The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'විශ්වවිද්‍යාලය කියන්නේ පිළිතුරු ලැබෙන තැනක් නොව, ප්‍රශ්න පටන් ගන්නා තැනක්'! | මහාචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ

T

The Leader Desk

March 16, 2026 • 12:18 PM

'විශ්වවිද්‍යාලය කියන්නේ පිළිතුරු ලැබෙන තැනක් නොව, ප්‍රශ්න පටන් ගන්නා තැනක්'! | මහාචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය මාර්තු 10 වන දින පැවැත්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය සහ ප්‍රාසාංගික කලා නවක සිසුන් පිළිගැනීමේ උත්සවයේදී ඔවුන් අමතා මහාචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ කළ විශේෂ දේශනයේදී ඉදිරිපත් කළ අදහස් විශාල අවධානයක් දිනාගත්තා.
  • නවකයින් ඉදිරියේ කතා කරන විට මට මතක් වූයේ, මාත් නවක ශිෂ්‍යයෙක් ලෙස පළමු වරට මේ විද්‍යායතනයට පය තැබූ ඒ අතීත දවසයි.
  • ඇත්තටම පාසලෙන් විශ්වවිද්‍යාලයට පැමිණීම කියන්නේ හුදෙක් ආයතනයක් මාරු කිරීමක් නොව, එය  මනසෙහි සිදුවන විශාල පරිවර්තනයක්.
  • * එවිට ඔහු හෝ ඇය ඇත්ත සහ වැරදි තොරතුරු අතර වෙනස හඳුනාගත හැකි පුද්ගලයෙකු වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම දේශනය උපාධි අපේක්ෂකයින්ට පමණක් සීමා නොවී, ඔවුන්ගේ දෙමව්පියන්ටත්, අධ්‍යාපන හා ප්‍රතිපත්ති සම්පාදනය කරන අයටත් ගැඹුරු ලෙස සිතා බැලිය යුතු කරුණු රැසක් ඉදිරිපත් කළ කතාවක් ලෙස සැලකිය හැකිය.

එම කතාවේ ප්‍රධාන අදහස් සහ සාරාංශය පහතින් දැක්වෙයි.

විශ්වවිද්‍යාලය කියන්නේ පිළිතුරු ලැබෙන තැනක් නොව - ප්‍රශ්න පටන් ගන්නා තැනක්!

නවකයින් ඉදිරියේ කතා කරන විට මට මතක් වූයේ, මාත් නවක ශිෂ්‍යයෙක් ලෙස පළමු වරට මේ විද්‍යායතනයට පය තැබූ ඒ අතීත දවසයි. එදා මගේ සිතේ තිබුණේ මිශ්‍ර හැඟීමක්. එක් පැත්තකින් විශ්වවිද්‍යාලයට ආ උද්යෝගයත්, අනෙක් පැත්තෙන් මේ ගමන සාර්ථකව කළ හැකිද යන නොපැහැදිලි බියත් මට දැනුණා.

ඇත්තටම පාසලෙන් විශ්වවිද්‍යාලයට පැමිණීම කියන්නේ හුදෙක් ආයතනයක් මාරු කිරීමක් නොව, එය මනසෙහි සිදුවන විශාල පරිවර්තනයක්.


පාසල සහ විශ්වවිද්‍යාලය අතර වෙනස

* පද්ධතියේ වෙනස:
පාසලේදී අප ඉගෙන ගත්තේ සටහන් සහ සහිත ආදර්ශ උත්තර, සෑම ප්‍රශ්නයකටම එකම "හරි පිළිතුරක්" තිබූ පද්ධතියක් තුළයි.

*  විශ්වවිද්‍යාලීය අනන්‍යතාව:
මෙතැනදී ඔබට ඇසෙන්නේ "මේ ප්‍රශ්නයට එකම පිළිතුරක් නැහැ" යන්නයි. ඒ මොහොතේ ඔබ පාසල් ශිෂ්‍යයෙකුගේ සිට ' විද්‍යාර්ථයකු' දක්වා පරිවර්ත වීමට පටන් ගන්නවා.

* ඉගැන්වීමේ අරමුණ:
විශ්වවිද්‍යාලය ඔබට "මොනවා හිතන්නද" කියා උගන්වන්නේ නැහැ; එය උගන්වන්නේ "කොහොමද හිතන්නේ" කියායි.

*  “පාසලේදී teacher කියනවා ‘මේ note එක underline කරන්න.’‘මේ answer එක memorize කරන්න.’

* “පාසලේදී “මොනවා හිතන්නද” කියා උගන්වන්නේ නම් ශිෂ්‍යයාට පිළිතුරු මතක තබාගන්න පුළුවන්.

නමුත් “කොහොමද හිතන්නේ” කියා උගන්වන්නේ නම් ශිෂ්‍යයා ප්‍රශ්න ඇසීමට, සාක්ෂි සොයා බැලීමට, තර්ක කිරීමට ඉගෙන ගන්නවා.

 


නිර්මාණාත්මකත්වය (Creativity) වැඩිවීම

*  “මොනවා හිතන්නද” කියන පද්ධතියේදී

“එකම පිළිතුරක්” තියෙනවා.

