නමුත්, 2018 හා 2019 PISA (Programme for International Student Assessment) ලකුණු ක්‍රමය අනුව ෆින්ලන්තයේ අධ්‍යාපන පද්ධතියේ පසුබැසීමක් දැක ඇත. විශේෂයෙන් ගණිතය, විද්‍යාව සහ පාඨක ධාරිතාවය පිළිබඳ ශිෂ්‍ය මාර්ගෝපදේශක විභාග ලකුණු අඩුවීම නිසාම මේ පිළිබඳව ලෝනයේ සැලකිලිමත් අවදානයක් ඇති විය.
ෆින්ලන්ත අධ්‍යාපන පද්ධතිය සාර්ථක වීමට සහ ලෝකයටම ආදර්ශයක් වීමට ප්‍රධාණ හේතු කිහිපයක් බලපා ඇත.
ඉන් ප්‍රධාණම කාරණාව නම්, ගුරුවරුන්ගේ සුදුසුකම් සහ පුහුණුව ඉතා උසස් මට්ටමක පැවතීමයි.

ෆින්ලන්තයෙහි සියලුම ගුරුවරුන්, ගුරුවරයෙකු වීම සදහාම විශ්වවිද්‍යාල මට්ටමේ විශේෂ උසස් පුහුණුවක් ලබයි. මෙම පුහුණුව ගුරු ක්‍රමවේද, නවතම ඉගැන්වීම් තාක්ෂණ, විවෘත චින්තනය සහ සාමාජික සන්නිවේදන කුසලතා ආවරණය කරයි. එමෙන්ම, ගුරුවරුන්ට සියලු පාසල් මට්ටම් තුළ අත්දැකීම් ලබා දීම තුලින් ඉගැන්වීමේ නිර්මාණශීලී ක්‍රම යොදා ගැනීමට අවස්ථා සලසයි.
ෆින්ලන්ත අධ්‍යාපනය සිසුන් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වේ. අඩු තරඟකාරීත්වයක් සහ අඩු විභාග පරීක්ෂණ ප්‍රමාණයක් හරහා පාසල් දරුවන්ට නිදහස් අධ්‍යාපන පරිසරයක් සලසයි. විභාග තරගයෙන් ඔබ්බට ගොස් සිසුන්ගේ නිර්මාණශීලීත්වය, විවෘත චින්තනය, සහ කුසලතා වර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.
ෆින්ලන්තය සමාන අවස්ථා සලසන අධ්‍යාපන ක්‍රමයක් ඇත. ඊට ප්‍රධාණ හේතුව ෆින්ලන්තයේ ධණවත් ආර්ථිකයයි. ධණවත් ආර්ථිකය හේතුවෙන් ඇති නැති පරතරයක් හෝ නාගරික ග්‍රාමීය පහසුකම් අතර පරතරයක් තිබුනේ නැත. එය ජනතාවගේ ආර්ථික මට්ටම වාගේම පාසල් අතර පහසුකම් සහ සම්පත් ලබාදීමේ පරතරයක් තිබුනේ නැත. ඒ වාගේම සියලුම ළමයින්ට පාසල් අධ්‍යාපනයෙන් පසු සැමටම උසස් අධ්‍යාපන අවස්ථා ලබා දීමට රජයට හැකියාවක් තිබිනි. . මෙම සාධාරණය ක්‍රමය ෆින්ලන්ත අධ්‍යාපන පද්ධතියේ විශේෂ ලක්ෂණයක් ලෙස පිළිගනු ලැබින.

මේ සමාජ ආර්ථික මට්ටම නිසාම ෆින්ලන්ත පාසල් අධික පරීක්ෂණ වලින් සහ ශිෂ්‍ය ආතතියෙන් නිදහස්ය. සැමට සමාන පහසුකම් සහ අවස්ථා සැපයීමට රජයට හැකියාව ඇති නිසා පාසල් තුල තරග විභාග සදහා අවශ්‍යතාවයක් නැත. මෙය සිසුන්ගේ මනෝබලය, සතුට සහ කාර්යක්ෂමතාව වැඩි කරනු ඇතැයි විශ්වාශයක් තිබිනි.
ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමයේ තිබූ තවත් විශේෂ අංගයක් වූයේ ශක්තිමත් ගුරු-ශිෂ්‍ය සබඳතාය. අතීතයේ ගුරුවරු සහ සිසුන් අතර විශ්වාස සහ සහයෝගිතාව ඉහළ මට්ටමකින් තිබේ. මෙයට ප්‍රධාණ හේතුව වන්නේ පාසල් පද්ධතිය තඅල විභාග ආතතිය නැති වීමයි. ශිෂ්‍යයාගේ ගැටලු හෝ අවශ්‍යතා ගැන ගුරුවරුන් විශේෂ අවධානයක් යොමු කරීමට කාළයක් සහ හැකියාවක් තිබිනි.
මේ සියල්ලටම මූලික හේතුව වූයේ ස්ථාවර සහ ධණවත් ආර්ථිකය නිසා ස්ථාවර අධ්‍යාපන ප්‍රතිපත්ති ඇති කිරීමට ෆින්ලන්ත රජයට තිබුන හැකියාවයි. ෆින්ලන්තය අධ්‍යාපන ප්‍රතිපත්ති ස්ථායීව පවත්වාගෙන යාමේදී විදේශීය බලපෑම් වලින් ආරක්ෂිත කිරීමට හැකි වීම එහි විශේෂත්වයකි. එමගින් අධ්‍යාපන ක්ෂේත්‍රය දිගුකාලීනව තහවුරු සහ සමාජීය අවශ්‍යතාට ගැළපෙන පරිදි ක්‍රියාත්මක විය.
එහෙත් පහුගිය දශකයකට ආසන්න කාලය පුරා මෙම සාර්ථක අධ්‍යාපන ක්‍රමය නව අභියෝග හමුවේ ඉරි තලා යමින් පවතී. අලුත් තාක්ෂණික, සමාජීය සහ ගෝලීය වෙනස්කම් මත, ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමයට ගැටලු රැසක් මතුවී ඇත.

ඉන් ප්‍රධාණ තැනක් ගන්නේ පාඨමාලා යාවත්කාලීන කිරීමේ ප්‍රමාදයයි.
අද ලෝකයේ STEM (විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විෂය, ගණිතය) අධ්‍යාපනය සහ ඩිජිටල් අධ්‍යාපනය විශේෂ තැනක් ගනී. ෆින්ලන්තයේ “ගැටලු රඑිත” අධ්‍යාපන ක්‍රමය තුල අධ්‍යාපන පද්ධතිය තුල යාවත්කාලීන කිරීම පිළිබඳව තිබුනේ මන්දගාමී ස්වරූපයකි. ඒ ගොඩනැගුණු පසුබැසීම් නිසා ෆින්ලන්ත ශිෂ්‍යයන් ගෝලීය තරඟකාරීත්වයට අඩු සූදානමක් ඇති අය බවට පත්ව ඇත.
අද ෆින්ලන්තය මුහුණ දෙන ප්‍රධාණ අභියෝගයක් වන්නේ නව ගුරුවරුන් සම්පාදනයයි.

