The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය : ජී.එල්. ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයින් පිරිසක් සජිත් හමුවෙයි

T

The Leader Desk

February 6, 2026 • 3:58 PM

සජිත්ගේ දේශපාලන සතිය : ජී.එල්. ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයින් පිරිසක් සජිත් හමුවෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෙවුණු සතියේ දේශපාලනය උණුසුම් වුණේ, සජිත් සහ රනිල් අතර ඇයි හොඳැයියත්, 78 වැනි නිදහස් දින සැමරුමේ ජනාධිපති අනුර කරපු ජාතිය ඇමතීමත් නිසාය.
  • ගංගාරාමයේ නවම් පෙරහැර මංගල්‍යයට සහභාගීවී පැමිණි සජිත්, ඉඩකඩ තිබූ මේසයක වාඩි වු සැණින්, මංගල උත්සවයේ පක්ෂ නායකයින්ට වෙන්කර තිබූ VIP මේසයට එන ලෙස ආරාධනා කර තිබුණේත් රනිල්ය.
  • දේශපාලන සහ අතීත කතා සිහිපත් කරමින් කතාබස්කර කරමින් සිටි රනිල් සහ සජිත් එක්වරම හෝටලයේ තවත් තැනකට ගොස් විනාඩි 20 පමණ රහස් සාකච්ජාවක්ද පවත්වා ඇති බව ඇසින් දුටු කිහිප දෙනෙක් පවසා තිබුණේය.
  • ඉන් එකක් වූණේ ජාතික කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ස්ථාපිත කළ ස්වාධීන කාන්තා කොමිසමටත් රජයේ අත පෙවීම් සිදු කරන බවට වූ බරපතල චෝදනාවය.
අකුරු ප්‍රමාණය (Font Size):


සජිත් සහ රනිල් අතර රහස් සාකච්ජාවක්..

cvxvdfsa

එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති නායකයකු වන සමන් රත්නප්‍රියගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍ය මේ සතිය ආරම්භයේදීම පැවැත්වුණේ, කොළඹ තරු හෝටලයකදීය.

ඒ මංගල්‍යයට වඩා වැඩි අවධානයක් යොමුව තිබුණේ, ඒ මගුල අස්සේ සිද්ධ වෙච්ච සජිත් - රනිල් හමුවටය.

ගංගාරාමයේ නවම් පෙරහැර මංගල්‍යයට සහභාගීවී පැමිණි සජිත්, ඉඩකඩ තිබූ මේසයක වාඩි වු සැණින්, මංගල උත්සවයේ පක්ෂ නායකයින්ට වෙන්කර තිබූ VIP මේසයට එන ලෙස ආරාධනා කර තිබුණේත් රනිල්ය.

ඒ වනවිටත් මේසයේ අසුන්ගෙන සිටි, දිගම්බරම් සහ මනෝ ගනේෂන්ද සජිත් සහ රනිල්ට කියා තිබුණේ අද මාර නැකැත් දවසක් වගේ, මේක අද මගුල් සක්වලක් වෙන්නයි යන්නේ කියාය.

දේශපාලන සහ අතීත කතා සිහිපත් කරමින් කතාබස්කර කරමින් සිටි රනිල් සහ සජිත් එක්වරම හෝටලයේ තවත් තැනකට ගොස් විනාඩි 20 පමණ රහස් සාකච්ජාවක්ද පවත්වා ඇති බව ඇසින් දුටු කිහිප දෙනෙක් පවසා තිබුණේය.

ඒ කතාබහේ සාරාංශය ගැන කිසිම කරුණක් කිසිවෙකුත් නොදන්නේ රනිල් සහ සජිත් අතර පමණක් ඒ සකච්ජාව සිදුව තිබූ නිසාය.

ආණ්ඩුවේ කට වහපු සජිත්ගේ පහරවල් දෙක..

bxfgsd

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට රිදෙන්නම පාරවල් දෙකක් ගැසුවේ කල් යල් බලමින් සිටීමෙන් පසුවය.

