The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සම්මුති විසම්මුති : පාස්කු ඉරිදා ප්‍රහාරය, සුරේශ් සලේ සහ නීතිඥ සංජීව වීරවික්‍රම | සුනන්ද දේශප්‍රිය

T

The Leader Desk

March 20, 2026 • 12:07 PM

සම්මුති විසම්මුති : පාස්කු ඉරිදා ප්‍රහාරය, සුරේශ් සලේ සහ නීතිඥ සංජීව වීරවික්‍රම | සුනන්ද දේශප්‍රිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජෙනරාල් සුරේශ් සලේ යනු අබු හින්ද් නමින් පෙනී සිටිමින් සහරාන් අතුළු ජාතික තව්හීත් ජමාත් කණ්ඩායම ස්වයං ඝාතක ප්‍රහාර කරා මෙහෙය වූ පුද්ගලයා ද යන්න කීමට මම නොදනිමි. එවැනි චෝදනාවක් තිබේ.
  • * ඔහුගේ කතාවේ ප්‍රධාන විවේචනය වන්නේ මෙම නඩුව පවරා ඇත්තේ සුරේශ් සලේ විසින් පවරා ඇති අපහාස නඩුවෙන් සමාජීය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා බේරා ගැනීමට බවයි.
  • * දෙවැනි ප්‍රධාන කරුණ වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාර සිදුවන විට සුරේශ් සලේ මෙරට නොසිටි බැවින් ඔහු එම ප්‍රහාරයට සම්බන්ධ යැයි කීම අවලාදයක් බවයි.
  • * තෙවැනි කරුණ වන්නේ රෑමි නම් මනෝ වෛද්‍ය උපදේශකයාගේ සාක්ෂිය පිළිගත නොහැකි බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


එමෙන්ම සුරේශ් සලේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු දැයි කීමට මට නොහැක. එවැනි චෝදනාවක් ද තිබේ.

ජෙනරාල් සුරේශ් සලේ පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමත් දැනට නම්කර ඇති නඩුවක තෙවැනි විත්තිකරු ලෙස නම් කිරීමත් සම්බන්ධයෙන්  ඔහු වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කරමින් නීතිඥ සංජීව වීරවික්‍රම පසුගිය දිනක පුවත්පත් සාකච්චජාවක් පවත්වා දීර්ඝ කරුණූ දැක්වීමක් සිදු කළේය.

* ඔහුගේ කතාවේ ප්‍රධාන විවේචනය වන්නේ මෙම නඩුව පවරා ඇත්තේ සුරේශ් සලේ විසින් පවරා ඇති අපහාස නඩුවෙන් සමාජීය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා බේරා ගැනීමට බවයි.

* දෙවැනි ප්‍රධාන කරුණ වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාර සිදුවන විට සුරේශ් සලේ මෙරට නොසිටි බැවින් ඔහු එම ප්‍රහාරයට සම්බන්ධ යැයි කීම අවලාදයක් බවයි.

* තෙවැනි කරුණ වන්නේ රෑමි නම් මනෝ වෛද්‍ය උපදේශකයාගේ සාක්ෂිය පිළිගත නොහැකි බවයි.

 



ඒ අතරම ඔහු රනිල් රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ජයකි ද අල්විස් කමිටුවෙහි නිර්දේශ උපුටා දක්වමින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවෙහි හිටපු ප්‍රධානීන් වන රවි සෙනවිරත්න සහ ශානි අබේසේකර වගකිය යුතු බවට ප්‍රකාශ කරයි. ඔහු දක්වන තවත් කරුණක් නම් ඇමෙරිකාවේ එෆ්බිඅයි විසින් කරන ලද විමර්ශන වාර්තාව තිබියදී තවත් විමර්ශන අවශ්‍ය නැති බවයි.

