ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්පසුව ජාතිය අමතා කතාවක් කර එම මරණ පිළිබඳව ඔහුගේ බලවත් කණගාටුව ප්‍රකාශ කලේය. එසේ ශෝකය ප්‍රකාශ කලද ඔහු ඉරානයට එරෙහි හමුදා මෙහෙයුමේ අවශ්‍යතාවය පිළිබඳව දැඩි ස්ථාවරයක සිටියේය [CENTCOM Official Briefing].
එම කතාවේදී ඉදිරියේදී තවත් ජීවිත හානි සිදුවිය හැකි බවට ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු මහජනතාවට අනතුරු ඇඟවීය. "කනගාටුවට කරුණක් නම්, තවත් මරණ සිදුවීමට ඉඩ තිබීමයි... නමුත් ඇමරිකාව ඔවුන්ගේ මරණ වෙනුවෙන් පළිගනු ඇති අතර, අපගේ ශිෂ්ටත්වයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළ ත්‍රස්තවාදීන්ට දරුණුතම දඬුවම් ලබා දෙනු ඇත" යැයි වැඩි දුරටත් පැවසීය (Presidential Address, March 1, 2026).
කෙසේ වුවත් ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සමහරක් හමුදා විශ්ලේෂකයින්ගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය. මෙම මැදිහත්වීම 1973 යුධ බලතල පනත උල්ලංඝනය කරමින් සිදුකළ "තම කැමැත්තට ඇති කරගත් යුද්ධයක් (war of choice)" ලෙස විශ්‍රාමික ලුතිනන් කර්නල් ඩැනියෙල් ඩේවිස් හැඳින්වීය (Lt. Col. Daniel Davis, Deep Dive Analysis).
මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුගාමිකයින් ඊශ්‍රායලය සමග එකතුවී ඇමරිකාව කරන යුද්ධය ගැන ප්‍රසංශාත්මකව අදහස් ප්‍රකාශකරනු දැකීමට හැකිවිය.

ගැටුමේ දෙවන දිනය වන විට, මිත්‍ර පාක්ෂික ගුවන් ආරක්ෂක පද්ධතිවලට ඉරාන ප්‍රහාර මැඩපැවැත්වීම දුෂ්කර වී ඇති බව සමහර අවස්ථාවන්දී පෙනීමට තිබේ. පේට්‍රියට් (Patriot) සහ ඊජිස් (Aegis) පද්ධති තිබියදීත්, සැලකිය යුතු ප්‍රහාර ප්‍රමාණයක් ඒවා බිඳගෙන ගොස් ඇත. ඉරාන බැලස්ටික් මිසයිල අල්-අසාද් ගුවන් කඳවුරේ ආරක්ෂක වළලු බිඳ දමන ආකාරයත්, බහරේනය, කටාර් සහ කුවේටයේ ඇති ඇමරිකානු දේපළවලට පහර දෙන ආකාරයත් යුධ පිටියේ දර්ශන මගින් පෙනී යයි (Open-Source Intelligence (OSINT) / Deep Dive Visual Analysis).

යුද්ධයේ පළමු දිනයේදී ඉරානයේ උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි-ඛොමේනි ඝාතනය කිරීම පාලන තන්ත්‍රය අඩපණ කිරීමට ගත් උත්සාහයක් වුවද, විශ්ලේශකයන් පවසන පරිදි එයින් සිදු වී ඇත්තේ ඉරාන වැසියන් ඇමරිකානු සහ ඊශ්‍රායල් හමුදා වලට විරුද්ධව එක්රැස් වීමකි. මහජන නැගිටීමක් වෙනුවට ටෙහෙරානයේ සහ බැග්ඩෑඩ්හි වීදි දහස් සංඛ්‍යාත ජනයාගෙන් පිරී ගියේ රජයට සහය පළ කරමිනි. බැග්ඩෑඩ්හිදී, ආගමික සහ දේශපාලන කෝපය ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවන් ඇමරිකානු තානාපති කාර්යාලය වටලෑමට උත්සාහ කර ඇති බව වාර්තා වේ (Regional Field Reports / IRNA News)
මේ අතර න්‍යෂ්ටික අවි සහිත ඉරානයක් ඇති වීම වැළැක්වීමේ පූර්ව පියවරක් ලෙස මෙම ප්‍රහාර සාධාරණීකරණය කිරීමට ඇමරිකානු රජය උත්සාහ කළද, ට්‍රම්ප්ගේ හිතවතෙක් වන සෙනෙට් සභික ටෙඩ් කෲස් ප්‍රකාශ කලේ 2025 දී ඇමරිකානු ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් පසු ඉරානය සිය න්‍යෂ්ටික හැකියාවන් යළි ගොඩනඟා ඇති බවට මෑත කාලීන බුද්ධි තොරතුරු ඔවුන් සතුව නොමැති බවයි. එබැවින් න්‍යෂ්ටික බෝම්බ ඇති බවට සැකය නිසා තමන්ගේ හමුදාව ඉරානයට පහර දී ඇති බව පැවසීමට ඇති ඉඩ එක්සත් ජනපද හමුදාවේ මධ්‍යම විධාන මධ්‍යස්ථානයට අහිමි වී ඇත්තේ එය කතාවක් බවත පත්වී ඇති බැවිනි (CBS News / Interview with Sen. Ted Cruz).
තම කතාවේදී ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉරාන විප්ලවීය මුරගාමී බලකායෙන් (IRGC) "අවි බිම තබා යටත් වන ලෙස" ඉල්ලා සිටියද (Presidential Address, March 1, 2026), ඔවුන් එලෙස කිරීමට කිසිදු සූදානමක් නැති බව නොනවත්වාම ඉරානය විසින් එල්ල කරන මිසයිල ප්‍රහාර වලින් අපට තේරුම් ගත හැක. ඇමරිකානු මරණ සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව ඉහළ යද්දී, රජය අපේක්ෂා කළ පරිදි මෙය ඉක්මන් ජයග්‍රහණයක් නොවන බව ජාතියට පැහැදිලි වෙමින් පවතී.

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ලෝක තෙල් මිල 15-20% කින් ඉහළ යාමේ අවදානමක් ද මතු වී තිබේ [Bloomberg Energy / EUNAVFOR]. මින් ඉදිරියට යුද්ධය කුමන ආකාරයෙන් ඉදිරියට යයිද යන්න මුලු මහත් ලෝකයටම ඇති ප්‍රශ්නයකි. කෙසේ වුවත් ඉමහත් ජීවිත හා දේපළ හානි සහිතව යුද්ධය නොනවත්වාම ඉදිරියට යන බව නම් පෙනීමට ඇත.
(සටහන | (ශෝන් ඒමොස් ලියනගේ)
ඇමරිකා එක්සත් ජනපදයේ සිට
kliyanage@antioch.edu