ඉන් එකක් වූණේ ජාතික කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ස්ථාපිත කළ ස්වාධීන කාන්තා කොමිසමටත් රජයේ අත පෙවීම් සිදු කරන බවට වූ බරපතල චෝදනාවය.

එම කොමිෂන් සභාව පිහිටුවා මාස 4ක් වැනි කෙටි කාලයක් තුළ එහි සභාපතිනිය වූ වෛද්‍ය රමනි ජයසුන්දර සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව කියමින් සජිත් එල්ල කළ චෝදනාව අස්සේ සජිත් ඇසුවේ “ රටේ අගමැතිවරියත් කාන්තාවක්, මන්ත්‍රීවරියන් 26 පත්වුනා කියලා ලොකු, ලොකු කතා කිව්වට කාන්තා කොමිසම නමට විතරයි. ඒකටත් රජය අතදාන්න ගිහින් සභාපතිනිය ගෙදර ගිහිල්ලා, කාන්තාවෝ එක මිටට කියලා බලය අරන් කාන්තාවෝ මිටට තියලා මේ ආණ්ඩුව කළේ දොරමුල්ලට දාපු එකයි”

ඊළගට සජිත් ආණ්ඩුවට රිදෙන්නම දුන්නේ මාලිමාවේ මන්ත්‍රීවරයකු AKD Brand එක බව කියපු අදහසටය.

“ අපි දැක්කා මෙතන කියනවා AKD කියන්නේ තෙතමනය සහිත System Change කරන Brand කියලා කියනවා, ඔය තෙතමනය තියෙනවා කියන AKD බ්‍රෑන්ඩ් එක ක්‍රියාත්මක කරන System Change එක කියන්නේ බුදුදහමට නිග්‍රහ කරන එකද?”

සජිත් කියපු ඒ කතාවටනම් ආණ්ඩුවේ 159ටම කට උත්තර නැතිවූ බව පාර්ලිමේන්තු ලොබියේත්, කැන්ටිමේන් ගොඩක් අය කතා වූ බවක් අසන්නට ලැබුණේය.

අප්‍රිකානු හිතෝපදේශය ජනපති අනුර දැක්කේ කවදද? - මන්ත්‍රී ප්‍රසාද්ට ආපු ප්‍රශ්ණය

kkljd

පෙබරවාරි 4 නිදහස් උළෙලේදී ජාතිය අමතමින් ජනාධිපති අනුර කුමාර අවධාරණය කළේ, ජනාධිපතිවරයා ලෙස මමත්, කැබිනට් මණ්ඩලයත්, විපක්ෂ නායකවරයාත්, රාජ්‍ය සේවකයාත්, මහා සංඝරත්නය ඇතුළු ආගමික සංස්ථාවන්වල  සියළු දෙනාත් තිර අධිෂ්ඨානයකින් රට ගොඩනගමු කියාය.

ජනාධිපතිවරයා කතාව අවසන් කළේ, අප්‍රිකානු හිතෝපදේශයක් ගැනත් සිහිපත් කරමින්ය.

“ ඔබට වේගයෙන් යන්න අවශ්‍යනම් තනියම යන්න, වැඩිදුරක් යන්න අවශ්‍යනම් එකට යන්න” අපට අවශ්‍යව තිබෙන්නේ සෑම කේෂ්ත්‍රයකම වැඩිදුරක් යන්න, ඒගමන ජයගත හැකි වන්නේ තනිව නෙවෙයි.

මේක අහන් හිටපු ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රීවරයා නිදහස් උත්සවේ ඉවරවුනාට පස්සේ චිත්‍රාල් සහ චමින්ද්‍රානි මන්ත්‍රීවරු දෙන්නා සමග මාර කතාවක් කියා තිබුණේය.

