The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය : සජබ ආර්ථික දැක්ම අලුත් දිශානතියන්ට යොමු කළ මහාචාර්යවරයා

T

The Leader Desk

February 27, 2026 • 12:42 PM

සජිත්ගේ දේශපාලන සතිය : සජබ ආර්ථික දැක්ම අලුත් දිශානතියන්ට යොමු කළ මහාචාර්යවරයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බාල ගල්අඟුරු සිදුවීම මේ වනවිට මාලිමා ආණ්ඩුවේ සුදු පිරුවටය කළු කළ සිදුවීමක් වී හමාරය.
  • මෙවැනි පසුබිමක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමස්ථ විපක්ෂයම ලොකු මෙහෙයුමක නිරතව ඇත්තේ, දේශපාලන භූ තලය මත ඊළඟ ගලඋඩ සටනේ තීරණයට හේතුවන ප්‍රධාන සාධකයක් බාල ගල්අඟුරු සමඟ බද්ධවී තිබීම නිසාමය.
  • ලංකාවට ගේන, ගේන ගල්අඟුරු නැව් බාලයි කියන තොරතුරු විපක්ෂ නායක සජිත්ගේ කනට යන්නේ කෙහොමද කියන එක දැන්, දැන් පැලවත්ත රත්කරන ප්‍රශ්ණය වී ඇති බව පෙනෙන්නට තිබේ.
  • “ නොරොච්චෝලේ බලාගාරය හරියට දුවනවා නම් මෙගාවොට් 900 ක් නිපදවන්න ඕන, පළමු ඒකකයේ මේ දවස්වල නිපදවන්නේ මෙගාවොට් 250යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ආණ්ඩුවට සම්බන්ධ අය කෙසේ කීවද, විදුලි බල මණ්ඩලය පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ උපායමාර්ග පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට දුන් වාර්තාව සහ ගල්අඟුරු සමාගමේ වාර්තා අනුව දැනට ලංකාවට ගොඩබා ඇති නැව් 09 යේම ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර බව පැහැදිලිය.

මෙවැනි පසුබිමක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමස්ථ විපක්ෂයම ලොකු මෙහෙයුමක නිරතව ඇත්තේ, දේශපාලන භූ තලය මත ඊළඟ ගලඋඩ සටනේ තීරණයට හේතුවන ප්‍රධාන සාධකයක් බාල ගල්අඟුරු සමඟ බද්ධවී තිබීම නිසාමය.

ගල්අඟුරු ගැන සජිත්ට තොරතුරු දෙන්නේ කවුද?

WhatsApp Image 2026 02 27 at 3.56.06 PMගල්අඟුරු ගැන සජිත්ට තොරතුරු දෙන්නේ කවුද?
ලංකාවට ගේන, ගේන ගල්අඟුරු නැව් බාලයි කියන තොරතුරු විපක්ෂ නායක සජිත්ගේ කනට යන්නේ කෙහොමද කියන එක දැන්, දැන් පැලවත්ත රත්කරන ප්‍රශ්ණය වී ඇති බව පෙනෙන්නට තිබේ.

“ නොරොච්චෝලේ බලාගාරය හරියට දුවනවා නම් මෙගාවොට් 900 ක් නිපදවන්න ඕන, පළමු ඒකකයේ මේ දවස්වල නිපදවන්නේ මෙගාවොට් 250යි. තුන්වැනි ඒකකයේ මෙගාවොට් 275යි. දෙවෙනි ඒකකයේ විතරයි මෙගාවොට් 300 නිපදවන්නේ, හේතුව තමයි ඒකට යොදාගන්න ගල් අඟුරු රුසියාවෙන් ගෙන්වපු උසස් තත්ත්වයේ ඒවා. තව ටික දවසකින් ඒකෙත් 300 නිපදවන්න බැරි වෙනවා”

හෝමාගම විහාරස්ථානයක උත්සවයකට සහභාගීවෙලා එළියට ආපු සජිත්ගෙන් මාධ්‍යවේදීන් ගල්අඟුරු ගැන ඇහුවම සජිත් කියලා තිබුණ අදහස තමයි ඒ.

vvvtb5
එහෙම කියලා වාහනයට ගොඩවුණ සජිත්, අජිත් පී පෙරේරාටයි, මරික්කාර්ටයි, මුජිබර්ටයි දුරකථන ඇමතුමක් දීලා උපදෙස් දීලා තිබුණේ, මේ ගල්අඟුරු වංචාවේ පාඩුව රටට හොඳින් පැහැදිලි කරන ලෙසය.

