The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මෝඩයාගේ දවසේ ඇත්ත කතාව

T

The Leader Desk

April 1, 2026 • 12:04 PM

මෝඩයාගේ දවසේ ඇත්ත කතාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද අප්‍රේල් පළමුවැනිදාය. සමහරවිට මේ වන විටත් ඔබේ මිතුරෙකු, පවුලේ සාමාජිකයෙකු හෝ සමාජ මාධ්‍ය සටහනක් ඔබව අපූරුවට රවටා අවසන් වී තිබිය හැකිය.
  • අප්‍රේල් පළමුවැනිදා මෝඩයාගේ දිනය ලෙස සැමරීමේ නිශ්චිත ආරම්භයක් පිළිබඳව එකඟ වූ තනි මතයක් නැතත්, ඉතිහාසඥයින් විසින් පිළිගන්නා වඩාත්ම විශ්වාසදායක මූලාශ්‍රය 16 වැනි සියවසේ ප්‍රංශය දක්වා දිව යයි.
  • 1582 දී ප්‍රංශය ජූලියන් දිනදර්ශනය (Julian calendar) වෙනුවට ග්‍රෙගෝරියන් දිනදර්ශනය (Gregorian calendar) භාවිතා කිරීම ආරම්භ කළේය.
  • පැරණි ජූලියන් දිනදර්ශනයට අනුව නව වසර ආරම්භ වූයේ මාර්තු අග එනම් වසන්ත විෂුවය ආසන්නයේ සිට අප්‍රේල් 1 වැනිදා දක්වා වූ කාලයේදීය.
අකුරු ප්‍රමාණය (Font Size):

“අප්‍රේල් මෝඩයා”ලෙස ලොව පුරා සමරන අද දිනය, කිසිදු භේදයකින් තොරව මිනිසුන් එකිනෙකාට විහිළු කරමින්, සිනහවෙන් පිරී යන අපූරු දිනයකි.

නමුත්, මේ සම්ප්‍රදාය ආරම්භ වූයේ කෙසේද? ලෝකයේ සිදුවූ විශාලතම අප්‍රේල් විහිළු මොනවාද? සහ ශ්‍රී ලංකාවට මෙය බලපාන්නේ කෙසේද? යන්න පිළිබඳව විමසා බැලීම අතිශය රසවත්ය.

මෝඩයාගේ දිනය ආවේ කොහෙන්ද?

080 hl isouriment 2720619 69c3959a49bff985085912
අප්‍රේල් පළමුවැනිදා මෝඩයාගේ දිනය ලෙස සැමරීමේ නිශ්චිත ආරම්භයක් පිළිබඳව එකඟ වූ තනි මතයක් නැතත්, ඉතිහාසඥයින් විසින් පිළිගන්නා වඩාත්ම විශ්වාසදායක මූලාශ්‍රය 16 වැනි සියවසේ ප්‍රංශය දක්වා දිව යයි.

1582 දී ප්‍රංශය ජූලියන් දිනදර්ශනය (Julian calendar) වෙනුවට ග්‍රෙගෝරියන් දිනදර්ශනය (Gregorian calendar) භාවිතා කිරීම ආරම්භ කළේය. පැරණි ජූලියන් දිනදර්ශනයට අනුව නව වසර ආරම්භ වූයේ මාර්තු අග එනම් වසන්ත විෂුවය ආසන්නයේ සිට අප්‍රේල් 1 වැනිදා දක්වා වූ කාලයේදීය. නමුත් නව දිනදර්ශනයට අනුව නව වසර ජනවාරි 1 වැනිදාට ගෙන එන ලදී.

මෙම වෙනස පිළිබඳව දැනුවත් නොවූ හෝ එය පිළිගැනීමට අකමැති වූ ඇතැම් පිරිස් තවදුරටත් අප්‍රේල් 1 වැනිදා නව වසර සැමරූහ. නව දිනදර්ශනය පිළිගත් අය මෙම පිරිසට විහිළු කිරීම ආරම්භ කළ අතර, ඔවුන්ගේ පිටේ කඩදාසි මාළුවෙකු අලවා ඔවුන්ව “අප්‍රේල් මාළු” (Poisson d’Avril – April fish) ලෙස හැඳින්වූහ. එය පහසුවෙන් රැවටිය හැකි පුද්ගලයින් සංකේතවත් කළේය.

මීට අමතරව, පුරාණ රෝමයේ වසන්තය උදාවීම සමරමින් වෙස්වළාගෙන කරන ලද හයිලේරියා (Hilaria) නම් උත්සවය ද මෙහි එක් මූලාරම්භයක් විය හැකි බව ඉතිහාසඥයෝ පවසති. ඊට අමතරව වත්මන් ඉරානය නැතිනම් ඉතිහාසයේ පර්සියාවේ දින දර්ශනය පිළිබඳ කතාවකින් මෙය ඇරඹි බවටද අදහසක් තිබේ.

