තෙල් පොලිම් කතාව සලේගේ සළුවෙන් වසාගනිමින් සිටි ආණ්ඩුව පිට දැන් තවත් මරාලයක් පාත්වී තිබේ. ඒ මැදපෙරදිග යුධ ගැටුම් හමුවේ තෙල්, ගෑස් ඇතුළු අත්‍යාවශය දෑ සපයා ගැනීමත්, ඉරාන යුධ නෞකාවකට ශ්‍රී ලංකාව ආසන්නයේදී ඇමරිකාව එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයත් නිසාය.
මැද පෙරදිග ගැටුම් හමුවේ කරළියට ආ කොඳු කතා.
අඟහරුවාද ආරම්භ වූ පාර්ලිමේන්තු සතිය සෑම දිනකම උණුසුම් වෙද්දී ඉරානයට එල්ලවූ ඇමරිකානු, ඊශ්‍රායල ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව විපක්ෂ නායක සජිත් එදින පාර්ලිමේන්තුවේදීම ප්‍රකාශ කළේය.

“ ඉරානයට එල්ල කළ ප්‍රහාර අපි තරයේ හෙළාදකිනවා. ඒක ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ආටිකල් 2:4 සහ 2:7 උල්ලංඝණය කිරීමක්. ස්වෛරී රටක්වූ ඉරානයට එල්ල කළ ප්‍රහාරය අපි පාර්ලිමේන්තුවක් ලෙස හෙළා දැකිය යුතුයි. රජයත් එම ප්‍රහාරය හෙළා දැකලා ප්‍රකාශ නිකුත් කළාට කමක් නෑ. ඒකට බියවිය යුතු නැහැ”
විපක්ෂ නායක සජිත් එහෙම දැඩි ස්ථාවරයක සිටියත්, අනුර කුමාර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ මැදපෙරදිග ගැටුම ගැන සිය ස්ථාවරය පැහැදිලි කළේ ඉතාම ඕලාරික අයුරින්ය.
“ අපගේ සථාවරය වන්නේ ඕනෑම යුධ ගැටුමක්, ඕනෑම ජන කණ්ඩායමකට හිතකර තත්ත්වයක් නිර්මාණය කරන්නේ නෑ. ඒ නිසා ශ්‍රී ලංකාව හැටියට අපගේ ස්ථාවරය වන්නේ, යුද්ධයට සම්බන්ධ සියළු පාර්ශවයන් කඩිනමින් සාමකාමී කැපවීම් සහ මගපෙන්වීම් කරන ලෙස තමයි අපගේ ස්ථාවරය වන්නේ”

මෙය බලා සිටි බොහෝ දෙනෙකු කියන්නට වුණේ, ඉරාන ප්‍රශ්ණයේදී අනුරට වඩා සජිත්ගේ ස්ථාවරය සෘජු බවය.
මේ ප්‍රකාශයෙන් පසුව සජිත්ට දුරකථන ඇමතුම් රැසක් ලැබුණේ, ඔහු දැරූ ස්ථාවරයට පැසසුම් එක්කරමින්ය. සජිත්ව වටකර ගත් පාර්ලිමේන්තුවේ මුස්ලිම් මන්ත්‍රීවරුන් බොහොමයක්ද කීවේ,
“ ඔබතුමා කරපු ඒ කතාව විශිෂ්ඨයි. ඉරානයට එරෙහිව කරන යුද්ධය අපි හෙළා දැකිය යුතුයි. ආණ්ඩුවේ නිවට බව මේ සිද්ධියෙන් නම් හොඳටම පැහැදිලි වුනා. එයාලා ඉස්සරනම් ඇමරිකන් තානාපති කාර්යාලය වටකරගත්ත ගමන්, අද මීයෝ වගේ හැංගෙනවා, ජනාධිපතිට කෙලින් මේක වැරදි වැඩක් කියලා කියන්න කොන්දක් නෑ. අම්මෝ දැන් තමයි පෙන්නේ මෙයාලා කාටද කඩේ යන්නේ, කාටද පක්ෂග්‍රාහී, කොච්චර නිවටද කියලා”
ජනපති අනුරගේ සහ විපක්ෂ නායක සජිත්ගේ මේ කතා දෙකට ‘මව්රට’ ලොකු ප්‍රසිද්ධියක්ද ලබාදී තිබුණේ, ඒ වීඩියෝ දෙකම පෙන්වමිනි.