ඒ අනුව හිරු සලකුණ වැඩසටහනට සඳුදා රෑ සහභාගී වුන අජිත් සංඛ්‍යා ලේඛණ එක්ක ගල්අඟුරු පාඩුව හොඳට පැහැදිලි කළේය.

ආයෙත් කොළඹදී මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරලා තිබුණේ,

“ අපි කිසිම විදිහකින් ඉදිරියේදී විදුලි බිල වැඩි කරලා ජනතාවගෙන් මේ පාඩුව අයකර ගන්න ඉඩදෙන්නේ නෑ. ආණ්ඩුව අලුත් කැම්පේන් එකක් අරන් යනවා, අපි කොහොමද පොලොවෙන් ගන්න ගල්අඟුරුවල ප්‍රමිතිය බලන්නේ, ඒක නිසා තමයි දඩ අයකරන්නේ වගේ කතාවක්, මේක සම්පූර්ණයෙන්ම වැරදීයි, ක්ලෝ කැලරි 5900 - 6150 අතර ඒවට තමයි ඒ කාලේ දඩ ගහලා රටට අරන් තියෙන්නේ, කිසිම අවස්ථාවක 5900 අඩු ඒවා රටට අරන් නෑ. ඒත් මේ අය 5700, 5600 වගේ ප්‍රමාණයේ ඒවා තමයි මේ මිලදී අරන් තියෙන්නේ. මේක එක පැත්තකින් පාඩුවක්, වෝහාරික විගණනයක් සිදු කරලා මේ දූෂිත ගණුදෙනු ගැන සෙවිය යුතුයි. බාල ගල් අඟුරු නිසා බලාගාරයට සිදුවෙන හානියට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය වගකිව යුතුයි. අනිත් එක මේක මහා වායු දූෂණයක්. මේවා පිච්චුවාම ඒ අළු නිසා පුත්තලම පැත්තේ මිනිස්සුන්ට ශ්වසන අවහසුතා පවා ඇති වෙන්න පුලුවන්.” සජිත් එම ප්‍රකාශය තුළ කරුණු ප්‍රකාශ කර තිබුණේ ඒ අයුරින්ය.

ගල්අඟුරු වංචාව ගැන සජබයෙන් දිනපතා පැමිණිලි..

WhatsApp Image 2026 02 27 at 3.56.31 PMගල්අඟුරු වංචාව ගැන සජබයෙන් දිනපතා පැමිණිලි.
බාල ගල්අඟුරු වංචාවේ සුල, මුල හොයන්නට ඉල්ලමින් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරන්නට සජබයේ දූෂණ විරෝධි පෙරමුණ කටයුතු කර තිබුණේ, විපක්ෂ නායක සජිත්ගේ උපදෙස් අනුවය.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්, කාවින්ද ජයවර්ධන, චමින්ද විජේසිරි සහ සුජිත් සංජය ඊට සහභාගී වී තිබුණි.

ඒ අතරම බාල ගල්අඟුරු දහනය නිසා නොරොච්චෝලේ අවට පරිසරයට සිදුවන බලපෑම සොයන්නැයි කියමින්, සජබයේ නාගරික මන්ත්‍රී වෛද්‍ය චමල් සංජීවත්, ආනන්ද පාලිතත් ගොස් තිබුණේ මධ්‍යම පරිසර අධිකාරියටය.

WhatsApp Image 2026 02 27 at 3.56.32 PM
මේ ආකාරයෙන් සජිත්ගේ උපදෙස් මත සජබය බාල ගල්අඟුරු වල සුල මුළ සොයද්දී, පසුගිය දිනවල පැවති රූපවාහිනී සංවාදත් උණුසුම් මුහුණවරක් ගත් අයුරු දැකගන්නට තිබුණි.

මාලිමාවට උතුර - දකුණ මාරුවුණු සිරස සටන :

WhatsApp Image 2026 02 27 at 3.56.48 PM 2මාලිමාවට උතුර - දකුණ මාරුවුණු සිරස සටන
අඟහරුවාදා සිරස සටන වැඩසටහනට බාල ගල්අඟුරු හෝදන්න ආණ්ඩුව පැත්තෙන් එවා තිබුණේ, ලක්මාලී හේමචන්ද්‍ර සහ රුවන් මාපලගමයි කියන මන්ත්‍රීවරු දෙදෙනාය.

