The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය | පාස්කු මහමොළකරු පසෙක තබා සජිත්ව අල්ලා ගැනීම

T

The Leader Desk

April 4, 2026 • 6:01 AM

සජිත්ගේ දේශපාලන සතිය | පාස්කු මහමොළකරු පසෙක තබා සජිත්ව අල්ලා ගැනීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ප්‍රහාරය මේ දිනවල යළිත් රටේ ප්‍රධාන මාතෘකාවක් වී තිබේ.
  • ඒත්, එම පොතේ ඇති කරුණු පසෙක තබා පැලවත්ත මුල්තැන දී තිබෙන්නේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම පොත එළිදැක්වීමේ උත්සවයට යෑම ඉලක්ක කර ඔහුට පහරදීමේ ව්‍යාපෘතියකටය.
  • රටේ විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාසට උදය ගම්මන්පිලගෙන් ලැබුණු ආරාධනයකට අනුව සජිත් එහි ගොස් තිබූ අතර ඔහු උත්සවය පැවති ශාලාවේ විනාඩි 15ක් පමණ රැඳී සිට වෙනත් කටයුත්තක් සඳහා නික්ම ගොස් තිබුණේය.
  • ඒත් පොත එළිදැක්වූ පසුගිය අඟහරුවාදා රටේ ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත් කරගෙන තිබුණේ, සජිත් මේ උත්සවයට සහභාගීවීමය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ හිටපු අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිලගේ ‘පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු සොයා යෑම’ නම් පොත දොරට වැඩීම නිසාය.

ඒත්, එම පොතේ ඇති කරුණු පසෙක තබා පැලවත්ත මුල්තැන දී තිබෙන්නේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම පොත එළිදැක්වීමේ උත්සවයට යෑම ඉලක්ක කර ඔහුට පහරදීමේ ව්‍යාපෘතියකටය.

ඊට සමාජ මාධ්‍ය කිහිපයක් සහ විද්‍යුත් මාධ්‍ය කිහිපයක්ද සම්බන්ධය.

රටේ විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාසට උදය ගම්මන්පිලගෙන් ලැබුණු ආරාධනයකට අනුව සජිත් එහි ගොස් තිබූ අතර ඔහු උත්සවය පැවති ශාලාවේ විනාඩි 15ක් පමණ රැඳී සිට වෙනත් කටයුත්තක් සඳහා නික්ම ගොස් තිබුණේය.

 

පාස්කු මහමොළකරු පසෙක තබා සජිත්ව අල්ලා ගැනීම.
ඒත් පොත එළිදැක්වූ පසුගිය අඟහරුවාදා රටේ ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත් කරගෙන තිබුණේ, සජිත් මේ උත්සවයට සහභාගීවීමය.

පැලවත්තේ ඉහළම පුටුවල උපදෙස් පරිදි මාධ්‍ය කිහිපයක් ක්‍රියාත්මක කරමින් තිබූ මෙම සජිත් විරෝධී කැම්පෙන් එක පිළිබඳව සජබයේ තරුණ දේශපාලඥයින් ඇතුළු පිරිසක් දුරකථනය ඔස්සේ අදහස් හුවමාරු කරගෙත තිබූ අතර එහිදී සජබයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන එක් තරුණ මන්ත්‍රීවරයෙක් පෙන්වාදී තිබුණේ අපූරු උදාහරණයක්ය.

“ මචං, සජිත් ලොක්ක ගම්මන්පිලගේ පොතේ උත්සවයට ගියා කියලා අන්න කට්ටිය හෝගාල ලොක්කට මඩක් ගහනවා.බලපං මචං දැන් සුමානෙකට විතර ඉස්සෙල්ලා තිලංග සුමතිපාල ‘AN ISLAND OF BALANCE “ (සමබර දූපතක අනාගත බලාපොරොත්තුව) කියලා පොතක් එළිදැක්වුවා. ඒ පොත දොරට වැඩීමේ උත්සවයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන, මන්ත්‍රී නාමල් රාජපක්ෂ එක්ක ආණ්ඩුවේ සභානායක ඇමති බිමල් රත්නායකත් ගිහින් හිටියා. මට මතකයි 2024 රොෂාන් රණසිංහ ක්‍රීඩා ඇමති විදිහට ඉන්නකොට ක්‍රිකට් කේස් එක ඇවිලුණ වෙලාවේ, අනුරලා බිමල්ලා, විජිතලා, හඳුන්නෙත්තිලා තිලංගට බැනපු බැනිලි.  ඒ සෙට් එක හැමදාම තිලංගට බැන්නේ, රටේ දූෂිත ක්‍රිකට් නඩත්තු කරන, රේස් බුකී කාරයා කියලනේ. එතකොට මෙහෙම බැලුවම තිලංගගේ පොත එළිදක්වන්න වැඩේට බිමල් ගියපු එකත් වැරැද්දක් නේ බං. අහවල් එකකටද බිමල් තිලංගගේ පොතේ උත්සවයට ගියේ”


