The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ධරණීය පාරිසරික කළමණාකරණය සඳහා කාන්තා කාර්‍යභාර්‍යය සක්‍රීය ලෙස යොදා ගන්නේ කෙසේද? | අනුදිකා වික්‍රමසිංහ

T

The Leader Desk

March 30, 2026 • 11:52 AM

ධරණීය පාරිසරික කළමණාකරණය සඳහා කාන්තා කාර්‍යභාර්‍යය සක්‍රීය ලෙස යොදා ගන්නේ කෙසේද? | අනුදිකා වික්‍රමසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාන්තාව හා පාරිසරික සංවර්ධනය හා කළමණාකරණය පිළිබඳ සලකා බැලීමේදී එයට යම් ඓතිහාසික පදනමක් හා පසුබිමක් පවති.
  • ඒ අතරින් ස්ත්‍රීන් සහ සුළු ජන කණ්ඩායම් විශාල ලෙස ආන්තීකරණයෙහි ගොදුරු බවට පත් ව ඇති අයුරු තත්කාලීන, නූතන සමාජ ව්‍යුහය නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි ලෙස ම කැපී පෙනෙන කරුණකි.
  • ශ්‍රි ලංකාව තුළද දිට්වා, ගංවතුර ආපදා, නාය යෑම් වැනි දරුණු මෙන්ම මධ්‍ය මට්ටමේ හා සුළු මට්ටමේ ස්වභාවික ආපදා වල සිට කාලගුණික දේශගුණික විපර්‍යාසයන් දරුණු ලෙස ජන ජීවිතයට බලපෑම් ඇති කළ හැකි මට්ටම දක්වා වෙනස් වී ඇත.
  • මේ වන විට ශ්‍රීලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති උණුසුම් දර්ශකයට(39o C-45O  C- අවදානම් කලාපය) අනුව ඇතැම් දිස්ත්‍රික්ක අවදානම් මට්ටමට ළඟා වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


වන්දනා ශිවා, වන්ගාරි මාතායි, ජේන් ගූඩාල්(Jane Goodall) මෙන්ම මෑතකාලීන ඉතිහාසය තුළ ග්‍රේටා තන්බර්ග් (Greta Thunberg) වැනි කාන්තා පරිසරවේදිනියන් මූලික ලෙසම ධරණීය පාරිසරික කළමණාකරණය සඳහා මූල බීජ සැපයූ මූලික ක්‍රියාකාරීන් ලෙස සඳහන් කළ හැක. සංවර්ධනය වෙමින් පවතින රටවල නොයෙකුත් සංවර්ධන ව්‍යාපෘතීන් හේතුවෙන් ආ මූලික ජනකොටස් සහ කාන්තා ප්‍රජාව ආන්තික තත්තවයන්ට ගොදුරු වෙමින් පවතී. ඒ අතරින් ස්ත්‍රීන් සහ සුළු ජන කණ්ඩායම් විශාල ලෙස ආන්තීකරණයෙහි ගොදුරු බවට පත් ව ඇති අයුරු තත්කාලීන, නූතන සමාජ ව්‍යුහය නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි ලෙස ම කැපී පෙනෙන කරුණකි.

 

pbn

වර්තමානය තුළ ද බොහෝ පාරිසරික අර්බුදයන් මිනිසා විසින් අතිවිදිනු ලැබෙයි. කාළගුණික, දේශගුණික විපර්‍යාසයන්, දරුණු ස්වභාවික විපත් මෑත ඉතිහාසය තුළ බහුල වශයෙන් මිනිසා අත්විදිනු ලැබූ කටුක අත්දැකීම් අතරින් මුඛ්‍ය අභියෝග වේ. ශ්‍රි ලංකාව තුළද දිට්වා, ගංවතුර ආපදා, නාය යෑම් වැනි දරුණු මෙන්ම මධ්‍ය මට්ටමේ හා සුළු මට්ටමේ ස්වභාවික ආපදා වල සිට කාලගුණික දේශගුණික විපර්‍යාසයන් දරුණු ලෙස ජන ජීවිතයට බලපෑම් ඇති කළ හැකි මට්ටම දක්වා වෙනස් වී ඇත. මේ වන විට ශ්‍රීලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති උණුසුම් දර්ශකයට(39o C-45O  C- අවදානම් කලාපය) අනුව ඇතැම් දිස්ත්‍රික්ක අවදානම් මට්ටමට ළඟා වී ඇත.