විපක්ෂය වෙනුවෙන්, සජබයේ බණ්ඩාරගම සංවිධායක නයනක රංවැල්ල සහ පෙරටුගාමී පක්ෂයේ  අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ පැමිණ සිටියේය.

 

WhatsApp Image 2026 02 27 at 3.56.48 PM
සුපුරුදු පරිදි මන්ත්‍රීවරු දෙන්න ගල්අඟුරු වංචාව එක, එක විදිහට හෝදන්න ට්‍රයි කළත්, පුබුදුයි, නයනකයි ඩොකියුමන්ට් එක්කම ගල්‍අඟුඅරු සීන් එකේ පාඩුව පෙන්වද්දී මාලිමාවේ දෙන්නට කට උත්තර නැතිව ගියේය.

පුබුදු ටෙන්ඩර් ප්‍රසම්පාදනයේ සිටම තිබූ අවුල් ටික දිගහරිද්දි, නයනක විදුලි බල මණ්ඩලය පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවට දුන්න වාර්තාව පෙන්වමින් නැව් 9 යේම පාඩුව එකින් එක හෙළි කළේය.

 

WhatsApp Image 2026 02 27 at 3.56.48 PM 1


බාල ගල්අඟුරු චෝදනාව, කුමාරවරුන්ට සම්බන්ධ සමාගමට ටෙන්ඩරය නොලැබීම නිසා සිදුකරන චෝදනාවක් බවට වත්මන් ආණ්ඩුව විසින් එත්තුගන්වමින් යන මතය පුස්සක් කළ පුබුදු සහ නයනක, ලබාදී තිබූ වත්මන් ආණ්ඩුව ලබාදී තිබූ ගල්අඟුරු නැව් 29ට අමතරව, 2025 ජූලි මාසයේ තවත් නැව් 15 කට ප්‍රසම්පාදනයෙන් තොරව කැබ්නට් අනුමැතිය දී තිබූ ලිපියක්ද පෙන්වද්දී ලක්මාලිටයි, රුවන්ටයි තර්කයක් නැතිවූ අයුරු දැකගත හැකිවිය.

සටනට පෙර නයනකව A to Z ගල්අඟුරු වංචාවට අදාළව තොරතුරුවලින් සන්නද්ධ කරන්නට මරික්කාර් කටයුතු කර තිබුණේ, සජිත්ගෙත් උපදෙස් අනුවය.

ලොකු ප්‍රේමදාසත්, පොඩි ප්‍රේමදාසන් එකවර ඇගයීමට ලක්කළ මහාචාර්යවරයා...

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ ජේ‍යෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පසුගිය බදාදා සජබ මාධ්‍ය හමුවට සහභාගී වී අපූරු කතාවක් ජනගත කළේය.

WhatsApp Image 2026 02 27 at 3.57.11 PM

“ මේ වනවිට රටේ තරුණ තරුණියන් එක් ලක්ෂ පනස්දහසක් රැකියාවක් සොයමින් කල් ගතකරනවා, රටක ආර්ථික වර්ධන වේගයත් සමඟ දරිද්‍රතාවයට, අසමානතාවයට, විරැකියාවට සිදුවන දේ පිළිබඳව ආර්ථික විද්‍යාව සම්බන්ධ දාර්ශනිකයකු වූ මහාචාර්ය ඩඩ්ලි සියර්ස්ගේ ඉගැන්වීමක් තියෙනවා. ඔහු කියන්නේ ආර්ථිකයේ වර්ධනය වේගය සමග රටක දුප්පත්භාවය අඩුවිය යුතුයි. ඇති නැති පරතරය අඩු විය යුතුයි. ඒ වගේම රැකියා ප්‍රශ්නයට උත්තරයක් ලැබිය යුතුයි කියලා. මහාචාර්ය ඩඩ්ලි සියර්ස් නැමැති ආර්ථික විද්‍යාඥයාගේ ආර්ථිකය පිළිබඳ දැක්ම සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිගන්නවා”

එහෙම කියපු මහාචාර්ය ප්‍රසන්න, රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාගේ සංකල්ප ගෙනහැර දක්වමින් එදා ආර්ථිකය අලුත් දිශානතියන්ට යොමු කළ අයුරුත් සිහිපත් කළේය.