ඊට සිරස්තලය ලෙස යොදා තිබුණේ,

“අමෙරිකාව ඉරානයට එල්ල කරපු ප්‍රහාරයට එරෙහිව කෙළින් උත්තරයක් දුන්නේ අනුරද - සජිත්ද? දෙන්නාගේම ප්‍රකාශ දෙක මෙන්න…! කියාය.
ඉරාන තානාපතිගෙන් සජිත්ට විශේෂ ස්තුතියක්...
ප්‍රහාරවලින් මිය ගිය මැදපෙරදිග කලාපයේ ජනතාව වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙරට පිහිටි ඉරාන තානාපති කාර්යාලයට ගියේ බදාදා හවසය.
ඉරාන තානාපතිගෙන් සජිත්ට විශේෂ ස්තුතියක්
එහි දී ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර්, සෞදි අරාබිය, ජොර්දානය, කුවේට් ඇතුළු මැදපෙරදිග කලාපයේ සිදුවන යුද ගැටුම් හේතුවෙන් ජීවිත අහිමි වූ ජනතාව වෙනුවෙන් සජිත් සිය ශෝකය පළ කර සිටි අතර මෙම ගැටුම් අවසන් වී මැදපෙරදිග කලාපයට සාමය උදාවේවායි කියා ප්‍රාර්ථනා කළේය.
එහිදී සජිත් සමඟ කෙටි පිළිසඳරක නිරතවූ ඉරාන තානාපතිවරයා කියා තිබුණේ, “ අපට එල්ලකරන ප්‍රහාර ඔබ සෘජුව හෙළා දැකලා තිබුණා. එයට ස්තුතීයි අපේ මියගිය නායකයා ඇතුළු පාලන තන්ත්‍රය ශ්‍රී ලංකාවට කර තිබෙන උදව් වෙනුවෙන් ඔබ හැමවිටම පෙනී ඉන්න බව මට සහතිකයි” කියාය.
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ අපිට මොකද වෙන්නේ ?
මැදපෙරදිග රටවල උත්සන්න වන ගැටුම්කාරි තත්ත්වය හේතුවෙන් විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින්ටත්, සංචාරක කර්මාන්තයටත්, ගුවන් ගමන් කේෂ්ත්‍රයටත්, තේ ඇතුළු මෙරට අපනයන කර්මාන්තවලටත්, විදේශ මුදල් ප්‍රේෂණ හා සෘජු විදේශ ආයෝජන ආදී ක්ෂේත්‍ර ගණනාවකට බලපෑම් එල්ලවිය හැකි බව විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවට 27(2) ප්‍රශ්ණයක් යොමු කරමින්ය.
මීට පිළිතුරු දුන් විදේශ කටයුතු ඇමති විජිත හේරත් කියා සිටියේ.., “ හෝමුස් සමුද්‍ර සන්දිය වසා දැමීමෙන් සිදුවන බලපෑම ගැන අවබෝධයක් ලබාගතයුත්තේ ඔබතුමාද? මමද? කියන එක මේ තියෙන සැපයුම් දාමයත් එක්ක තේරුම් ගන්න පුළුවන්. ඉදිරි මාස කිහිපයේදී අපේ ඉන්දන අවශ්‍යතාවට හෝ ගෑස් අවශ්‍යතාවයට බලපෑමක් වෙන්නේ නෑ. දැන් ගත්තත් අපිට බොරතෙල් අගෝස්තු මාසය දක්වා තියෙනවා”
මේක අහන් හිටපු අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා කියා තිබුණේ, අපරාදේ අපේ ලොක්කත් ඕව අහන්න යන්නේ, මේ ආණ්ඩුවේ තියෙන උද්දච්චකමට ඇනිලා කෙලව ගන්නම තමයි දෙන්න තියෙන්නේ කියාය.
