The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් ගිය එංගලන්ත ගමන ගැන ජි.එල්. ගෙන් කදිම විවරණයක්

T

The Leader Desk

March 13, 2026 • 7:03 AM

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් ගිය එංගලන්ත ගමන ගැන ජි.එල්. ගෙන් කදිම විවරණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "නොහැකියාවෙන් පෙළෙන ආණ්ඩුව හැකියාවක් ඇති මිනිසුන් දඩයම් කරමින් ඉන්නවා" එහෙම කිව්වේ හිටපු ඇමති පාඨලී ය. ඒ ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදීය.
  • දේශපාලන විචාරකයන් කියන්නේ මේ මාධ්‍ය හමුව ලංකා දේශපාලනයේ එක්තරා සංධිස්ථානයක් වනු ඇති බවයි.
  • රටේ සිටින නීති විශාරදයන්ගෙත් ගුරුවරයා වන ජී.එල් රනිල් ජනපති ලෙස ගිය එංගලන්ත ගමන ගැන කදිම විවරණයක් එහිදී කළේය.
  • "අද මේ රටේ කතිකාවක් ඇතිවෙලා තිබෙනවා, ජනාධිපතිවරයෙකුගේ කාර්යභාරය නිල වශයෙන් කෙරෙන කාර්යයන් හා පෞද්ගලික කාර්යයන් අතර විභේදනයක් තියෙනවද කියලා.
අකුරු ප්‍රමාණය (Font Size):




ඒ මාධ්‍ය හමුව ආණ්ඩුවේ උදවියගේ මයිල් කෙලින් කරවන තරම් ප්‍රබල එකක් විය. හැම පක්ෂයකම නායකයෝ නියෝජිතයෝ එහි ආහ.

දේශපාලන විචාරකයන් කියන්නේ මේ මාධ්‍ය හමුව ලංකා දේශපාලනයේ එක්තරා සංධිස්ථානයක් වනු ඇති බවයි. මන්ද ඒ තරමටම ප්‍රබල කරුණු තර්කානුකූලව එහිදී ගෙනහැර දැක්විණි.

රනිල් මාධ්‍ය හමුවට නොආවත් සුබ පැතුමක් එවා තිබිණි.

ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සහ ජනතා පරමාධිපත්‍ය බිඳ වැටීමේ අභියෝගය ජය ගැනීම සඳහා එකමුතුකම හැර වෙනත් විකල්ප නැතැයි රනිල් ඒ සුබ පැතුමෙන් කියා තිබිණි.

v56u56ny6u
රටේ සිටින නීති විශාරදයන්ගෙත් ගුරුවරයා වන ජී.එල් රනිල් ජනපති ලෙස ගිය එංගලන්ත ගමන ගැන කදිම විවරණයක් එහිදී කළේය.

එහිදී ජී.එල් අවධාරණය කළේ ජනාධිපතිවරයකුගේ කටයුතු වල නිල, නොනිල විභේදනය පිළිබඳවයි.

"අද මේ රටේ කතිකාවක් ඇතිවෙලා තිබෙනවා, ජනාධිපතිවරයෙකුගේ කාර්යභාරය නිල වශයෙන් කෙරෙන කාර්යයන් හා පෞද්ගලික කාර්යයන් අතර විභේදනයක් තියෙනවද කියලා. එය සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්. එහෙම විභේදනයක් කිසිසේත් නෑ. මෙය අපි විසින් අපේ මනසේ ව්‍යාජ ලෙස ඇතිකරගත් විභේදනයක්. එය ඉතාම සරල තත්ත්වයක්. ජනාධිපතිවරයෙකු දිවුරුම් ගත්තහම, ඒ ධුරය ඒ තනතුර හොබවන තාක්, සතියේ දවස් හතේම, පැය විසිහතරෙම ඒ පුද්ගලයා ජනාධිපති. ඒ සම්පූර්ණ කාලය තුළ, රාජ්‍යයට අනිවාර්ය වගකීමක් පැවරෙනවා, ඒ ජනාධිපතිවරයා මොනවා කළත්, කොහේ හිටියත්, මේ රටේ හිටියත්, විදේශගත වෙලා හිටියත්, කොයි විදිහේ කාර්යයක නිරත වෙලා සිටියත්, ආරක්ෂාව සපයාදීමයි.

සංකීර්ණ නීති කරුණු ඉතා සරලව ජී.එල් මෙහිදී  විස්තර කළේය.

" ට්‍රම්ප් ජනාධිපතිවරයා ගොල්ෆ් ගහන්න ස්කොට්ලන්ඩ් යනකොට, ඒක පෞද්ගලික වැඩක් කියලා එතුමාට ආරක්ෂාව අහිමිවන්නේ නෑ. පැය විසිහතරම ඒ ආරක්ෂාව එතුමාට තියෙනවා, එය තිබිය යුතුයි. ඒ ආරක්ෂාව එක්ක ගැටගැහිලා තියෙන වෙන දේවල් කිහිපයක් තියෙනවා. විශේෂයෙන්ම ගමනාගමනය. ජනාධිපතිවරයෙකුට ටැක්සි එකකට නැගලා යන්න බෑ. ඒ ආරක්ෂාව සම්පූර්ණ වශයෙන් ලබාදෙන්න පුළුවන් වෙන පරිදි ගමනාගමන පහසුකම්, ඉඳුම් හිටුම්, මේ සියල්ලක්ම අන්තර්ගත වෙනවා.