පාසල් පද්ධතිය තුල අලුත් යමක් කිරීමට හෝ සිසුන්ට යමක් සාක්ෂාත් කර ගැනීමට සිසුන්ට අවශ්‍යතාවයක් නැත. සිසුන්ට සියල්ල ලැබෙන නිසාම ඔවුන් උදාසීනය. සම්මත කර ඇති රාමුවෙන් ඔබ්බට ගොස් සිසුන් වෙනුවෙන් යමක් කිරීමට හැකියාවක් හෝ අවශ්‍යතාවයක් ඒ රාමුව තුල නැත. ඒ නිසා උසස් කුසලතා ඇති සිසුන් ගුරුවරු ලෙස පිවිසීම සැළකිය යුතු මට්ටමකින් අඩු වී ඇත. ගුර වෘත්තීය හුදෙක් ලිය කියකියවිළි වැඩ පමණක් ඇති නවෝත්පාදනයට ඉඩක් නැති, කම්මැළි වෘත්තියක් බවට පත්ව ඇත. මේ වෘත්තිය කෙරෙහි ආකර්ෂණය පසුගිය දශකවල අඩු වීම නිසා, දක්ෂ ගුරුවරු පාසල් පද්ධතියට එකතු වී නැත. එය පාසල් අධ්‍යාපනයේ ගුණාත්ම බවට කාර්යක්ෂමතාවට බලපා ඇත.
අප හැමෝම දන්නා පරිදි තරඟයක් තිබීම සමාජයට හිතකරය. ඒ තුලින් පුද්ගලයින්ගේ හොඳම පැත්ත සහ හොඳම චරිතය හෝ අනුවාදනය එළියට ඒමට ඇති ඉඩ කඩ වැඩිය. ඒ මනස සෑම විටම සාපේක්ෂව සිතන නිසාය. දිනීම සහ මූලිකත්වය තුලින් එන ලැබෙන සතුටට මිනිසුන් කැමතිය. එය සෑම ජීවත්වන සත්වයෙකුටම පොදු ධර්මතාවයකි.
ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමයේඉප්‍රධාන අරමුණ වන්නේ සිසුන්ගේ මානසික ආතතිය අඩු කරමින් සමාන අවස්ථා ලබාදීමයි. ඒ සඳහා පාසල් පද්ධතිය තුළ අධික තරඟකාරීත්වය අවම කිරීම, ශ්‍රේණිගත කිරීම අඩු කිරීම සහ සිසුන් අතර සෘජු සැසඳීම් සිදු නොකිරීම වැනි ක්‍රියාමාර්ග ගනු ලැබිනි. මෙම ප්‍රතිපත්තිය මඟින් සිසුන්ට පීඩනයකින් තොරව ඉගෙනීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම එහි මූලික අරමුණ විය.

කෙසේ වෙතත්, පාසල් තුළ තරඟකාරීත්වය අඩු කිරීම නිසා සිසුන්ගේ අධ්‍යාපනයට ඇති උනන්දුව සහ උද්යෝගය කිසියම් මට්ටමකින් අඩු විය හැකි බව අද විද්වතුන් සහ අධ්‍යාපනඤ්යින් පෙන්වා දෙයි. සාමාන්‍යයෙන් තරඟකාරී පරිසරයක් තුළ සිසුන් වැඩි උත්සාහයක් දක්වමින් තම හැකියාවන් වැඩි දියුණු කිරීමට පෙළඹෙති. ජයග්‍රහණය සහ පිළිගැනීම ලබා ගැනීමේ අවස්ථා ඔවුන්ගේ අභ්‍යන්තර උද්යෝගය වැඩි කිරීමට දායක වේ. එහෙත් තරඟකාරීත්වය නොමැති හෝ ඉතා අඩු පද්ධතියකදී එවැනි උත්සාහයන් සඳහා විශේෂ පිළිගැනීමක් හෝ ප්‍රතිලාභයක් නොලැබෙන බව සිසුන්ට හැඟෙන නිසා උනන්දු හීන වෙයි.