anuji76i
මෙලෙස සිදුවන පාරිසරික ගැටළු හා අර්බුද හේතුවෙන්, ආ මූලික ජන කණ්ඩායම් සහ ස්ත්‍රී ප්‍රජාව විශේෂයෙන් ආන්තීකරණය වූ දිළිදු ස්ත්‍රී ප්‍රජාව දැඩි ලෙස බලපෑමට ලක්ව ඇත්ද යන්න සොයා බැලිය යුතුය. මන්ද, ස්වභාවික අර්බුදයන් ආර්ථික, දේශපාලන හා සමාජ සර්දභයන් තුල නොයෙකුත් අර්බුදයන් ඉස්මතු වීමට හේතු වන හෙයිනි. එමෙන්ම කාන්තාවන්ගේ සක්‍රීය සහභාගීත්වය මෙම පාරිසරික අර්බුද කළමණාකරණයට යොදා ගත හැකි අයුරු විමසා බැලිය යුතුය. ආ මූලික ජන කොටස් විසින් පාරිසරික සමීපත්වය හේතුකොට ගෙන  සාම්ප්‍රදායික ක්‍රම මගින් රැකගත් සහ ධරණීය ලෙස පවත්වාගෙන ගිය ස්වභාවික සම්පත් විනාශ විම තුන්වෙනි ලෝකයේ බොහෝ රටවල දැකිය භැකි ප්‍රධාන පාරිසරික අර්බුදයකි (Guha, 1989; Peluson, 1992; Utting, 1993; Bryant, 1994).

පාරිසරික කාන්තාවේදීනියක වූ වන්දනා ශිවා (1988) තුන්වෙනි ලෝකයේ පාරිසරික අර්බුදය හේතුවෙන් ස්ත්‍රීන් ආන්තික තත්ත්වයට පත්ව ඇත්තේ කුමන හෙයින්ද යන්න දක්වා ඇත. දිළිදු ස්ත්‍රීන්ට පුරුෂයන්ට වඩා සමීප සබදතාවයක් පරිසරය සමඟ පවතින බව ඇය විශද කොට ඇත. ප්‍රධාන ලෙසම සමාජය තුළ කාන්තාවගේ ප්‍රජනන කාර්‍යභාර්‍යය මෙන්ම දරුවන් හදාවඩා ගැනීම, ගෘහස්ථ වගකීම් වැනි සමාජභාවී ඒකාකෘතීන් මත පරිසරයට සමීප සබඳතා පවතින බව ඇතමෙක් පවසයි. මේ හේතුවෙන් ඔවුන් ධරණීය සංවර්ධනයට උනන්දුවක් පවතින බවද පවසයි. කෙසේ වුවද, කාන්තාවන් ප්‍රබල ලෙසම ධරණීය සංවර්ධනය හා කළමණාකරණය සඳහා යොදා ගැනීම වර්තමාන සමාජය තුළ සක්‍රීය විය යුතුය.  

