට සංක්‍රමණය වෙලා. තමන්ගෙ ගෙදර ජරාවාස නොවී පවත්වාගෙන යන එක තමයි ඔවුන්ට වැදගත්. ඒ වගේම, උරුමය රැකගන්න එකත් ඉතා වැදගත්. සාමාන්‍යයෙන් මෙවැනි දේපළ කුලියට ගත් අයට එතරම් ගැටලුවකින් තොරව දිගු කලක් ඉන්නට පුළුවන්. ඇවිත් ඇඟිලි ගහලා හොයා බලන අයිතිකාරයන් නැහැ.

මේ අලුත් නීතිය සම්මත වීමෙන් පසුව, එවැනි ගෙයක් කුලියට ගන්න තක්කඩියෙකුට පුළුවන් ගේ අයිතිකාරයත් එක්ක වලියක් දාගෙන උසාවි ගිහින්, නඩු ප්‍රමාදය භාවිතා කරලා, අවුරුදු ගණනක් ඇදගෙන යන්න. අයිති කරගන්න බැහැ. හැබැයි, කුලී නොගෙවා හෝ පස්සෙ කාලෙක නොවටිනා ගානක් ගෙවන්නට බලාපොරොත්තුවෙන් අවුරුදු ගානක් ඇදගන්න පුළුවන්. එවැනි දේ දැනටත් සිදුවෙනවා. එවැනි අයට එරෙහිව ගත හැකි සීමිත ක්‍රියාමාර්ග පවා මේ පනතෙන් ඇහිරෙනවා. එවැනි ක්‍රියාමාර්ග ගැනීමම දිග්ගැහෙන නඩුවක් බවට පත්වෙන්නට පුළුවන්.

මේකෙන් පස්සෙ ගෙවල් කුලියට දෙන සාමාන්‍ය මිනිසුන් ගොඩක් පරිස්සම් වෙනවා. විශේෂයෙන් විදේශගතව සිටින අයට එහෙම මෙහෙ ගෙවල් කුලියට දීමට වඩා ඒවා නඩත්තු කර තබාගැනීම පමණක් ප්‍රමාණවත් වෙන්නට පුළුවන් නිසා, ඒවා නඩත්තු කර දෙන්නට අලුත් ව්‍යාපාරික අවස්ථා නිර්මාණය වෙන්නට පුළුවන්.

ගෙවල් කුලියට ගන්නා අයට මොකක්ද වෙන්නෙ? කුලියට දෙන ගෙවල් සංඛ්‍යාව අඩු වීම හා අමතර ආරක්ෂක විධිවිධාන හේතුවෙන් අනිවාර්යයෙන්ම ගෙවල් කුලිය ඉහළ යනවා. විශේෂයෙන්ම, නාගරික නිවාසවල කුලිය ඉහළ යන එක රැකියා, අධ්‍යාපනය ආදී හේතු මත සංක්‍රමණය වන අයට බරපතළ ප්‍රශ්නයක් වෙනවා. ඒ එක්කම, අනිවාර්යයෙන්ම, දැන් සාමාන්‍ය තත්වයට පත් වී තිබෙන, කලින් බුබුලක් වෙලා තිබුණ ඉඩම් හා නිවාස වෙළඳපොළෙත් මිල ගණන් නැවත ඉහළ යනවා. කුලියට ගන්නට වගේම, අලුතෙන් ගන්නටත් අමාරු වෙනවා.

 

1671015565
මේ වගේ නීතිවලින් වෙන්නෙ ඇත්තටම නැති ප්‍රශ්න ඇති වෙන එක. ලංකාවෙ ලොකු නිවාස කුලියට දීමේ ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. මේ විසඳුම් දෙන්න යන්නෙ නොතිබුණු ප්‍රශ්නයකට. ඒකෙන් වෙන්නෙ නැති ප්‍රශ්නයක් අලුතෙන් ඇති වෙන එක.