විශේෂයෙන්ම දක්ෂතාවය සහ උනන්දුව වැඩි සිසුන් සඳහා මෙය අභියෝගාත්මක තත්ත්වයක් විය හැක. මහන්සි වී වැඩ කරන සහ ඉහළ කාර්යසාධනයක් පෙන්වන සිසුන්ට අනෙක් සිසුන්ට වඩා වෙනස් ලෙස හඳුනාගැනීමක් හෝ ප්‍රශංසාවක් නොලැබෙන විට, ඔවුන්ගේ උද්යෝගය කාලයත් සමඟ අඩු වේ. එමෙන්ම නවෝත්පාදන සිතීම, තාක්ෂණික හෝ විද්‍යාත්මක කුසලතා වර්ධනය කිරීම වැනි ක්ෂේත්‍රවල ද අභ්‍යන්තර උද්යෝගය අවම වේ. තරඟය මඟින් ලැබෙන අභියෝග සහ උද්යෝගය නොමැති වීම නිසා කුසලතා වැඩි දරුවන්ගේ සම්පූර්ණ හැකියාවන් ප්‍රකාශ වීමට අවස්ථා සීමා වේ. අද ෆින්ලන්තය රටක් ලෙස එම ගැටලුවට මුහුණ දී ඇත.
ගෝලීයීකරණයත් සමඟ රටවල් අතර අධ්‍යාපන, ආර්ථික සහ තාක්ෂණික ක්ෂේත්‍රවල තරඟකාරීත්වය වැඩි වී ඇත. විශේෂයෙන්ම ආසියානු කලාපයේ රටවල් බොහෝවිට ඉතා උසස් අධ්‍යාපන ප්‍රමිතීන් සහ දැඩි උත්සාහය මත පදනම් වූ අධ්‍යාපන පද්ධති පවත්වාගෙන යති. එම නිසා ලෝක අධ්‍යාපන මට්ටමින් සාර්ථකත්වය පවත්වාගෙන යාම සඳහා අනෙකුත් රටවල්ද එම උසස් ප්‍රමිතීන් සමඟ තරඟ කිරීමට අවශ්‍ය වේ. සෑම විෂය මට්ටමකම ඉහළ දැනුමක් සහ කුසලතා වර්ධනය කිරීම මෙම ගෝලීය තරඟකාරීත්වය තුළ ප්‍රධාන අවශ්‍යතාවයක් බවට පත්ව ඇත.
ෆින්ලන්තයේ පාසල් වලින් පිටවන දරුවන් ඉහළ ගෝලීය තරඟකාරීත්වයට සූදානම්ව නොමැති නිසා ඔවුනට ගෝලීය අවස්ථා නොලැබී යාමේ තර්ජණයට මුහුන දීමට සිදුව ඇත.
තවද වර්තමාන ලෝකයේ සිදුවන සමාජීය, සංස්කෘතික සහ ජනගහනමය වෙනස්කම් හේතුවෙන් ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය නව අභියෝග රැසකට මුහුණ දෙමින් සිටී.

මෙම අභියෝගවලින් ප්‍රධාන එකක් වන්නේ විදේශීය පසුබිමකින් පැමිණෙන සිසුන්ගේ සංඛ්‍යාව වැඩිවීමයි. පසුගිය කාලයේදී ආගමන වැඩිවීමත් සමඟ පාසල්වල විවිධ සංස්කෘතික හා භාෂා පසුබිම්වලින් පැමිණෙන සිසුන්ගේ සංසරණය වැඩි වී ඇත. මෙවැනි තත්ත්වයක් තුළ භාෂා භේද, සංස්කෘතික වෙනස්කම් සහ ඉගෙනීමේ ශෛලීවල විවිධත්වය නිසා අධ්‍යාපන ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යාම අභියෝගාත්මක වී ඇත. විශේෂයෙන්ම ෆින්ලන්ත හෝ ස්වීඩන් භාෂාවන් ප්‍රධාන භාෂා වන පද්ධතියකදී, ඒවාට හුරු නොවූ සිසුන්ට ඉගෙනීමේ ප්‍රතිඵල ලබා ගැනීම සංකීර්ණ වී ඇති අතර, එය සමහර අවස්ථාවල අධ්‍යාපන ප්‍රතිඵල අඩුවීමට හේතු වී ඇත.