නිතීඥ සංජීව වීරවික්‍රම මෙයට පෙරද මෙවැනි ආන්දෝලනාත්මක නඩුවක සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටියේය. එම සැකකරු නම් හිටපු  සහ අපකීර්මත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ය. පාර්ලිමේන්තුව සම්මත කරන ලද යෝජනාවක් අනුව පිහිටුවන ලද එම පරීක්ෂන කමිටුවෙහි සභාපති වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, විශ්‍රාමික විනිසුරු නීල් ඉද්දවෙළ සහ පොලිස් කොමිසමෙහි සභාපති ලලිත් ඒකනායකය. එම කමිටුව නීතිඥ සංජීව වීරවික්‍රමගේ යෝජනා පිළි ගත්තේ නැත. දේශබන්දු පොලිස්පති ධූරයෙන් පහ කිරීම අනුමත කළේය.

 

නීතිඥ සංජීව විරවික්‍රම තර්ක කරන්නේ සුරේශ සලේ පාස්කු ප්‍රහාරය සිදු වන විට සිටියේ ඉන්දියාවේ බවත් එම කාලය තුළ ඔහු ලංකාවට නොපැමිණි බවත් එබැවින් ඔහු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි කීම මූසාවක් බවත්ය. එසේ නමුත් සලේ වීරයකු දක්වන පිරිස් කියා සිටින්නේ ප්‍රංශයෙහි තානාපති සේවයෙහි යෙදී සිටි සලේ වන්නියෙහි සිටි එල්ටීටීඊ ප්‍රධානියකු වූ තමිල් සෙල්වම ඝාතන ක්‍රියාන්විතය සිදු කළ බවය!.

අපරාධයක මහ මොළකරුවීමට කවරකු හෝ අපරාධය සිදුවන ස්ථානයේ සිටිය යුතුය යන වීරවික්‍රමගේ තර්කය බොල්ය. 2011  වසරෙහි නිව්යෝක් නගරයෙහි ලෝක වෙළද මධ්‍යස්ථානයන්ට පහර දීමේ සැලැස්මේ මහමොලකරු වූ බින් ලාඩන් සිටියේ ඊට කිලෝ මීටර දහස් ගණනාවක් දුරිනි.

තවද එම කාලය තුළ සුරේශ් සලේ ලංකාවට පැමිණි බවට සාක්ෂියක් අපරාධ පරීක්ෂන දෙපාර්තමෙන්තුව අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

මේ එවකට ආරක්ෂක ලේකම් වූ හේමසිරි ප්‍රනාන්දු විසින් දෙන ලද ප්‍රකාශයේ ඒ බව සදහන් වන අන්දමයි.

 

hemasiri fernandoහේමසිරි ප්‍රනාන්දු
“ තමා  බ්‍රිගේඩියර්  සුරේශ්  සලේ මුණගැසී ඇත්තේ 2019 පාස්කු ප්‍රහාරයකට මාසයකට හෝ එකහමාරකට පමණ පෙර තමා හමුවීමට පැමිණි අවස්ථාවේදී පමණක් බවත් එවකට හමුදාපති වශයෙන් කටයුතු කළ මහේශ් සේනානායක දුරකථනයෙන් තමා අමතා බ්‍රිගේඩියර් සුරේශ් සලේ   ආරක්ෂක ලේකම් මුණගැසීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් කඩිනමින් එවැනි අවස්ථාවක් ලබා දෙන්නේ නම් අගය කරන බවත් පැවසූ  බැවින් එම අවස්ථාව බ්‍රිගේඩියර් සුරේශ් සලේට ලබා ලබා දුන් බවත්..”

නීතිඥ වීරවික්‍රමට අවශ්‍ය නම් ජෙනරාල් මහේශ් සේනානායකගෙන් මේ බව අසා දැන ගත හැකිය. එක් වරක් සලේ සිය ඉන්දියානු පුහුණූ කාලය තුළ මෙරටට පැමිණියේ නම් තවත් වරක් නොපැමිණයේ යැයි තර්ක කළ නොහැක.

බොරු දෙකකි...