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ අපිට මොකද වෙන්නේ ?
ජාතික ආරක්ෂාවට ටියුෂන් දුන්න අයට නොපෙනුන ඇමරිකන් සම්මැරිනය..
දිට්වා ආපදා තත්ත්වය සමඟ පැනවූ හදිසි නීතිය මාසෙන්, මාසයට දීක් කරමින් රට කරගෙන යන අනුර කුමාර ජනාධිපති ඇතුළු රජයට විපක්ෂ නායක සජිත් අද කනේ පහරක් ගැසුවේ ඇමරිකානු සම්මැරීන් ප්‍රහාරයටත් නොදෙවෙනි ලෙසටය.
ජනපතිගේ චෝදනාවකට නිරෝෂන් පාදුක්කගෙන් පිළිතුරු.
බ්‍රහස්පතින්දා රාත්‍රියේ ජනාධිපති අනුර කුමාර හදිසියේ මාධ්‍යවේදීන් පිරිසක් ඉදිරියේ තබාගෙන ඉරාන නෞකාවට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට පහසුකම් සැලසීම ගැන පැහැදිලි කිරීමක් සිදු කළේය.
එහිදී රජයේ ආයතනයකට සම්බන්ධ මාධ්‍යවේදියකු ඇසුවේ “ ඉරාන නෞකා සිද්ධිය ගැන අසත්‍ය ප්‍රකාශ දිගින් දිගටම විපක්ෂය සිදුකළා, එවැනිම ආකාරයෙන් පසුගිය සමයේත් විවිද අවස්ථාවල විපක්ෂය අසත්‍ය ප්‍රකාශ එල්ල කළා” කියාය.
ඊට පිළිතුරු දුන් ජනාධිපති අනුර කියා තිබුණේ.., දිට්වා කුණාටුව අවස්ථාවේදීත්, ඇමරිකානු බදු පැනවීම හමුවේත් මේ වගේ වැඩ කළා, ඉන්දු - පාකිස්ථාන ගැටුමේදීත් විවිධ භිය ජනිත කළා. ඕනෑම අර්බුදයකදී විපක්ෂය දේශපාලන වාසි උකහාගන්නට උත්සාහ කරනවා” කියාය.
මේ කතාවට සිකුරාදා මාධ්‍ය හමුවට ආපු නිරෝෂන් පාදුක්ක කියා තිබුණේ,
ඊට සිරස්තලය ලෙස යොදා තිබුණේ,

“අමෙරිකාව ඉරානයට එල්ල කරපු ප්‍රහාරයට එරෙහිව කෙළින් උත්තරයක් දුන්නේ අනුරද - සජිත්ද? දෙන්නාගේම ප්‍රකාශ දෙක මෙන්න…! කියාය.
ඉරාන තානාපතිගෙන් සජිත්ට විශේෂ ස්තුතියක්...
ප්‍රහාරවලින් මිය ගිය මැදපෙරදිග කලාපයේ ජනතාව වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙරට පිහිටි ඉරාන තානාපති කාර්යාලයට ගියේ බදාදා හවසය.
ඉරාන තානාපතිගෙන් සජිත්ට විශේෂ ස්තුතියක්එහි දී ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර්, සෞදි අරාබිය, ජොර්දානය, කුවේට් ඇතුළු මැදපෙරදිග කලාපයේ සිදුවන යුද ගැටුම් හේතුවෙන් ජීවිත අහිමි වූ ජනතාව වෙනුවෙන් සජිත් සිය ශෝකය පළ කර සිටි අතර මෙම ගැටුම් අවසන් වී මැදපෙරදිග කලාපයට සාමය උදාවේවායි කියා ප්‍රාර්ථනා කළේය.