* “කොහොමද හිතන්නේ” කියන පද්ධතියේදී
විවිධ අදහස්, නව විසඳුම් සහ නව සංකල්ප බිහි වෙනවා.

* විද්‍යාව, තාක්ෂණය, කලාව, ව්‍යාපාර—සියල්ලේම නවෝත්පාදනය (innovation) මෙතැනින් පටන් ගන්නවා.

* එවිට ඔහු හෝ ඇය ඇත්ත සහ වැරදි තොරතුරු අතර වෙනස හඳුනාගත හැකි පුද්ගලයෙකු වෙයි.

* “මොනවා හිතන්නද” කියා උගන්වන විට
ශිෂ්‍යයා අන් අයගේ අදහස් අනුගමනය කරනවා.

* නමුත් “කොහොමද හිතන්නේ” කියා උගන්වන විට
ඔහු තමන්ගේම ස්ථාවරයක් ගොඩනගනවා.

එය නායකත්වයට (leadership) අවශ්‍ය මූලික හැකියාවක්.

 

WhatsApp Image 2026 03 16 at 10.02.34 AM 2


ජීවිතයේ ගැටළු බොහෝ විට textbook answers නැති ඒවා.

කොහොමද හිතන්නේ” කියා ඉගෙන ගත් පුද්ගලයෙකු

• ගැටළුව විශ්ලේෂණය කරයි
• විකල්ප සොයයි
• තීරණයක් ගනී.


එය professional life එකේ සහ ජීවිතයේ ඉතා වැදගත් හැකියාවක්.

* විශ්වවිද්‍යාලය- කිසිවෙක් ඔබ පස්සේ පන්නන්නේ නැහැ. කවදා හෝ ඔබේ උපදේශකවරයෙකු (Mentor) ඔබට කියාවි, “මේ ප්‍රශ්නයට එකම පිළිතුරක් නැහැ” කියා. ඒ මොහොතේදී ඔබ පාසල් ශිෂ්‍යයෙකුගේ සිට විශ්වවිද්‍යාලීය ' විද්‍යාර්ථයකු' දක්වා පරිවර්තනය වීමට පටන් ගන්නවා.

* මට මතකයි මගේ පළමු වසරේ පැවරුමකදී (assignment) කථිකාචාර්යවරයා සටහන් කර තිබුණා "Argue your position" (ඔබේ ස්ථාවරය වෙනුවෙන් තර්ක කරන්න) කියා. එදා මට සිතුණේ මගේ ස්ථාවරය යනු කුමක්ද කියායි. , ඔහු බලාපොරොත්තු වන්නේ ඔබ හුදෙක් උදාසීන ශ්‍රාවකයෙකු වීම නොව සක්‍රිය සහභාගි වීමයි.
WhatsApp Image 2026 03 16 at 10.02.35 AM 1
* මෙම සබඳතාවයේ පදනම වන්නේ "මොනවා හිතන්නද" යන්න පැවසීම නොව "කොහොමද හිතන්නේ" යන්න ඔබට හුරු කිරීමයි.

* මෙම සංවාදාත්මක සබඳතාවය හරහා ඔබ සරල පිළිතුරු  සැක කිරීමටත්, ප්‍රශ්න ඇසීමටත් හුරු වේ.

* විශ්වවිද්‍යාලය යනු ඔබට ඔබේම අදහසක් තිබෙන්නට ඉඩ දෙන, නමුත් ඒ අදහසට වගකීමක් ඉල්ලා සිටින තැනක්.  

* විශ්වවිද්‍යාලය යනු විවෘත අවකාශයකි; එහි පවතින විවෘත ප්‍රශ්න සහ විවෘත සංවාදවලින් උපරිම ප්‍රයෝජන ගැනීම ඔබේ වගකීමයි.

* කථිකාචාර්යවරයෙකු ප්‍රශ්නයක් ඇසූ විට "වැරදි උත්තරයක් වෙයිද" යන බියෙන් හඬ නගන්නට බිය නොවන්න.

* විශ්වවිද්‍යාලය තුළ වැරදි ප්‍රශ්නවලට, උත්තරවලට වඩා භයානක වන්නේ ප්‍රශ්න නොමැතිව සිටීමයි. නිශ්ශබ්දව සිටීමයි.

* මෙම අවකාශය තුළ සාක්ෂි සහ හේතු සහිතව එකඟ නොවීමට ඔබට නිදහස ඇත.

* ශ්‍රී ලාංකික රාජ්‍ය විශ්වවිද්‍යාලයක පවතින විවිධත්වයත්, විවෘත ශාලා සංස්කෘතියත් ඔබේ පෞරුෂය වර්ධනය කරගැනීමට ලැබෙන විශාල අවස්ථාවකි.

නිදහස සහ සැක කිරීම (Doubt)  

WhatsApp Image 2026 03 16 at 10.02.35 AM 3
ඔබ අද ඉන්නේ විවෘත ශාලාවක.
ඒක සංකේතයක්.

