The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගොවි දුක නිවීමේ වගකීම 'වැඩ බැරි ටාසන්ලා'ට?

T

The Leader Desk

March 19, 2026 • 3:57 AM

ගොවි දුක නිවීමේ වගකීම 'වැඩ බැරි ටාසන්ලා'ට?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වත්මන් මාලිමා රජයේ කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පසුගිය මැතිවරණ වේදිකාවලදී ජනතාව ආකර්ෂණය කරගන්නා සුවිශේෂී කථිකත්වයක් ප්‍රදර්ශනය කළ අතර, මෙරට ගොවි සංවිධාන ජාලයේ නියාමකත්වය ගැනීමට ද ඔවුහු සමත් වූහ.
  • විශේෂයෙන් වැව් රක්ෂිත සලකුණු කිරීම සහ සත්ව සංගණන වැනි සැලසුම් විරහිත ක්‍රියාවන් ක්ෂේත්‍රයේ පවතින දැවැන්ත අර්බුද හමුවේ අරුත් සුන් වැඩ බවට විවේචන එල්ල වන අතර, එමඟින් ඔවුන් දේශපාලන වේදිකාවේ මැවූ “වැඩකාරයන්” යන ප්‍රතිරූපය බිඳවැටීමේ අවදානමකට ලක්ව තිබේ.
  • 17 වන සියවසේදී මෙරට සිරකරුවෙකු ලෙස සිටි රොබට් නොක්ස් තම An Historical Relation of Ceylon (එදා හෙළදිව) කෘතියේ “මඩ සෝදා ගත් කල ගොවියා රජකමට ද සුදුසු ය” යනුවෙන් සඳහන් කළේ ගොවියා සතු ආත්ම අභිමානය හා ගුණධර්ම රජෙකුට සමාන වන බැවිනි.
  • විශේෂයෙන්ම 2021 වසරේ ගත් අදූරදර්ශී රසායනික පොහොර තහනම, කෘෂි නිෂ්පාදන සඳහා සහතික මිලක් නොලැබී අතරමැදියන්ගේ ග්‍රහණයට හසුවීම සහ දරුණු වන අලි තර්ජනය වැනි සාධක මීට ප්‍රබලව බලපෑ බව නොරහසකි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔවුන්ගේ එම චතුර දේශන විලාසය හේතුවෙන් බලයට පත්වීමෙන් පසු කෘෂිකර්මාන්තයේ ගැඹුරු ගැටලුවලට ප්‍රායෝගික හා විප්ලවීය විසඳුම් ලැබෙනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළ ද, වත්මන් ක්‍රියාවලිය පිළිබඳ වෘත්තීය සමිති හා ගොවි සංවිධාන සෑහීමකට පත්ව නැත. විශේෂයෙන් වැව් රක්ෂිත සලකුණු කිරීම සහ සත්ව සංගණන වැනි සැලසුම් විරහිත ක්‍රියාවන් ක්ෂේත්‍රයේ පවතින දැවැන්ත අර්බුද හමුවේ අරුත් සුන් වැඩ බවට විවේචන එල්ල වන අතර, එමඟින් ඔවුන් දේශපාලන වේදිකාවේ මැවූ “වැඩකාරයන්” යන ප්‍රතිරූපය බිඳවැටීමේ අවදානමකට ලක්ව තිබේ.

feild

ශ්‍රී ලංකාව වසර දෙදහස් පන්සියයකට අධික ඉතිහාසයක් පුරා කෘෂිකර්මය පදනම් කරගත් ග්‍රාම කේන්ද්‍රීය ආර්ථිකයකින් පෝෂණය වූ රාජ්‍යයක් වන අතර, “වැවයි-දාගැබයි-ගමයි-පන්සලයි” යන සංකල්පය මත පදනම් වූ මෙම ශිෂ්ටාචාරයේ ජීවනාලිය වූයේ ගොවි ජනතාවයි. 17 වන සියවසේදී මෙරට සිරකරුවෙකු ලෙස සිටි රොබට් නොක්ස් තම An Historical Relation of Ceylon (එදා හෙළදිව) කෘතියේ “මඩ සෝදා ගත් කල ගොවියා රජකමට ද සුදුසු ය” යනුවෙන් සඳහන් කළේ ගොවියා සතු ආත්ම අභිමානය හා ගුණධර්ම රජෙකුට සමාන වන බැවිනි.

 තාක්ෂණය හා නාගරීකරණය මධ්‍යයේ වුවද තවමත් මෙරට සමාජ-සංස්කෘතික න්‍යෂ්ටිය පවතින්නේ ග්‍රාමීය ගොවි ප්‍රජාව තුළ වන අතර, සාම්ප්‍රදායික කුල ක්‍රමය තුළ පවා ගොවි පදනම ප්‍රමුඛස්ථානයක් ගෙන තිබේ.