එමෙන්ම සමාජීය සහ සෞඛ්‍ය සම්බන්ධ අභියෝගද අධ්‍යාපන ක්ෂේත්‍රයට බලපෑම් ඇති කර ඇත. සිසුන්ගේ මානසික සෞඛ්‍ය ගැටලු, පවුල් පසුබිම්වල වෙනස්කම් සහ සමාජීය පීඩන වැනි කරුණු ඉගෙනුම් ක්‍රියාවලියට සෘජුව බලපාන සාධක වේ. තවද ආර්ථික වෙනස්කම් සහ සමාජයේ ව්‍යුහය තුළ සිදුවන වෙනස්කම් නිසා පාසල් අතර සහ සිසුන් අතර අවස්ථා වෙනස්කම් ඇති වීමේ අවදානමක්ද පවතී. ජනගහනයේ වයස් ව්‍යුහයේ වෙනස්කම්, නගර හා ග්‍රාමීය ප්‍රදේශ අතර සංවර්ධන වෙනස්කම් වැනි සාධකද අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවයට බලපා ඇත.

එබැවින්, ෆින්ලන්තයේ අධ්‍යාපන විශිෂ්ටතාව පවත්වාගෙන යාම සඳහා මෙම සමාජීය සහ සංස්කෘතික අභියෝගයන්ට ප්‍රතිචාර දක්වන නව ප්‍රතිපත්ති සහ අධ්‍යාපන ක්‍රමෝපායන් සංවර්ධනය කිරීම ෆින්ලන්තයට අත්‍යවශ්‍ය වී ඇත.
ආසියාවේ අධ්‍යාපන පද්ධතියෙන් අද ගෝලීය සමාජයට ඉගෙනගත හැකි වැදගත් පාඩම් බොහෝය. ඉහළ PISA ලකුණු ලබා ගන්නා සිංගප්පූරුව, දකුණු කොරියාව, ජපානය සහ චීනය වැනි රටවල් තම පාසල් පද්ධති හරහා ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන සාර්ථකත්වය උසස් කිරීමට විශේෂ අවධානයක් යොමු කර ඇත. එහි ප්‍රධාන ලක්ෂණ අතර දෘඩාංගිත පාඨමාලා, ගුණාත්මක ගුරු සේවාව, සහ අධ්‍යාපනය පිළිබඳ සමාජයේ ඉහළ අවධානය වැනි කරුණු ඇතුළත් වේ.
මෙම රටවල පාසල් පද්ධතිය මුල් අවධියේ සිටම ගණිතය, විද්‍යාව සහ කියවීමේ කුසලතා වර්ධනය කිරීම සඳහා දැඩි අවධානයක් ලබා දෙයි. ශිෂ්‍යයන්ගේ දැනුම නිවැරදිව මැනීම සඳහා සාමාන්‍ය පරීක්ෂණ ක්‍රම භාවිතා කරමින් ඔවුන්ගේ ශක්තීන් සහ දුර්වලතා හඳුනා ගනිති. මෙය ශිෂ්‍යයන්ට ශක්තිමත් අධ්‍යාපන පදනමක් ගොඩනගා ගැනීමට සහ පාසල් අතර අධ්‍යාපන ප්‍රමිතිය පවත්වා ගැනීමට උපකාරී වේ.
තවද, ගුරුවරුන්ගේ ගුණාත්මකභාවය මෙම අධ්‍යාපන පද්ධතිවල වැදගත් අංගයකි. ගුරු වෘත්තියට ඇතුළුවීම සඳහා දැඩි තේරීම් ක්‍රම පවතින අතර, ගුරුවරුන්ට නිරන්තර වෘත්තීය පුහුණුව සහ නව ඉගැන්වීම් ක්‍රම පිළිබඳ දැනුම ලබා දීමට වැඩසටහන් සංවිධානය කර ඇත. එමඟින් ගුරුවරුන්ගේ ඉගැන්වීමේ හැකියාව වැඩි දියුණු කරමින් ශිෂ්‍යයන්ට වඩාත් ඵලදායී අධ්‍යාපනයක් ලබා දීමට හැකි වේ.
