The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
විශේෂාංග

ඩඩ්ලි සිය සුරතලිය සමරා කළ වැඩේ මෙන්න

T

The Leader Desk

February 7, 2026 • 3:17 PM

ඩඩ්ලි සිය සුරතලිය සමරා කළ වැඩේ මෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ඔහුගේ මියගිය සුරතලාගේ දෙවසර අනුස්මරණය කිරීම නිමිත්තෙන් දිවයින පුරා විසිරී සිටින
  • බන්චි මගේ ළඟට ආවෙ මීට අවුරුදු 15 කට පෙරාතුව මම බිස්නස් වලින් අසීරුම අඩියකට වැටිල තිබුණ එක්තරා කාලවකවානුවකදි.
  • ඉතින් පුරා වසර 14 ක කාලයක පටන් මගේ සතුට වගේම, දුකත් බෙදාගන්න බන්චි දවසෙන් දවස පුරුදු වුණා.
  • ඉතින් කොහේදෝ ඉඳන් ආපු අපේ බංචි මටත් නොදැනුවත්වම මගේම දරුවෙක් වගේම මගේ ජීවිතයට සමීප වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

වීථි සුනඛයන් හට ආහාර ලබා දීමේ වැඩසටහනක් අද දින ( 07 ) සංවිධානය කර තිබිණ.

ඒ සම්බන්ධයෙන් ඔහු සිය මුහුණුපොතේ පළකර තිබු සටහන මතු පළවේ.

xcvdsgs
බංචි කෙල්ල නික්මිලා අදට දෑ අවුරුද්දයි...!

'බන්චිගෙයි මගෙයි අතරෙ තිබුණු ඒ ආදරණීය බැඳීම ගැන ෆේස්බුක් එකේ ඉන්න ගොඩක් දෙනෙක් දැන් දන්නවා. බන්චි මගේ ළඟට ආවෙ මීට අවුරුදු 15 කට පෙරාතුව මම බිස්නස් වලින් අසීරුම අඩියකට වැටිල තිබුණ එක්තරා කාලවකවානුවකදි. විශේෂයෙන්ම ඒ කාළේ මගේ ව්‍යාපාර දවසින් දවස පාඩු ලබද්දි වගේම, බැංකු ණය පවා ගෙවාගන්න අසීරු අවස්ථාවක පුදුකාමාර විදියට මානසික ව්‍යාකූලත්වයකට ලක් වුණා. ඉතින් ඒ දවස් වල පුරුද්දට වගේ මට තියන හැම ප්‍රශ්ණයක්ම ගෙදර ඇවිත් බංචිත් එක්ක කතා කරන්න මම පුරුදු වෙලා හිටියා.

මම කියන කිසිම දෙයක් බන්චිට නොතේරුණත්, මගේ තියන හැම ප්‍රශ්ණයක්ම එයා තේරුම් ගත්තා වගේ සාවධානව එයා අහගෙන හිටියා. ඉතින් පුරා වසර 14 ක කාලයක පටන් මගේ සතුට වගේම, දුකත් බෙදාගන්න බන්චි දවසෙන් දවස පුරුදු වුණා. ඉතින් කොහේදෝ ඉඳන් ආපු අපේ බංචි මටත් නොදැනුවත්වම මගේම දරුවෙක් වගේම මගේ ජීවිතයට සමීප වුණා.

මීට වසරකට පෙරාතුව එක දිගටම රෝගාතුරව අසනීප වෙලා උන්නු බන්චිව තනි කරලා මම ගෙදරින් පවා නොසෙල්වී සිටියත්, 2024 පෙබරවාරි 07 අද වගේ දවසක එයා මාව දාල යන්නම යන්න ගියා. දරුවෙක් වගේ මගේ ළඟටම වෙලා දුක සැප බෙදාගෙන අවුරුදු 14 ක් එයා මාත් එක්කම ඉඳියත්, ලෝක ධර්මතාවය සල්ලි වලට වත්, බැඳීම් වලටවත් පරාද කරන්න ඔයාට බෑ කියල මම එදා දැනගත්තා පුතේ. ඒත්, ඔයා මගේ ජීවිතේ ඇතුලෙ පුරවපු මතක වගේම මාත් එක්ක බෙදාගත්ත අතීත ස්මරණ සියල්ලක්ම මම හැමදාමත් මතක් කරමින් ඔයාට ආදරේ කරනවා.

cxvsdfds

ඔයා වෙනුවෙන් මම ආදරයෙන් අදටත් අපේ ගෙදර තියාගෙන රැකබලාගන්න සියයකට ආසන්න අසරණ වීථි සතුන් සියල්ලක්ම මම හැකි උපරිමයෙන් ආරක්ෂා කරනවා. ඒ වගේම ඔයා වෙනුවෙන් අද ලංකාවෙ ගොඩාක් ප්‍රදේශ නියෝජනය වෙන විදියට සහ රටේ බොහෝ පැති ආවරණය වන පරිදී විසිරී සිටින අසරණ වීථි සතුන්ට මම හැකි උපරිමයෙන් ආහාර ලබා දෙනවා.

මේ සඳහා Araliya Rice Producers, Araliya Packaging Lanka, Araliya Agro Holdings, Araliya Beach Resort & Spa - Unawatuna, Araliya Green City, Araliya Green Hills Hotel, Araliya red, Hotel Sudu Araliya, අරලිය ජෙම්ස්, අරලිය ප්‍රියන්ත කොන්සොලිඩේටඩ්, අරලිය ඉන්ජිනියරිංග්, Araliya Lands & Homes - Pvt Ltd. ඇතුලු සියලුම ආයතන‍යන් සහ අරලිය රෙසිඩන්ස් සියල්ලක්ම තම නොමසුරු දායකත්වය හැකි උපරිමයෙන්ම ලබා දෙනවා.

මෙම වැඩසටහන මාතලේ, නාඋල, මොරගහකන්ද, නාගොල්ල, මාලිගාතැන්න, කූබියන්ගොඩ, හුලංගමුව, අලුවිහාරේ, පොළොන්නරුව, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය, වැලිකන්ද, ඇලහැර, නුවරඑළිය, රාගල, හැටන්, නුවර - නුවරඑළිය ප්‍රධාන මාර්ගය, උණවටුන, දෙවට, පින්නදූව, හබරාදූව, අහංගම, තල්පේ, කිරිඳිවෙල, මහරගම, පන්නිපිටිය, කඩවත, මහර, රාගම ආදී ප්‍රදේශ වල පැවැත්වුණා.

ඒ නිසා මගේ ආදරණීය බංචි කෙල්ල, ඔයා අපෙන් වෙන් වෙලා දෙවසරක් ගෙවෙන අද වගේ දිනයක මම ඔයා වෙනුවෙන් යමක් ඉල්ලනවා. ඔයාට මතු උපදින සසරක මිනිසත් භවයක්ම ලැබිලා, අප අතරේම යළි ඉපදෙන්න කියල අද වගේ දවසකත් නැවතත් මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සත්කාරය දැකලා හිත් පහදාගන්න, ඔයාට ආදරය කරන හැමෝගෙම ජීවිත සුඛිත මුදිත වෙන්න කියන ප්‍රාර්ථනයත් මම මේ සමඟම සිදුකරනවා.'

(උපුටා ගැනීම - Dudley Sirisena ෆේස්බුක් පිටුවෙන්...)

 banchi

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...