නඩුව අතාරින්නත් බැරිය. අල්ලා ගෙන ඉන්නත් බැරිය.
මේ ගමන ගැන අදාල තීරණ සියල්ල ගත්තේ කොළඹ සිටය. ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලයෙන් කරන ලද්දේ ඒ තීරණ ක්‍රියාත්මක කිරීම පමණි. ඒ අනුව නඩුවේ වැදගත් සාක්කි ඇත්තේ කොළඹයි. එසේ තිබියදී අධික වියදමක් දරමින් එංගලන්තයට පස්දෙනෙක් ගොස් සාක්කි ලබා ගත්තේ කාගෙන්ද?
අනෙක මෙවැනි උත්සව වලට ආරාධනා කරන්නේ අදාළ උත්සවය පැවැත්වෙන රට මගින් නොව අදාළ ආයතනය මගිනි.
උදාහරණයක් ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමරිකාවේ තිබුණත් ඊට ආරාධනා කරන්නේ ඇමරිකාවෙන් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙනි. 1950 වසරේ සිටම සිදුව ඇති සම්ප්‍රදාය එයයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට යනවා නම් රාජ්‍ය නායකයා ඇතුළු පස් දෙනකුට ඊට අවස්ථාව ලැබෙයි. ඊට සමගාමී සැසි වලට යන නිලධාරීන්ට වියදම් කරන්නේ ඔවුන්ගේ රටවල් වලිනි.
අගමැති හරිනිගේ Economic Forum සමුළු සංචාරයට වියදම් කළේ කව්ද ?

ඩාවෝස් ලෝක ආර්ථික සමුළුවට (Economic Forum) ආරාධනා කරන්නේ ස්විස්ටර්ලන්තය නොව අදාළ සංවිධානයයි. අගමැති හරිනි ඒ සමුළුවට ගියේ ඒ සම්ප්‍රදායට අනුවයි. වියදම් කළේ මේ රටේ සල්ලිය. රනිල්ගේ එංගලන්ත ගමනත් මේ වගේම එකකි. ඔහු ගියේ අදාල විශ්ව විද්‍යාලයෙන් ලද ආරාධනයකට අනුවයි.
එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝක රාජ්‍ය නායකයන් මේ වගේ ගමන් බිමන් කොතෙකුත් ගිහින් තිබේ.
නීතිඥ අනුජ ප්‍රේමරත්න නීතිපතිවරයාට දුන් දැනුම්දීම

2001 වර්ෂයේදී ඔක්ස්ෆර්ඩ් සංගමය ඇමතීම සඳහා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග එක්සත් රාජධානියට කළ සංචාරය (එය ශිෂ්‍ය සංගමයකි, විශ්ව විද්‍යාලයේම නොවේ), 2008 වසරේදී ඔක්ස්ෆර්ඩ් සංගමය ඇමතීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් රාජධානියට කළ සංචාරය, 2010 වසරේදී ඔක්ස්ෆර්ඩ් සංගමය ඇමතීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී වූ අතර, එක්සත් රාජධානියට පැමිණි විට එය අවලංගු කරන ලදී.
2017 වසරේදී ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලයේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ නීති දේශනය, 2018 වසරේ ඔක්ස්ෆර්ඩ් සංගමය ඇමතීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ ගේ එක්සත් රාජධානියේ සංචාරය, ඔක්ස්ෆර්ඩ් සංගමය සහ කේම්බ්‍රිජ් සංගමය ඇමතීම සඳහා හිටපු විදේශ අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කදිර්ගාමර්, ජී.එල්. පීරිස් සහ අලි සබ්‍රි ගේ එක්සත් රාජධානි සංචාර ලංකාවේ උදාහරණ කිහිපයකි.
මීට අමතරව ලෝක දේශපාලනය විමසා බැලුවහොත් එක්සත් රාජධානියේ වත්මන් අගමැති කියර් ස්ටාර්මර් පැරිසියේ ප්ලේස් ඩි ලා කොන්කෝඩ් හි පැවති පැරා ඔලිම්පික් සඳහා 2024දී සහභාගී වීමෙන් තවත් පූර්වාදර්ශයක් නිර්මාණය කළේය.
ජෝ බයිඩන් (ඔබාමා යටතේ උප ජනාධිපති ලෙස) බ්‍රසීලයේ පැවති 2014 FIFA කණ්ඩායම් අදියර තරඟයට සහභාගී විය. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ස්කොට්ලන්තයේ ටර්න්බෙරි ගොල්ෆ් පිටිය නැරඹීමට ගිය අතර එහිදී ඔහු යුරෝපීය කොමිසමේ සභාපතිවරයා සමඟ ද රැස්වීම් පැවැත්වීය.
ජනාධිපතිවරුන්ගේ සහ අගමැතිවරුන්ගේ බාහිර සංචාර විදේශීය රජයන් විසින් කරනු ලබන ආරාධනා වලට පමණක් සීමා නොවන අතර, ඒ සඳහා වියදම් අදාළ රජයන් විසින් ගෙවනු ලැබේ. රජය විසින් අරමුදල් සපයනු ලබන රාජ්‍ය නොවන ආයතන විසින් සංවිධානය කරන ලද බොහෝ සම්මන්ත්‍රණ තිබේ. රජය විසින් අරමුදල් සපයනු ලබන අනෙකුත් ජාත්‍යන්තර / කලාපීය සංවිධාන විසින් ද කටයුතු කරනු ලැබේ.
2021 දී ස්කොට්ලන්තයේ පැවති "COP26 ලෝක නායකයින්ගේ සමුළුව" සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සංචාරය, 2021 දී ඩුබායි එක්ස්පෝ සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සංචාරය, ඔසාකා එක්ස්පෝ කමිටුවේ ආරාධනයකට අනුව 2025 දී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජපාන සංචාරය සහ පෞද්ගලික සංවිධානයක් වන ලෝක ආර්ථික සංසදයේ ආරාධනයකට අනුව අගමැතිනි හරිනි අමරසූරියගේ ඩාවෝස් වෙත කළ සංචාරය රනිල්ගේ එංගලන්ත ගමනට සමාන උදාහරණ කිහිපයකි.
තිරුපති, බුද්ධගයා සහ ලුම්බිණි සංචාර ...

