The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය | සජිත්ව වටකර ගත් කාන්තාවන් කියපු කතා...

T

The Leader Desk

March 13, 2026 • 7:59 AM

සජිත්ගේ දේශපාලන සතිය | සජිත්ව වටකර ගත් කාන්තාවන් කියපු කතා...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෙවී යන සතිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට අතිශ්‍ය කාර්ය බහුල විය.
  • 1600 කට ආසන පනවා ඇති නෙළුම් පොකුණට 4000 පමණ කාන්තාවන් පිරිසක් රැස්වීමේන්ම වැඩේ ඉහළින්ම සාර්ථක බව සජිත් ඇතුළු පක්ෂයේ ජේ‍යෂ්ඨයින්ට තහවුරු වී තිබුණි.
  •   ලංකා ඉතිහාසයේ පළමු වතාවට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නිරත සිසුවියන් සඳහා ශිෂ්‍යත්ව ක්‍රමයක් ආරම්භ කිරීමට දේශපාලන පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය මේ කාන්තා දිනයේදී පියවර ගැනීමද කැපී පෙණුන සිදුවීමක් විය.
  • එය නම්කර තිබුණේ ‘ජන නැණ ලිය’ ලෙසින්ය.
අකුරු ප්‍රමාණය (Font Size):


කාන්තා දින සැමරුම ඇතුළ විවිධ උත්සව රැසක ප්‍රධාන ආරාධිතයා වූ සජිත් ඒ අතර තුර විදෙස් මාධ්‍ය කිහිපයක සමුඛ සාකච්ජාවලටද සහභාගී විය.

කැම්පස් දියණියන් වෙනුවෙන් සජිත්ගෙන් අලුත් යෝජනාවක්

 

WhatsApp Image 2026 03 13 at 12.23.45 PM 1
‘දැය හදන - ඇය රකිමු’ තේමාවෙන් සමගි ජන බලවේගය සංවිධානය කළ කාන්තා දින සැමරුම පසුගියදා පැවැත්වුණේ කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍රයේදීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහ ජලනි ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් පැවැත්වුණු ඒ වැඩසටහන සංවිධානය කර තිබුණේ, පක්ෂයේ කාන්තා සංවිධානය වූ සමගි වනිතා බලවේගයයි.

සෑම පළාත් පාලන නියෝජිතවරියකටම තමන්ගේ පාක්ෂිකාවන් දෙදෙනෙකු බැගින් ඊට සහභාගී කරන්නැයි කළ ඉල්ලීමට ඉහළ ප්‍රතිචාරයක් ලැබී තිබූ අතර අවසානයේ ඔවුන් සමඟ දෙදෙනෙකුට වැඩි කාන්තාවන් පිරිසක් සහභාගීවීමේ ප්‍රතිඵලය වී තිබුණේ නෙළුම්පොකුණේ ඉඩකඩ මදිවීමය.

1600 කට ආසන පනවා ඇති නෙළුම් පොකුණට 4000 පමණ කාන්තාවන් පිරිසක් රැස්වීමේන්ම වැඩේ ඉහළින්ම සාර්ථක බව සජිත් ඇතුළු පක්ෂයේ ජේ‍යෂ්ඨයින්ට තහවුරු වී තිබුණි.

WhatsApp Image 2026 03 13 at 12.23.46 PM

 

ලංකා ඉතිහාසයේ පළමු වතාවට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නිරත සිසුවියන් සඳහා ශිෂ්‍යත්ව ක්‍රමයක් ආරම්භ කිරීමට දේශපාලන පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය මේ කාන්තා දිනයේදී පියවර ගැනීමද කැපී පෙණුන සිදුවීමක් විය.

එය නම්කර තිබුණේ ‘ජන නැණ ලිය’ ලෙසින්ය.

ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ ජීවනෝපාය නගාසිටුවීමටත්, කාන්තා අයිතිවාසිකම් මෙන්ම නිවස තුළ, වැඩබිම තුළ, මහමග තුළ හිංසනයට ලක්වන කාන්තාවන්ට රැකවරණය ලබාදීමටත්, ආරක්ෂාව සහතික කිරීමටත් විපක්ෂ නායක සජිත් මෙහිදී ඉදිරිපත් කළ වැඩපිළිවල ගැන කාන්තාවන්ගෙන් ලැබී තිබුණේ උණුසුම් ප්‍රතිචාරයක්ය.

WhatsApp Image 2026 03 13 at 12.23.59 PM

“ සර්, දැන් අපිට බය නැතුව ගමේ කාන්තාවන්ට කතා කරන්න පුළුවන්, සර් අද කරපු යෝජනා ඔක්කොම හරිම ෂෝක්, විශේෂයෙන් කැම්පස් යන ගැහැණු ළමයි වෙනුවෙන් කරපු ඒ ශිෂ්‍යත්ව වැඩසටහන හරිම හොඳ එකක්” සජිත්ව වටකර ගත් කාන්තාවන් තමන්ගේ සතුට සජිත්ට ප්‍රකාශ කර තිබුණි.

