The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආණ්ඩුව ඇමෙරිකාවට බයයිද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

T

The Leader Desk

March 7, 2026 • 3:48 PM

ආණ්ඩුව ඇමෙරිකාවට බයයිද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘තරුණයෝ අල්ලන්න සී.අයි.ඒ. උගුලක්…’
  • 1970 බලයට පත් සමගි පෙරමුණු ආණ්ඩුවට එවක සෝවියට් දේශයේ සහාය ලැබුණු බව ප්‍රසිද්ධ රහසකි.
  • ඔත්තු සේවය විසින් පාවිච්චි කරන බව කොමියුනිස්ට් සහ ලංකා සමසමාජ පක්ෂ නායකයන්ගේ මතය විය.
  • විජේවීර 1971 කැරැල්ලට සෝවියට් දේශයෙන් උදව් ඉල්ලුවත් සෝවියට් දේශය සමගි පෙරමුණු ආණ්ඩුව ආරක්ෂා කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ප්‍රකාශයට පත්කළ ‘ඇත්ත’ පත්තරයේ හෙඩ් ලයින් එකකි. මේ හෙඩ් ලයින් එකෙන් කීවේ සී.අයි.ඒ. මෙහෙයවීම මත රෝහණ විජේවීර ජවිපෙ නමින් පක්ෂයක් හදාගෙන තරුණ තරුණියන් නොමග යවා වාමාංශික සමගි පෙරමුණු ආණ්ඩුවට එරෙහිව කැරැල්ලක් ගහන්න සූදානම් වෙනවා කියාය.

1970 බලයට පත් සමගි පෙරමුණු ආණ්ඩුවට එවක සෝවියට් දේශයේ සහාය ලැබුණු බව ප්‍රසිද්ධ රහසකි. එයට හේතුව සෝවියට් දේශය මත යැපුණු කොමියුනිස්ට් පක්ෂය සහ ලංකා සමසමාජ පක්ෂය ඒ ආණ්ඩුවේ කොටස්කාරයන් වීම නිසාය. එකල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය දරපු බණ්ඩාරනායකවරුත් සෝවියට් හිතවාදීන් විය.

12fbfc5ebd34a045
සෝවියට් දේශයේ සහාය මත පිහිටුවපු ආණ්ඩුව පෙරළන්න කැලේ ගහක් නසන්න කැලේ ගහක්ම පාවිච්චි කරනවා වගේ තරුණ වාමාංශික බලවේගයක් වූ ජවිපෙ ඇමෙරිකානු සී.අයි.ඒ. ඔත්තු සේවය විසින් පාවිච්චි කරන බව කොමියුනිස්ට් සහ ලංකා සමසමාජ පක්ෂ නායකයන්ගේ මතය විය.

රෝහණ විජේවීරත් ඉගෙන ගන්න සෝවියට් දේශයට ගියේ කොමියුනිස්ට් පක්ෂයේ උදව්වෙන්ය. එහෙත් සෝවියට් දේශය තුළදීම ඔහු සෝවියට් කොමියුනිස්ට් මතවාදයට එරෙහිව චීන කොමියුනිස්ට් මතවාදය වෙනුවෙන් පෙනීසිටියේය. ඉගෙනුම අතරමග නවතා යළි ලංකාවට ඒමට ඔහුගේ ඒ හැසිරීම බලපෑවේය. ලංකාවට ආ විජේවීර චීන කොමියුනිස්ට් මතවාදය ප්‍රචලිත කරන්න පටන් ගත්තේය.

විජේවීර චීන කොමියුනිස්ට් මතවාදය කරපින්නා ගත්ත එක හේතුවක් වූයේ කොමියුනිස්ට් පක්ෂය සහ ලංකා සමසමාජ පක්ෂය සෝවියට් දේශය අයිති කරගෙන සිටීමය. සාම්ප්‍රදායික වමට එරෙහිව ජවිපෙ හදන්න විජේවීර සෝවියට් දේශයේ උදව් ඉල්ලා සිටියද සෝවියට් දේශය කොමියුනිස්ට් පක්ෂයෙන් සහ ලංකා සමසමාජ පක්ෂයෙන් පිට ගියේ නැත. විජේවීර 1971 කැරැල්ලට සෝවියට් දේශයෙන් උදව් ඉල්ලුවත් සෝවියට් දේශය සමගි පෙරමුණු ආණ්ඩුව ආරක්ෂා කළේය.