සජබයේ තවත් තරුණ දේශපාලඥයෙක් ඊට ප්‍රතිචාර දැක්වූවේ මෙලෙසය.

 

660455601 1475082103986607 5534200000190545456 n

“ මේකනේ මචං මමනම් මැද ඉඳන් බලන මිනිහෙක් විදිහට ඒකේ වරදක් දකින්නේ නෑ, බිමල් ගියේ තිලංගගේ ආරාධනාවකට නේ. අපේ ලොක්කත් ගියේ ගම්මන්පිලගේ ආරාධනාවකට නේ. බිමල් ඇමති, ඒ වගේම සභානායක, එතකොට අපේ ලොක්ක විපක්ෂ නායක, දෙන්නටම ආරාධනා දෙකක් එනවා පොත් දෙකක් එළිදක්වන උත්සව දෙකක. ඉතිං දෙන්න මේ පොතේ තියෙන කන්ටෙන්ට් එක හරී කියලා, ඒක අනුමත කරලා උත්සවවලට ගියා නෙමෙයි නේ. ඕක තමයි හොඳම උත්තරේ ඔය ලොක්කට ගහන මඩේ කෙළවන්න”

ඒ දුරකථන සංවාදයට එක්වී සිටි සජබයේ තරුණ ආසන සංවිධායකවරයකුත් මේකට නියම සොලියුෂන් එකක් දුන්නේය.

“ මෙහෙමනේ මචං, ලොක්ක ඔය උදයට පොත ලියන්න කිව්වෙත් නෑ, උදය එක්ක පොත ලිව්වෙත් නෑ, උදයට ලියන්න උපදෙස් දුන්නෙත් නෑ. ඒ පොතේ තියෙන දේවල් හරී කිව්වෙත් නෑ. ඒක නිසා ටිකක් දවස් ඕක මාලිමා සෙට්එක බයිට් එකට ගනීවි. උදය ගම්මන්පිලට පොදු විපක්ෂයේ සාකච්ජාවලදී සජිත්ව මීට්වෙන එක ගැටළුවක් නොවී, සජිත් උදයගේ පොතට ගිහින් හමුවීම ගැටළුවක් වෙන්නේ කෙහොමද මටනම් තේරෙන්නේ නෑ. මේවා මචං ආණ්ඩුවේ එදාවේල ගොඩදාගන්න කැම්පෙන් විතරයි, රටේ මිනිස්සු අන්තිමට බලන්නේ අනුර පාස්කු අපරාධකාරයෝ ඇල්ලුවද? එයාලට නඩු දාලා හිරේ යැව්වද කියන එක විතරයි. අනුර ගිය අවුරුද්දේ පාස්කු ඉරිදට ඉස්සෙල්ලා මහමොලකරු රටට හෙළි කරනවා කිව්වා දැන් 2026 පාස්කුත් මේ ඉරිදා එනවා තාම මොලකරු අනුරගේ ලාච්චුවේ. එළියට දැම්මේ නෑ. අන්න මම දැක්කා අණ්ඩුව පිල්ලෙයාන්, පිල්ලෙයාන් කිය, කිය ගියා අන්න පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සම්බන්ධ නෑ කියලා නිවුස්වලට කිව්වා. අනුරයා එක, එකාට චෝදනා කර, කර ගියාට අන්තිමට රටේ මිනිස්සුයි, කාදිනල් හිමි කෝ පාස්කු මහමොලකරු කවුද? කියලා අහපු දවසට ඉතිං ඊබ්‍රහිම් නානව තමයි අනුරටයි, පැලවත්තටයි පෙන්නන්න වෙන්නේ. අනුරත් පාස්කු අස්සේ දේශපාලන ගේම් නොගහා පරීක්ෂණ හරියට කරලා, 2029 අවුරුද්දෙදීවත් හරිදේ රටට කිව්වේ නැත්නම් පොර කපෝති. නැත්නම් මිනිස්සුට ආයෙත් මොනව කියන්නද? අනුරට බෑ කියලා තමයි කියන්න වෙන්නේ”

සජිත් වෙනුවෙන් රංජිත් පෙරට...