උත්සව රැසකින් සජිත්ට ලැබුණු ඇරයුම්

 

WhatsApp Image 2026 03 13 at 12.24.38 PM
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති International Healthcare Exhibition ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වුණේ සජිත් ප්‍රේමදාසය.

ලොව තුළ යුද්ධයක් පවතින අවස්ථාවක අපි ජාතික ආරක්ෂාව ගැනත්, රටේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම ගැනත්, මානව හිමිකම් සුරක්ෂිත කිරීම පිළිබඳවත් සිතා සමබර අයුරින් කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් මේ උත්සවයේදී අවධාරණය කළේය.

“ මේ උත්සවය සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කටයුත්තක්, ඒ නිසා රෝග නිවාරණ හා ප්‍රතිකාර ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේ වැදගත්කම ගැනත්, නිදහස් නොමිලේ සෞඛ්‍ය ලබාදෙමින් අපේ රට තුළ ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල ඇත්තටම මානව අයිතිය සුරක්ෂිත කරන ක්‍රියාවලියක්. ඒ නිසා සෞඛ්‍ය වඩාත් ගුණත්මක භාවයෙන් ඉහළ කාර්යක්ෂම විශිෂ්ට සේවා සපයන රාජ්‍ය සතු  කේෂ්ත්‍රයක් බවට අපි පත් කළ යුතුයි. ඒ නිසා අපි නිරන්තරයෙන්ම ඒ කේෂ්ත්‍රයේ ගැටළු හඳුනාගනිමින් ඒවා නිරාකරණය කරන්න කැපවෙන්න අවශ්‍යයි”

මේ අතර ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කර ගනිමින් පැවති ‘ලක්වනිතා අභිමානී සම්මාන 2026’ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඇරයුම් ලබා තිබුණේ, විපක්ෂ නායක සජිත්ය.

WhatsApp Image 2026 03 13 at 12.24.38 PM 1
එහිදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සුවිශේෂ සේවාවන් ඉටු කළ කාන්තාවන් 60 දෙනකුට සම්මාන පිරිනැමීම සිදුවිය.

සජිත් එහිදී සභාව අමතමින් අවධාරණය කළේ, කුමන මතයක් දැරුවත් මේ අසීරු අවස්ථාවේ රටක් ලෙස අපි එක්ව ඉදිරියට යා යුතු බවය.

“අප කාන්තාව රටේ අභිවෘද්ධිය උදෙසා සුවිශේෂ සේවාවක් රැසක් ඉටු කරනවා. පිරිසක් ව්‍යවසායකයන්, අපනයනකරුවන් කර්මාන්තකරුවන් ලෙසත්, තවත් පිරිසක් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාන්තාවන් ලෙසත් රටක් ලෙස පරිපූර්ණ සමාජයක් ගොඩනගන්න ඇය දායකත්වය ලබාදෙනවා.

WhatsApp Image 2026 03 13 at 12.24.39 PM 1

 

පසුගිය කාලයේ ඛේදවාචක හතරකට අපි මුහුණ දුන්නා. මේ වන විට යළිත් අස්ථාවරත්වයක් නිර්මාණය වෙමින් තිබෙනවා මේ මැදපෙරදිග යුද්ධයද නිසා, මේ අමාරු අවස්ථාවේ කාන්තාවගේ ශක්තිය රටට අවශ්‍යයි”

 

WhatsApp Image 2026 03 13 at 12.24.39 PM
සජිත් සභාව අමතා අසුන් ගැනීමට පැමිණි අවස්ථාවේ ඔහුගේ ආසන්නයේ අසුන් ගෙන සිටි ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපති ටානියා අබේසුන්දර සජිත්ට ස්තුති කළේ, “ සර්, මම දැකපු දෙයක් සර් රට අමාරු තැනක තියෙන හැම අවස්ථාවකදීම දේශපාලන වාසි ගන්නේ නැතුව හැමෝටම රට ගොඩනගන්න එන්න කියලා ඉල්ලනවා. ඒක දේශපාලනයට එහා ගියපු Great ideology එකක්. පරාටා ප්‍රශ්ණයේදීත් සර් අපිට දුන්න ශක්තිය අමතක නෑ. Thank you for your vision”

ජගත් ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය ඉන්දියාවට හිමිවිය යුතුයි - සජිත් අවධාරණය කරයි

ශ්‍රී ලංකාව ආසන්නයේ ඉරාන නැව් සිද්ධිය සහ මැදපෙරදිග ගැටුම්කාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ ඉන්දු - පැසිෆික් කලාපය හමුවේ ඇති අභියෝග ගැන ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක්ම විපක්ෂ නායක සජිත් එක්ක මේ සතිය තුළ සමුඛ සාකච්ජා කිහිපයක්ම පවත්වා තිබුණා.