නීතිඥ වීරවික්‍රම දැන හෝ නොදැන රනිල් රාජපක්ෂ විසින් පත් කරන ලද විනිසුරු ජයකි ද අල්විස් කමිටුව ජනාධිපති කොමිෂමක් ලෙස සඳහන් කරයි. එයට නීතිමය බලයක් නැති හුදු කමිටුවකි.  ජයකිද අල්විස් යනු ත්‍රස්ත මර්දන පොලිස් ඒකකයේ ප්‍රධානියා වූ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් ගේ සහෝදරියයි. ප්‍රසන්න අල්විස් සම්බන්ධ විමර්ශනයක් ශානි අබේසේකර යටතේ සිදුව තිබුණි.

බැලූ බැල්මටම ජයකි ද අල්විස් විසින්  සිය සහෝදරයා පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලද නිලධාරියකු පිළිබඳ විමර්ශනයක්  කිරීම ලැබැදියාවන් අතර ගැටුමකි. තවද පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් විසින් කරන ලද ප්‍රකාශ ද ප්‍රශ්ණගතය. උදාහරණයක් ලෙස ඔහු සොනික් සොනික් පිළිබඳ සොයා ගැනීම් ප්‍රතික්ෂේප කළේය. ජයකි ද අල්විස් ගේ සීග්‍රගාමී වාර්තාවට විරුද්ධව ශානි අබේසේකර සහ රවි සෙනවිරත්න අධිකරණය හමුවට යෑම නීතිඥ වීරවික්‍රම දක්වන්නේ වරදක් ලෙසය. කෙසේ වෙතත් එම වාර්තාව අද වන තුරු කිසිම නීති කෘත්‍යකට පාදක වී නැත.

සුරේශ් සලේ බුද්ධි අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ රනිල් රාජපක්ෂ පාලනය විසින්  පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි පියවර නොගත් බවට  ශානි අබේසේකර සහ රවි සෙනවිරත්නට විරුද්ධව නඩු පැවරිය යුතු බවට වාර්තාවක් ලබා ගැනීම පුදුමයට කරුණක් නොවේ. හොරා දුවන්නේ හොරා හොරා කියමිනි.

එවැනි පියවරක් පාස්කු ප්‍රහාර විමර්ශනය කළ එකම ජනාධිපති කොමිසම වූ ජනක් ද සිල්වා කොමිසම නිර්දේශ කළේ නැත. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන්දි නියම කළ ශේෂ්ඨාධිකරණ නඩුවෙහිද රවි සෙනවිරත්න හෝ ශානි අබේසේකර විත්තිකරුවන් නොවීය.

 



පාස්කු ප්‍රහාරය සහ සුරේශ් සලේ සම්බන්ධ කරමින් හන්සීර් අසාද් මවුලානා කළ ප්‍රකාශය සහ ඒ මත නිශ්පාදනය කරන ලද චැනල් 4 වාර්තා චිත්‍රපටය පිලිබඳ  විමර්ශණය කිරීමට රනිල් රාජපක්ෂ පත් කළ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඉමාම් කමිටුව වාර්තාවද නීතිඥ වීරවික්‍රම සඳහන් කරයි. එයද  නීතිමය බලයක් නැති තොරතුරු සෙවීමේ කමිටුවක් පමණි. ඉමාම් කමිටුවට පාදක වූ අසාද් මවුලානාගේ ප්‍රකාශය අපරාධ පරීක්ෂන දෙපාර්තමෙන්තුව සාක්ෂියක් ලෙස ඉදිරිපත් කර ද නැත.  තවද එම කමිටුවට සිය ප්‍රධාන ඉලක්කය වූ අසාද් මවුලානගෙන් ප්‍රශ්න කිරීමට නොහැකි විය.