විශ්වවිද්‍යාලය කියන්නේ විවෘත අවකාශයක්:

• විවෘත ප්‍රශ්න
• විවෘත සංවාද
• විවෘත සිත්

ඒත් සමහර වෙලාවට, මේ විවෘත අවකාශය බය හිතෙන එකක් වෙයි.

විශ්වවිද්‍යාලය ඔබට ලබා දෙන වටිනාම ත්‍යාගය උපාධියකට වඩා ලැබෙන "නිදහස" යි. හිතන්න, ප්‍රශ්න අහන්න සහ අදහස් සමඟ එකඟ නොවීමට ඇති නිදහසයි. නමුත්, නිදහසට වගකීමක් නොමැති නම් එය අධ්‍යාපනයක් නොව අවුලක් පමණයි.

එමෙන්ම, ඉගෙනීමේදී දැනෙන "සැක කිරීම" යනු අසාර්ථකත්වයක් නොව, එය ඔබේ සිත වැඩ කරන බවට සහ ඉගෙනීමේ ආරම්භයට ලකුණක්. සැබෑ අධ්‍යාපනය යනු අපේ විශ්වාසයන් පවා ප්‍රශ්න කිරීමට ඉගෙන ගැනීමයි.
WhatsApp Image 2026 03 16 at 10.02.35 AM
සංවාදය – ජයගන්න නොව, තේරුම් ගන්න

ශ්‍රී ලාංකික රාජ්‍ය විශ්වවිද්‍යාලයක් කියන්නේ:

• විවිධ සමාජ පසුබිම් වලින් ආපු සිසුන්
• ගම් වලින්, නගර වලින්, වතු වලින් ආපු අය
• එකම පන්තියක, එකම බංකුවක, එකම සංවාදයක ඉන්න අවස්ථාව ලැබෙන තැනක්.

ඔබ මෙතන ඉගෙන ගන්නෙ පොතෙන් විතරක් නෙවෙයි.
 
ඔබ ඉගෙන ගන්නෙ:

• වෙනස් අදහස් එක්ක ජීවත් වෙන්න
• වෙනස් අත්දැකීම් අහන්න
• ඔබේම අදහස් නැවත සලකා බලන්න, ප්‍රශ්න කරන්න,

ඔබට මෙතන විවිධ අදහස් හමුවෙයි;

ඔබේ අදහස් වලට සම්පූර්ණයෙන්ම වෙනස් විරුද්ධ අදහස්.
ඒ වෙලාවට ඔබ දෙයක් මතක තියාගන්න ඕන:

විවාදයක් කියන්නේ සටනක් නෙවෙයි.

ඉගෙනීමේ සංවාදයක අරමුණ ජයගන්න එක නෙවෙයි.

අරමුණ තමයි – තේරුම් ගන්න එක.
ඔබ එකඟ නොවෙන්න පුළුවන්.
ඒත් ගෞරවයෙන්, සාක්ෂි සහ හේතු එක්ක.
ඒකයි විශ්වවිද්‍යාලීය සංස්කෘතිය.

අභියෝගය
WhatsApp Image 2026 03 16 at 10.02.35 AM 2
අද විශ්වවිද්‍යාලයට ඇතුළත් වන නව පරම්පරාවට මම දෙන අභියෝගය මෙයයි:

ඔබගේ විශ්වවිද්‍යාල ජීවිතය තුළ:

- පහසු පිළිතුරු වලින් සෑහීමකට පත් නොවන්න.

- ඔබ එකඟ නොවන අදහස්වලට සවන් දීමට බිය නොවන්න.

- අසාර්ථක වෙද්දී , පරාජය වෙද්දී, වැරදි වෙද්දී පලා යන්න එපා – හිතලා නැවත උත්සාහ කරන්න
ඔබට ලැබෙන නිදහස භාවිතා කරන්න.

අකැමැත්තෙන් නෙවෙයි – ධෛර්යයෙන්.
WhatsApp Image 2026 03 16 at 10.02.36 AM
ලැබෙන නිදහස විනාශය සඳහා නොව, අලුත් දෙයක් නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන්න.

අද අප මුහුණ දී සිටින බරපතල සමාජ දේශපාලන  ගැටලුවලට අලුත්  නිර්මාණාත්මක විසඳුම් හොයන්න භාවිතා කරන්න.

අවසානයේ ඔබ මෙතැනින් පිටව යා යුත්තේ හුදෙක් සහතිකයක් සහිත උපාධිධාරියෙකු ලෙස නොව;
සිතන, සැක කරන, ප්‍රශ්න කරන, වගකීමෙන් ක්‍රියා කරන පුරවැසියෙකු ලෙසයි..


එතකොටයි ඔබ සැබෑ අධ්‍යාපනය ලැබුවේ. ඔබට උපාධියක් ඇත්තටම ලැබුණා කියන පිළිගැනීම ලැබෙන්නේ .
 
WhatsApp Image 2026 03 16 at 10.02.36 AM 1
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'විශ්වවිද්‍යාලය කියන්නේ පිළිතුරු ලැබෙන තැනක් නොව, ප්‍රශ්න පටන් ගන්නා තැනක්'! | මහාචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ | The Leader