මේ කාලයේ චීනය කොමියුනිස්ට් රටක් වුවද හිටියේ ඇමෙරිකාව සමගය. ඉන්දියාව සහ සෝවියට් දේශය එක කඳවුරක සිටියදී චීනය සහ ඇමෙරිකාව අනෙක් කඳවුරේ සිටියේය. ඇත්ත පත්තරය විජේවීර සී.අයි.ඒ. ඒජන්තයෙක් කියන්න තවත් හේතුවක් වූයේ මේ චීන-ඇමෙරිකා සම්බන්ධයත්, විජේවීරගේ චීන කොමියුනිස්ට් පක්ෂපාතීත්වයත්ය.

1983න් පසු ඉන්දියාවේ කොංග්‍රස් ආණ්ඩුව ලංකාවේ දෙමළ සන්නද්ධ කල්ලිවලට උදව් කරන්නේ එකල ලංකාවේ බලයේ සිටි ජේ.ආර්.ගේ ආණ්ඩුවේ ඇමෙරිකානු ගැති ප්‍රතිපත්තිය නිසාය. එකල සෝවියට් දේශය දකුණු ආසියාවේ ඉන්දියාව ගන්නා විදේශ ප්‍රතිපත්ති තීන්දු තීරණවලට එක පයින් සහාය දුන්නේ ඉන්දියාව දකුණු ආසියාව තුළ ඇමෙරිකානු බලපෑම අවම කරන නිසාය.

vbfcsdg
ඉන්දියාව ජේ.ආර්.ගේ ආණ්ඩුවට බලපෑම් කොට ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කරවා ගත්තේ වොයිස් ඔෆ් ඇමෙරිකා විකාශන මධ්‍යස්ථානයට සහ ත්‍රිකුණාමල තෙල් ටැංකි ඇමෙරිකාවට බදු දීමේ ජේ.ආර්.ගේ තීරණයට එරෙහිවය. ඉන්දු-ලංකා ගිවිසුමට කොමියුනිස්ට් පක්ෂය සහ ලංකා සමසමාජ පක්ෂය සහාය දැක්වූයේ ගිවිසුම ඇමෙරිකානු විරෝධී සෝවියට් පක්ෂපාතී ගිවිසුමක් නිසාය. විජේවීර සහ ජවිපෙ ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව භීෂණයක් දියත් කිරීම කොමියුනිස්ට් පක්ෂය සහ ල.ස.ස.ප.ය දුටුවේ සී.අයි.ඒ. කොන්ත්‍රාත්තුවක් ලෙසය. ගිවිසුම අස්සන් කළ රජිව් ගාන්ධි ආණ්ඩුව සිතුවේත් සී.අයි.ඒ. සංවිධානය ප්‍රභාකරන් සහ විජේවීර පාවිච්චි කරමින් ඉන්දු-ලංකා ගිවිසුම කඩාකප්පල් කරනවා කියාය.

මෙහි ඇත්ත නැත්ත කුමක් වුවද විජේවීර ඝාතනය වී වසර ගණනාවකට පසු අද ජවිපෙ ආණ්ඩුවක් පිහිටුවා තිබියදී ආණ්ඩුවේ ඇමෙරිකානු හිතවාදී ප්‍රතිපත්තිය ගැන කොළඹ දේශපාලන අංශ කතා කරන්න පටන්ගෙන තිබේ.

‘ආණ්ඩුව ඇමෙරිකාවට බයද…?’

xcxcgs

ට්‍රම්ප්ගේ වෙනිසියුලානු මැදිහත් වීම සහ ඉරාන ආක්‍රමණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇල්මැරුණු ප්‍රතිචාරය දෙස බලද්දී එක්කෝ ආණ්ඩුව ඇමෙරිකාව සමග රහසිගත ගනුදෙනුවක සිටින බව හෝ ඇමෙරිකාවට බියක් දක්වන බව පෙනෙන්නට තිබේ. ඒ වගේම ඊශ්‍රායලය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තියද ගැටලුසහගතය.

