The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
විශේෂාංග

අරගලය ආවේ නැත්නම්..? - උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!

T

The Leader Desk

February 15, 2026 • 7:38 AM

අරගලය ආවේ නැත්නම්..? - උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘අරගලය නොආවා නම් අද කොහොමද…?’
  • ‘එහෙනම් රාජපක්ෂලා 2029ට නාමල් හදමින් ඉන්නවා…’ මාධ්‍යවේදියා පැකිලීමකින් තොරවම කීවේය.
  • ජයවර්ධන චරිතාපදානය අවසන් කරන පරිච්ඡේදයේ සඳහන් වන්නේ ජේ.ආර්.ගේ දිවිමගෙහි නිරන්තර ලක්ෂණය ‘එසේ වී නම් යන අදහසය’ යනුවෙනි.
  •   ඇත්තටම අරගලයක් නොආවා නම් කුමක් විය හැකිව තිබුණාද කියන ප්‍රශ්නයට උත්තරය එහම නම් අදත් රටේ රජකම් කරන්නේ රාජපක්ෂලා කියන එකය.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ, විදේශ තානාපති කාර්යාල නිලධාරියෙක් මාධ්‍යවේදියකුගෙන් අහපු ප්‍රශ්නයකි.

‘එහෙනම් රාජපක්ෂලා 2029ට නාමල් හදමින් ඉන්නවා…’ මාධ්‍යවේදියා පැකිලීමකින් තොරවම කීවේය.

ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානය අවසන් කරන පරිච්ඡේදයේ සඳහන් වන්නේ ජේ.ආර්.ගේ දිවිමගෙහි නිරන්තර ලක්ෂණය ‘එසේ වී නම් යන අදහසය’ යනුවෙනි. එනම් එදා ඩඩ්ලි මියගියේ නැත්නම් ජේ.ආර්.ගේ දේශපාලන ඉරණම කුමක් විය හැකිව තිබුණාද කියාය.

 

image 205eecbb94

ඇත්තටම අරගලයක් නොආවා නම් කුමක් විය හැකිව තිබුණාද කියන ප්‍රශ්නයට උත්තරය එහම නම් අදත් රටේ රජකම් කරන්නේ රාජපක්ෂලා කියන එකය.

අරගලය එන විට රාජපක්ෂලා සිටියේ හිරු නොබසින අධිරාජ්‍යයක් ලෙසය. සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂය වී සජිත් විපක්ෂ නායකව සිටියත් රාජපක්ෂලා සජිත්ට ගහන්න සහ සමගි ජන බලවේගය දෙකඩ කරන්න 2020 මහ ඡන්දයෙන් පාර්ලිමේන්තු අසුන අහිමි වී සිටි රනිල්ව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගෙන්වා ගන්න සමත් විය. නාමල් රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ නායකයෝ සජිත්ට මෝඩයා සහ පිස්සා කියමින් අපහාස උපහාස කරමින් සිටියහ. මන්ත්‍රීවරු තුන්දෙනෙක් සිටි ජවිපෙද ඊට අත්වැල් අල්ලමින් සිටියහ. අනුර කුමාර වරක් කීවේ සජිත්ගේ මොළය පරීක්ෂා කළ යුතුය කියාය. ලාල්කාන්ත කීවේ රනිල් පාර්ලිමේන්තුවට පැමිණීම අගය කළ යුතු බවත්, සජිත් නොව රනිල් විපක්ෂ නායක ධුරයට සුදුසු බවත්ය. පොදුජන පෙරමුණේ රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ කීවේ ටික කලකින්ම රනිල් විපක්ෂ නායක වන බවය.

 

Mahinda Gotabaya Rajapaksa president launch

ඇත්තටම ඒ වෙලාවේ ජනාධිපති ධුරයට හෝ ආණ්ඩුවට තරගයක් තිබුණේ නැත. තරගය තිබුණේ විපක්ෂ නායක ධුරයටය. රනිල් සහ අනුර යන දෙදෙනාම විපක්ෂ නායක ධුරයට පොරකමින් සිටියහ. රනිල්ට ඕනෙ වුණේ පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායක ධුරයය. තමන්ට පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායක ධුරය නොලැබෙන බව දැන අනුර සමගි ජන බලවේගයේ ඡන්ද පදනම පුපුරුවා රටේ විපක්ෂ නායක වෙන්න උත්සාහ කරමින් සිටියේය.

