The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සදාම් ගහද්දී ප්‍රේමදාස පෝලිම් නොදැම්මේ ඇයි? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

T

The Leader Desk

March 21, 2026 • 9:02 AM

සදාම් ගහද්දී ප්‍රේමදාස පෝලිම් නොදැම්මේ ඇයි? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘ට්‍රම්ප් නිසා තමයි මේ ඔක්කොම…’
  • හැබැයි 1990 අගෝස්තු ඉරාකය කුවේට් ආක්‍රමණය කළ වෙලාවේ ඇතිවුණු ලෝක තෙල් අර්බුදය, ලෝක ආර්ථික අර්බුදය එවක ජනාධිපති ප්‍රේමදාස මැනේජ් කළ හැටි මේ කවුරුත් කතා කරන්නේ නැත.
  • ප්‍රේමදාස ජනාධිපති වුණේ 1988 දෙසැම්බරයේය.
  • එහෙත් ජවිපෙ ලංකාව පුරාම ටී56 තුවක්කුවෙන් ඇඳිරිනීතිය පනවා මිනිස්සු ගෙවල්වල ලොක්ඩවුන් කොට තෙල් බවුසර්, බස් රථ ගිනි තියමින් රට විශාලා මහනුවරක් කොට තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

‘ලස්සනට රට කරගෙන ආවා…’
‘පව්… ආණ්ඩුව මොනවා කරන්නද?’


‘ගෝඨාගේ කාලේ තෙල් නැතිවුණේ සුද්දෙ නිසා. දැන් තෙල් නැතිවෙන්නේ යුද්ධය නිසා…’

‘අනුරට බැණලා වැඩක් නැහැ. මේ අර්බුදයට වගකියන්න ඕනෙ ට්‍රම්ප්…’

මේ දවස්වල ජවිපෙ සමාජ මාධ්‍ය කැම්පේන් එකේ ජනප්‍රිය තේමා පාඨ ඕවාය.


හැබැයි 1990 අගෝස්තු ඉරාකය කුවේට් ආක්‍රමණය කළ වෙලාවේ ඇතිවුණු ලෝක තෙල් අර්බුදය, ලෝක ආර්ථික අර්බුදය එවක ජනාධිපති ප්‍රේමදාස මැනේජ් කළ හැටි මේ කවුරුත් කතා කරන්නේ නැත.

ප්‍රේමදාස ජනාධිපති වුණේ 1988 දෙසැම්බරයේය.

‘මට භාරදුන්නේ රටක් නොවේ. දෙකොන පත්තුවෙන විලක්කුවක්…’

ප්‍රේමදාස එහෙම කීවේ නිකම්ම නොවේ. එහෙත් ජවිපෙ ලංකාව පුරාම ටී56 තුවක්කුවෙන් ඇඳිරිනීතිය පනවා මිනිස්සු ගෙවල්වල ලොක්ඩවුන් කොට තෙල් බවුසර්, බස් රථ ගිනි තියමින් රට විශාලා මහනුවරක් කොට තිබිණි. අනෙක් අතින් ඉන්දීය සාමසාධක හමුදාව උතුරු-නැගෙනහිර යකා නටමින් සිටියහ. මේ දෙකටම මැද්දේ එල්.ටී.ටී.ඊ.ය කොළඹ දෙමළ දේශපාලනඥයන් ඝාතනය කරමින් යුද්ධයට සූදානම් වෙමින් සිටියේය. උතුරු-නැගෙනහිර මහඇමැති වර්ධරාජා පෙරුමාල් ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත්කොට ඉන්දීය හෙලිකොප්ටරයකින් ඉන්දියාවට පැනගොස් තිබිණි. 

88 89
ප්‍රේමදාස මේ නූල් බෝලය එකින් එක ලිහමින් පළමුව කවදාවත් යවන්න බැහැ කී ඉන්දීය හමුදාව පිටමං කළේය. දෙවැනුව ජවිපෙ භීෂණය අවසන් කළේය. ඒ, 1989 නොවැම්බරයේය. විජේවීර ඇතුළු ජවිපෙ දේශපාලන මණ්ඩලය ඝාතනය වුණේ 1989 නොවැම්බරයේය. ඔහු යාන්තම් හුස්මක් ගත්තේ 1990 පටන් ගන්නකොටය.

