The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

චීනේ යැව්වා ගෝඨාව…! ට්‍රම්ප් යවයි ද අනුරව? - උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!

T

The Leader Desk

March 15, 2026 • 11:04 AM

චීනේ යැව්වා ගෝඨාව…! ට්‍රම්ප් යවයි ද අනුරව? - උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝඨා ජනාධිපති වුණේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති වුණාට පසුවය.
  • හේතුව 2020දී කොරෝනා වසංගතය ආ නිසාය.
  • 2021දී ට්‍රම්ප් ට්‍රම්ප්ටත් අදහාගත නොහැකි ලෙස පරාජයට පත්වන්නේ කොරෝනාවෙන් රට හෙම්බත් වී ඇමෙරිකානුවන්ට ට්‍රම්ප්ව අසාර්ථක පාලකයෙක් ලෙස පෙනුණු නිසාය.
  • හේතුව ඉරාන යුද්ධයෙන් ඒ ඒ රටවල ආර්ථිකය කඩාවැටී ලෝක නායකයන්ට ඊළඟ ඡන්දයෙන් ගෙදර යන්න සිදුවනු ඇතිය කියන බියය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වරට ජනාධිපති වුණේ අනුර කුමාර ජනාධිපති වුණාට පසුවය.

 

w45y456ytghfghfghgouipop
ඩොනල්ඩ් ට්‍රම්ප් හරිම අවාසනාවන්ත නායකයෙකි. ඔහුගේ පළමු නිල කාලයේ ඔහුට කිසිම වැඩක් පෙන්වන්න ලැබුණේ නැත. හේතුව 2020දී කොරෝනා වසංගතය ආ නිසාය. ඔහු හරියට කොරෝනා වසංගතය පාලනය කළේ නැත. කොරෝනා කාලයේදී ඇමෙරිකාව ආර්ථික අර්බුදයකට ලක්විය. 2021දී ට්‍රම්ප් ට්‍රම්ප්ටත් අදහාගත නොහැකි ලෙස පරාජයට පත්වන්නේ කොරෝනාවෙන් රට හෙම්බත් වී ඇමෙරිකානුවන්ට ට්‍රම්ප්ව අසාර්ථක පාලකයෙක් ලෙස පෙනුණු නිසාය.

දැන් ට්‍රම්ප්ගේ දෙවැනි නිල කාලයේ ඉරාන යුද්ධයක් ඇඟේ දමාගෙන ට්‍රම්ප් ඇමෙරිකාවේ පමණක් නොව ලෝක ආර්ථිකයත් අර්බුදයකට තල්ලු කරමින් සිටී. කොරෝනාවෙන් ලෝක නායකයන් තැති ගත්තා සේ ට්‍රම්ප්ගේ ඉරාන යුද්ධයෙන් ලෝක නායකයන් තැතිගෙන තිබේ. හේතුව ඉරාන යුද්ධයෙන් ඒ ඒ රටවල ආර්ථිකය කඩාවැටී ලෝක නායකයන්ට ඊළඟ ඡන්දයෙන් ගෙදර යන්න සිදුවනු ඇතිය කියන බියය. ට්‍රම්ප් කයිවාරු ගැහුවාට ට්‍රම්ප්ටත් දැන් ඒ බිය දැනෙමින් තිබෙනවාට සැකයක් නැත.

gt56ut5urthdsweerwer

 

ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් නොහොත් 69%ක් ලබාගෙන ජනාධිපති වූ ගෝඨාභයට ජනාධිපති පුටුවෙන් පමණක් නොව රටින්ද පලායන්න සිදුවූයේ කොරෝනා නිසාය. කොරෝනා නිසා ලංකාවට විදේශ සංචාරකයන් නැතිවිය. විදේශ ශ්‍රමිකයන්ගේ ඩොලර් නැතිවිය. අපනයනයෙන් ලැබෙන ඩොලර් නැතිවිය. මේ නිසාම ලංකාව ගෙවිය යුතු වාර්ෂික ණය වාරිකය ගෙවන්න ලංකාවට විදේශ සංචිත නැති විය. තෙල් ගේන්න ගෑස් ගේන්න ඩොලර් නැතිවිය. ගෝඨාට ලංකාව බංකොලොත් යැයි ප්‍රකාශ කිරීමට සිදුවිය. ගෝඨා ගෙදර ගියේ 69%ක් ගත් පොදුජන පෙරමුණ 3%ටත් අඩු කරලාය.

