The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'දැන් හරිනිගෙ ගමන අත්හදා බලනවා වගේ'

T

The Leader Desk

February 5, 2026 • 4:55 PM

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'දැන් හරිනිගෙ ගමන අත්හදා බලනවා වගේ'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැලවත්තේ මහදැන මුත්තා බුදුන් සරණ ගිහින් තියෙනවාය යන ආරංචිය කණින් කොනින් දේශපාලන ලෝකයේ හොල්මන් කරන්නට විය.
  • විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර අනුර අගමැති ධුරයට පත් වී ටිල්වින්  විධායක නොවන ජනපති ලෙස පත් කෙරෙනු ඇතැයි එලෙස පැතිරී ගිය එක් රාවයකි.
  • රනිල්ගේ පවුලේ පන්සලක් ලෙස හැඳින්වෙන ගංගාරාමයටද ටිල්වින් උන්නැහේ ලඟදී ගොස් වන්දනාමාන කරගෙන තිබේ.
  • එනම් රට ගොඩනැගීමට සියලුම දෙනාට එක්වන ලෙස ඉල්ලා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


පැලවත්තේ මහදැන මුත්තා කියන්නේ ටිල්වින්  උන්නැහේටය. උන්දෑ මුලදී එළියට පහලියට බැස්සේම නැත. දැන් ටික ටික නායකයන් ගැවසෙන තැන්වල උන්දෑගේ මූණ දැක ගන්නට ලැබේ. මේ විපර්යාසය මොකක්දැයි විපක්ෂ කණ්ඩායම් අතරත් කසුකුසුවක් පැන නැගී තිබේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර අනුර අගමැති ධුරයට පත් වී ටිල්වින්  විධායක නොවන ජනපති ලෙස පත් කෙරෙනු ඇතැයි එලෙස පැතිරී ගිය එක් රාවයකි. ටිල්වින් මේ හොර ගල් අහුලන්නේ ඒකට තෝතැන්නක් හදාගන්නටය. එහෙම නැතුව වල් සතා වගේ ගුහා ගත වී සිට එකපාරටම කළ එළි බසින්නට හැකියාවක් නැත. රනිල්ගේ පවුලේ පන්සලක් ලෙස හැඳින්වෙන ගංගාරාමයටද ටිල්වින් උන්නැහේ ලඟදී ගොස් වන්දනාමාන කරගෙන තිබේ.

කොහොම වුනත් මිනිස්සු නම් කියන්නේ මේ උදවිය කාල් මාස්ටත් පොල්ල තැබූ වගකි.

එදා කියපු කතාවට හාත්පසින්ම වෙනස් වූ කතාවක්...

xgfvgdf

ජනාධිපති නිදහස් දින කතාව කරමින් රනිල් එදා අර්බුදයෙන් රට ගොඩනගන සමයේ කළ ඉල්ලීමක් නැවත ඉල්ලා සිටියේය.

එනම් රට ගොඩනැගීමට සියලුම දෙනාට එක්වන ලෙස ඉල්ලා සිටියේය. නමුත් ඔවුන් බලය ගන්නට පෙර කීවේ කිසිම කෙනෙකුගේ සහාය නොගෙන ඔවුන්ගේම පිරිසිදු මිනිසුන්ගේ සහයෙන් ආණ්ඩුව කරන බවයි. ඔවුන්ගෙන් වියුක්ත වූ සෙසු බලවේග දූෂිතයන් බවද අනුරලා එදා කීවේය.

නමුත් දැන් මේ කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ කතාවකි.


මෙලෙස දිගු ගමන් යන්නට සියල්ලන්ටම එකතු වෙන්නැයි ආරාධනා කරන අතර හිටපු ජනපති මෛත්‍රීලාගෙන් පළිගන්නට හදන්නේ ඇයිදැයි විපක්ෂ මන්ත්‍රීවරු විමසති.
 
" එකතු වෙන යෝජනා කරන්න කලින් එයාගේ හොඳ හිත පෙන්නන්න කියන්න. අනෙක අපි දැන් දන්නවා එයාට මේක කරගන්න බෑ කියලා. IMF  එක්ක ගියත් දැන් රට හිරවෙලා තියෙන්නේ. ඉස්සෙල්ලා ව්‍යාපාරිකයන් දාලා රට ගොඩ ගන්නවා කිව්වා. දැන් මාස දෙකක් ගිහින්. ව්‍යාපාරිකයොත් නෑ. ගොඩගන්න එකත් නෑ. ව්‍යාපාරිකයොත් මහවැලි වතුර වගේ හේදීගෙන ගිහින්"
රනිල් පවතින තත්ත්වය ගැන කෙටියෙන් අදහස් පළ කළේ එසේය.

''දැන් මේ මිනිස්සු බුද්ධාගම අදහන්න යන්නේ අපේ පන්සලට. ඒ කියන්නේ ගංගාරාමෙට''
 000dhathu 16
 
"පැලවත්තේ ගමන අසාර්ථක වෙලා තියෙන්නේ. දැන් හරිනිගෙ ගමන අත්හදා බලනවා වගේ" හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කළේ සමාජ තත්ත්වයන් ගැන  විමර්ශනාත්මකව බලමින් කළ විවේචනයකි.