එහිදී සජිත් සමඟ කෙටි පිළිසඳරක නිරතවූ ඉරාන තානාපතිවරයා කියා තිබුණේ, “ අපට එල්ලකරන ප්‍රහාර ඔබ සෘජුව හෙළා දැකලා තිබුණා. එයට ස්තුතීයි අපේ මියගිය නායකයා ඇතුළු පාලන තන්ත්‍රය ශ්‍රී ලංකාවට කර තිබෙන උදව් වෙනුවෙන් ඔබ හැමවිටම පෙනී ඉන්න බව මට සහතිකයි” කියාය.
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ අපිට මොකද වෙන්නේ ?
මැදපෙරදිග රටවල උත්සන්න වන ගැටුම්කාරි තත්ත්වය හේතුවෙන් විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින්ටත්, සංචාරක කර්මාන්තයටත්, ගුවන් ගමන් කේෂ්ත්‍රයටත්, තේ ඇතුළු මෙරට අපනයන කර්මාන්තවලටත්, විදේශ මුදල් ප්‍රේෂණ හා සෘජු විදේශ ආයෝජන ආදී ක්ෂේත්‍ර ගණනාවකට බලපෑම් එල්ලවිය හැකි බව විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවට 27(2) ප්‍රශ්ණයක් යොමු කරමින්ය.
“ ගැටුම ව්‍යාප්ත වීම නිසා ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතවලට තර්ජනයක් ඇති වුනොත්, ඒ අයව ආරක්ෂිතව ගෙන්වා ගන්න, ආරක්ෂාව සලසන්න, වැඩපිළිවෙළක් සකස් කරන්න, මේ වන විටත් බොහෝ රටවල් එවැනි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන නිසා අපිත් රටක් ලෙස ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. ශ්‍රී ලංකා දූත මණ්ඩල 24 පැය හදිසි ප්‍රතිචාර ඒකක ශක්තිමත් කරලා තියන්න අවශ්‍යයි. මේවා අපි කියන්නේ ආණ්ඩුවේ කකුලෙන් අදින්න, අපහසුතාවයට පත් කරන්න නෙමෙයි, අපි මේවා කියන්නේ ආණ්ඩුවට අමතක් කරලා දෙන්න. විපක්ෂයක් විදිහට අපිට කරන්නේ පුලුවන් ජනතාව වෙනුවෙන් ශක්තිමත් ආරක්ෂිත වැඩපිළිවෙලක් හදන්න කියලා ආණ්ඩුවට බලපෑම් කිරීම තමයි”
ඒ වගේම හෝර්මූස් සමුද්‍ර සන්ධිය හරහා නාවික කටයුතුවලට බාධා ඇති වුවහොත් විකල්ප සැපයුම් ක්‍රමවේදවලට අවධානය යොමු කර තිබේද යන්නත් විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කර සිටියා.
