The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
විශේෂාංග

කිරි කලයට ගොම තැම්බක් !

T

The Leader Desk

February 5, 2026 • 11:50 AM

කිරි කලයට ගොම තැම්බක් !          

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගල්ගමුව සෙනරත්ගම පුලංචිය වැව අසල ඇති ගිමන්හල උද්‍යානය
  •   මාර්ග අංක 57 හරහා අනුරාධපුර අටමස්ථාන වෙත ගමන් ගන්නා බැතිමතුන්ගේ අතරමැදි විවේක ලබාගැනීමට බොහෝ පිරිසක් මෙහි පැමිණෙන අතර ඔවුන්ගේ ආදර ගෞරවය මෙම ඇත් රජ වරුන් දෙපල වෙත නිතතින්ම ලැබෙන්නේ එහි සජිවි රූපකායන් ලෙස මිනිස් සිත් ආකර්ෂණය කරගෙන ඇති නිසාය.
  • 2026.02.04 වන දින මියන්මාරයයේ සිට ලංකාවේ පාදචාරිකාවක් සදහා පැමිණි භික්ෂූන් වහන්සේලා පිරිසක් දහවල් දානය ගැනිමට මෙම ස්ථානය තෝරාගැනිම ද අතිශයින්ම වැදගත් කරුණකි.
  • මෙයින් ජාත්‍යන්තර වශයෙන් පවා මෙම ඇත් රජුන් මෙන්ම ප්‍රදේශය ද ප්‍රසිද්ධියට සේම කීර්තියට ද පත්විම සැලකිය යුතු තත්ත්වයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ගල්ගමුව සෙනරත්ගම පුලංචිය වැව අසල ඇති ගිමන්හල උද්‍යානයේ සියඹලංගමුවේ ඇතාගේ සහ ගල්ගමුවේ දළ පුට්ටුවාගේ සජිවි පිළිරුව නිර්මාණය කරන ලද්දේ අහිංසා ශ්‍රි ලංකා සත්ත්ව සංවිධානය මගිනි.

 

484101475 3916834231906384 7844593338677657963 n
මාර්ග අංක 57 හරහා අනුරාධපුර අටමස්ථාන වෙත ගමන් ගන්නා බැතිමතුන්ගේ අතරමැදි විවේක ලබාගැනීමට බොහෝ පිරිසක් මෙහි පැමිණෙන අතර ඔවුන්ගේ ආදර ගෞරවය මෙම ඇත් රජ වරුන් දෙපල වෙත නිතතින්ම ලැබෙන්නේ එහි සජිවි රූපකායන් ලෙස මිනිස් සිත් ආකර්ෂණය කරගෙන ඇති නිසාය.

2026.02.04 වන දින මියන්මාරයයේ සිට ලංකාවේ පාදචාරිකාවක් සදහා පැමිණි භික්ෂූන් වහන්සේලා පිරිසක් දහවල් දානය ගැනිමට මෙම ස්ථානය තෝරාගැනිම ද අතිශයින්ම වැදගත් කරුණකි. මෙයින් ජාත්‍යන්තර වශයෙන් පවා මෙම ඇත් රජුන් මෙන්ම ප්‍රදේශය ද ප්‍රසිද්ධියට සේම කීර්තියට ද පත්විම සැලකිය යුතු තත්ත්වයකි.

එහෙත් එලෙස මෙම ස්ථානය දිනෙන් දිනම ප්‍රසිද්ධියට පත්වෙන වාතාවරණයක් තුළ අතිශයින් කනගාටුදායක තත්ත්වයක්ද එම ප්‍රදේශය තුලින් පුචාරය වෙමින් පවති.එනම් ඇත් පිළිරුව පරිශ්‍රයේ සිටින කාන්තාවක් එම විදේශීය දුතපිරිසෙහි සිටි භික්ෂූන් වහන්සේලාගෙන් ආහාර හා වෙනත් දේවල් සිගමන් යදිමින් එක්රැස් කිරිමේ සිදුවිමකි. ඇය එසේ එක් රැස් කරන ලද්දේ පසු දින එම ස්ථානයේ පැවැත්වීමට නියමිත උත්සවයකට පැමිණෙන පෙර පාසැල් දරුවන්ට ලබාදිමට බව පවසමිනි. එහෙත් එසේ ලබා ගත් කිසිවක් එම දරුවන්ට ලබා දි නොමැති බවද සොයාබැලීම් වලදි වාර්තා විය.

07.11.2022 1024x768

 

මෙය ඇත්තෙන්ම නොවිය යුත්තකි. මෙය ප්‍රදේශයට වටිනාකමක් ගෞරවයක් ලැබිම උදෙසා නිර්මාණය කරන ලද මෙම  ඇත් රජවරුන් දෙදෙනා හටද කරනු ලබන බරපතල නිගරුවකි; අගෞරවයකි. මෙම සිදුවිම කිරි කලයක් දොවා එයට ගොම බිංදුවක් දැමුවා වැනි සිදුවිමකි.මෙවැනි සිදුවිම් ඉදිරියෙදිද මෙම ස්ථානයේ සිදුවුවහොත් එය මෙම ස්ථායට, ප්‍රදේශය සහ සමස්තයක් වශයෙන් ලංකාවටම බලපාන කරුණකි.

එබැවින් ඉදිරියෙදි මෙවැනි සිදුව්ම් මෙවැනි වැදගත් ස්ථානවල සිදුනොවිමට වගබලාගැනිම සියලු පුරවැසියන්ගේ වගකිමකි. මෙය අතිශය වගකීම් සහගත ප්‍රකාශයක් වන අතර මෙම සිදුවීම සම්බන්ධ සත්‍යතාව තහවුරු කිරීමට සෙනරත්ගම ප්‍රදේශවාසීහු බොහෝ දෙනෙක් සැදී පැහැදී සිටිති.

(උපුටා ගැනීම - සෙනරත්ගම ගැමි හඞ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කිරි කලයට ගොම තැම්බක් ! | The Leader