ඊට අමතරව, ආසියානු සමාජවල අධ්‍යාපනයට ඉතා ඉහළ වටිනාකමක් ලබා දී ඇත. දෙමාපියන් සහ සමාජය ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනික සාර්ථකත්වය සඳහා දැඩි උනන්දුවක් දක්වන අතර, එය ශිෂ්‍යයන්ගේ උත්සාහය සහ කැපවීම වැඩි කරයි. පාසල, පවුල සහ සමාජය අතර ඇති මෙම ශක්තිමත් සම්බන්ධතාවය ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන ප්‍රගතියට මහත් දායකත්වයක් ලබා දෙයි.
එබැවින්, ආසියානු අධ්‍යාපන පද්ධති ගෝලීය අධ්‍යාපන ක්ෂේත්‍රයට වැදගත් ආදර්ශයක් සපයයි. ශක්තිමත් පාඨමාලා, කාර්යක්ෂම ගුරු සේවාව සහ සමාජයේ සහයෝගය එකට එක්වූ විට, ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනික සාර්ථකත්වය උසස් කිරීමට හැකි බව මෙම රටවල් පැහැදිලිව පෙන්වා දෙයි.
ගෝලීය අභියෝග හමුවේ ලංකාවට සුදුසු අධ්‍යාපන ක්‍රමය කුමක්ද යන්න පිළිබඳ විමසීම අද ඉතා වැදගත් කාරණයකි. විශේෂයෙන් කාලයක් ලෝකයේ බොහෝ දෙනා ප්‍රශංසා කළ ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය සහ ඉහළ ප්‍රතිඵල ලබා ගන්නා ආසියානු අධ්‍යාපන ක්‍රමය අතරින් ලංකාවට වඩාත් ගැලපෙන මාර්ගය කුමක්ද යන්න විමසා බැලීම අවශ්‍ය වේ.
ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය සිසුන්ගේ නිදහස, අඩු පරීක්ෂණ ප්‍රමාණය සහ ක්‍රීඩාමය ඉගැන්වීම් ක්‍රම මත පදනම්ව පවතින එකකි. එය සමාජ සමානාත්මතාවය සහ සිසුන්ගේ මානසික සුවතාවය වර්ධනය කිරීමේ අරමුණින් සැලසුම් කර ඇත. එහෙත් වර්තමානයේ ගෝලීය තරඟකාරීත්වය, ආර්ථිනය, සමාජ පරිණාමය සහ තාක්ෂණික අභියෝගයන් හමුවේ එම ක්‍රමය අද ප්‍රමාණවත් ප්‍රතිඵල ලබා දීමට අසමත් වන බව අධ්‍යාපනඤයින් පෙන්වා දෙයි.
ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය සමග සසදන විට, ආසියානු අධ්‍යාපන ක්‍රමය දැඩි කැපවීම, ශක්තිමත් පාඨමාලා සහ ප්‍රමිතිය ඇති පරීක්ෂණ මත පදනම්ව ක්‍රියා කරයි. සිංගප්පූරුව, ජපානය, දකුණු කොරියාව සහ චීනය වැනි රටවල් ගණිතය, විද්‍යාව සහ කියවීමේ කුසලතා වර්ධනය කිරීමේදී ලෝකයේ ඉහළම ප්‍රතිඵල ලබා ගන්නා රටවල් අතරට පැමිණ ඇත. ගුරුවරුන්ගේ වෘත්තීය පුහුණුව, ශිෂ්‍ය අනුශාසනය සහ අධ්‍යාපනයට සමාජයේ දක්වන ඉහළ වටිනාකම එම සාර්ථකත්වයට මූලික හේතු ලෙස සැලකේ.
ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට ගෝලීය තරඟකාරීත්වය ජයගැනීමට නම් ශක්තිමත් දැනුම, කුසලතා සහ කැපවීම ඇති පරපුරක් බිහිකිරීම අත්‍යවශ්‍ය වේ. එබැවින් දැඩි පාඨමාලා, ගුණාත්මක ගුරු සේවාව සහ උසස් අධ්‍යාපන ප්‍රමිතිය මත පදනම් වූ ආසියානු අධ්‍යාපන ක්‍රමයේ ලක්ෂණ ලංකාවට වඩාත් ගැලපෙන බව පෙනේ. එමඟින් ගෝලීය අභියෝගවලට මුහුණ දිය හැකි ශක්තිමත් අධ්‍යාපන පද්ධතියක් ගොඩනගා ගැනීමට හැකි වේ.
එබැවින්, ලංකාවට වඩාත් සුදුසු වන්නේ ආසියානු අධ්‍යාපන ක්‍රමයේ ශක්තිමත් ලක්ෂණයන් අනුගමනය කරමින් තම අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය කිරීමයි. එය ගෝලීය තරඟකාරීත්වය තුළ ඉදිරියට යාමට සහ රටේ සංවර්ධනයට දායක වන පරපුරක් බිහිකිරීමට උපකාරී වනු ඇත.

ලංකාව වැනි රටකට ෆින්ලන්තය වැනි අධ්‍යාපන ක්‍රමයක් බලෙන් ආනයනය කිරීමෙන්, රටේ ආර්ථිකයට, දේශීය අවශ්‍යතාවයට, සමාජයට සහ සංස්කෘතියට නොගැළපෙන නිසා, අපේ අධ්‍යාපන පද්ධතියේ කාර්යක්ෂමතාව හා ගෝලීය වෘත්තීය ක්ශේස්ත්‍රයන් සඳහා අප අනාගත පරපුරට තරඟ කිරීමේ හැකියාව අහිමි වේ. අද ලංකාව ලෝකයේ උසස් රැකියා වෙළඳපොලට වෛද්‍යවරුන්, මෘදුකාංග ඉංජිනේරු වැනි උසස් වෘත්තිකයන් සපයන රටකි. නමුත්, අත්තනෝමතික ලෙස, අදූරදර්ශී ලෙස විදේශීය දිගුකාලයක් විශිෂ්ඨ ප්‍රතිඵල පෙන්වන ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කළහොත්, මේ ගෝලීය වෘත්තීය ප්‍රමුඛතාවයන් පවා අහිමි වීමට ඉඩ ඇති අතර, සහ ලෝක රැකියා වෙළඳපොලේ තරඟකාරීත්වයට මුහුණ දීමට අපට ඇති හැකියාව ගිලිහී යන බව අප වටහා ගත යුතුය.
ලංකාවට සාර්ථක අධ්‍යාපන පස්ධතික් සකස් කිරීමට අවශ්‍ය වන්නේ, වෙනත් රටක ක්‍රමයක් කොපි කිරීම නොව, අපේ රටේ සැබෑ අවශ්‍යතා සහ ගෝලීය අභියෝග වලට සරිලන දිගුකාළීන සැලසුමකි. කඩා වැටෙමින් පවතින ෆින්ලන්ත අධ්‍යාපන පැලැස්තරය ලංකාවේ ඇලවීම නොවේ.
(සටහන | ආචාර්ය රසිකා කුමාරසිංහ)
ඔස්ට්‍රේලියාවේ Peter MacCallum Cancer Centre හි පර්යේෂණ ආචාරධර්ම ජේෂ්ඨ කළමණාකාරිනී
මෙල්බර්න් විශ්ව වීද්‍යාලයේ බාහිර කථිකාචාර්ය
rasikuma@yahoo.com