“ලෝක වෙළෙදපොළේ ඉන්දන මිල ඉහළ යාමෙන් ශ්‍රී ලාංකාවට බලපෑම් එල්ලවෙන්න පුළුවන්, මේ ගැනත් දැඩිව අවධානය යොමු කරන්න, LNG, GAS ප්‍රවාහනයට බාධා එන නිසා ඉදිරියේදී ගෑස් වෙළඳපොලටත් බලපෑම් එල්ලවිය හැකීයි”
“ලෝක වෙළෙදපොළේ ඉන්දන මිල ඉහළ යාමෙන් ශ්‍රී ලාංකාවට බලපෑම් එල්ලවෙන්න පුළුවන්, මේ ගැනත් දැඩිව අවධානය යොමු කරන්න, LNG, GAS ප්‍රවාහනයට බාධා එන නිසා ඉදිරියේදී ගෑස් වෙළඳපොලටත් බලපෑම් එල්ලවිය හැකීයි”
මීට පිළිතුරු දුන් විදේශ කටයුතු ඇමති විජිත හේරත් කියා සිටියේ.., “ හෝමුස් සමුද්‍ර සන්දිය වසා දැමීමෙන් සිදුවන බලපෑම ගැන අවබෝධයක් ලබාගතයුත්තේ ඔබතුමාද? මමද? කියන එක මේ තියෙන සැපයුම් දාමයත් එක්ක තේරුම් ගන්න පුළුවන්. ඉදිරි මාස කිහිපයේදී අපේ ඉන්දන අවශ්‍යතාවට හෝ ගෑස් අවශ්‍යතාවයට බලපෑමක් වෙන්නේ නෑ. දැන් ගත්තත් අපිට බොරතෙල් අගෝස්තු මාසය දක්වා තියෙනවා”
මේක අහන් හිටපු අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා කියා තිබුණේ, අපරාදේ අපේ ලොක්කත් ඕව අහන්න යන්නේ, මේ ආණ්ඩුවේ තියෙන උද්දච්චකමට ඇනිලා කෙලව ගන්නම තමයි දෙන්න තියෙන්නේ කියාය.
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ අපිට මොකද වෙන්නේ ?ජාතික ආරක්ෂාවට ටියුෂන් දුන්න අයට නොපෙනුන ඇමරිකන් සම්මැරිනය..
දිට්වා ආපදා තත්ත්වය සමඟ පැනවූ හදිසි නීතිය මාසෙන්, මාසයට දීක් කරමින් රට කරගෙන යන අනුර කුමාර ජනාධිපති ඇතුළු රජයට විපක්ෂ නායක සජිත් අද කනේ පහරක් ගැසුවේ ඇමරිකානු සම්මැරීන් ප්‍රහාරයටත් නොදෙවෙනි ලෙසටය.
“ අපි මේ රටේ ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්ණ කරද්දී ආණ්ඩුව කිව්වා ජාතික ආරක්ෂාව කියන්නේ, රටට එල්ලවෙන තර්ජන සහ විදෙස් රටවල්වල අතපෙවීම් කියලා. ඒනිසා ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැතය, තැන, තැන සිදුවෙන වෙඩිතැබීම්වලට කියන්නේ ජාතික ආරක්ෂාව නොවේය කියලා. එහෙම නම් ආණ්ඩුවේ නිර්වචනයට අනුවම අන්න ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇවිල්ලා රටේ කිසිම ආරක්ෂක අංශයක් දන්නේ නැතුව, ඇමරිකානු යුධ සම්මැරීනයක් ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයට ඇවිත් ඉරාන නෞකාවකටත් පහරදීලා යනවා. එතනින්ම තේරෙනවා අපේ රටේ ජාතික ආරක්ෂාවේ තරම. කෝ අර ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න ආපු මහත්වරු.”
මෙහෙම කියන ගමන් ඉරාන දෙවෙනි නෞකාවේ සිටි 208 දෙනා බේරා ගැනීම ගැන ආණ්ඩුවට ස්තුතිය ඵල කිරීම හරහා සජිත්ගේ නිහතමානී බවද කැපී පෙනුන සිදුවීමක් විය.
සජිත්ගේ ඒ ප්‍රකාශය පාර්ලිමේන්තු කැන්ටිමේද සංවාදයට ලක්ව තිබූ අතර, බොහෝ මන්ත්‍රීවරුන් කියා තිබුණේ ආණ්ඩුවට කුඩු වෙන්නට ගහන ගමන්, ආණ්ඩුවේ හොඳ දේට හොඳයි කියන්නට කොන්දක් සහ නිහතමානී කමක් සජිත්ට තිබීම ගැන සතුටු වන බවය.