" ඇත්තටම දැන් මේ මිනිස්සු බුද්ධාගම අදහන්න යන්නේ අපේ පන්සලට. ඒ කියන්නේ ගංගාරාමෙට. ඒක කාගේ පන්සලද? තව එක පියවරයි තියෙන්නේ. ඒක තමයි සිරිකොතට යන එක" රනිල් කීවේ සියලු දෙනාගේ මුවඟට සිනා රැල්ලක් මතු කරමිනි.

අලුතින් බිහි වූ මේ බෞද්ධ මහෝපාසක පිරිසගේ ඉලක්කය ආගම කර මතින් තබාගෙන දකුණේ මිනිස්සු අලුතින් ඇන්දීම බව පැහැදිලිය.

ඒ වගේම පැලවත්තේ එකම කල්ලිය විවිධ අවස්ථාවලදී හැසිරෙන වෙනස් විදි ගැන සමාජයේ කතාබහක් මතුව තිබේ.

අනුර ජනාධිපති කියන දේට පරස්පර දෙයක් දිලීප පීරිස්  කියයි. ශානි අබේසේකර තව එකක් කරයි.

" වේගෙන් යන්න පුළුවන් එකා වේගෙන් යන්න ඕන නේද? එදා ජේ.ආර් ජයවර්ධනට හයෙන් පහක බලයක් තිබුනා. කොච්චර වේගවත් ගමනක් දීලා ගියේ. ඒ වගේම ඒ ගමන දිගුයි" රනිල් කීවේය.

සජබ නායකයා කවුදයි හිතා ගන්නට බැරිව....
 xfgdfggn
 
විපක්ෂයේ නායකයන් ඔක්කොම පාහේ එකතු වූ මංගල්‍යයක් ඉකුත් සතියේ කොළඹදී පැවැත්විණි. ඒ හිටපු ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් වරයකු වූ සමන් රත්නප්‍රියගේ දියණියගේ මංගල්‍යයයි. රනිල්, සජිත්, නාමල්, ලක්ෂ්මන් ෆොන්සේකා ඇතුළු නායකයෝ එහි වූහ.

සජබෙට හිතවත් ගොඩක් අය සජිත් මගහැර ගොස් ලක්ෂ්මන් ෆොන්සේකා සමඟ කතාබහ කරන අයුරු දුටු එජාපයේ බොහෝ අය මුහුණට මුහුණ බලා ගත්තේ සජබ නායකයා කවුදයි හිතා ගන්නට බැරිවය.


ලංකාවට අලුත් ක්‍රීඩාවක් .....
000 1
000 2
සෙනසුරාදා ලංකාවට අලුත් ක්‍රීඩාවක් හඳුන්වා දුන්නේය.ඒ කික් බොක්සින් ක්‍රීඩාවයි. ඒ අවස්ථාවට දේශපාලනඥයෝ හතර දෙනෙක් සහභාගී වූහ. ඒ රනිල්, හරීන්, එජාප භාණ්ඩාගාරික ෆිරෝ සහ උප සභාපති තියඩෝර්ය.

UNP  එකත් දැන් ඩිජිටල්කරණය වී අලුත්  කික් බොක්සින් ක්‍රීඩකයෙක් බවට පත්වෙමින් සිටින බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.

එජාපය ඩිජිටල් කරන උත්සවය නිදහස් දවසේ හවස නායක රනිල්ගේ ප්‍රධානත්වයෙන් සිරිකොත මූස්ථානයේදී මහා ඉහළින් පැවැත්විණි. එජාප නායකයෝ සියල්ලෝම ඊට සහභාගී වූහ.

මෙහිදී  ශ්‍රී ලංකාව පුරා සියලුම මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි ඩිජිටල් පාලක සම්බන්ධීකාරකවරුන් (Digital Ward Coordinators) පත් කිරීම නිල වශයෙන් ඇරැඹුණු අතර මූලිකව පාලක සම්බන්ධීකරණ නිලධාරීන් දහසක් පත් කෙරිණි.

ඊට අමතරව, එක්සත් ජාතික පක්ෂයේ නව යු.එන්.පී ජංගම යෙදුම (UNP App) ඉදිරියේදී නිල වශයෙන් හඳුන්වා දීමට නියමිතව තිබේ. මෙම යෙදුම මගින් පක්ෂ සාමාජිකයන්ට, සංවිධායකයන්ට සහ ජනතාවට තොරතුරු හුවමාරු, දැනුවත් කිරීම සහ සම්බන්ධතා වර්ධනය කිරීම සඳහා නව ඩිජිටල් වේදිකාවක් සැපයීම අරමුණු කරයි.