මේ සියල්ල මැද කොරෝනාවට බයේ මිනිස්සු ගෙවල්වල හැංගෙද්දී සජිත් සහ සමගි ජන බලවේගය ගාලු මුවදොරට අතිවිශාල ජනකායක් එක්රැස් කොට ගෝඨාට සහ රාජපක්ෂ පවුලට එරෙහි පළමු වෙඩිමුරය පත්තු කළේය. ඒ සෞඛ්‍ය බලධාරීන් කොවිඩ් නිසා ජනයා එක්රැස් කිරීම තහනම් කොට තිබියදීය. ගාලුමුවදොරට ජනතාව එක්රැස් වූ විට ජනාධිපති කාර්යාලය වටකරමු යැයි පාක්ෂිකයන් උද්ඝෝෂණය කළත්, ජනාධිපති කාර්යාලය පෙනෙන සීමාවේ විරෝධය පවත්වා ඊළඟ වාරයේ ජනාධිපති කාර්යාලය වටකරමු යැයි සමගි ජන බලවේගය තීරණය කළහ. ඒ, 2021 නොවැම්බරයේදීය.

srilanka scaled

 

සජිත් සහ සමගි ජන බලවේගය දෙවැනි විරෝධතා ව්‍යාපාරය දියත් කළේ 2022 මර්තු මාසයේ 16 වැනි දිනය. අතිවිශාල ජනකායක් එක්රැස් කොට එදින ජනාධිපති කාර්යාලය වටකොට ගෝඨාගේ පඹයන් ගිනි තැබූහ.

ඊළඟට සමගි ජන බලවේගයේ කාන්තා සංවිධානයේ නායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කාන්තාවන් පිරිවරාගෙන ගෝඨා පදිංචි මිරිහානේ නිවස වටකළහ.

ලංකාවේ තරුණ තරුණියන් පෙරටුගාමී පක්ෂයේ නායකත්වයෙන් ගෝඨාගේ මිරිහාන නිවස වටකළේ ඉන් පසුවය. එතැනදී ගෝඨා පොලිසිය ලවා විරෝධතාවට පහර එල්ල කළේය.

 

hirunika protest2

මේ ප්‍රහාරයට එරෙහිව උද්ඝෝෂණ කරන්න පාරට එන්න යැයි පෙරටුගාමී ඇතුළු තරුණ සමාජ මාධ්‍ය නායකයන් ජනතාවගෙන් ඉල්ලද්දී නායකත්වයක් නැති සටන්වලට ගොස් අවදානමක් නොගන්න යැයි අනුර කුමාර නිවේදනයක් නිකුත් කළේය. ඒ ජවිපෙ සහ පෙරටුගාමී බල පොරය හේතුකොට ගෙනය. අවදානම්සහගත සටන්වලට නොයන්න යැයි රනිල්ගේ යූ.ඇන්.පී.යද නිවේදනයක් නිකුත් කළේය. එහෙත් සජිත් විපක්ෂ නායක ලෙස නිවේදනයක් නිකුත් කරමින් කීවේ බය නැතිව ආණ්ඩුවට විරෝධය දක්වන්න පාරට එන ලෙසත්, එම විරෝධයේ පක්ෂ දේශපාලනයක් නොමැති බවත්ය.

image 308b694336

 

අනුර හෝ රනිල් බලාපොරොත්තු නොවූ ලෙස විරෝධය අතිශයින් සාර්ථක විය. තැන් තැන්වල තිබූ අහඹු තෙල් සහ ගෑස් පෝලිම් වැඩිවෙන්න පටන් ගත්තේ මේ විරෝධයත් සමගය. ගෝල්ෆේස්හි අරගලකරුවන් කඳවුරු බැඳගත්තේ රට පුරා පෝලිම් ව්‍යාප්ත වෙද්දීය. ජවිපෙ සහ යූ.ඇන්.පී.යත් ගාලුමුවදොරට රිංගාගෙන අරගලය මුවහත් කළේ ඉන් පසුවය. සමගි ජන බලවේගයද ගෝල්ෆේස්හි කඳවුරු බැඳගත්හ. මේ හැමෝගෙම සටන් පාඨය වූයේ,

‘ගෝඨා ගෝ හෝම්
මයිනා ගෝ හෝම්
කපුටා ගෝ හෝම්’ කියන සටන් පාඨයය.