ජනපතිගේ චෝදනාවකට නිරෝෂන් පාදුක්කගෙන් පිළිතුරු..

ජනපතිගේ චෝදනාවකට නිරෝෂන් පාදුක්කගෙන් පිළිතුරු.බ්‍රහස්පතින්දා රාත්‍රියේ ජනාධිපති අනුර කුමාර හදිසියේ මාධ්‍යවේදීන් පිරිසක් ඉදිරියේ තබාගෙන ඉරාන නෞකාවට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට පහසුකම් සැලසීම ගැන පැහැදිලි කිරීමක් සිදු කළේය.
එහිදී රජයේ ආයතනයකට සම්බන්ධ මාධ්‍යවේදියකු ඇසුවේ “ ඉරාන නෞකා සිද්ධිය ගැන අසත්‍ය ප්‍රකාශ දිගින් දිගටම විපක්ෂය සිදුකළා, එවැනිම ආකාරයෙන් පසුගිය සමයේත් විවිද අවස්ථාවල විපක්ෂය අසත්‍ය ප්‍රකාශ එල්ල කළා” කියාය.
ඊට පිළිතුරු දුන් ජනාධිපති අනුර කියා තිබුණේ.., දිට්වා කුණාටුව අවස්ථාවේදීත්, ඇමරිකානු බදු පැනවීම හමුවේත් මේ වගේ වැඩ කළා, ඉන්දු - පාකිස්ථාන ගැටුමේදීත් විවිධ භිය ජනිත කළා. ඕනෑම අර්බුදයකදී විපක්ෂය දේශපාලන වාසි උකහාගන්නට උත්සාහ කරනවා” කියාය.
මේ කතාවට සිකුරාදා මාධ්‍ය හමුවට ආපු නිරෝෂන් පාදුක්ක කියා තිබුණේ,
“ දිට්වා වෙලාවේ හදිසි ආපදා තත්ත්වය ප්‍රකාශ කරලා ජනතාවට සහන දෙන්න කිව්වේ විපක්ෂය. ඒකට ක්‍රියා නොකරපු තැනදී විපක්ෂය තමයි කිව්වේ හදිසි නීතිය දාලා හරි මේ ජනතාව බේරගන්න, ආරක්ෂා කරන්න, සහන දෙන්න කියලා. මොකද එහෙම නැතිවුනානම්, මුදල් රෙගුලාසි, අණපනත්, චක්‍රලේඛ නිසා ජනතාව මුදාගැනීම් කඩිනමින් වෙන්නේ නෑ. ඊට පස්සේ IMF එක්ක සාකච්ජා කරන්න කිව්වෙත්, ජාත්‍යන්තර ආධාරක සමුළුවක් තියන්න කිව්වෙත් සජිත්, ඒකට අනුර කිව්වේ අනේ ප්ලීස් එපා කියලා. ඇමරිකන් ටැරීෆ් එක වෙලාවේ සජිත් තමයි කිව්වේ ඇමරිකාවට කණ්ඩායමක් යවලා සාකච්ජා කරලා මේක අඩුකරගන්න බලන්න කියලා. ජනාධිපති අනුර ඒ රැස්වීමෙදී සජිත්ට ස්තුතිත් කළා, ජනාධිපතිට දැන් ඩිමෙන්ෂියාද දන්නේ නෑ එයාට හැමදේම අමතක වෙනවා”
එහෙම කියපු නිරෝෂන්, ඇමරිකන් බදු පැනවීමට ගතයුතු ක්‍රියාමාර්ග ගැන සජිත් කියපු කතාවයි, ජනාධිපති අනුර ඒකට ස්තුති කරපු කොටසයි දෙකම මාධ්‍ය ඉදිරියේ ප්ලේ කලේ කට්ටියටම ඇත්ත අවබෝධ කරන්නටය.
(මම | බංගලා හංදියේ ලියුම්කරු)
(මම | බංගලා හංදියේ ලියුම්කරු)