 

WhatsApp Image 2026 03 13 at 12.24.54 PM
ඒ, NDTV, ඉන්දියා ටුඩේ, WION නාලිකා හරහායි.

එම වැඩසටහන් වලදී සජිත් අවධාරණය කර තිබුණේ, ඉන්දු - පැසිෆික් කලාපය න්‍යෂ්ඨික අවි රහිත කලාපයක් කිරීමත්, මැද පෙරදිග ගැටුම ගෝලීය ආර්ථිකයට, බලශක්තියේ ආරක්ෂාවට සහ ආහාර මිල ගණන් කෙරෙහි සිදු කරන බලපෑම ගැනය.

 

WhatsApp Image 2026 03 13 at 12.24.54 PM 1

එමෙන්ම මෙම මැදපෙරදිග අර්බුදය ගැන ලෝක සංවාදය සාමය දෙසට තල්ලු කළ යුතු බව අවධාරණය කළ සජිත්, NDTV සමඟ කළ සමුඛ සාකච්ජාවේදී ලෝක බල තුලනය තුළ වඩාත් යථාර්තවාදී නිරූපනයක් සිදුවීමට නම් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය ඉන්දියාවට හිමිවිය යුතු බව අවධාරණය කළේය.

සජිත් එම ප්‍රකාශය හරහා පෙන්වා දී තිබුණේ, “ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට මෙම අවස්ථාව නිසි අයුරින් ග්‍රහනය කරගැනීම හරහා කළාපීය සහ ගෝලීය සාමය ප්‍රවර්ධනය කිරීමේදී අත්‍යවශය මෙන්ම වැදගත් කාර්යභාරයක් ඉටුකළ හැකීයි” කියාය.

 

WhatsApp Image 2026 03 13 at 12.24.55 PM
එය ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකයා ලෙස සජිත් කළ විශිෂ්ඨ සහ ප්‍රබල ප්‍රකාශයක් බවත් ඒ සම්බන්ධයෙන් මත ඵල කළ විචාරකයින් පවා පෙන්වා දී තිබුණි.

කේෂ්ත්‍රවල ප්‍රවීණයින් සමඟ සජිත්ගෙන් රජයට යෝජනා 4ක්

දිනෙන් දින වර්ධනය වන මැදපෙරදිග අර්බුදය හමුවේ පැන නගින ජාතික ආරක්ෂාව සහ ආර්ථික අවදානම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සජිත් ප්‍රේමදාස කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී විදේශ ප්‍රතිපත්ති විශේෂඥයින්, හිටපු තානාපති නිලධාරීන් ඇතුළු පිරිසක් හමුවුණා.

 

WhatsApp Image 2026 03 13 at 12.25.10 PM
එහිදී PSOP නමින්, සාමය, ආරක්ෂාව, ස්ථාවරත්වය, සමෘද්ධිය යන රාමුව හඳුන්වා දෙමින් රජය ක්ෂණික ක්‍රියාමාර්ග සඳහා අවධානය යොමු කළ යුතු ප්‍රමුඛතා හතරක් සකස් කරන්නට කටයුතු කර තිබුණා.

* ජාතික බලශක්ති හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම.
* විදේශගත ශ්‍රමිකයන් සහ ඔවුන්ගේ ආදායම් මාර්ග ආරක්ෂා කිරීම.
* සමුද්‍ර රක්ෂණ ක්‍රමයක් හරහා අපනයන ආර්ථිකය ආරක්ෂා කිරීම‍.
* සැබෑ රාජ්‍යතාන්ත්‍රික මධ්‍යස්ථභාවය තහවුරු කිරීම.

මෙහිදී කේෂ්ත්‍රවල ප්‍රවීණයින් හමුවේ විපක්ෂ නායක සජිත් අවධාරණය කළේ,

“ මේ මැදපෙරදිග අර්බුදය අවස්ථාවේ අපි පක්ෂයක් විදිහට බොරදියේ මාළු බාන්න යන්නේ නෑ. ඇඟිල්ල දිගු කිරීමට වඩා විසඳුම් ඉදිරිපත් කිරීමයි විපක්ෂය විදිහට අපේ අරමුණ”.

WhatsApp Image 2026 03 13 at 12.25.11 PM

එහිදී පැමිණ සිටි විදේශ ප්‍රතිපත්ති විශේෂඥයින් සහ හිටපු රාජ්‍ය නිලධාරීන් පිරිස විපක්ෂ නායක සජිත්ට තම අත්දැකීම් ඉදිරිපත් කළ අතර විපක්ෂ නායකවරයා ලෙස සිදුකරණ මෙවැනි කාලෝචිත වැඩසටහන් සඳහා ඉදිරියටත් සිය දායකත්වය ලබාදීමටද එකඟතාව ඵලකර තිබුණි.

(මම | බංගලා හංදියේ ලියුම්කරු )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...