සුරේශ් සලේ සම්බන්ධයෙන් අසාද් මවුලානා කරන ලද විවේචනයන්ට අදාලව ඩීබීඑස් ජෙයරාජ් මෙරට ඩේලි මිරර් පුවත්පතට ලියූ ලිපියට විරුද්ධව සලේ කිසිදු ප්‍රකාශයක් කළේ නැති බව මා මෙයට පෙරද ලියා ඇත්තෙමි. එම ලිපිය සලේ සහ අසාද් මවුලානා දැන සිටි බව සනාථ කරයි.

රොහාන් ද සිල්වා පියතුමාට විරුද්ධව සුරේශ් සලේ විසින් පවරා ඇති අපහාස නඩුව මෙම නඩුවට සම්බන්ධයක් ඇතයි කිම ජනප්‍රිය මුසාවාදයකි. එම නඩුව සලේට දිගටම කර ගෙන යා හැකිය. සලේ මෙම නඩුවෙන් අපරාධ සහායකයකු බව සනාථ වුවහොත් පමණක් එම නඩුව අනාථ වීමට ඉඩ තිබේ.

ඇමෙරිකාවෙහි පෙඩරල් විමර්ෂන බියුරෝව එනම් එෆ්බීඅයි ආයතනය මෙරට පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනයක් කර නඩු පවරා ඇතතේ තිදෙනෙකුට පමණි. එම විමර්ශනය තිබියදි තවත් විමර්ශන කුමටදැයි විමසන පිරිස් මෙරට පාස්කු වින්දිතයිනට කිව යුත්තේ වරදකරුවන් විය යුත්තේ එම තිදෙනා පමණක් ද යන්නයි. එෆ්බීඅයි වාර්තාව මත පමණක් ශ්‍රී ලංකාව රඳා පැවතිය යුතු යැයි කීම, දේශීය විමර්ශන අඩපණ කිරීමේ උත්සාහයකි. ඇමෙරිකාවේ අවශ්‍යතාවය වූයේ ඉස්ලාමීය මූලධර්මවාදී අයිඑස්අයිඑස් සංවිධානය පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිරිමයි. එය අසම්පූර්ණ සහ ඉක්මණින් අවසන් කළ අර්ධ විමර්ශනයකි.

සුරේශ් සලේට විරුද්ධව අධිකරණයට ඉදිරිපත් කර ඇති වැදගත් සාක්ෂි දෙකක් තිබේ.  ඉන්  එකක් නම් මනෝ චිකිත්සක රෑමි සෙයිපාන් අලි විසින් කරන ලද ප්‍රකාශයයි. ඔහු 2015 සිට යුද හමුදා බුද්ධි අංශයන්ට සම්බන්ධ වී කටයුතු කර තිබේ. ඔහු සලේ දැන සිටි බව එහි සඳහන් වේ. පාස්කු ප්‍රහාරයට මාස හයකට පෙර රෑමි සෙයිපාන්, සහරාන් ඇතුලු කණ්ඩායම රාජ්‍ය විරෝධී ප්‍රහාරයකට සූදානම් වන බව හමුදා බුද්ධි අංශයන්ට දැන් වූ බවත් එම ප්‍රකාශයේ සඳහන් වේ. එම දැනුම් දීම නොසළකා හරින ලද බවත්, ප්‍රහාරයෙන් පසු අත්අඩගුවට ගත් තමාට සුරේශ් සලේ උපකාර කළ බවත් ඔහු සඳහන් කරයි. ඔහු අත්අඩංගුවට ගන්නා ලද්දේ පාස්කු ප්‍රහාරයට යුද හමුදාවේ නිලධාරියකු සම්බන්ධ වී තිබිය හැකියැයි කරන ලද ප්‍රකාශයක් නිසාය. රෑමිගේ ප්‍රකාශය සුරේශ් සලේට විරුද්ධව ඇති එකම සාක්ෂිය නොවේ.