වැඩි කාලයක් ගියේ නැත. 1991 අගෝස්තු ඉරාකය කුවේටය ආක්‍රමණය කළේය. මේ වෙනකොට කුවේටයේ සහ ඉරාකයේ ලක්ෂයක් පමණ වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සිටියහ. ඉරාකය කුවේටය ආක්‍රමණය කිරීමත් සමග තෙල් යුද්ධය පටන් ගත්තේය. තෙල් මිල අහස උසට ගියේය. තෙල් සැපයුම අඩාළ විය.

 

gulf war damage 56a61bc63df78cf7728b6165
ප්‍රේමදාස ආයෙත් හොම්බෙන් වැටුණි. ජවිපෙ විනාශ කළ ආර්ථිකය යළි ගොඩනගන්න ප්‍රේමදාස සැලසුම් සකස් කරමින් සිටියදී මැදපෙරදිග යුද්ධය පටන්ගත්තේය.

ප්‍රේමදාස පළමුව කළේ මර බියෙන් වෙව්ලන කුවේටයේ සිරවී සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බේරාගැනීමය. ඔහු වහාම කුවේටයට මායිම් වන සෞදියේ තානාපති කාර්යාලයට කතාකොට කුවේටයේ සහ ඉරාකයේ සිරවී සිටින ලාංකිකයන් ලංකාවට ගෙන එනතුරු ඔවුන් රැකබලා ගැනීමට මධ්‍යස්ථාන සකස් කරන ලෙස නියෝග කළේය. ඒ වගේම තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන් වහාම ලංකාවට ගෙන්වා ගන්නා ලෙසද ප්‍රේමදාස නියෝග කළේය. ඔහු ඉන් පසු සෞදි රාජ්‍ය නායකයාට කතාකොට ලංකාවේ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ගුවන් යානා ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය.

මේ වෙනකොට ප්‍රේමදාස ලංකාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලය වසා ඊශ්‍රායල තානාපති නිලධාරීන් පන්නා දමා අරාබි රටවල හොඳහිත දිනාගෙන තිබිණි. ඔහු ඊශ්‍රායල් කාර්යාලය වසා ඊශ්‍රායල් ජාතිකයන් රටින් පිටමං කළේ ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවයේ නිලධාරියකු විසින් රචිත පොතකින් ඊශ්‍රායල් මොසාඩ් ඔත්තු සේවය ලංකාවේ හමුදාවලටයි එල්.ටී.ටී.ඊ.යටයි දෙපාර්ශ්වයටම ආයුධ දී ඔවුන් දෙපාර්ශ්වයටම යුද පුහුණුව දුන් බව අනාවරණ වීමෙන් පසුවය. ප්‍රේමදාස කොමිසමක් පත්කොට මේ පිළිබඳ සොයාබලා කොමිසමේ නිර්දේශ මත ඊශ්‍රායල් කාර්යාලය වසා ඊශ්‍රායල් ජාතිකයන් පන්නා දැමීය.

ඔහු ගත් මේ තීරණයෙන් ඔහු අරාබි රටවල ජනප්‍රිය නායකයෙක් විය. ප්‍රේමදාස අරාබි රටවල නායකයන් සමග හොඳහිත වර්ධනය කරගෙන තෙල් අඩු මිලට ලබාගැනීමට කෝටා ක්‍රමයක් හදාගෙන තිබිණි. යුද්ධය ඇවිළුණු වෙලාවේ ඔහු අරාබියේ සියලු නායකයන්ට කතාකොට කුවේට්-ඉරාක යුද්ධය මැද මේ තෙල් කෝටාව නොකඩවා ලබාගැනීම සහතික කරගත්තේ තෙල් මිල වැඩිවීමත් තෙල් හිඟයක් ඇතිවීමත් වළක්වා ගැනීමටය.

abroad woman

එපමණක් නොව ඔහු කුවේට්වල සිට ඇඳිවතින් ආ ලංකාවේ ශ්‍රමිකයන්ගේ ආර්ථික ප්‍රශ්න විසඳන්න කුවේටය සමග කතාකොට ලංකාවට පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා කුවේටයේ සේවය කළ විදේශ ශ්‍රමිකයන්ට වන්දි ලබාදෙන්න අරමුදලක් සකස් කර ගත්තේය. එය හැඳින්වූයේ කුවේට් අරමුදල ලෙසය. මෙයින් ලංකාවට විශාල විදේශ විනිමයක් ලැබිණි. යුද්ධය නිසා විදේශ ශ්‍රමික ඩොලර් අහිමි වීමේ අවදානම ඔහු වළක්වා ගත්තේ එසේය.