විදේශීය නායකයෙකුගේ ගුවන් යානයක් ඉන්ධන පිරවීම සඳහා නතර කිරීම වැනි අවස්ථාවන්හිදී ද්වි-පාර්ශ්වික සංක්‍රමණ සංචාර සංකල්පය ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇත, එවැනි සංක්‍රමණයකදී ද්වි-පාර්ශ්වික රැස්වීම් පැවැත්වීමට උදාහරණයක් ලෙස ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ ශ්‍රී ලංකා සංක්‍රමණ සංචාරය (2023) සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසාගේ ශ්‍රී ලංකා සංක්‍රමණ සංචාරය (2022) හඳුන්වා දිය හැකිය.
ජනාධිපතිවරයකු යම් විදේශ සංචාරයකට හෝ වෙනත් සංචාරයකට සහභාගී වීමට තීරණය කළ පසු, අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නේ රාජ්‍ය යාන්ත්‍රණය වන අතර අවසානයේ විගණකාධිපති, රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ පාර්ලිමේන්තුව විසින් එය විගණනය කරනු ලැබේ.
ජනාධිපතිවරයා උත්සව වලට සහභාගී වීමට තීරණය කරන්නේ නම් - ප්‍රොටෝකෝලය, නවාතැන් සහ වියදම් ඇතුළු විධිවිධාන පිරිවැය සහ භාවිතයට අනුකූලව සපුරාලනු ලැබේ. මේවා තීරණය කරනු ලබන්නේ රාජ්‍ය යාන්ත්‍රණය විසිනි.
මේක මොන ජාතියේ සංචාරයක්දැයි පැහැදිලි නැත....

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුත් නොවන, විපක්ෂ නායක හෝ වෙන තනතුරකුත් නැති මොන තත්ත්වයේද කියා නොදන්නා නොදන්නා ටිල්වින්ට ඉන්දීය සංචාරය දුන්නේ මොන පදනමින්ද කියා කසුකුසුවක් පවතී.
හිටපු විපක්ෂ නායකයකු වූ අමිත්තලිංගම්ටත්, ප්‍රභාකරන්ටත් ඉන්දියාව එන්නට කිව්වේය. දැන් ටිල්වින්ට අඬ ගසා තිබෙන්නේ ඒ පදනිමින්ම විය හැකිය.
දෙව්නි මෝරි සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරන්නට ගිය රනිල් කියපු කතාව

එහිදී රනිල් ව ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන ස්ථානයේ සිටි ඉන්දීය නිලධාරීනියගෙන් රනිල් ඉතිහාස කරුණු විමසා සිටි අතර අදාල පුරාවිද්‍යා භූමියේ ධාතූන් වහන්සේ තිබූ මංජුසාවේ තවත් යම් යම් දෑ හමු වීදැයි විමසීය.
එහිදී ඉන්දීය නිලධාරිනිය පැවසූයේ එහි සිල්ක් තිබූ බවයි.
" ඉතින් ඒ කාලේ ඉඳන් ඔයගොල්ලො චීනය එක්ක ගනුදෙනු කරලා නේ, දැන් අපට කෑ ගහන්නේ" යැයි රනිල් වික්‍රමසිංහ මහතා සිනා මුසුව පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා කියූ කාරණයට ඉන්දීය නිලධාරිනිය සිනහවකින් පිළිතුරු දුන්නාය.
චීන අලුත් අවුරුදු පිළිගැනීමේ උත්සවය

චීන තානාපති කාර්යාලය කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී සංවිධානය කර තිබු චීන අලුත් අවුරුදු පිළිගැනීමේ උත්සවය සඳහා සභාපති වජිර ගියේ නායක රනිල් නියෝජනය කරමිනි.
ඒ වෙලාවේ රනිල්ට වෙනත් වැඩක් යෙදී තිබූ බැවින් වජිරට එහි යන ලෙස දැනුම් දී තිබිණි.
චීන තානාපතිද දේශපාලනඥයෝද බොහොමයක් එහි වූහ.
ඇමති විජිත, හිටපු ජනාධිපති මහින්ද , හිටපු කතානායක මහින්ද යාපා, ජී. එල්, ගම්මන්පිල එහි සිටි කිහිපදෙනෙකි.
වජිර මුලින්ම චීන තානාපති මුණ ගැසී තමන්ගේත් නායක රනිල්ගේත් සුභාෂිංසන පිරිනැමීය.
උත්සවය අතරතුරදී වජිර -මහින්ද අසලටම ගොස් කතාබහ කළ අතර උත්සවයට පැමිණ සිටි පිරිසට මෙම කතාව කුතුහලයට තුඩු දුන්නේ ඒ අසලම ඇමති විජිත ද සිටි නිසාය.
පසුව මෙම කතාවට ජී. එල් සහ ගම්මන්පිලත් හවුල් වූහ.
පැයකට වැඩි කාලයක් උත්සව සභාවේ මේ පිරිසත් සමග රැඳී සිටි වජිර එතැනින් නික්මුණේ වෙනත් කටයුත්තක් සඳහා සහභාගී වීමට තිබු නිසාවෙනි.
(සටහන | මල් පාරේ ලියුම්කරු)