මේ අස්සේ පහුගිය බ්‍රහස්පතින්දා සජබ මාධ්‍ය හමුවට වාඩි වෙච්ච මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විපක්ෂ නායක සජිත්, උදය ගම්මන්පිලගේ පොත දොරට වැඩීමේ උත්සවයට යෑම ගැන මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්ණ කිරීම්වලට සෘජු පිළිතුරක් ලබාදුන්නේය.

WhatsApp Image 2026 04 04 at 8.53.46 AMසජිත් වෙනුවෙන් රංජිත් පෙරට.

“ ගම්මන්පිල මහත්තයගේ කෘතිය එළිදැක්වීමට විපක්ෂයේ පක්ෂ සියල්ල සම්බන්ධ වුණා. ඒත් ඒ කෘතියෙ තියෙන කරුණු ලිව්වේ අපිවත්, සජිත් ප්‍රේමදාස මහත්තයවත් මැදිහත්වෙලා හෝ, අනුදැනුමකින් නෙමෙයි. ඒකේ තියෙන හැම කරුණකටම සමගි ජනබලවේගය එකඟ වෙන්නේ නැහැ. පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් සමගි ජනබලවේගය මීට ඉස්සෙල්ලා සිටි ස්ථාවරයේම තමයි අදටත් ඉන්නේ. පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් කතෝලික ජනතාව විශාල පිරිසක් අගතියට පත්වුණා. මුස්ලිම් ජනතාවත් අගතියට පත්වුණා. පාස්කු ප්‍රහාරය නිසා 2019 ජනාධිපතිවරණයේදී වාසිය ගත්තේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. ඒ වගේම පාස්කු ප්‍රහාරයට උත්තර සොයන බව කියමින් 2024 වාසි ගත්තේ අනුර කුමාර දිසානායක මහත්තයා. එයා ජනාධිපතිවෙන්න පෙරොන්දු ගොඩක් දුන්නා. මේ අවස්ථා දෙකේදීම අවාසිය සිද්ධ වුණේ, සජිත් ප්‍රේමදාස මහත්තයට. කෙසේ නමුත් පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොළකරු සොයා ගත යුතුමයි. ඒ  පුද්ගලයාට හෝ කණ්ඩායම දඩුවම් ලබාදිය යුතුමයි. ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙළිකරන බව කිව්වත් තවමත්  වර්තමාන ආණ්ඩුව ඒකට අපොහොසත් වෙලා. ඒ වගේම තමයි අපි මතක් කරලා දෙන්න ඕන පාස්කු ප්‍රහාර ගැන සොයන්න දේශිය, විදේශිය විමර්ශකයින් පත් කරලා පැහැදිලි වැඩපිළිවෙලක් ලිඛිතව පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් කළේ සජිත් ප්‍රේමදාස මහත්තයා විතරයි. මම යළිත් කියනවා ගම්මන්පිල මහත්තයගේ කෘතියේ තිබෙන සියලුම දේවල්වලට සමගි ජනබලවේගය එකඟවෙන්නේ නැහැ.‘‘




ගහට - ගහක් හමුවූ මොරටුව

මේ දිනවල සමගි ජන බලවේගය විසින් ආසන මට්ටමින් සංවිධානය කරන “ පච මදිවට හොරු - අනුරට බෑ” සම්මන්ත්‍රණ මාලාව ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වන අතර එහි එක් වැඩසටහනක් මොරටුවේදී පැවැත්වුනා.

 

WhatsApp Image 2026 04 04 at 8.54.02 AMගහට - ගහක් හමුවූ මොරටුව
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සහභාගීවූ මේ සම්මන්ත්‍රණය ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණේ, ඔවුන් සමගියේ ප්‍රධානීන් දෙදෙනෙකු වීම නිසා පමණක් නොව පසුගිය සමයේ ඔවුන් අතර හිත් අමනාප කමක් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් පළ කර තිබීම නිසාය.