ඇමෙරිකාව ඉරාකය ආක්‍රමණය කළ වෙලාවේ එවක අගමැති රනිල්ගේ ආණ්ඩුව ඊට එරෙහිව කතා කළේ නැතැයි කියා ජවිපෙ එකල රටම ඇවිස්සුවේය. 2002 ඔක්තෝබර් 07 වත්මන් විදේශ ඇමැති විජිත හේරත්, බිමල් රත්නායක ඇමෙරිකානු තානාපති කාර්යාලය අසලට මහජන පෙළපාළියකින් ගොස් තානාපති කාර්යාලය වටකර වහාම ඉරාකයෙන් පිටවෙනු කියා උද්ඝෝෂණයක් දියත් කළහ. 2020දී ඇමෙරිකාව ඉරානයේ හමුදා නායකයෙක්ව ඝාතනය කළ විට එය හෙළා දකිමින් ජවිපෙ දේශපාලන මණ්ඩලය ප්‍රකාශයක් නිකුත් කළේය. 2024 ඇමෙරිකාව ඉරානයට එල්ල කළ ප්‍රහාරය ජවිපෙ දේශපාලන මණ්ඩලය හෙළා දුටුවේ ට්‍රම්ප් ලෝක සාමයට තර්ජනයක් යැයි කියාය. ජනාධිපති රනිල් සිරියා සහාය ලද හවුති කැරැලිකරුවන් මර්දනයට ලංකාවේ නාවික හමුදාව රතු මුහුදට යැවීම ජවිපෙ හැඳින්වූයේ භයානක ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න සිදුවනු ඇතැයි කියාය. ජවිපෙ කීවේ ලංකාව ලෝක යුද්ධයක පටලවන්න දරන උත්සාහයක් කියාය. ඒ වගේම ලංකාව ඊශ්‍රායලයට සහාය නොදිය යුතු බවය.

දැන් ලංකාවේ මුහුදු සීමා ආසන්නයේ ගිනිබත් වූ ඉරාන නැවට පහර දුන්නේ තමන් යැයි ඇමෙරිකාව කියද්දී ජවිපෙ ආණ්ඩුව කියන්නේ එවැනි ප්‍රහාරයක් එල්ල නොවූ බවය.

xfbsfdh| අන්තර් ජාලයෙනි
ට්‍රම්ප් ඉරානයට පහර දෙන බව ප්‍රකාශ කරද්දී ඇමෙරිකානු පැසිෆික් ෆ්ලීට් කමාන්ඩර් අද්මිරාල් ස්ටීව් ලංකාවේ සංචාරය කොට නියෝජ්‍ය විදේශ ඇමැති, නියෝජ්‍ය ආරක්ෂක ඇමැති ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් හමුවිය.

‘අද්මිරාල් ස්ටීව්ගේ ලංකා සංචාරයත්, ලංකා මුහුදු සීමාවේ විනාශ වූ ඉරාන නැව් අතර සම්බන්ධයක් තිබෙනවාද…?’

ඒක නම් කියන්න දන්නේ නැත. ඒත් වෙනිසියුලාවේ ඇමෙරිකානු මැදිහත්වීම සහ ඉරානයට එල්ල කළ ප්‍රහාරයත්, ලංකා මුහුදු සීමාවේ විනාශ වූ ඉරාන නැවත් සම්බන්ධ ජවිපෙ ආණ්ඩුවේ ප්‍රතිචාරය දෙස බලන විට ඇමෙරිකාව ජවිපෙ ආණ්ඩුව සිය ග්‍රහණයට නතු කරගෙන තිබෙන බවක් පෙනෙන්නට තිබේ.

‘ලංකාවට ලැබෙන වාසිය කුමක්ද…?’

UmaOya4 1024x677

ඉරානය ලංකාවට විශාල වශයෙන් උදව් කළ රටකි. ලංකාවට තිබූ එකම තෙල් පිරිපහදුව වන සපුගස්කන්ද තෙල් පිරිපහදුව හදන්න උදව් කළේ ඉරානයය. ඉරානය නැත්නම් ලංකාවට සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැත. 2008දී ඉරානය සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැඩිදියුණු කරන්න උදව් කරන්න පොරොන්දු විය. ඒත් ඇමෙරිකාවේ සම්බාධක නිසා ලංකාව බිය විය. උමාඔය ව්‍යාපෘතිය හදන්න ආධාර කළේත් ඉරානයය.

ලංකාව බංකොලොත් වූ වෙලාවේ ඉරානයෙන් ගත් තෙල්වලට ඩොලර් ගෙවන්න ඩොලර් නැහැ යැයි ලංකාව කී විට ඒ වෙනුවෙන් තේ දෙන්න කියා ඉරානය ලංකාවට ලොකු සහනයක් දුන්නේය. එහෙව් ඉරානයට ගුණමකු වෙන්න ජවිපෙ ආණ්ඩුව තීරණය කිරීමම අබිරහසකි.

(සටහන | උපුල් ජෝශප් ප්‍රනාන්දු)
Creative Content Consultant

උපුටා ගැනීම - mawratanews

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආණ්ඩුව ඇමෙරිකාවට බයයිද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය | The Leader