The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නෙළුම් කුළුණ චිත්‍රපටයේ පුටුවේ වාඩි වී මිය ගිය පියා; රංජිත් පනාගොඩ | අනුර හොරේෂස්

T

The Leader Desk

April 5, 2026 • 6:06 AM

නෙළුම් කුළුණ චිත්‍රපටයේ පුටුවේ වාඩි වී මිය ගිය පියා; රංජිත් පනාගොඩ | අනුර හොරේෂස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දක්ෂ රංගන ශිල්පියකු හා සිනමා තිර පිටපත් රචකයකු වන කුමාර තිරිමාදුරගේ අලුත්ම සිනමා අධ්‍යක්ෂණය වන්නේ ‘බාල්රාජ්’ චිත්‍රපටයයි.
  • එම චිත්‍රපටය පුරා මළ සිරුරක් ලෙස රඟපෑවේ රංජිත් පනාගොඩයි.
  •   රඟපෑම සඳහා නළුවෙකුට ඔහුගේ කඩවසම් පෙනුම, රංගන කුසලතාව, දෙබස් උච්චාරණයේ මනා හැකියාව, සටන් සහ ගී ගායන නිරූපණ හැකියාව ඇතුළු තවත් කරුණු රාශියක් අවශ්‍ය වේ.
  • නමුත් ඒ කිසිදු අංශයකින් තමන්ගේ කුසලතා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොමැතිව, මළ සිරුරක් ලෙස රඟපා මුළු මහත් ප්‍රේක්ෂක අවධානය දිනා ගැනීම එක්තරා ආශ්චර්යයකි.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් ආරම්භ වූයේ පසුගිය 01 වැනිදා පාදුක්කේදීය. එහිදී මට එහි රඟපාන නළු නිළියන් අතර සිටි රංගන ශිල්පී රංජිත් පනාගොඩ හඳුනා ගැනීමට ලැබුණේ අහම්බෙනි. ඔහු දුටු විගස මට සිහිපත් වූයේ “නෙළුම් කුළුණ” චිත්‍රපටයයි. එම චිත්‍රපටය පුරා මළ සිරුරක් ලෙස රඟපෑවේ රංජිත් පනාගොඩයි. ඒ හාන්සි පුටුව මත මියගිය පියකුගේ චරිතයයි. ප්‍රාණවත් වූ ලිංගික අවයවය සමඟ මියගොස් සිටි පියාගේ චරිතය වටා “නෙළුම් කුළුණ” චිත්‍රපට කතාව ගෙතී තිබිණි.

 

bt

රඟපෑම සඳහා නළුවෙකුට ඔහුගේ කඩවසම් පෙනුම, රංගන කුසලතාව, දෙබස් උච්චාරණයේ මනා හැකියාව, සටන් සහ ගී ගායන නිරූපණ හැකියාව ඇතුළු තවත් කරුණු රාශියක් අවශ්‍ය වේ. නමුත් ඒ කිසිදු අංශයකින් තමන්ගේ කුසලතා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොමැතිව, මළ සිරුරක් ලෙස රඟපා මුළු මහත් ප්‍රේක්ෂක අවධානය දිනා ගැනීම එක්තරා ආශ්චර්යයකි. ප්‍රාණවත් වූ ලිංගය සමඟ මියගිය පියා අතිශයින් ජනප්‍රිය වූයේ ඒ අයුරිනි. එම චරිතය නිරූපණය කළ රංජිත් පනාගොඩ මේ ආකාරයට සිය අත්දැකීම් මා සමඟ විස්තර කරන්නට විය.

nelum kuluna3

බාල් රාජ් දර්ශන පසුතලයේ දී ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී අනුර හොරේෂස් සමඟ

 

“සහාය අධ්‍යක්ෂවරයකු වන නිරූෂන් එදිරිමාන්න මෙම චරිතය පිළිබඳ මා සමඟ සාකච්ඡා කළා. නමුත් මේ වැනි රඟපෑමකින් පසුව සමාජයට මුහුණ දෙන්නේ කෙසේද යන බරපතල ප්‍රශ්නයක් මට මතු වුණා. අධ්‍යක්ෂ ඉලංගෝ වානන් සහ ඔහුගේ බිරිඳ වන ‘නෙළුම් කුළුණ’ නිෂ්පාදිකා හිරන්‍යා පෙරේරා ද මා සමඟ මෙම චරිතය පිළිබඳ සාකච්ඡා කළා.

