The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සත ගණන්වලට ගැලුමට පෙට්‍රල් ගැසූ කාලේ ආ තෙල් අර්බුදය

T

The Leader Desk

March 24, 2026 • 11:26 AM

සත ගණන්වලට ගැලුමට පෙට්‍රල් ගැසූ කාලේ ආ තෙල් අර්බුදය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “ඉස්සර අපි වාහනේට පෙට්‍රල් ගැහුවේ සත ගණන්වලට… තෙල් ගෙනාවේ ගැලුමට .. එදා තිබුනේ මයිනර් හිල්මන් වගේ පුංචි කාර් ” අදටත් අපේ වැඩිහිටි පරම්පරාව අතීතය සිහිපත් කරන්නේ අපූරු විස්මයකිනි.
  • ලෝක වෙළෙඳපොළේ ද බොරතෙල් බැරලයක් අලෙවි වූයේ ඇමෙරිකානු ඩොලර් 2.50 ත් 3.00 ත් අතර (වර්තමාන උද්ධමනයට ගළපා බැලූ විට ඩොලර් 18ක් පමණ) ඉතා අඩු මිලකටය.
  • එහෙත්, මේ සොඳුරු අතීත කතාව 1973 වසරේදී එකවරම ගිනිගත්තේය.
  •   ඔපෙක් (OPEC) නැගී සිටීම 1973 වසරේ ඊශ්‍රායලය සහ අරාබි රටවල් අතර ඇති වූ ‘යොම් කිපූර්’ (Yom Kippur) යුද්ධයත් සමඟ මැදපෙරදිග තෙල් අපනයනය කරන රටවල් එක්ව පිහිටුවාගෙන තිබූ “ඔපෙක්” (OPEC) සංවිධානය සිය සැබෑ බලය ලෝකයට පෙන්වීමට තීරණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


1970 දශකයේ මුල් භාගය වන විට ශ්‍රී ලංකාවේ පෙට්‍රල් ලීටරයක මිල සත 90 ක් හෝ රුපියලක් වැනි ඉතා සුළු මුදලක් විය.

ලෝක වෙළෙඳපොළේ ද බොරතෙල් බැරලයක් අලෙවි වූයේ ඇමෙරිකානු ඩොලර් 2.50 ත් 3.00 ත් අතර (වර්තමාන උද්ධමනයට ගළපා බැලූ විට ඩොලර් 18ක් පමණ) ඉතා අඩු මිලකටය. එහෙත්, මේ සොඳුරු අතීත කතාව 1973 වසරේදී එකවරම ගිනිගත්තේය. ඒ, සමස්ත ලෝකයේම රෝද හිටවන තරමේ දැවැන්ත ඓතිහාසික ඉන්ධන අර්බුදයක් නිර්මාණය වෙමිනි.

 


ඔපෙක් (OPEC) නැගී සිටීම

1973 වසරේ ඊශ්‍රායලය සහ අරාබි රටවල් අතර ඇති වූ ‘යොම් කිපූර්’ (Yom Kippur) යුද්ධයත් සමඟ මැදපෙරදිග තෙල් අපනයනය කරන රටවල් එක්ව පිහිටුවාගෙන තිබූ “ඔපෙක්” (OPEC) සංවිධානය සිය සැබෑ බලය ලෝකයට පෙන්වීමට තීරණය කළේය. මෙහි ප්‍රධාන මොළකරු වූයේ එකල ලොව බලවත්ම තෙල් අමාත්‍යවරයා ලෙස සැලකුණු සෞදි අරාබියේ අහමඩ් සාකී යමානි (Ahmed Zaki Yamani) මහතාය. ඔහු ඇමරිකානු ජනාධිපතිවරයා තරම්ම බලවත් පුද්ගලයකු වූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

 zaki

බලවත්ම තෙල් අමාත්‍යවරයා ලෙස සැලකුණු සෞදි අරාබියේ අහමඩ් සාකී යමානි (Ahmed Zaki Yamani)

 

ඊශ්‍රායලයට සහාය දුන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට දඬුවම් කිරීමක් ලෙස, ඔපෙක් සංවිධානය විසින් බොරතෙල් නිෂ්පාදනය දැඩි ලෙස සීමා කර, තෙල් අපනයනය කිරීම තහනම් (Oil Embargo) කළේය. එහි ප්‍රතිඵලය වූයේ මාස කිහිපයක් ඇතුළත ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සිවු ගුණයකින් පමණ අහස උසට නැගීමයි.

පෙට්‍රෝ-ඩොලරයේ (Petrodollar) උපත

මෙම අර්බුදය හමුවේ ඇමෙරිකානු ආර්ථිකය දැඩි ලෙස කඩාවැටෙන්නට පටන් ගත්තේය. මෙයට පිළියමක් ලෙස එවකට ඇමෙරිකානු ජනාධිපතිවරුන් වූ රිචඩ් නික්සන්, ජෙරල්ඩ් ෆෝඩ් මෙන්ම එකල ඇමරිකානු රාජ්‍ය ලේකම් වූ ආචාර්‍ය හෙන්රි කිසිංජර් සහ ලෝක බැංකු සභාපති රොබට් මැක්නමාරා ( ඇමරිකාවේ හිටපු ආරක්ෂක ලේකම්) ද ඉතා සූක්ෂ්ම උපායමාර්ගයක් දියත් කළහ.

 

petrodollar

ඔවුන් සෞදි අරාබිය සමඟ ඓතිහාසික ගිවිසුමකට එළඹුණු අතර එය හැඳින්වූයේ ‘පෙට්‍රෝ-ඩොලර් ක්‍රමය’ ලෙසිනි. එකල සවුදි අරාබියේ රජතුමා වූයේ ෆයිසල් බින් අබ්දුල්අසීස් අල් සෞද් රජුය.