“ ජනාධිපතිතුමාට රට ගොඩදාන්න එකට යන්න ඕන වෙන්නේ කෙළ උනාට පස්සෙද දන්නේ නෑ…, මතකද අපේ ලොක්ක දිට්වා ආපදාව ආපු වෙලාවේ පාර්ලිමේන්තුවේදී කිව්වා, ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවන්න විපක්ෂයේ අපි සුදානම් ආණ්ඩුවත් එක්ක එකතුවෙලා, රටට අවශ්‍ය ආධාර ටික ලබාගන්න කියලා, IMF එකට කතා කරන්නත් විපක්ෂයේ අපිත් සහයෝගය දෙන්නම් කියලා. එතකොට අනුර මහත්තයා කිව්වේ අනේ ප්ලීස් ඔයා පැත්තකට වෙන්න උදව් ඕන නෑ කියලා, මම හිතන්නේ ඒ වෙනකොට ජනාධිපතිතුමා ඔය අප්‍රිකානු හිතෝපදේශය දැකල තිබුණේ නැතුව ඇති” ඒක අහපු චමින්ද්‍රාණි මන්ත්‍රීවරිය තමන්ට ආපු හිනාව නතර කර ගත්තේ අත්දෙකෙන්ම කට වහගෙනය.

සජිත් සහ හර්ෂ SMEs රැකගන්න යළිත් සටනක් අරඹයි...

cxvxcvxcxdsd

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතීත්වයෙන් යුත් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ දී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ගේ ගැටලු ගැන මේ සතියේ පුළුල් සාකච්ජාවක් සිදුකර තිබුණේය.

සජිත් මෙහිදී අවධාරණය කර තිබුණේ, රටේ ණය ගෙවීමට රජයට සහන කාලයක් ලැබුණා සේ, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ණය ගෙවීමටත් රජයෙන් සහන කාලයක් ලබා දිය යුතු බවය.

“ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන් ලක්ෂ 11ක් විතර ඉන්නවා, ඒ අය නිසා ලක්ෂ 45ක් විතර  රැකියා උත්පාදනය වෙලත් තියෙනවා, මේ කේෂ්ත්‍රය දළ දේශීය නිෂ්පාදනයට ලබාදෙන 52% දායකත්වය නතර උනොත් අපේ ආර්ථිකයට ඔළුව උස්සන්න අමාරුයි වෙයි. මේ අයගේ ව්‍යාපාර කඩයුතු අඩපන වුණේ ඒ අයගේ වරදක් නිසා නෙමෙයි, 2022 දත්ත අනුව 263, 000ක් කර්මාන්ත වැහිලා, මේ තියෙන ටිකවත් රැකගන්න දැන්වත් අපි මේ අයට උදව් කරන්න ඕන. මේ අය අත්හැරියොත් ඒක රටේ ආර්ථිකයට බරපතල තත්ත්වටක් උදාකරාවි, ඒක ඊට පස්සේ සමාජීය ප්‍රශ්ණයක් වේවි”

සජිත් එහෙම කියද්දී ඒ සාකච්ජාවේ හිටපු නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහටත් සජිත් කියපු ඒ කතාව අනුමත කරන්නටම සිදුවිය.

2023 නේ ආසියානු සංවර්ධන බැංකුවට කතා කරලා සජිත්ලා අරන්දීපු ඩොලර් මිලියන 100යේ සහනයෙන් පස්සේ මේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ගේ ගැටළුවට කිසිම විසඳුමක් අරන් දෙන්න කිසිම ආණ්ඩුවක් කටයුතු කර නෑ කියන එක තමයි මේ කේෂ්ත්‍රයේ නිරතවෙලා ඉන්න පිරිසගෙන් සැදුම්ලත් ක්ෂ්ද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ගේ සංගමයේ ටානියා අබේසුන්දරලා, සුසන්ත ලියනාරච්චිලා, SN රාගවන්ලා හැම වෙලාවකම කියන්නේ කියලත් එතන හිටපු කිහිප දෙනෙකුම කියා තිබුණි.