එහෙත් මොරටුවේ සම්මන්ත්‍රණය අවස්ථාවේ ළඟ අසුන් දෙකක වැඩිවී සිටි සජිත් සහ හර්ෂ ඉතා සුහදව එකිනෙකා අතර අදහස් හුවමාරු කරගන්නා අයුරු රැස්ව සිටි සියල්ලන්ට දැකගන්නට ලැබී තිබුනේය.

වර්ථමානයේ උද්ගතවෙමින් ඇති අර්බුදයට මුහුණ දීමට වත්මන් ආණ්ඩුවට පැහැදිලි  සැලසුම්සහගත වැඩපිළිවෙලක් නොමැති බව අවධාරණය කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී පෙන්වා දුන්නේ, ඒ වෙනුවෙන් සමගි ජනබලවේග විද්වතුන් සහ විශේෂඥයින් සමඟ රජයට නිරත්තරයෙන් යෝජනා ඉදිරිපත් කරන බවය.

WhatsApp Image 2026 04 04 at 8.54.02 AM 2ගහට - ගහක් හමුවූ මොරටුව

“ පසුගිය අවුරුද්දේ ජුනි මාසයේ ඉඳන් තමයි ඇමෙරිකාව විසින් ඊශ්‍රාලය සමග එක්වෙලා  ඉරානයට ප්‍රහාර එල්ල කරන්න මූලික අඩිතාලම දැම්මේ. ඒ අවස්ථාවේදීත් අපි පාර්ලිමේන්තුවේදී කිව්ව ඉදිරියේදී ලෝකය තුළ යුධමය වාතාවරණයක පෙර නිමිති පේනවා, රටක් විදිහට අපිත් ඊට සූදානම් විය යුතුයි කියලා. ඒත් ආණ්ඩුවේ මැති ඇමතිවරු,  කොරහේ කිඹුල්ලු දකිනවා කියලා අපිට හිනා වුනා. අද අපි කියපු දේ සත්‍ය වෙලා. ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කරනකොට, වෙනිසියුවේලානු ජනාධිපතිවරයා ඇමෙරිකානු හමුදාව අත්අඩංගුවට ගන්නකොට තමයි අපි මේ අනතුරු අඟවීම් කළේ.”


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් පෙන්වා දුන්නේ, බාල ගල් අඟුරු හේතුවෙන් විදුලි උත්පාදනය සිදුව ඇති බලපෑම සහ ඉදිරියේදී වැඩි කිරීමට යන විදුලි බිලේ බලපෑම් ගැනය.


WhatsApp Image 2026 04 04 at 8.54.02 AM 1ගහට - ගහක් හමුවූ මොරටුව
සජිත් මෙහිදී ආණ්ඩුවට වැදගත් යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කළේය.

“ මේ මැදපෙරදිග අර්බුදය හරහා අපිට ඊළඟට බලපෑම් එල්ල වෙන්නේ පෙහොරවලට, ඉදිරියේදී ඇතිවෙන පොහොර හිඟයට රජය මේ මෙහොතේ ඉඳන් විසඳුම් සෙවිය යුතුයි. අපිට ආරංචි විදිහට පොහොර මෙට්‍රික් ටොන් 70,000 විතර තමයි රට තුළ තියෙන්නේ, ඒක ප්‍රමාණවත් නෑ ඉදිරි කන්නය වගා කරන්න. ඉරානය පොහොර නිෂ්පාදනය නතර කර ඇති පසුබිමක ඕමාන්, කටාර්, එමීරේට් වගේ රටවල පොහොර නිෂ්පාදනයත් අඩුවෙමින් තියෙන්නේ, චීනය පොහොර අපනයනය තහනම් කරලා, එහෙම නම් අපි ඉන්දුනීසියාව, රුසියාව වගේ රටවල් සමඟ පොහොර සඳහා සාකච්ජා ආරම්භ කළ යුතුයි. යම් හෙයකින් පොහොර හිගයක් ඇති වුනොත් වගාවෙන් ගොවියා ඈත් වෙනවා, ඒ නිසා අස්වැන්න අඩුවෙලා ආහාර සුරක්ෂිතභාවයට බලපෑමක් වෙනවා. අපේ යෝජනාව නම් පොහොරවලට ගහලා තියෙන වැට් එක ඉවත් කිරීම මේ වෙලාවේ කාලෝචිතයි. ඒ වගේම මහාභාණ්ඩාගාරයේ තියෙන ජනතාවගේ බදු මුදල් මේ වගේ අවස්ථාවක ජනතාව ජීවත් කරවන්න යෙදවිය යුතුයි. ජනතාව මත ඇති බදු බර ඉවත් කරන්න සහන පැකේජයක් හඳුන්වා දිය යුතුයි කියලා අපිනම් යෝජනා කරනවා. මේ වගේ අවස්ථාවක තමයි අමාරුම ජනකොටස් අපි රැකගන්න ඕන”