ගෝඨා 2019 ජනාධිපති වුණේ මහා රැල්ලකිනි. ඒ මහා රැල්ලට ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක වූ යූ.ඇන්.පී.යත් ශ්‍රීලනිපයත් හේදීගෙන ගියේය. ගෝඨා දිනපු දිනිල්ලට මිනිස්සු හිතුවේ රාජපක්ෂවරු තව අවුරුදු 25ක්වත් රට පාලනය කරයි කියාය. ගෝඨාට මිනිස්සු 69%ක් දුන්නත් ගෝඨාට රටක් පාලනය කරන්න අත්දැකීම් නැති බව ජනතාව තේරුම් ගෙන සිටියේ නැත. කොරෝනා නොවන්නට ගෝඨා අදටත් ජනාධිපතිය. මන්ද සාමාන්‍ය තත්ත්වයක් යටතේ රට දුවන සිස්ටම් එකට දිව්වා නම් ගෝඨාට කරන්න ලොකු වැඩක් නැත. සංචාරක ව්‍යාපාරයෙන්, විදේශ ශ්‍රමිකයන්ගෙන්, අපනයන ආදායමෙන් ලංකාවට ලැබෙන ඩොලර් ටික ලැබුණා නම් ගෝඨාට රට ගැටගහගෙන යන එක මහා ලොකු කජ්ජක් නොවේ. ඒත් කරුමෙට කොරෝනා ආවේය. රට අසාමාන්‍ය විය. අසාමාන්‍ය තත්ත්වයක් යටතේ රට පාලනය කරන්න ගෝඨාට අත්දැකීම් තිබුණේ නැත. ගෝඨා ඔක්කොම අනාගත්තේය. අවසානයේ රට කඩාගෙන වැටෙනවා ගෝඨා දන්නේත් නැත.

EGXXIriU8AESmhK

 

අනුරත් ජනාධිපති වුණේ ගෝඨා ජනාධිපති වුණා වගේය. ගෝඨාට රැල්ල හැදුණේ පාස්කු බෝම්බය නිසාය. අනුරට රැල්ල හැදුණේ අරගලය නිසාය. ගෝඨා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ වූ යූ.ඇන්.පී.යත් ශ්‍රීලනිපයත් දියකරගෙන ජනාධිපති විය. අනුර ඒ වනවිට ලංකාවේ තිබූ බලවත්ම පක්ෂය වූ පොදුජන පෙරමුණත් එහි දේශපාලනඥයන්වත් දියකරගෙන ජනාධිපති විය. ගෝඨා දිය කළේ දිය කරන්න බැරි වූ ප්‍රධාන පක්ෂයය. අනුර දිය කළේ දිය කළ නොහැකි යැයි හිතපු රාජපක්ෂලාය.

ගෝඨා 2019 අග ජනාධිපති වී 2021 වනතෙක් කොරෝනා මැද්දේත් රට යන ක්‍රමයට රට පාලනය කළේය. ඒ කියන්නේ අවුරුදු දෙකකි. එහි කොරෝනාව ආ පළමු වසරේ ඔහු කොරෝනාවෙන් බේරෙන්න නොමිලේ එන්නත් ලබාදෙමින් දුප්පත් මිනිස්සුන්ට රු. 5000ක් දෙමින් ලොකු විරෝධයක් නැතිව රට පාලනය කළේය. ඔහුටත් මුලින්ම ආ ප්‍රශ්නය තෙල් ප්‍රශ්නයය. තෙල් මිල වැඩි නොකර තෙල් හිඟයකින් තොරව බෙදන්න බැරි බව ඇමැති මණ්ඩලයේ සතිපතා සාකච්ඡා විය. සලාක ක්‍රමයට තෙල් දෙන්න යෝජනා විය. එකල තෙල් ඇමැති වූයේ උදය ගම්මන්පිලය. ඔහු ණයට තෙල් ගන්න ලෝකය පුරා දිව්වේය. තෙල් අර්බුදයක් එන බව දැන දැන ගෝඨා තීරණ ගත්තේ නැත. එක්කෝ තෙල් මිල වැඩිකළ යුතු විය. නැත්නම් සලාක ක්‍රමයට තෙල් බෙදාහැරිය යුතු විය. ගෝඨා බයේ මේ දෙකම කළේ නැත. ටික දිනකින් තෙල් පෝලිම් පටන් ගත්තේය. ඉන් පසු ගෑස් පෝලිම් පටන් ගත්තේය.