 

ජනාධිපතිවරයා මොනවා කළත් මුහුදු වෙරළේ ව්‍යායාම කරනවා වුණත්, නාන්න මුහුදට ගියත්, පෝය දවසේ සිල් ගත්තත්, තමන්ගේ ඥාතියෙකුගේ හිතවතෙකුගේ උපන්දින සාදයකට ගියත්, ආධ්‍යාත්මික කටයුත්තක් සඳහා ආශ්‍රමයකට ගියත්, මේ මොනවා කරත් ජනාධිපතිට, ජනාධිපති හැටියට ඒ ආරක්ෂාව තිබිය යුතුයි. නිල කටයුතු, පෞද්ගලික කටයුතු කියලා විභේදනයක් නෑ.

මේ රටේ හෝ විදේශ විශ්වවිද්‍යාලයක හෝ කීර්තිමත් පාසලක හෝ වෘත්තීමය සංවිධානයක ආරාධනාවක් ලැබුවත්, ඒ යන්නේ ජනාධිපති හැටියට. එහෙම නැතුව පෞද්ගලික පුරවැසියෙකු හැටියට නෙමෙයි. ඒ සම්බන්ධයෙන් වාද විවාද කිරීම පදනම් විරහිතයි. කිසිම අර්ථයක් හෝ තේරුමක් නෑ.

ජාත්‍යන්තර නීතිය, සම්ප්‍රදාය මේ සියල්ලටම අනුව එහෙම විභේදනයක් නැති බව මම පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. මේ කතිකාව සම්පූර්ණයෙන් අවුල් වෙලා තියෙන්නේ. මෙලෙස අනවශ්‍ය ව්‍යාකූලතාවයක් ඇතිවෙලා තියෙන්නේ නැති විභේදනයක් තියෙනවයි කියන උපකල්පනය මත අපි මේ වාද විවාදවලට සහභාගී වෙලා තියෙන නිසා.

ඉතින් මේ පිළිබඳ නිවැරදි තත්ත්වය ජනතාවට ඉදිරිපත් කරලා ඒ පිළිබඳ කතිකාව මීට වඩා නිවැරදි, තාර්කික පදනමක් මත ඉදිරියට ගෙනයාම වැදගත් කියලා මම විශ්වාස කරනවා" ජී.එල් ඒ ගැන විස්තර කළේ එහෙමය.




විපක්ෂයේ ප්‍රබල තර්කානුකූල ප්‍රහාරකයකු වූ ගම්මන්පිල කීවේ රනිල්ගෙන් පළිගැනීමට පවරා ඇති මේ නඩුව නිසා ඔවුන්ගේ මිනී වල ඔවුන් විසින්ම කපා ගනිමින් සිටින බවයි.

" ජනාධිපතිවරයාගේ ගමන් පෞද්ගලික හා නිල වශයෙන් ඉරක් ගසා වෙන් කරන්න බෑ.ජනපති තනතුර දරන තාක් කල් කරන්නේ රාජකාරියයි.ජනපතිට පෞද්ගලික ගමනකදී වෙඩි නොවදින වාහනේ භාවිතා කරන්න බැරිනම් ජනපතිගේ  සතුරන්ට තියෙන්නේ හරි සරල දෙයක්.ජනපති පෞද්ගලික ගමනක් යන විට ජීවිතය බිලි ගැනීමයි.රනිල්ට පැවරූ නඩුව වත්මන් ජනපති සහ අගමැති ආදීන්ටත් වැරදි පූර්වාදර්ශයක් වෙලා පාරා වළල්ලක් වීම වලක්වන්න බෑ.

මේ අවුරුද්දේ අගමැතිනිය ලෝක ආර්ථික සමුළුවට ගියා.ලෝක ආර්ථික සංසදය කියන්නෙත් පෞද්ගලික ආයතනයක්.අගමැතිනිය රජයේ මුදලින් එහි යාමත් මේ පූර්වාදර්ශය යටතේ පෞද්ගලික සංචාරයක්.එපමණක් නොව ජනපති මෑතකදී ජපන් ජෙප්පන් හමුවෙන්න ගිය ගමනත් පෞද්ගලික ගමනක්.ජනපතිගේ පමණක් නොව ඇමති කෙනෙක්ගේ වියදම්වත් ඉරක් ගසා වෙන් කරන්න බෑ.රනිල්ගෙන් පළිගැනීමට පවරන ලද මේ නඩුවෙන් ඔබ හාරමින් සිටින්නේ ඔබේම මිනී වලයි" ගම්මන්පිල එසේ විස්තර කළේ උපහාසයද මතු කරමිනි.