“ 1948 සහ 1960 අතර කාලයේ රැකියා ප්‍රශ්නය සහ අසමානතාවයන් සඳහා එවක  රජය ගල් ඔය ව්‍යාපාරය ආරම්භ කළා. 1977 සහ 1990 කාලයේ දී කඩිනම් මහවැලි ව්‍යාපාරය ආරම්භ කළා. 1977 න් පස්සේ නිදහස් වෙළද කලාප ඇති කරන්න කටයුතු කළා. මගේ සිත්ගත්ම වැඩසටහන වුණේ, 1989 සහ 1993 අතර දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ජනසවිය වැඩසටහන සහ ඇඟළුම් කම්හල් ගමට ගෙනගිය කම්හල් 200 වැඩසටහනයි, ඒ වැඩසටහන තුළ දුප්පත් ජනතාව සදාකාලිකව ම දුප්පත්භාවයෙන් ගලවා ගන්න වැඩපිළිවෙළක් නිර්මාණය කරන්න රණසිංහ ප්‍රේමදාස කටයුතු කර තිබුණා. කෙසේ නමුත් රණසිංහ ප්‍රේමදාසගේ මෙම සංකල්පයන් අද අර්බුදයට යමින් තිබෙනවා. ඒ බදු ක්‍රමවේදයේ ගැටළු, පිරිවැය ප්‍රශ්ණ සහ ව්‍යවසායකයින්ට, කර්මාන්තකරුවන්ට, ආයෝජකයින්ට රජය පැත්නෙන් සාධනීය වැඩපිළිවෙලක් ක්‍රියාවට නොනැගීම. මේ හරහා ඉදිරියේදී ඇතිවෙන විරැකියා අර්බුදයේ ස්වභාවය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සෘජුව දැනෙනවා. මොකද ඔහු දන්නවා රණසිංහ ප්‍රේමදාස මේ කර්මාන්ත ශාලා ගමට ගෙන්න පියා මොනතරම් වෙහෙසක් දැරුවද කියන කාරණය. ඒකයි ඔහු ඒ සම්බන්ධයෙන් සෘජුව ප්‍රශ්ණ කරන්නේ.”

මාධ්‍ය හමුවේ මෙහෙම අදහස් දක්වපු මහාචාර්ය ප්‍රසන්න පේරාදෙණියට යන්න පිටත්වෙන්නත් කලින් කොල්එකක් ගත්ත සජිත්, තමා පිළිබඳව සහ රණසිංහ ප්‍රේමදාස මහතාගේ සංකල්ප පිළිබඳව වැදගත් කරුණු රැසක් සමාජයට ඉදිරිපත් කිරීම වෙනුවෙන් තමන් කෘතවේදීත්වය පවා පළකරන බව කියා තිබුණා.

නෙළුම් පොකුණේ සමරන මාර්තු 8ට

WhatsApp Image 2026 02 27 at 3.57.24 PM
කාන්තා දිනය වෙනුවෙන් ලොකු වැඩක් කරන්න සජබය තීරණය කර ඇති බව අපට අසන්නට ලැබුණේ දැනට සති කිහිපයකට පෙර සිටය.

රෝහිණී කවිරත්න, චමින්ද්‍රාණි කිරිඇල්ල, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සමගි වනිතා බලවේගය මේ දවස්වල ඒකට බැහැලම වැඩය.

සජිත්වත් දිනපතා සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගන්නා කාන්තාවන් සෙට්එක සජිත්ට වැඩසටහනේ සැලසුම්, ප්‍රගතිය, දිස්ත්‍රීක්, දිස්ත්‍රීක් අනුව සහභාගීත්වය ගැන අප්ඩේට් දෙන්නට පටන්ගෙන තිබේ.

“ කාන්තාවෝ එක මිටට කියලා ආණ්ඩුව බලය ගත්තට, අද වෙනකොට කාන්තා කොමිසමත් අක්‍රීය කරලා, අද කාන්තාවොන්ට ප්‍රශ්ණ ගොඩයි, මේ ගැන අපි රටම දැනුවත් කරන වැඩක් කරමු.” සූම් මීටිමේදී කියපු මේ වගේ අදහස් අහන් හිටපු සජිත්, මහලේකම් එක්ක කියා තිබුණේ, “ අපේ ගෑණු ටිකනම් මරු, වැඩේ ලස්සනට කරගෙන යනවා. හරිම උනන්දුවක් තියෙන්නේ” කියාය.


(මම | බංගලා හංදියේ ලියුම්කරු)


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...