GotagoVillage 15 of 34

 

රනිල්ගේ උපදෙස් මත යූ.ඇන්.පී. නගරාධිපතිනි රෝසි ගෝල්ෆේස් අරගලකරුවන්ට පානීය ජල පහසුකම් සහ වැසිකිළි පහසුකම් ලබාදුන්නාය. හැබැයි පසුව අරගලය අයිති කරගන්න ජවිපෙ සහ පෙරටුගාමීන් අතර සටනක් දියත් විය. අරගලය අවස්ථාවේ සමගි ජන බලවේගය නුවර සිට පාගමනින් දැවැන්ත පෙළපාළියක් 2022 මැයි මස කොළඹට ආවේ ගෝඨා ගෝ හෝම් කියමින් අරගලයට සහාය පළකරමින්ය.

සජිත් සහ සමගි ජන බලවේගය අරගලයේ නායකත්වය ගනියි යන බියෙන් ජවිපෙ සහ අරගලකරුවන් රාජපක්ෂ මැරයන් අරගලයට පහර දුන් වෙලාවේ අරගල භූමියට පැමිණි සජිත්ට පහර දුන්හ. එය මාරාන්තික ප්‍රහාරයක් විය. ඒත් සජිත් සහ සමගි ජන බලවේගය අරගලයට සහාය පළකිරීම අතහැරියේ නැත. මන්ද සජිත්ට, අනුරට, රනිල්ට සහ පෙරටුගාමීන්ට ඕනෑ වූයේ රාජපක්ෂලාගේ හිරු නොබසින අධිරාජ්‍යය කුඩුපට්ටම් කරදමන්නටය. හේතුව ඡන්දයකින් රාජපක්ෂලා පරාජය කරන්න බැරි බව ඔවුහු දැන සිටියහ.

 

‘හොඳයි අරගලය ආවේ නැත්නම්…?’

අරගලය ආවේ නැත්නම් අදත් ජනාධිපති ගෝඨාභයය. හේතුව 2024 ජනාධිපතිවරණයේදී සජිත්, රනිල් සහ අනුර යන තුන්දෙනාම ඡන්දය ඉල්ලන්න ගොස් ඡන්ද දෙකට තුනට බෙදී ගෝඨා දිනන්න බොහෝ ඉඩ තිබිණි.

ගෝඨා දින්නා නම් අගමැති ලෙස පත්කර ගන්නේ නාමල්ය. එහෙනම් මේ වනවිට නාමල් 2029 ජනාධිපතිවරණයට සූදානම් වෙමින් සිටිනවා නියතය.

‘රාජපක්ෂලා පන්නමු…’

එහෙනම් අද සජිත්, අනුර සහ රනිල්ලාගේ ප්‍රධාන සටන් පාඨය ඕකය. අද වනවිට රාජපක්ෂලා පන්නන්න සමගි ජන බලවේගය, එජාපය සහ ජවිපෙ මේ වෙනකොට මහජන රැස්වීම් තබ තබා යනවා පමණක් නොව 2029 නාමල් පරාජය කරන්න විපක්ෂයේ සියලු පක්ෂ එකතුවී පොදු අපේක්ෂකයෙක් නම්කරන්න රහසින් සාකච්ඡා පවත්වනවා නියතය.

rwbe67i67

 

රාජපක්ෂලා ගෙදර ගියේ අරගලයට පිං සිදුවෙන්නටය. රාජපක්ෂලා අරගලයට බයවී අරගලය මර්දනය කොට තම පවුල ආරක්ෂා කරගන්න විපක්ෂයේ සිටි රාජපක්ෂ පවුලට විශ්වාසවන්තමයා වූ රනිල්ව ජනාධිපති කරගත්තේය. රනිල් අරගලය පෙන්නා රාජපක්ෂවරු බයකොට ජනාධිපති විය. අනුර කුමාර අරගලය හයිජැක් කොට අරගලයේ ජයග්‍රහණය බවට පත්වී ජනාධිපති විය. අරගලය පටන්ගත් පෙරටුගාමී පක්ෂයට ඇපත් නැති විය. මුලින්ම අරගලයට පක්ෂ වූ සහ ජනාධිපති ලේකම් කාර්යාලය වට කරන්න අරගලකරුවන්ට ආදර්ශයක් දුන් සජිත්ට ජනාධිපතිකම නැති විය. අරගලකරුවන්ට පාර කපමින් ගෝඨාගේ මිරිහානේ ගේ වටකරපු හිරුණිකාට මන්ත්‍රී වෙන්නත් බැරි විය. හැබැයි අරගලය නොවන්න අදත් රටේ රජ කරන්නේ රාජපක්ෂලාය.

(සටහන | උපුල් ජෝශප් ප්‍රනාන්දු)
Creative Content Consultant

උපුටා ගැනීම - mawratanews

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...