The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඔහු සඳරුවන් සේනාධීර ය !

T

The Leader Desk

March 11, 2026 • 3:42 PM

ඔහු සඳරුවන් සේනාධීර ය !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජපක්ෂ ආණ්ඩුව සමයේ මාධ්‍ය ආයතනය ගිනි තබා විනාශ කිරීමෙන් පසු දිගින් දිගටම පැමිණි තර්ජන හේතුවෙන්
  • එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වරෙන්තුවක් මත වන අතර එම වරෙන්තුවට අදාළ සිදුවීම ගැන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය 2016 වසරේ දී අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කළේය.
  • "2016 නොවැම්බර් මස 28 වැනිදා ජී එම් ඩබ්ලිව් පී ජයතිලක මහතා, ලේකම්, අධිකරණ සේවා කොමිෂන් සභාව තැපැල් පෙට්ටිය 573, අලුත්කඩේ, කොළඹ 12.
  • මෙම පැමිණිල්ල විභාග කරමින් සිටියේ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කරන කාවින්ද්‍රා නානායක්කාර මෙනවියයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ලංකාවෙන් පිට ජීවත්වූ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර වසර 16කට පසු අද (11) දිවයිනට පැමිණෙද්දී කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබීය.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වරෙන්තුවක් මත වන අතර එම වරෙන්තුවට අදාළ සිදුවීම ගැන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය 2016 වසරේ දී අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කළේය.

එම පැමිණිල්ල පහත දැක්වේ.

vbfdf
"2016 නොවැම්බර් මස 28 වැනිදා
ජී එම් ඩබ්ලිව් පී ජයතිලක මහතා,
ලේකම්,
අධිකරණ සේවා කොමිෂන් සභාව
තැපැල් පෙට්ටිය 573, අලුත්කඩේ,
කොළඹ 12.

ලේකම්තුමනි,

උපාලි තෙන්නකොන් නඩුවේදී ගම්පහ මහේස්ත්‍රාත්වරිය දුන් නියෝග සම්බන්ධවයි

රිවිර පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට 2009 ජනවාරි 23 වැනි දා පහර දී ඝාතනයට තැත් කිරීම සම්බන්ධ පැමිණිල්ල කාලයක් තිස්සේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙයි.

වර්තමාන රජය බලයට පත්වූ පසු එහි පරීක්ෂණ රහස් පොලිසිය මගින් විධිමත් කළ අතර ඒ අනුව මෙම සිද්ධියට සැකපිට යුද හමුදා බුද්ධි අංශයේ මාණ්ඩලික සැරයන්වරයකු වූ ප්‍රේම් ආනන්ද උදලාගම අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම පැමිණිල්ල විභාග කරමින් සිටියේ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කරන කාවින්ද්‍රා නානායක්කාර මෙනවියයි. 2016 ජූලි 31 වැනි දා ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය මෙම මහේස්ත්‍රාත්වරිය ගැන කරුණු කිහිපයක් ගෙනහැරපාමින් ප්‍රවෘත්තියක් පළ කළේය. නීති විරෝධීව අලි පැටියකු ළඟ තබා ගත්තේයැයි තිලිණ ගමගේ මහේස්ත්‍රාත්වරයා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම ගැන කාවින්ද්‍රා නානායක්කාර මහේස්ත්‍රාත්වරාය නීතිපතිවරයා විවේචනය කරමින් තම ෆේස්බුක් වෙබ් ගිණුමේ සටහනක් යොදා ඇති බවත්, මහේස්ත්‍රාත්වරිය නිරූපිකාවක ලෙස මහේස්ත්‍රාත්වරියකට නොගැලපෙන ආකාරයේ ඡායාරූප ෆේස්බුක්හි පළ කර ඇති බවත් එම වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.

2016 අගෝස්තු 26 වැනි දා උපාලි තෙන්නකොන් නඩුවේ හඳුනා ගැනීමේ පෙරට්ටුව පැවැති අතර එහිදී උපාලි තෙන්නකෝන් මහතා සහ බිරිය සැකකාර ප්‍රේම් ආනන්ද උදලාගම හඳුනා ගත්හ.


ප්‍රේම් ආනන්ද උදලාගම නම් සැකකරුගේ ඡායාරූපය ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය සහ දිවයින පුවත්පත මීට පෙර පළ කර තිබූ නිසා තෙන්නකෝන් මහතා සහ බිරිය සැකකරු හඳුනා ගත් බව පසු නඩු දිනයේ දී මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළාය. සැකකරුගේ ඡායාරූප පළ නොකරන ලෙස කිසිම අධිකරණයකින් නියෝගයක් ලබා දී නොතිබිණි. සැකකරුගේ ඡායාරූපය මාධ්‍ය පළ කළ නිසා තෙන්නකෝන් මහතා සහ බිරිය සැකකරු හඳුනා ගත් බවට මහේස්ත්‍රාත්වරිය පූර්ව නිගමනයකට පැමිණියේ කෙසේද යන්න අපි නොදනිමු.


