The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගුප්ත විද්‍යාව අවභාවිත කිරීම බිහිසුණු විපත්වලට මුලකි

T

The Leader Desk

March 25, 2026 • 6:49 AM

ගුප්ත විද්‍යාව අවභාවිත කිරීම බිහිසුණු විපත්වලට මුලකි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මානව ශිෂ්ටාචාරයේ ගමන් මඟ හැඩගැස්වූ ප්‍රධාන ධාරාවන් දෙකක් තිබේ. ඒ නවීන විද්‍යාව සහ ගුප්ත විද්‍යාව ය. නමුත් ඒවායේ මූලධර්ම හා හැසිරවීම් අතර අතිශය ගැඹුරු වෙනස්කම් පවතී.
  • මෙම ශාස්ත්‍රයන් මිනිසා විසින් නිර්මාණය කරන ලද ඒවා නොව, විශ්වයේ පවතින නිත්‍ය ධර්මතාවන් සෘෂිවරුන්ගේ දිව්‍ය ඥානයට ගෝචර වීමෙන් සම්පාදනය වූ ඒවා බව ඒ සම්බන්ධ සාහිත්‍යය හැදෑරීමේ දී පෙනී යයි.
  • නිසි ගුරු උපදේශයකින් තොරව හෝ අර්ධ අවබෝධයෙන් මෙම ශාස්ත්‍රයන් හැසිරවීම, “අතේ ඇති ආයුධයෙන් තමාම කැපී ගැනීමක්” බඳු අතිශය අනතුරුදායක ක්‍රියාවකි.
  • ඒ අනුව මෙවන් ගුප්ත විද්‍යාවන් නිරන්තරයෙන් අවභාවිත කරන විට කිනම් මොහොතක හෝ එහි විනාශකාරී ප්‍රතිඵල ඒ තැනැත්තා කරා එනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


නවීන විද්‍යාව යනු මිනිසාගේ පංචේන්ද්‍රියන් මත පදනම් වූ, තර්කානුකූල ඥාන ශක්තියෙන් ගොඩනැඟූ විෂය පථයකි. එය ඕනෑම අයකුට විමර්ශනය කළ හැකි, දත්ත මත පදනම් වූ හා මිනිස් බුද්ධියට මෙල්ල කළ හැකි සීමාවක පවතී. එහෙත්, ගුප්ත විද්‍යාව යනු එවැනි සාමාන්‍ය බුද්ධිමය සීමාවන්ගෙන් ඔබ්බට ගිය, අතීතයේ විසූ අතිමානුෂීය ඥානයකින් හෙබි සෘෂිවරුන් විසින් ලොවට දායාද කළ අද්භූත ශක්ති ජාලයකි.

මෙම ශාස්ත්‍රයන් මිනිසා විසින් නිර්මාණය කරන ලද ඒවා නොව, විශ්වයේ පවතින නිත්‍ය ධර්මතාවන් සෘෂිවරුන්ගේ දිව්‍ය ඥානයට ගෝචර වීමෙන් සම්පාදනය වූ ඒවා බව ඒ සම්බන්ධ සාහිත්‍යය හැදෑරීමේ දී පෙනී යයි. එබැවින්, නවීන විද්‍යාව අත්හදා බැලීම් මත වර්ධනය වන විටත්, ගුප්ත විද්‍යාව පවතින්නේ ගුරු-ගෝල සම්ප්‍රදාය හා දැඩි විනයානුකූල ශික්ෂණය මත පදනම් වූ නොවෙනස් දහමක් ලෙසිනි. 

astrology
බොහෝ දෙනා ජ්‍යොතිෂය හුදෙක් ගණිතමය ගණනය කිරීමක් ලෙසත්, වාස්තු විද්‍යාව හුදෙක් ගොඩනැඟිලි සැලසුම් ශිල්පයක් ලෙසත් වරදවා වටහාගෙන සිටිති. නමුත් සැබෑ තත්ත්වය නම්, මේවා පියවි ඇසට නොපෙනෙන විශ්ව ශක්තීන් සමඟ ගනුදෙනු කරන ගුප්ත විද්‍යාවන් වීමයි. ගණිතමය පක්ෂය ජ්‍යොතිෂයේ එක් මෙවලමක් පමණක් වන අතර, එහි හරය බැඳී පවතින්නේ ග්‍රහ වස්තූන්ගෙන් නිකුත් වන සූක්ෂ්ම කිරණ මානුෂීය කර්ම ශක්තිය සමඟ දක්වන ප්‍රතික්‍රියාව මත ය.