ඇත්ත ප්‍රශ්න ගොඩකට දේපළ කුලියට ගන්නන් මුහුණ දෙනවා. නාගරික කඩ සාප්පු ආදියෙහි කුලිය ඉතා ඉහළයි. කොන්දේසි අධිකයි. එහි ප්‍රතිඵලයක් ලෙස කුඩා වෙළෙඳුන් ගැටලු රාශියකට මුහුණ දෙනවා. ඔවුන්ගේ ලාභයටත් වඩා කුලිය වැඩි වීම නිසා කුඩා ව්‍යාපාර වැසී යනවා. නගරවල මේ වන විට වැඩි වෙමින් පවතින්නේ බැංකු, මූල්‍ය ආයතන, ටියුෂන් කඩ, සුපර් මාකට්, සමාගම්වල ආපනශාලා ආදියයි. ඒ අතර, අත්‍යවශ්‍ය සේවා සපයන කුඩා ව්‍යාපාර වන සැලෝන්, සපත්තු මහන තැන්, ඔර්ලෝසු වැනි කුඩා රෙපෙයාර් කරන තැන්, සිල්ලර කඩ, රෙදි කඩ, එළවලු පලතුරු කඩ, තේ කඩ ආදියට ඉඩකඩ අහිමි වෙමින් තිබෙනවා. අධික කුලිය නිසා ඔවුන්ගේ භාණ්ඩවල මිලත් ඉහළ යනවා. ඔන්ලයින් වෙළඳසැල්වල අලෙවිය වැඩි වීම නිසා ඔවුන් ලොකු තරගයකටත් මුහුණ දෙනවා. ඒ නිසාම වැසී යන ශීඝ්‍රතාවකුත් තියෙනවා. නගරවල පේමන්ට්වලින් සුළු වෙළඳුන් ඉවත් කිරීමත් මේ අතර සිදුවෙනවා. ඇත්තටම මේ ආණ්ඩුව සේවය කරන්නේ ලොකු සමාගම් වෙනුවෙන් බව ඉතා පැහැදිලියි. සමාජවාදීන් නව ලිබරල්වාදීන් වීම අපූරු පරිවර්තනයක්.

rent 1

 

ඊළඟ කාරණය මේක. මේ නීති ගෙනෙන්නෙ ඇත්තටම සාක්ෂි මත පදනම් වෙලාද? ජන හා නිවාස සංගණනයේ දත්තවත් මෙවැනි තීරණ ගැනීමෙහිදී භාවිතා කර තිබේද යන්න ගැටලුවක්.

ආණ්ඩුවට සම්බන්ධ විද්වතුන් රාශියක් මේ ෆේස්බුක්වල විරුද්ධවාදීන්ට බැන බැන නිකම් තුට්ටු දෙකට වැටිල ඉන්නවනෙ. නරකද ආණ්ඩුව ඔවුන්ට ලංකාවේ නිවාස හා දේපළ වෙළඳපොළෙහි යථාර්ථය ගැන අධ්‍යයනය කරන සමීක්ෂණ මාලාවකට හෝ යොමු කරන එක? තුට්ටු දෙකට රිසර්ච් කරන්න යන්න එපා. ඔය හරිනි මැඩම් එහෙම දන්නවා ඒවාට අය කරන ගාන. ඒ වගේම, රිසර්ච් නමින් කරන තුට්ටු දෙකේ හොර බොරුත් ඇය දන්නවා ඇති. ඒ නිසා හරියට ගෙවලා හරියට රිසර්ච් කරගන්න. මේවා හරියට කෙරෙනවා නම් ආණ්ඩුවට දත්ත මත පදනම්ව තීරණ ගන්න පහසුයි.

AJITH PARAKUM(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
Creative Content Consultants
ajithperakum@gmail.com

(උපුටා ගැනීම - Ajith Parakum ෆේස්බුක් පිටුවෙන්..)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...