‘ලසන්ත ඝාතනයට කණ්ඩායම් දෙකක් යොදවලා‘ යන සිරස්තලයෙන් යුක්තවය 2016 ජූලි 18 වැනි දා ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය පළ කළ ලිපියක සැකකාර ප්‍රේම් ආනන්ද උදලාගමගේ ඡායාරූපයක් පළ කර තිබුණු අතර ඉන් පසු 2016 අගෝස්තු හත් වැනි දා දිවයින පුවත්පත ‘හැමදේම අමතක උදලාගමගේ මුහුණ මතක ලසන්ත ඝාතනයේ අමුතුම ගේම‘ යන සිරස්තලයෙන් සමන් ගමගේ මාධ්‍යවේදියා ලියූ ලිපියක ද සැකකරුගේ ඡායාරූපය පළ කර තිබිණි.

මෙම සැකකරු සිටින ඡායාරූපය තානාපති කාර්යාලයයකට සම්බන්ධ වෙබ් අඩවියක පළ කර තිබූ එකක් බව අපට වාර්තා විය. එනම් එය මුලින්ම පළ කළේ සමන් ගමගේ මාධ්‍යවේදියා හෝ ලංකා ඊනිවුස් වෙබ් අඩවිය නොවේ. පොලිසියට අල්ලා ගැනීමට අවශ්‍ය සැකකරුවන්ගේ ඡායාරූප පොලිසිය කොතෙකුත් මාධ්‍යවලට නිකුත් කළත් ඒ කිසිදු අවස්ථාවක මෙවන් තත්ත්වයක් උද්ගත වී නැත.  පොලිසියට සැකකරු අල්ලා ගැනීමට නොහැකි නම් එම සිදුවීම මහජන කුතුහලයට හා ශුබ සිද්ධියට හේතුවන ආන්දෝලනාත්මක සිදුවීමක් නම් ඡායාරූපය පළ කිරීමේ ගැටළුවක් ඇතැයි නොසිතන්නෙමු.

කෙසේ වෙතත් දිවයින පුවත්පතේ සමන් ගමගේ මාධ්‍යවේදියාගෙන් මේ ගැන ප්‍රකාශයක් ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය කළ නියෝග අනුව ඔහු රහස් පොලිසියට කැඳවා තිබුණත් සමන් ගමගේ මහතා රහස් පොලිසියට පැමිණ තිබුණේ නත. සමන් ගමගේ මහතා රහස් පොලිසියට නොපැමිණීම මෙම නඩුවට අදාළ නැති බැවින් ඒ ගැන බී වාර්තාවක් මගින් වෙනම නඩුවක් පවරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.  මහේස්ත්‍රාත්වරිගේ නියෝග අනුව රහස් පොලිසිය සමන් ගමගේ මහතාට නඩු පැවරීය.


ඉන් පසු නඩු දිනයක  ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ගැන අධිකරණයට ලැබුණු නිර්නාමික පෙත්සමක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස කාවින්ද්‍රා නානායක්කාර මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට නියෝග කළාය. උපාලි තෙන්නකෝන් නඩුව විභාගයට ගත් සෑම අවස්ථාවකම පාහේ ඉන් පසු මුල් තැන ලැබුණේ මෙම  පහරදීම ගැන විමර්ශනයට නොව ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ගැන පැවැත්වෙන විමර්ශනයටය.


ලංකා ඊ නිවුස් ආයතනයට මුදල් ලැබෙන ආකාරය, එහි ලිපිනය, එහි කතුවරයා, එම වෙබ් අඩවියේ ලියාපදිංචිය, වෙබ් අඩවියේ පළ කර ඇති දැන්වීම් ආදී විස්තර උපාලි තෙන්නකෝන් ඝාතන විමර්ශනයට අදාළ නැති වුවද ඒ ගැන විමර්ශනය කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.  

සමන් ගමගේ මහතාගේ සිදුවීමේ දී වෙනම නඩුවක් පවරන ලෙස රහස් පොලිසියට උපදෙස් දුන් මහේස්ත්‍රාත්වරිය ලංකා ඊ නිවුස් සම්බන්ධයෙන් වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව පෙනී යයි. රහස් පොලිසිය ලංකා ඊ නිවුස් ගැන නිසි ආකාරව විමර්ශනය නොකරන බව කියමින් අවස්ථා කිහිපයකදීම මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට දොස් නැගුවාය.

උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගෙන් පවා ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණි. එලෙස තිබියදී විමර්ශනයට අදාල එවැනි පුද්ගලයන්ගේ දුරකතන වාර්තා, බැංකු ගිනුම් ආදිය පරීක්ෂා කරනවා වෙනුවට කිසිදු සම්බන්ධයක් නැති ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ විස්තර සොයන ලෙස රහස් පොලිසියට නියෝග කිරීම බරපතල ගැටළු මතු කරයි.