මෙම ඩිජිටල් දියත් කිරීමේ තවත් වැදගත් අංගයක් ලෙස, සිරිකොත පක්ෂ මුලස්ථානයේ ස්ටාර් ලින්ක් අධිවේගී අන්තර්ජාල පහසුකම නිල වශයෙන් ආරම්භ කිරීමද සිදු කෙරිණි.

අනාගතයේදී නව පරම්පරාවේ තරුණයින්ට පක්ෂය සහ රට භාර දිය යුතුයි...
 
sdsfe
 
මේ ඩිජිටල්කරණ වැඩසටහන අමතමින් නායක රනිල් කීවේ නව බුද්ධිමත් දේශපාලනය වැළඳ ගන්නා නව පරම්පරාවේ නායකත්වයක් සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙමින් සිටින බවයි. පක්ෂය සහ සමස්තයක් ලෙස ජාතිය අනාගතයේදී නව පරම්පරාවේ තරුණයින්ට භාර දිය යුතු බවයි.

 “මගේ වයස අවුරුදු 70 ට වැඩියි. මෙහි අවුරුදු 70 ට වැඩි අය ඉන්නවා, සමහරුන් අවුරුදු 60 ට වැඩියි, තවත් සමහරු අවුරුදු 50 ක් පමණ වෙනවා. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු බිහි වූ පරම්පරාව ගැන සිතීමට කාලය පැමිණ තිබෙනවා.ඒ පරම්පරාවේ අයට පක්ෂ සහ දේශපාලනය භාර දීමේදී එක්සත් ජාතික පක්ෂයටත් නායකත්වය දීමට සිදුවනු ඇති යනුවෙන්ද නායක රනිල් එහිදී පැවසීය.
 

 
''හිස රදයට කොට්ටේ මාරු කරනවාය කියන්නේ ඔය වගේ වැඩ වලට''
පැලවත්ත කටට අගුලු දමාගෙන ඉන්නට තීරණය කර ඇති බවට ආරංචියක් හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක රනිල්ගේ කනේ තිව්වේය. බයිට්  කළත් මොනවා කිව්වත් ඒවාට එල්ලෙන් නොයා ඉන්නට තීරණය කර තිබෙන බව ඒ තොරතුරේ සඳහන්ය. ඒ වගේම මෙච්චර කල් ආණ්ඩුව නියෝජනය කරමින් මත පළ කරන්නට වීඩියා වලට පැමිණි චරිත මාරු කරන්නටද තීරණයක් ගෙන තිබෙන බව ආරංචිය.

" මේ කතාව ඇසූ රනිල් කීවේ හිස රදයට කොට්ටේ මාරු කරනවාය කියන්නේ ඔය වගේ වැඩ වලට කියාය.

“කොහෙද ඉතින් ඔයාලා මෙයාලා කිව්ව බොරු අහලා රනිල් මහත්තයවයි, අපිවයි සේරම පන්නලා දැම්මනේ''
 vfdhncn
 
වජිර ඉකුත් සතියේ අනුරාධපුරය බලා පිටත් වුණේ  පී. හැරිසන් මහතාගේ  පියා වන අභාවප්‍රාප්ත  පැලිස් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමටයි. අවසන් ගෞරව දැක්වූ වජිර හැරිසන් සමග සුහද සාකච්ඡාවකට එක්වූ අතර ඒ අවස්ථාවේදී නායක රනිල් තම දුරකථනය හරහා සම්බන්ධ කරගත්තේ ඔහුගේ ශෝකයද හැරිසන් ඇතුළු පවුලේ සැම වෙත ප්‍රකාශ කිරීමටයි.

වජිර මළ ගෙදර පැමිණ සිටි අය සමග රට තොට විස්තර විමසන්නට විය.

එහිදී ජනතාව සහ වජිර අතර ඇති වූයේ මෙවන් සංවාදයකි.

“වැඩක් නෑ සර් පසුගිය දවස්වල මේ පැත්තට හරියට වැස්සා. අපේ වගා විශාල වශයෙන් හානි වුණා. සමහර අයගේ කුඹුරු එහෙම සම්පුර්ණයෙන්ම විනාශ වුණා. ගන්න දෙයක් නැති තරමට.

“ඒවට රජයෙන් වන්දි ගෙව්වා නේද?“

“මොන? සමහර අයට නම් හම්බෙලා තිබුනා කියලා දැනගන්න ලැබුණා. අපිට නම් තාම නෑ සර්. අනික වන්දි ගන්න එයාලා ඉල්ලන සුදුසුකම් හොයන්න අපි වෙනම පාඨමාලාවක් කරන්න වෙනවා. අපි දුප්පත් මිනිස්සු සර්.“

කතාව දිගට ගලා ගියේ ජනතාවගේ විශාල මැසිවිලි මැදයි.

කොහොම වුණත් අවසානයේ වජිර කිව්වේ “කොහෙද ඉතින් ඔයාලා මෙයාලා කිව්ව බොරු අහලා රනිල් මහත්තයවයි, අපිවයි සේරම පන්නලා දැම්මනේ යනුවෙනි.

(සටහන | මල් පාරේ ලියුම්කරු)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...