 

1772718150 Suresh Sallay L
යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශයේ තොරතුරුකරුවන් මෙහෙයවන්නකු ලෙස සේවය කළ වර්ණකුලසූරියගේ ජූඩ් රොෂාන් ක්‍රිෂාන්ත පෙරේරා  පාස්කු ප්‍රහාරයන්ට සුරේශ් සලේ ඍජුවම සම්බන්ධ බවට සිය සැකය ප්‍රකාශ කර තිබේ.  එම ප්‍රකාශයට අනුව සුරේශ් සලේ විසින් දෙන ලද නියෝගයකට අනුව ඔහු මුස්ලිම් පුද්ගලයින් හතර දෙනෙකුට මීගමුව ප්‍රදේශයේ කතෝලික දේවස්ථාන පෙන්වා ඇති අතර ඔවුන් ජායාරූපද ගෙන තිබේ. එම මෙහෙයුම ඉතා රහසිගතව කරන ලෙස සුරේශ් සලේ දැන් වූ බවද ඔහු සඳහන් කරයි. එම පුද්ගලයින් හතර දෙනා ගැන දන්නේ සුරේශ් සලේ සර් පමණක් බව ප්‍රකාශ කරන ජූඩ් රොෂාන් තව දුරටත් කියන්නේ සුරේශ් සලේ විසින් එම පිරිසට දේවස්ථාන පිලිබඳ විස්තර ලබා දුන්නේ පාස්කු ප්‍රහාරය සදහා බවට තමාට හැගීමක් ඇති බවයි.

දැන් ජෙනරාල් සුරේශ් සලේ පාස්කු ඉරිදා ප්‍රහාරය සදහා අනුබල දුන් සහ කුමන්ත්‍රණය කළ පුද්ගලයකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්ථමෙන්තුව අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ. ඔහු දැනට ගොනු කරමින් පවත්නා  පාස්කු ප්‍රහාරය පිළිබඳ නඩුවක තෙවැනි සැකකරුය.

සුරේශ් සලේ තෙවැනි සැකකරු ලෙස නම් කිරීම මගින් ඔහු පළමු සැකකරුට වඩා අපරාධමය වශයෙන් අඩු ස්ථානයක සිටින බව අදහස් නොවේ. 1971 අප්‍රේල් කැරැල්ලේ මහ නඩුවේ 13 වන විත්තිකරු වූ විජේවීර වැඩිම දඩුවම ලද ජවිපේ නායකයා විය.

අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව අධිකරණය වෙත ඉදිරිපත් කළ වාර්තාවෙන් ප්‍රකාශ කරන්නේ සිය විමර්ශන මගින් පහත දැක්වෙන කරුණූ අනාවරණය වී ඇති බවය.

easter sunday
2019.04.22 දින පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව දක්වා මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාම් ඇතුළු ඉස්ලාම් අන්තවාදීන් වෙත අපරාධ සිදුකිරීමට අනුබල දෙමින් ඔවුන් සෘජුව වක්‍රාකාරව මෙහෙයවමින් කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු සිදුව තිබේ. ඒ තුළින් ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමට පාස්කු ප්‍රහාරය දක්වා අපරාධ සිදුකිරීමට අවකාශය සැලැස්වීමට කටයුතු කර  තිබේ. මොහොමඩ් සහරාන් ඇතුළු අන්තවාදීන් අනාවරණය වීම වැළැක්වීමටට සූක්ෂම ලෙස බුද්ධි අංශ නිලධාරීන් කටයුතු කර තිබේ.

මේ වනාහී බරපතල චෝදනාවකි. එය පැහැදිළිවම පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස අදිසි හස්තයක් තිබූ බවට චෝදනා කිරීමකි.

(සලේ ගැන විමල් වීරවංශගේ භයානක හෙළිදරව්ව සහ පළමු සහ දෙවැනි සැකකරුවන් ගැන මීළගට.)

sunanda deshapriya(සටහන | සුනන්ද දේශප්‍රිය)
Journalist, Writer and Human Rights Activist
sunandadeshapriya@gmail.com

Twitter: @sunandadesh
Editor: http://srilankabrief.org

(උපුටා ගැනීම - srilankabrief.org)

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...