ගරු ලේකම්තුමනි,

කාවින්ද්‍රා නානායක්කාර මහේස්ත්‍රාත්වරිය සම්බන්ධයෙන් ලංකා ඊ නිවුස් බෙව් අඩවිය මීට පෙර වාර්තා කර ඇති පසුබිමක එම වෙබ් අඩවිය සම්බන්ධයෙන් කාවින්ද්‍රා නානායක්කාර මහේස්ත්‍රාත්වරිය ම නියෝග නිකුත් කිරීම කෙතරම් සදාචාර සම්පන්නදැයි නීතිය ගැන කුඩා හෝ දැනුමක් ඇති ඕනෑම අයකුට මතුවන ගැටළුවකි. සැබැවින්ම එය ළබැඳියාවන් අතර ගැටුමකි.

 

නඩුවට කිසිසේත්ම අදාළ නැති සිදුවීම් ඔස්සේ මෙම නඩුව ගෙන යෑමට මහේස්ත්‍රාත්වරිය උත්සාහ කිරීම මගින් උපාලි තෙන්නකෝන් මහතාට ද බරපතල අසාධාරණයක් සිදු වූ බව අපේ අදහසයි. රහස් පොලිසියට ද අනවශ්‍ය පීඩනයක් එල්ල වී ඇති බව පෙනී යයි.

උපාලි තෙන්නකෝන්ට මහතාට පහරදීමේ නඩුවේ පැමිණිල්ල රහස් පොලිසියයි. විමර්ශන පවත්වන්නේ ද රහස් පොලිසියයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් ලංකා ඊ නිවුස් කර්තෘ අත්අඩංගුවට ගැනීමට තබා ඔහුගෙන් කටඋත්තරයක් ගැනීමට අවශ්‍ය බව පවා රහස් පොලිසිය අධිකරණයට දන්වා නැත.  අධිකරණය වරෙන්තු නිකුත් කළ දිනයේ හෝ රහස් පොලිසිය එවැනි ඉල්ලීමක් කර නැත.

විමර්ශන පවත්වන රහස් පොලිසිය හෝ නීතිපතිවරයා හෝ ලංකා ඊ නිවුස් කර්තෘවරයා සැකකරුවකු කර මේ වන තෙක් නඩු පවරා නැති පසුබිමක ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස අන්තර්ජාතික වරෙන්තු නිකුත් කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් කාවින්ද්‍රා නානායක්කාර මහත්මිය නියෝග කළේ කෙසේදැයි ප්‍රශ්න සහගතය.

අධිකරණවල නඩු ප්‍රමාධය ගැන අපට බරපතල විවේචන පවතී. මෙම අධිකරණයේ ද අනෙක් නඩු එලෙස දීර්ඝ කාලයකට කල් තබද්දී මෙම නඩුව පමණක් කෙටි දින ලබා දෙමින් කඩි මුඩියේ ගැනීමද තවත් සැකයට කරුණකි. සැකකරුගේ ඡායාරූප පළ කිරීමෙන් විමර්ශනයට බාධා වී නම් සැකකරු එරෙහිව නඩු පැවරීමේදී නීතිපතිවරයා ඒ ගැන සැලකිල්ලක් දක්වනු ඇත. ඇත්තටම එවැන්නක් වී නම් අධිකරණයට අපහාසයන් නොවන අතර එමගින් වන්නේ සැකකරුට වාසියක් අත්වීම පමණි. එසේ තිබිය දී මහේස්ත්‍රාත්වරිය ඒ ගැන කටයුතු කළේ කුමන නීති ප්‍රතිපාදනයක් අනුවදැයි දැන ගැනීමට කැමැත්තෙමු.


අධිකරණය යනු කිසිවකුගේ පෞද්ගලික උවමනා එපාකම් පිරි මහන ස්ථානයක් හෝ කිසිවකුගේ හෙළුව වහ ගැනීමට පාවිච්චි කරන අමුඩ ලේන්සුවක් හෝ නොවේ. අධිකරණයේ ගෞරවය තීරණය වන්නේ ඒ ගැන පළ වන මාධ්‍යවාර්තා මත නොව අධිකරණයේ ක්‍රියාකාරීත්වය මතයි. එබැවින් උපාලි තෙන්නකෝන් නඩුවේ දී ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍රා නානායක්කාර මෙනවියගේ ක්‍රියාකලාපය ගැන වහා විමර්ශනයක් සිදු කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.


දිවයින පුවත්පතේ මාධ්‍යවේදීන් සමන් ගමගේට එරෙහිව පැවරූ නඩුව ඉවත් කර ගන්නා ලෙස හා ලංකා ඊ නිවුස් කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට එරෙහිව නිකුත් කළ අන්තර් ජාතික වරෙන්තු ආපසු කැඳවන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට ද අපි බලාපොරොත්තු වෙමු.

ස්තුතියි.
මෙයට
විශ්වාසී,

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය.
උපුටා ගැනීම - Shalika Wimalasena ෆේස්බුක් පිටුවෙන්..

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...