ලොවම රැවටූ අප්‍රේල් මෝඩයෝ

modain1
අතීතයේ සිටම ජාත්‍යන්තර මාධ්‍ය සහ ප්‍රකට සමාගම් මෙම දිනයේදී සමස්ත ලෝකවාසීන්වම විහිළුවට ලක් කළ අපූරු අවස්ථා රැසක් ඉතිහාසයට එක්ව තිබේ.

බ්‍රිතාන්‍යයේ BBC නාලිකාවේ ‘පැනරෝමා’ වැඩසටහන විසින් ස්විට්සර්ලන්තයේ ගස්වලින් නූඩ්ල්ස් (Spaghetti) නෙළන කාන්තාවන් පිරිසකගේ ව්‍යාජ වාර්තා වැඩසටහනක් විකාශය කළේය. මෙය සත්‍යයක් යැයි සිතූ දහස් ගණනක් බ්‍රිතාන්‍ය ජාතිකයින්, “තමන්ගේ ගෙවත්තේ ස්පැගටි ගහක් වවා ගන්නේ කෙසේදැයි” විමසමින් BBC ආයතනයට දුරකථන ඇමතුම් ලබා දුන්හ.

ප්‍රකට ක්ෂණික ආහාර සමාගමක් වන ‘බර්ගර් කිං’ (Burger King) ඇමෙරිකාවේ USA Today පුවත්පතේ සම්පූර්ණ පිටුවක දැන්වීමක් පළ කරමින් කියා සිටියේ, ඇමෙරිකාවේ සිටින මිලියන 32ක් වූ වම් අත හුරු අය වෙනුවෙන්ම නිර්මාණය කළ “Left-Handed Whopper” බර්ගරයක් වෙළඳපොළට නිකුත් කරන බවයි. මෙහි සියලුම අමුද්‍රව්‍ය අංශක 180ක් හරවා ඇති බව එහි සඳහන් විය. මෙය ඇණවුම් කිරීමට දහස් ගණනක් පාරිභෝගිකයින් අවන්හල් වෙත පැමිණියහ.

ඇමෙරිකාවේ ඓතිහාසික ‘ලිබර්ටි සීනුව’ (Liberty Bell) Taco Bell සමාගම විසින් මිලදී ගත් බවට පළ කළ ප්‍රවෘත්තියක් එරට දේශපාලනය පවා උඩුයටිකුරු කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව සහ අප්‍රේල් මෝඩයාගේ දිනය

6u56u5b
ශ්‍රී ලාංකිකයින්ට මෙය සම්ප්‍රදායික හෝ සංස්කෘතික උත්සවයක් නොවුණද, බටහිර ආභාෂයත් සමඟ අපේ රටේ ද මෙම දිනය ඉතා ජනප්‍රිය වී තිබේ.

ශ්‍රී ලංකාවේ අප්‍රේල් 1 වැනිදා වඩාත්ම ජනප්‍රිය වන්නේ පාසල් ළමුන් සහ තරුණ පරපුර අතරයි. යහළුවන්ට කරන සරදම්, බොරු පණිවිඩ දී බිය ගැන්වීම වැනි කුඩා විහිළු අතීතයේ සිටම සිදුවිය.

අතීතයේ ශ්‍රී ලංකාවේ පුවත්පත් සහ ගුවන්විදුලි නාලිකා විසින් අප්‍රේල් 1 වැනිදාට හාස්‍යජනක බොරු පුවත් පළ කිරීමේ සම්ප්‍රදායක් තිබුණි. “අහවල් ප්‍රදේශයෙන් රන් නිධානයක් මතුවේ” හෝ “අහසින් මාළු වැස්සක්” වැනි පුවත් මගින් පාඨකයින්ව මනාව මුලා කළ අවස්ථා තිබේ.

වර්තමානයේදී ෆේස්බුක්, වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය හරහා විවිධ මීම්ස් සහ ව්‍යාජ පුවත් නිර්මාණය කරමින් මිතුරන්ව රැවටීම කලාවක් බවට පත්ව ඇත. ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ විවාහවීම්, හදිසි නිවාඩු දිනයන් වැනි බොරු පුවත් මේ දිනයේදී බහුලව හුවමාරු වේ.

අප්‍රේල් පළමුවැනිදා යනු මනුෂ්‍ය ජීවිතයේ ඇති ආතතීන් මඳකට හෝ අමතක කර දමා, සියලු දෙනාටම එකට එක්ව සිනාසීමට අවස්ථාවක් ලබා දෙන දිනයකි. කෙසේ වෙතත්, සාර්ථක අප්‍රේල් විහිළුවක රහස වන්නේ එයින් කිසිවෙකුගේ සිතට හෝ කීර්ති නාමයට හානියක් නොවන සේ, අවසානයේ රැවටුණු පුද්ගලයාට ද සිනාසිය හැකි මට්ටමේ විනෝදයක් ලබා දීමයි.

( අන්තර්ජාල මූලාශ්‍ර ඇසුරින්)

( lankalokaya | චමිඳු නිසල් ද සිල්වා)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...