 

1658718007 qr code system

අනුර ජනාධිපති වී දැන් හරියටම අවුරුද්දකුත් මාස 6කට ආසන්නය. අනුරත් රාජ්‍ය පාලනයට අත්දැකීම් නැති නායකයෙකි. ඒත් ජනතාව ඒක හිතුවේ නැත. අනුරත් ගෝඨා වගේ පළමු වසර රට යන ක්‍රමයට ගැටගහගෙන ගියේය. දැන් යළිත් අසාමාන්‍ය තත්ත්වයක් ඇතිවී තිබේ. ඒ, ඉරාන යුද්ධයෙන්ය. අනුරටත් පළමුවෙන්ම මුහුණ දීමට සිදුව ඇත්තේ තෙල් ප්‍රශ්නයකටය.

ලංකාවේ ආර්ථිකය අද තියෙන්නේ ගෝඨා 2019 භාරගත් තැන නොවේ. ගෝඨා 2022 පැන ගියේ රට බංකොලොත් කරලාය. බාහිර ආර්ථික බලපෑමකින් ලංකාවේ ආර්ථිකය යළි කඩාගෙන වැටෙන්න පුළුවන් යැයි අයි.එම්.එෆ්. ප්‍රධානීන් ලංකාවට එන සැරයක් ගානේ මන්තරය වගේ ජප කරයි.

ඉරාන යුද්ධය දිගට ඇදුණොත් අනුරටත් ගෝඨා මුහුණ දුන් අර්බුදයටම මුහුණ දීමට සිදුවේ. ඉරාන යුද්ධය දිගට ඇදුණොත් එය තෙල් සහ ගෑස්වලට කෙළින්ම බලපෑම් කරනු ලබයි. එහි ප්‍රතිඵලය බඩු මිල වැඩිවීමය. ඊළඟට මැදපෙරදිග විදෙස් ශ්‍රමිකයන්ට රැකියා අහිමි වීම් අනතුරක් ඇත. ඉරාන යුද්ධය දිගට ගියොත් එය සංචාරකයන්ට කෙළින්ම බලපායි.


‘අනුරටත් ගෝඨාට වුණු වැඩේ වෙයිද…?’

 

AnuraKumara AKD 1200px 24 11 22 1000x600

ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි ඉරාන යුද්ධය අතරමගදී නතර වුණොත් අනුරට දැනට ප්‍රශ්නයක් නැත. ඒත් ඉරාන යුද්ධය විසින් නිර්මාණය කළ ලෝක ආර්ථික අර්බුදය හමුවේ අනුරගේ පළමුවැනි අවුරුද්ද තරම් දෙවැනි තුන්වැනි අවුරුදු ලෙහෙසි නැත. රනිල් ගහපු බදුවලින් අනුර භාණ්ඩාගාරය පුරවලා සල්ලි ඉතිරි කළේ ඡන්දයක් ළඟදී වියදම් කරන්නටය. ඉරාන යුද්ධය ඇදි ඇදී ගියත් නතර වුණත් යුද්ධයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස එන ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න ලංකාව වගේ බංකොලොත් වුණු රටකට භාණ්ඩාගාරයේ ඉතුරු කරපු සල්ලි ප්‍රමාණවත් නැත.

හැබැයි මොන අර්බුද ආවත් ගෝඨා වගේ අනුර පැනලා යයි කියලා හිතන්න බැරිය. හේතුව ගෝඨා මෙන් නොව අනුර දේශපාලනඥයෙකි. එක්කෝ අනුර කරගන්නම බැරි නම් හිත හදාගෙන හදිසි ඡන්දයකට යනු ඇත. නැත්නම් නිල කාලය ඉවර වන තෙක් වැටි වැටී යනු ඇත. මේ නිසා විපක්ෂය කරන්න ඕනා රට භාරගන්න සූදානම් කිය කියා කොළඹට වෙලා පුවත්පත් සාකච්ඡා තියන එක නොව, ඊළඟ ඡන්දය දිනන්න ජනතාව සූදානම් කරන එකය.

(සටහන | උපුල් ජෝශප් ප්‍රනාන්දු)
Creative Content Consultant

උපුටා ගැනීම - mawratanews

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...