 

nelum kuluna1

“මළ මිනියකට රඟපාන්න බැහැ. නමුත් ජීවිතයේ අවසන් මොහොතේ මුහුණේ මැවෙන ඉරියව්ව ඉතා ප්‍රබලයි. හාන්සි පුටුව මත පියා මිය යන්නේ ස්වාභාවිකව නොවෙයි. ඔහු ‘ව්‍යාග්‍රා’ නමැති අධිමාත්‍ර ලිංගික උත්තේජන පෙති භාවිත කර අසභ්‍ය වීඩියෝවක් නරඹමින් සිටියදී ඇති වූ හෘදයාබාධයකින්.

ඒ අවසන් මොහොතේ මෙම පුද්ගලයාට දරාගත නොහැකි පීඩනය කෙබඳුද යන්න පිළිබඳ මම කල්පනා කළා. ඒ අනුවයි අඩවන් වූ ඇස් සහ මුව විවර වී මෙම පුද්ගලයා මිය යන බව මම උපකල්පනය කළේ. මගේ අදහසට අධ්‍යක්ෂතුමාගේ එකඟතාව හිමි වුණා. පියාගේ මළ සිරුර පුතුන් දෙදෙනා විසින් නිදන ඇඳට දැමූ පසුවයි බාල පුතා පියාගේ දෑස සහ මුව වසා දමන්නේ.”

 nelum kuluna2 189x280

රංජිත් පනාගොඩ

“මම විවාහකයි. මගේ බිරිඳ ශ්‍රියානි පද්මකාන්ති. මට තරුණ වයසේ පිරිමි දරුවන් දෙදෙනෙක් සිටිනවා. ඔවුන් සියලු දෙනා මෙන්ම පිරිමි දරුවන් දෙදෙනාගේ පෙම්වතියන්ද මෙම චිත්‍රපටය නැරඹුවා. ඔවුන් මට පැවසුවේ ‘කිසි ප්‍රශ්නයක් නැහැ… වෙරි ගුඩ්’ කියායි. චිත්‍රපටය නැරඹූ කාන්තාවන්ට මෙම සිදුවීම මහා ප්‍රහසනයක් වුණා. සමහරු සිනමා ශාලාවෙන් පිටතට පැමිණියේ සිනහව අතරින් කඳුළු සලමින්.”

” ‘නෙළුම් කුළුණ’ චිත්‍රපට නිර්මාණයේදී ප්‍රවීණ රංගන ශිල්පීන් වන කෞශල්‍යා ප්‍රනාන්දු, චාන්දනී සෙනෙවිරත්න, සුලෝචනා වීරසිංහ සහ ප්‍රියන්ත සිරිකුමාර මියගිය පියාගේ ළඟම ඥාතීන් ලෙස රඟපෑවා. ඔවුන් කිසිම විටෙක මෙම රූපගත කිරීම්වලදී හුදු හාස්‍ය මුසු හැඟීමකින් හැසිරුණේ නැහැ. මොකද ඔවුන් මෙය විහිළුවක් ලෙස නොසැලකූ නිසා. චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂ අජන්ත විසින් ගෙන එන ලද රබර් උපකරණයක් (Toy) බඳ පටියකට සවිකර අදාළ ප්‍රදේශයට තබා සකස් කළ පසු රූපගත කිරීම් ඇරඹුණා,” යැයි රංගවේදී රංජිත් පනාගොඩ මා හා කීය.

anura horeshas(සටහන |අනුර හොරේෂස්)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

උපුටා ගැනීම - vinivida.lk

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නෙළුම් කුළුණ චිත්‍රපටයේ පුටුවේ වාඩි වී මිය ගිය පියා; රංජිත් පනාගොඩ | අනුර හොරේෂස් | The Leader