මේ මාධ්‍ය හමුවට සමගි ජන සන්ධානය නියෝජනය කරමින් ආ මනෝ ගනේෂන් කීවේ සමගි ජන සන්ධානයේ කොටස්කාර සංවිධානයක් ලෙස තමා සහ රාධා ක්‍රිෂ්ණන් මීට සහභාගී වන බවයි. මේ ගැන විපක්ෂ නායක සජිත් සමගත් සාකච්ඡා කළ බවත් එජාප සජබ සාකච්ඡා යම් තැනකට පැමිණි පසු තමාද මේ වේදිකාවට ගොඩ වෙන බව සජිත් පැවසීයැයි මනෝ එහිදී කීය.

 


සජිත්ට හැමදාම බාලගිරි දෝෂය ....
 
කෙසේ වුණත් දේශපාලන විචාරකයන් පවසන්නේ සජිත්ට හැමදාම බාලගිරි දෝෂය බවයි. දැනටමත් සජිත් තනිකර විපක්ෂය ඉදිරියට ගමන් කරමින් සිටින බව පෙනෙන්නට තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මාධ්‍ය  හමුවට ආ එහි නායක නිමල් සිරිපාල කීවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ හොඳ දේශපාලන සංස්කෘතියක් ගොඩනැගූ නීතියේ ආධිපත්‍ය හා එහි ස්වාධීනත්වය සුරැකීමට කටයුතු කළ පක්ෂයක් වශයෙන් මේ වෑයම සඳහා එක මතයක සිට කටයුතු කරන බවයි.

පොහොට්ටුව නියෝජනය කරමින් පැමිණි එහි මාධ්‍ය ප්‍රකාශක හිටපු  සංජීව එදිරිමාන්න කීවේ මේ බලවත් දේශපාලන එකමුතුව මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතා සද්භාවයෙන් හිටගන්නා බවයි.

පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් එහි නායක  අනුර ප්‍රියදර්ශන මීට සහභාගී වූහ.
 
"තමන් අතීතයේ භාවිත කළ කදිම වදන් පාවිච්චි කර කදිම ආණ්ඩුවක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවායි ඔහු එහිදී ප්‍රාර්ථනයක් ද කළේ ආණ්ඩුවට අතුල් පහරක්ද ගසමිනි.
 


අන්තිමට කතා කළ සජබ මන්ත්‍රී දයාසිරි කීවේ නීතියේ විධානයේ ආධිපත්‍ය ගැන අනුර දිසානායක ජනපති පුන පුනා කිව්වත් ඔහුගේ ආණ්ඩුව විසින්ම එය උල්ලංඝනය කරමින් ඉන්න බවයි.


රනිල් රෝහල් ගතවෙලා

මාධ්‍ය හමුවෙන් අනතුරුව හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තන රනිල්ට දුරකථන ඇමතුමක් ගත්තේය. රනිල් ඒ වන විට යම් ප්‍රතිකාර කටයුත්තක්  සඳහා රෝහල් ගතවී සිටියේය.

මාධ්‍ය හමුවේ සියලු විස්තර රනිල්ට කී දිනිත් ඒ මාධ්‍ය හමුවේදී පාඨලී ආණ්ඩුවට එල්ල කළ දරුණු විවේචන ගැන රනිල් දැනුවත් කළේය.
 
" අපි ගමනක් යන්න හිටියේ, ඒත් අනුර ට්‍රැක් එක පන්න ගත්තා. අපි කවුරු කියලද දන්නේ නෑ හිතාගෙන ඉන්නේ, ඉස්සරහට බලමු" යැයි මාධ්‍ය හමුවෙන් පසු පාඨලී , දිනිත් හමුවේ කියා තිබිණි. දිනිත් ඒ වගත් රනිල්ට දැනුම් දුන්නේය.
මාධ්‍ය හමුව මෙහෙයවූයේ රනිල් ජනපති කාලේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු වූ ශානුක කරුණාරත්නයි. ඔහු එය මෙහෙය වූ ආකාරය ගැන කාගේත් පැසසුමට ලක් විය.

මාධ්‍ය හමුව සංවිධාන කිරීමේ මූලික වගකීම පැවරී තිබුණේ සභාපති වජිරටයි. විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන නායකයන් එකම වේදිකාවකට ගෙන ඒම ලේසි පහසු කරුණක් නොවේ. පළපුරුදු සහ අත්දැකීම් බහුල දේශපාලනඥයෙක් වශයෙන් වජිර මෙය මනා ලෙස හසුරුවා තිබීම පැමිණ සිටි සියලුම දේශපාලනඥයන්ගේ මෙන්ම නායක රනිල්ගේද ඇගැයුමට ලක්විය.

(සටහන | මල් පාරේ ලියුම්කරු)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් ගිය එංගලන්ත ගමන ගැන ජි.එල්. ගෙන් කදිම විවරණයක් | The Leader