ගිවිසුමේ හරය අනුව ලෝකයේ ඕනෑම රටක් අරාබි රටවලින් තෙල් මිලදී ගන්නේ නම්, ඒ සඳහා ගෙවීම් කළ යුත්තේ “ඇමෙරිකානු ඩොලර්වලින්” පමණි. ඊට ප්‍රතිචාර ලෙස සෞදි අරාබිය ඇතුළු රටවලට අවශ්‍ය යුදමය ආරක්ෂාව ඇමෙරිකාව විසින් සපයනු ලබයි.

මේ සමඟම මැදපෙරදිග ස්වර්ණමය යුගය උදාවිය. මෙම ක්‍රමයත් සමඟ ලොව පුරා ඇති ඩොලර් ගංගාවක් සේ මැදපෙරදිගට ගලා එන්නට විය. අද අප දකින ඩුබායි, අබුඩාබි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අහස සිඹින ගොඩනැගිලි සහ දැවැන්ත සංවර්ධනයේ සැබෑ අඩිතාලම වැටුණේ මෙම පෙට්‍රෝ-ඩොලර් ක්‍රමය හරහාය.

 old us politics lk

ඉතිහාසයෙන් ඡායාරූපය: 1974 ජුනි මාසයේදී ඉතිහාස ගිවිසුම අත්සන් කිරීමෙන් පසු, එක්සත් ජනපද ජනාධිපති නික්සන් සහ සෞදි අරාබි රාජධානියේ ෆයිසාල් රජු.

 

70 දශකයේ ලෝක තෙල් අර්බුදයේ රස්නය අපේ පුංචි ශ්‍රී ලංකාවට ද තදින්ම දැනිණි. සත 90ට තිබූ පෙට්‍රල් ලීටරය එකවරම රුපියල් 2 දක්වා (100% කටත් වඩා වැඩි ප්‍රතිශතයකින්) ඉහළ ගියේය. එකල පාරවල්වල වාහන අඩුවූ අතර ජනතාවට දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවිය.

ශ්‍රී ලංකාවේ මතකයන් සහ 2022 අමිහිරි අත්දැකීම

ඉතිහාසය චක්‍රයක් සේ කැරකෙන බව සනාථ කරමින්, 2022 වසරේදී ශ්‍රී ලංකාව මෑත ඉතිහාසයේ දරුණුතම ඉන්ධන අර්බුදයට මුහුණ දුන්නේය. ශ්‍රී ලංකාව ඩොලර් හිගය හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වූ අතර, එය බරපතල ආර්ථික දේශපාලන අර්බුදයක් නිර්මාණය කලේය.

 

1650029439 Sri Lanka distributes fuel according to norms
ඩොලර් හිඟය හේතුවෙන් රට පුරා කිලෝමීටර් ගණන් දිගු ඉන්ධන පෝලිම් නිර්මාණය වූ අතර, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 470 සීමාව දක්වා වාර්තාගත ලෙස ඉහළ ගියේය. එදා 70 දශකයේ සත ගණන්වලින් ආරම්භ වූ ඉන්ධන මිල, දශක 5ක් යද්දී රුපියල් පන්සියය ආසන්නයටම පැමිණියේ ඒ ආකාරයෙනි.

ලෝක ඉතිහාසය තුළ බොරතෙල් බැරලයක් සඳහා වාර්තා වූ ඉහළම මිල සටහන් වන්නේ 2008 වසරේ ජූලි මාසයේ දෙවන සතියේදීය. එම කාලසීමාවේදී බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 147ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ ගියේය. ඊට සාපේක්ෂව බලන කල, වර්තමානයේ මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය තත්ත්වය හේතුවෙන් පසුගිය මාර්තු 9 වැනිදා බොරතෙල් මිල ඩොලර් 118ක් දක්වා ඉහළ ගිය අතර, එය මෑත කාලීනව සටහන් වූ ඉහළම අගයන්ගෙන් එකකි.

වත්මන් අභියෝගය: පෙට්‍රෝ-ඩොලරයේ අවසානයද?

දශක පහකට ආසන්න කාලයක් ලෝකය පාලනය කළ ඇමෙරිකානු “පෙට්‍රෝ-ඩොලර්” ආධිපත්‍යයට අද වන විට බරපතල තර්ජන එල්ල වෙමින් පවතී. BRICS සංවිධානයේ නැගී සිටීමත් සමඟ චීනය, රුසියාව සහ ඉරානය වැනි රටවල් තෙල් වෙළෙඳාම සඳහා ඩොලරය භාවිත කිරීම ක්‍රමයෙන් ප්‍රතික්ෂේප කරමින් සිටී.

චීනය තෙල් මිලදී ගැනීම සඳහා තමන්ගේම මුදල් ඒකකය වන යුවාන් (Yuan) භාවිත කිරීමට ගිවිසුම් ගසමින් සිටී. යුක්‍රේන යුද්ධයත් සමඟ රුසියාව තම බලශක්ති අපනයනයන් සඳහා රූබල් (Ruble) මුදල් ඒකකය ඉල්ලා සිටී.

අනාගතයේදී තෙල් ගනුදෙනු සඳහා ඩොලරයේ ඇති ඒකාධිකාරිය බිඳී ගියහොත්, එය ඇමෙරිකානු ආර්ථිකයට දැවැන්ත බලපෑමක් වනු නිසැකය. 1973 දී ඔපෙක් සංවිධානය ලෝකය වෙනස් කළා සේම, ඉදිරි දශකය තුළ නව බලවතුන් විසින් ලෝක බලශක්ති වෙළෙඳපොළේ නව පිටුවක් පෙරළනු ඇති බවට මෙය පැහැදිලි පෙරනිමිත්තකි.

| lankalokaya.lk

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...