බාල ගල්අඟුරු නිසා ඔබට දරන්න වෙන අතිරේක මුදල ගැන දන්නවද?


WhatsApp Image 2026 04 04 at 8.54.35 AMබාල ගල්අඟුරු නිසා ඔබට දරන්න වෙන අතිරේක මුදල ගැන දන්නවද?
මොරටුව සම්මන්ත්‍රණයේදී හර්ෂ ද සිල්වා ඉන්දන මිල ඉහළයාම නිසා ජනතාවට දරන්නට වෙන වියදම සහ බාල ගල්අඟුරු නිසා සිදුවන පාඩුවේ ස්භාවය සරළව පැහැදිළි කළේය.

“ අපේ රටේ දිනකට ඉන්දන බැරල් එක්ලක්ෂ පහලොස් දහසක් පාවිච්චි කරනවා. ලෝක වෙළඳපොලේ තෙල් බැරල් එකක් ඩොලර් 1 කින් වැඩි උනොත් ඒකේන් මාසෙක අපේ තෙල් වියදම රුපියල් බිලියන එකකින් වැඩිවෙනවා. සෘජුව අපේ ඉන්දන මිල එහෙම වැඩිවෙද්දී ගල්අඟුරු වංචාව නිසා අඩුවෙන විදුලිය ප්‍රමාණය නිපදවන්න දිනපතා ඩීසල් වැඩියෙන් යොදා ගැනීම හරහා අපිට මාසෙකට දරන්න වෙන අතිරේක වියදම කීයද? ඒකත් තවත් රු බිලියනයක් වෙනවා. දැන් අපිට තෙල් මිල ඩොලර් එකකින් ඉහළ ගියොත් මාසෙකට දරන්න වෙන අතිරේක වියදම රු බිලියන 2යි. ඒත් තෙල්මිල වැඩිවෙන්නේ ඩොලර් 1න් 2න් නෙමෙයි, ඩොලර් 10න් 20න් තමයි වැඩි වෙන්නේ, එතකොට ඒකේ බලපෑම නිසා මාසයක අපේ වියදම රු බිලියන 20 න් වැඩි වෙනවා. ඒකෙන් බිලියන 10ක්ම බාල ගල්අඟුරු හොරකම නිසා වෙච්ච විදුලිය උත්පාදනයේ මදිපාඩුව පියව ගන්න ඩීසල් බලාගාර දුවන්න වීම නිසා තමයි සිද්ධ වෙන්නේ. විදුලි බිල වැඩිකරලා පියව ගන්න හදන්නේ ඒ පාඩුව තමයි”


“පච මදිවට හොරු… අනුරට බෑ…”

සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන “පච මදිවට හොරු… අනුරට බෑ…” සම්මන්ත්‍රණ මාලාවට සමගාමීව දැන් විරෝධතා මාලිවක්ද සංවිධානය කර තිබෙන්නේ ආසන සංවිධායකවරුන්ගේද දැඩි ඉල්ලීමක් අනුවය.

එය දිනෙන් දින සාර්ථකව ඉදිරියට යද්දී, දහවල් සහ රාත්‍රී භේදයකින් තොරව එම උද්ඝෝෂණවලට ජනතාව එක්රොක් වෙමින් සිටින අයුරුද පෙනෙන්නට තිබේ.

එවැනි විරෝධතා තුනක් පසුගිය දා රත්ගම, හික්කඩුව,රඹුක්කන නගරවලදී ද පැවැත්වුණි.

 

WhatsApp Image 2026 04 04 at 8.54.47 AMWhatsApp Image 2026 04 04 at 8.54.47 AM 1“පච මදිවට හොරු… අනුරට බෑ…”
(මම | බංගලා හන්දියේ ලියුම්කරු)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...