690 uiyzcjunfr 1580643984වන්දනා ශිවා

ප්‍රධාන ලෙසම, ධරණීය පාරිසරික ක්‍රියාකාරීත්වය පිළිබඳ කාන්තා ක්‍රියාකාරීත්වය සලකා බැලීමේදී, තීරණ ගැනීමේ ක්‍රියාවලීන්හි ඔවුන්ගේ සහභාගීත්වය සහ නායකත්වය පුළුල් කිරීමෙන් තිරසාර පාරිසරික කළමනාකරණය සඳහා කාන්තා භූමිකාවන් ක්‍රියාකාරීව යොදා ගත හැකි අතර, එමඟින් පාරිසරික කාර්ය සාධනය සහ තිරසාර ප්‍රතිඵල වැඩිදියුණු වන බව පෙන්වා දී ඇත. මෙහිදී, ඉහළ කළමනාකාරිත්වයේ සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවල සිටින කාන්තාවන් පරිසර හිතකාමී නිෂ්පාදන, සම්පත් අධි පරිභෝජනය හෝ අවභාවිතය අඩු කිරීම සහ සමාගම්වල පාරිසරික හා මූල්‍ය කාර්ය සාධනය යන දෙකම වැඩි දියුණු කරන ක්‍රියාකාරී පාරිසරික උපාය මාර්ග ප්‍රවර්ධනය කිරීමට නැඹුරු කළ යුතුය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සන්දර්භය තුළ පෙන්නුම් කරන පරිදි, අධ්‍යාපනය, පාරිසරික විද්‍යාවන් පිළිබඳ පුහුණුව සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රතිපත්ති (gender-based policies) තුළින් කාන්තාවන් සවිබල ගැන්වීම (women empowerment) ස්වභාවික සම්පත් කළමනාකරණය (natural resource management) සහ හරිත මූල්‍ය ක්‍රම (green finance initiatives) සඳහා ඵලදායී ලෙස දායක වීමේ හැකියාව ශක්තිමත් කරයි. තවද, අපද්‍රව්‍ය කළමනාකරණයෙහි නියුතු කාන්තා ප්‍රජාව සහ බිම් මට්ටමේ පාරිසරික ක්‍රියාකාරකම් සඳහා කාන්තාවන්ගේ සහභාගීත්වය පාරිසරික තිරසාරභාවය වැඩිදියුණු කිරීමට විශාල පිටුබලයක් ලබාදෙයි. එහෙත් තවමත් ඔවුන්ගේ සමාජ පන්තිය මත ආන්තීකර්ණය වීම සහ අවතක්සේරු වීම වැනි අභියෝගවලට මුහුණ දෙයි.

45y45b4b

 

කෙසේ වුවද, අපද්‍රව්‍ය කළමණාකරණය වේතනයක් ලබා දී අසීරුවෙන් සිදු වියයුතු යමක් නොවිය යුතුය. තවමත් ආසියාතික රටවල බොහෝ ගෘ හස්ථ කාර්‍යභාර්‍යයන් සිදුවන්නේ කාන්තාවන් විසිනි. ඔවුනට අපද්‍රව්‍ය කළමණාකරණය පිළිබද නිසි දැනුම ලබාදීම හා ඒ සඳහා ප්‍රායෝගික ක්‍රමවේදයන් ඉදිරිපත් කිරීම වැදගත් වේ. ඒ තුළින් ධරණීය පාරිසරික කළමණාකරණය සඳහා කාන්තාවන් සක්‍රීය ලෙස සම්බන්ධ කර ගත හැක.

තවද, කාන්තාවන් සතු දේශීය දැනුම ආපදා ප්‍රතිචාර සහ පාරිසරික අර්බුද කළමනාකරණය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන අතර, පාරිසරික පාලන හා නෛතික රාමු තුළට ස්ත්‍රී පුරුෂ සමාජභාවී දෘෂ්ටිකෝණයන් ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය සංවර්ධනය වෙමින් පවතින රටවල ඉස්මතු වී ඇත. සමස්තයක් වශයෙන්, කාන්තාවන් ධරණීය පාරිසරික සංවර්ධනයේ ප්‍රධාන කොටස්කරුවන් ලෙස හඳුනා ගැනීම සහ ස්ත්‍රී පුරුෂ නායකත්වය සමතුලිත ලෙස ප්‍රවර්ධනය කිරීමට වඩාත් වැදගත් වේ.

තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී කාන්තා නියෝජනය ලබාගනීම සාධාරණ සහ ඵලදායී පාරිසරික කළමනාකරණය පෝෂණය කිරීමටද දායක වේ.

anudika wikramasinghe| අනුදිකා වික්‍රමසිංහ
සහකාර කථිකාචාර්‍ය
ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය

anudikaw@gmail.com

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...