‘ඉරාක-කුවේට් යුද්ධය වෙලාවේ අපි කවදාවත් ලංකාවේ තෙල් පෝලිම් දැක්කේ නෑ…’

‘තෙල් මිල ලංකාවේ අහස උසට නැග්ගේ නැහැ…’

අදටත් ඉරාක-කුවේට් යුද්ධය මතක ලංකාවේ මිනිස්සු මේ කතාව කියති. ප්‍රේමදාස ඩොලර් හොයන්න ඇඟලුම් කර්මාන්ත පටන් ගත්තේ සංචාරක ව්‍යාපාරය නංවන්න කණ්ඩලම ඇතුළු හෝටල් ව්‍යාපාර පටන්ගත්තේ මේ කාලයේය. ඔහු මේ සියල්ල කරමින් උදාගම් නිවාස ක්‍රමය, දුප්පත් මිනිසුන්ට ජනසවිය, කැපකරු මාපිය ක්‍රමය වැනි සුබසාධන වැඩපිළිවෙළවල් දියත් කළේය. 

soldiers helmets Kevlar vests neck protectors Iraq 2004

ප්‍රේමදාසට පමණක් නොව රනිල්ගේ යූ.ඇන්.පී. ආණ්ඩුවටත් මැදපෙරදිග යුද්ධයකට මුහුණ දීමට සිදුවිය. ඒ 2003 මාර්තු මාසයේ ඇමෙරිකාව ඉරාකය ආක්‍රමණය කිරීමට තීරණය කිරීමත් සමගය. ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය, පෝලන්තය, නෙදර්ලන්තය එක්ව දියත් කළ ඒ යුද්ධයෙන් මැදපෙරදිග පමණක් නොව ලෝකයම හෙල්ලුණි. ඒ වෙලාවේ රනිල්ගේ ආණ්ඩුව එල්.ටී.ටී.ඊ.ය සමග සාකච්ඡා පවත්වමින් තිබුණු අතර, එම සාම සාකච්ඡාවලට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලින් සහාය පමණක් නොව දැවැන්ත ආධාර පැකේජයක් ලැබිණි. මේ නිසා ආණ්ඩුව ඇමෙරිකාව තරහා කරගන්න බය විය. රනිල්ගේ ආණ්ඩුව ඇමෙරිකානු ආක්‍රමණිකයන්ට සහාය පළ කරනවා කියා ශ්‍රීලනිප, ජවිපෙ ඇතුළු විපක්ෂය රට පුරා විරෝධතා උද්ඝෝෂණ සංවිධාන කළහ. මුස්ලිම් ජනතාව එයට සහාය පළ කළහ. ජවිපෙ ඇමෙරිකානු බඩු වර්ජනය කරන ව්‍යාපාරයක්ද දියත් කළේය.

ඒත් ආණ්ඩුව රට තුළ ව්‍යාප්ත වූ ඇමෙරිකානු විරෝධය මධ්‍යයේ තෙල් හිඟයකින් තොරව ලබාදුන්නේය. ලොව පුරා විදුලි වේගයෙන් ඉහළ යන තෙල් මිල සහනාධාරයක් දී අඩු මිලකට පවත්වාගෙන ගියේය. එකල තෙල් පෝලිම් දකින්න ලැබුණේවත් නැත.

‘මැදපෙරදිග යුද්ධ දෙකකදී ලංකාවේ දක්නට නොලැබුණු තෙල් සලාක ක්‍රමය දැන් දකින්නට ඇත්තේ ඇයි…?’

ආණ්ඩුව උත්තර දිය යුතු වන්නේ මේ ප්‍රශ්නයටය.

(සටහන | උපුල් ජෝශප් ප්‍රනාන්දු)
Creative Content Consultant

උපුටා ගැනීම - mawratanews.lk

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...