එමෙන්ම වාස්තු විද්‍යාව යනු ගඩොල් සහ වැලි පිළිබඳ විද්‍යාවක් නොව, විශ්වයේ දිශානතීන් හා පංච මහා භූතයන්ගේ සමතුලිතතාව මිනිස් වාසස්ථානය තුළ ස්ථාපිත කරන ක්‍රියාවලියකි. නිසි ගුරු උපදේශයකින් තොරව හෝ අර්ධ අවබෝධයෙන් මෙම ශාස්ත්‍රයන් හැසිරවීම, “අතේ ඇති ආයුධයෙන් තමාම කැපී ගැනීමක්” බඳු අතිශය අනතුරුදායක ක්‍රියාවකි. ඒ අනුව මෙවන් ගුප්ත විද්‍යාවන් නිරන්තරයෙන් අවභාවිත කරන විට කිනම් මොහොතක හෝ එහි විනාශකාරී ප්‍රතිඵල ඒ තැනැත්තා කරා එනු ඇත. පසුගිය කාලයේ අප රටේ ජන මාධ්‍ය මඟින් ජ්‍යොතිෂය බරපතල ලෙස අවභාවිත කළවුන් ජීවිතයේ මැදි විය නිමා කිරීමටත් පෙරම අකල් මරණවලට ලක් වීම එහි අනිටු ප්‍රතිඵලයක් නොවෙතැයි කීමට අපට නොපුළුවන.

Vastunew2

ගුප්ත විද්‍යාවන්හි පවතින භයානකම පැතිකඩ වන්නේ ඒවා කූට අභිමතාර්ථයන් උදෙසා අවභාවිත කිරීමයි. ස්වභාවධර්මයේ රහස්‍ය නියමයන් තමාගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන හෝ අන් අයට හානි කිරීම පිණිස යොදාගැනීමෙන්, එම විද්‍යාවන්හි පවතින ප්‍රතිලාභී ශක්තිය ඒ තැනැත්තාට එරෙහි විනාශකාරී බලවේගයක් බවට පත්වේ. සෘෂිවරුන් මෙම ශාස්ත්‍රයන් දායාද කළේ ලෝක සත්ත්වයාගේ යහපත පිණිස මිස, ස්වභාවධර්මයට එරෙහිව යාමට හෝ ඊට ඔච්චම් කිරීමට නොවේ. එබැවින්, ගුප්ත විද්‍යාවන් පිළිබඳ ගැඹුරු හැදෑරීමකින් තොරව ඒවායේ ප්‍රායෝගික භාවිතයට එළඹීමත්, හුදෙක් භෞතික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් ඒවා හැසිරවීමත් තනි පුද්ගලයකුට පමණක් නොව පොදුවේ සමස්ත සමාජයටම බිහිසුණු විපත් ළඟා කරවන සාධකයක් බව අවධාරණය කළ යුතු ය.

ගුප්ත විද්‍යාව හෙවත් මන්ත්‍ර ශාස්ත්‍රය යනු හුදු ඇදහිල්ලක් නොව, ස්වභාවධර්මයේ පවතින අදෘශ්‍යමාන ශක්තීන් හා ශබ්ද තරංග සමඟ ගනුදෙනු කරන ගැඹුරු විද්‍යාවකි. අතීත සෘෂිවරුන් මෙම ශාස්ත්‍රය මානව වර්ගයාගේ යහපත උදෙසා දායාද කළ ද, යම් කෙනෙකු තමන් නොදන්නා ශාස්ත්‍රයක් දන්නා බව පවසා අනුන් මුලා කරයි නම්, ඔහු තමාගේම විනාශයට වළ කපා ගන්නා බව පැරණි පොතපතේ මෙන්ම ගුරුකුල සම්ප්‍රදායන්හි ද දැඩිව අවධාරණය කර ඇත. මෙසේ අනුන් රැවටීමට හෝ වින කිරීමට ශාස්ත්‍රය අවභාවිත කරන්නවුන් හට අත්වන ප්‍රධානතම ඉරණම වන්නේ පාරාවළල්ලක් මෙන් තමා කළ දේ තමා වෙතම කැරකී ඒමයි. විශේෂයෙන්ම “ප්‍රත්‍යංගීරා” වැනි බලවත් දෙවඟනක උදෙසා කරනු ලබන පූජාවන් හෝ රක්ෂණ විධිවිධාන වංචනික ලෙස මුදල් ඉපයීමේ අරමුණින් සිදු කළහොත්, එහි අතුරුඵල ලෙස අදාළ පුද්ගලයාගේ මානසික හා ශාරීරික සෞඛ්‍යය ශීඝ්‍රයෙන් පිරිහීමට ලක් වන බව ඉන්දියානුවන් අතර ප්‍රකට මතයකි.