සජිත් නැති විපක්ෂයක් නෑ...

xcvdfdsf

රාජ්‍යයේ ප්‍රධාන තනතුරු මාලිමාකරණයට ලක්කිරීමට එරෙහිව විපක්ෂයෙන් පොදු හඬක් ගොඩනැගීමේ අරමුණික් මහාචාර්ය ජී.එල්. පීරිස්, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, උදය ගම්මන්පිල ප්‍රසන්න රණතුංග ඇතුළු කණ්ඩායමක් සඳුදා පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසව හසුවී තිබුණේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදීය.

නීතිපතිවරයාට සිදුකරණ බලපෑම, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාගේ වැඩතහනම් කිරීම, විගණකාධිපතිධුර අර්බුදය ආදී කරුණු කිහිපයක් ගැන මෙන්ම රාජ්‍ය සේවයේ ඉහළ තනතුරුවලට පැලවත්තෙන් සිදුකරණ මැදිහත්වීම් ගැනත් මෙහිදී සාකච්ජාවී තිබුණේය.

පුරා පැයක් පමණ සිදුවූ මෙම සාකච්ජාවේදී ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව සහ තොරතුරු දැනගැනීමේ පනත උල්ලංඝණය කරමින් රජයේ තොරතුරු ලබානොදීම ගැනත් පක්ෂ නායකයින්ගේ අවධානය යොමුව තිබුණි.

සාකච්ජාවෙන් පසු එළියට පැමිණි ජී.එල්, සහ උදය ගම්මන්පිල මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවේ ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ පොදු වේදිකාවක් සඳහා විපක්ෂ නායකවරයා සුභවාදී ප්‍රවේශයක සිටි බවය.

“පහරකෑ ධීවරයින් ගැන වහාම හොයන්න” සජිත්ගෙන් කෝල් එකක්..

cvzfdf

වෙන්නප්පුවෙන් මුහුදුගිය ධීවර යාත්‍රා දෙකක සිටි ධීවරයින් 12 දෙනෙකුට එල්ල වූ ප්‍රහාරය සැලවීමෙන් පසු සජිත් වහාම දුරකථනයෙන් කතා කර තිබුණේ, සමගි ජන බලවේගයේ ධීවර සංගමයේ ලේකම් වගේම නාත්තණ්ඩිය ආසන සංවිධායක නිරූක ප්‍රනාන්දුටය.

“ නිරූක අර ධීවරයන් කට්ටියකට පහරදීමක් වෙලා තියෙනවා නේද? ඒ අය තුඩුවාවේ කට්ටිය කියලා ආරංචීයි, ඔයාගේ ආසනේ නේද? ඉක්මනින් ඒ අය හමුවෙලා මේ ප්‍රශ්ණය ගැන හොයලා බලන්න”

ඒ අනුව ප්‍රහාරයට ලක්වූ ධීවරයින් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් හමුවූ නිරූක ඔවුන්ගේ ගැටළුත් අරන් සිකුරාදා මාධ්‍ය හමුවක් කැඳවූයේ මෙහි පරපතල තත්ත්වය රටටම කියන්නටය.

“ ධීවර ඇමති කියනවා මේ ප්‍රහාරය ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සිද්ධ කළා කියලා, මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය තියනවා ඉන්දීය ආරක්ෂක අංශ සම්බන්ධ නෑ කියලා, මේක බරපතල තත්ත්වයක්. කවුද මේක කළේ, රජය මේක වහාම හොයන්න. ධීවරයින් අද මුහුදු යන්න බයයි කියනවා. මේක රටේ ආර්ථිකයට, මත්ස්‍ය වෙළඳ පොළට බලපානවා. මේ පහරදුන්නේ මුහුදු කොල්ලකරුවෝ ද?, නැත්නම් ත්‍රස්තවාදී කණ්ඩායමක්ද? අපේ ධීවරයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකිමක්.”

(මම | බංගලා හංදියේ ලියුම්කරු)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...