ඉතිහාසය පුරා තම අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැඟුවේ කොළඹ කේන්ද්‍ර කරගත් නාගරික කම්කරු ප්‍රජාව වුවද, පසුගිය දශක දෙකක කාලය තුළ එම තත්ත්වය වෙනස් වී ගොවි අරගල පෙරමුණට පැමිණ තිබේ. විශේෂයෙන්ම 2021 වසරේ ගත් අදූරදර්ශී රසායනික පොහොර තහනම, කෘෂි නිෂ්පාදන සඳහා සහතික මිලක් නොලැබී අතරමැදියන්ගේ ග්‍රහණයට හසුවීම සහ දරුණු වන අලි තර්ජනය වැනි සාධක මීට ප්‍රබලව බලපෑ බව නොරහසකි. ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය “සමස්ත ලංකා ගොවිජන සම්මේලනය” වැනි සංවිධාන හරහා මෙම ගොවි හඬ අවදි කිරීමට පෙරමුණ ගත් නමුත්, දැන් ඔවුන් ආණ්ඩු බලය හොබවන අවධියක එදා දුන් පොරොන්දු ඉටු කිරීමේ බරපතළ අභියෝගයකට මුහුණ දී සිටිති.

Chemical fertilizer 2021.08.04

වත්මන් පරිපාලනය මුහුණ දෙන ප්‍රධානතම අර්බුදය වන්නේ ඉදිරියේදී මතු විය හැකි පොහොර ගැටලුවයි. වසර දෙකකට ප්‍රමාණවත් පොහොර තොග පවතින බවට නියෝජ්‍ය අමාත්‍යවරයා කරන ප්‍රකාශයන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් ඇතුළු වෘත්තීයවේදීන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත. වායුගෝලීය තෙතමනය උරා ගැනීම (Hygroscopicity) හේතුවෙන් යූරියා වැනි රසායනික පොහොර වසර දෙකක් ගබඩා කර තැබිය නොහැකි බවත්, එබැවින් රජය ගොවීන් නොමඟ යවන බවත් ඔවුහු පෙන්වා දෙති. මීට අමතරව වගා කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට රජය අසමත් වීමෙන් ආහාර අර්බුදයක් ඇතිවිය හැකි බවටත්, ආර්ථික මධ්‍යස්ථාන පෞද්ගලික අංශයට පැවරීමට එරෙහිවත් විරෝධතා පවත්වන බව අනුරාධ තෙන්නකෝන් ප්‍රකාශ කර සිටී.

Anuradhaඅනුරාධ තෙන්නකෝන්
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින අකාර්යක්ෂමතාව සහ දූෂණය ද තවත් බරපතළ ගැටලුවකි. රුසියාව වැනි රටවලින් අඩු මිලට පොහොර ලබාගත හැකිව තිබියදී වැඩි මිලට පෞද්ගලික ආයතනවලින් ආනයනය කිරීම සහ මැද පෙරදිග යුදමය වාතාවරණය හමුවේ සැපයුම් දාම අඩාල වීම රටේ ආහාර සුරක්ෂිතතාවයට තර්ජනයක් වී ඇත. වී කිලෝවක් නිෂ්පාදනය කිරීමේ පිරිවැය පිළිබඳව බලධාරීන් ඉදිරිපත් කරන පරස්පර දත්ත හරහා බිම් මට්ටමේ යථාර්ථය සහ ඔවුන් අතර පවතින පරතරය මනාව පැහැදිලි වන අතර, එවැනි ප්‍රකාශ ගොවි ජනතාවට “ගහ දන්න මිනිහා හමුවේ කොළ කඩා පෑමක්” වැනිය.

 

farmer protest

අවසාන වශයෙන්, මෙරට දේශපාලන ගමන් මග තීරණය කරන ප්‍රබලතම සාධකය වන්නේ ග්‍රාමීය ගොවි ජනතාවයි. මැතිවරණ සමයේ ගොවි හදවත් දිනාගෙන බලයට පත්වීමෙන් පසු ප්‍රායෝගික වැඩපිළිවෙළක් වෙනුවට වචන හරඹ (Rhetoric) පමණක් ඉදිරිපත් කිරීම දේශපාලන වශයෙන් සියදිවි නසාගැනීමක් වැනි ක්‍රියාවකි. මාලිමා රජයේ කෘෂිකාර්මික බලධාරීන් දත්ත මත පදනම් වූ විද්‍යාත්මක ප්‍රවේශයකට අවතීර්ණ නොවන්නේ නම්, ඔවුන් ද ඉතිහාසයේ “වැඩ බැරි ටාසන්ලාගේ” ගොඩටම එක්වීම වැළැක්විය නොහැක. “කයිවාරුව තරම් කෙරුවාව පහසු නොවන” බව දන්නා ගොවි ජනතාවගේ අපේක්ෂාවන් කඩ වුවහොත් අතීතයේ මෙන්ම අනාගතයේදී ද ප්‍රබල ගොවි අරගල මතු වීම වැළැක්විය නොහැකි වනු ඇත.


renuka damayanthi psd
(සටහන | ඒ.ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගොවි දුක නිවීමේ වගකීම 'වැඩ බැරි ටාසන්ලා'ට? | The Leader