 

472843372 122156199218347905 4118778979820094174 n
මෙම විනාශකාරී ගමනේ තවත් එක් සන්ධිස්ථානයක් වන්නේ “විද්‍යාව වන්ධ්‍ය වීම” හෙවත් ශාස්ත්‍රය අහිමි වීමයි. ඒ තැනැත්තා සැබෑ ශාස්ත්‍රයක් දැන සිටිය ද එයින් මිනිසුන් රවටන විට, එම ශාස්ත්‍රය සතු ජීවී ගුණය හෝ බලය ඔහු වෙතින් ගිලිහී යයි. එවිට ඔහු පවසන අනාවැකි වැරදීමත්, කරන කටයුතු අසාර්ථක වීමත් නිරායාසයෙන්ම සිදු වන අතර, එය සමාජය ඉදිරියේ ඔහු අපහසුතාවයට පත්වීමට මඟ පාදයි.

මීට අමතරව, ඕනෑම ගුප්ත ශාස්ත්‍රයක පදනම වන “ගුරු” සම්ප්‍රදායට සහ එම විෂයට අධිපති දේවතාවුන්ට කරන නිග්‍රහයක් ලෙස මෙය සැලකෙන බැවින්, අදාළ පුද්ගලයාට දේව හා ගුරු ශාපයන්ට ද මුහුණ දීමට සිදු වේ. මෙහි බලපෑම කෙතරම් දරුණු ද යත්, එය පුද්ගලයාගෙන් නොනැවතී ඔහුගේ පරම්පරාවට පවා අසුභ බලපෑම් ඇති කළ හැකි බව ශාස්ත්‍රධාරීන් අතර පවතින දැඩි විශ්වාසයකි. මෙය අතීතයේ ගුප්ත විද්‍යා ගුරුකුල මඟින් ශිෂ්‍යයන් හමුවේ මනාව අවධාරණය වුව ද අද වන විට ස්වයං රැකියා හෝ ගෘහ කර්මාන්ත මට්ටමින් ගුප්ත ශාස්ත්‍ර ඉගෙන ගන්නවුන් තුළ මේ සම්බන්ධ කිසිදු දැනුමක් නැත. එහෙත් එසේ කියා ඒවායේ අනිටු ඵලවලින් අත් මිදීමට ඒ කිසිවකුටත් නොපුළුවන.

yanthra

අවසාන වශයෙන්, අනුන් රවටා උපයන තාවකාලික මුදල හෝ බලය වෙනුවෙන් පෙනී සිටින මෙවැනි පුද්ගලයන් තම ජීවිතයේ සැදෑ සමයේදී දැඩි මානසික පරිහානියකට හා හුදකලා වීමකට ලක් වේ. මන්ත්‍රයක් වැරදි ලෙස උච්චාරණය කිරීම හෝ යන්ත්‍රයක රේඛාවක් වැරදි ලෙස ඇඳීම “තමාගේම හිස මත ගින්දර තබා ගැනීමක්” බඳු යැයි මයමතය වැනි මූලාශ්‍රයන්හි දැක්වෙන්නේ එබැවිනි.

නිසි පරිචයක්, සදාචාරාත්මක වත්පිළිවෙත් රැකීමක් සහ ගුරු උපදේශයක් නොමැතිව ගුප්ත ශාස්ත්‍රය වැනි “දෙපැත්ත කැපෙන කඩුවක්” බඳු විෂයයන් පරිහරණය කිරීම තමාට මෙන්ම තම පවුලේ සාමාජිකයන්ට ද බිහිසුණු විපත් ළඟා කර දෙන්නකි. එබැවින්, නොදන්නා ශාස්ත්‍රයක් ප්‍රදර්ශනය කරමින් අනුන් මුලා කිරීම ස්වයං විනාශයට ද මඟ පාදන අතිශය භයානක ක්‍රියාවක් බව පැහැදිලි ය.


Screenshot 2026 03 25 092056
(සටහන | එච්. එම්. ගුණරත්න බණ්ඩා)

උපුටා ගැනීම - vinivida.lk
 

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...