The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජනපති අනුර අතින් ගත් පිඟානෙන් බත් කෑමේ සිට රාජ්‍ය නායකයන්ගේ සරල හැසිරීම්

T

The Leader Desk

April 7, 2026 • 6:04 AM

ජනපති අනුර අතින් ගත් පිඟානෙන් බත් කෑමේ සිට රාජ්‍ය නායකයන්ගේ සරල හැසිරීම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය දිනවල ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යවල දක්නට ලැබුණි. අනුර කුමාර දිසානායක ජනපතිවරයා, කේ. ඩී. ලාල් කාන්ත අමාත්‍යවරයා විසින් කඩුවෙල, වැලිවිට, ජුසේ මාවතේ ඉදිකරන ලද සුවිසල් නිවසේ දානමය පින්කමට සහභාගී වූ අවස්ථාව එහි දැක්විණි.
  • අනුර කුමාර ජනපතිවරයා කෙසේ වෙතත්, මෙම සරල බව පිළිබඳ සමාජයේ කතාබහක් ඇති වෙද්දීම, මෙම සිදුවීමට පාදක වූ නිවස සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් ද මතු විය.
  • ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන අභීත එදිරිසිංහ විසින් 1818 පොලිස් හදිසි ඇමතුම් අංශය දුරකතනය මඟින් අමතමින් මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද ඉදිරිපත් කරන ලදී.
  • එහිදී ඔහු කියා සිටියේ ගවේෂණාත්මක යූටියුබ් (YouTube) නාලිකාවක් වන ‘ඩාර්ක් රූම්’ (Dark Room) මඟින් කළ හෙළිදරව්වකට අනුව, කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම නිවස, ව්‍යාපාරික නිශ්ශංක සේනාධිපතිගෙන් ලබාගත් කප්පම් මුදල්වලින් ඉදිකරන ලද්දක් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ ඡායාරූපයේ ජනපතිවරයා සමඟ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ලාල් කාන්ත අමාත්‍යවරයා ද සිටිනු දක්නට ලැබිණි. මිනිසුන්ගේ මතකයේ රැඳුණේ ජනපතිවරයා එහි හැසිරුණු ආකාරයයි. ඔහු ඉතා සන්සුන්ව, ආරක්ෂක වැටකඩොලුවලින් තොරව, සාමාන්‍ය ස්වරූපයෙන් සිටිනු එහි දක්නට ලැබුණි. එසේම, ඔහු කිසිදු නිල මට්ටමකින් තොරව, තමන්ගේ බත් පිඟාන අතින් ගෙන සරලව ආහාර ගන්නා අයුරු දැක්වෙන ඡායාරූපය සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් හුවමාරු වූයේ ඒ සම්බන්ධ විවිධාකාර අදහස් ද සමඟිනි.

anura foodඅනුර කුමාර ජනපතිවරයා
කෙසේ වෙතත්, මෙම සරල බව පිළිබඳ සමාජයේ කතාබහක් ඇති වෙද්දීම, මෙම සිදුවීමට පාදක වූ නිවස සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් ද මතු විය. ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන අභීත එදිරිසිංහ විසින් 1818 පොලිස් හදිසි ඇමතුම් අංශය දුරකතනය මඟින් අමතමින් මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද ඉදිරිපත් කරන ලදී. එහිදී ඔහු කියා සිටියේ ගවේෂණාත්මක යූටියුබ් (YouTube) නාලිකාවක් වන ‘ඩාර්ක් රූම්’ (Dark Room) මඟින් කළ හෙළිදරව්වකට අනුව, කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම නිවස, ව්‍යාපාරික නිශ්ශංක සේනාධිපතිගෙන් ලබාගත් කප්පම් මුදල්වලින් ඉදිකරන ලද්දක් බවයි.

අදාළ යූටියුබ් නාලිකාව මඟින් සිදු කළ අනාවරණයේ විශ්වසනීයත්වය පිළිබඳ විමර්ශනය කිරීම අපගේ අරමුණ නොවේ. එමෙන්ම එම දුරකතන සංවාදය පිළිබඳ දීර්ඝ විශ්ලේෂණයක නිරත වීමට ද අප බලාපොරොත්තු නොවන අතර, මෙහිදී අප අවධානය යොමු කරන්නේ ජනපතිවරයා පෙන්වූ සරල හැසිරීමට සමාන හැසිරීම් ලෝක නායකයන් ද පෙන්වා ඇති බව පෙන්වා දීමට පමණි.

house lal
මෙම ඡායාරූපය ව්‍යාප්ත වූයේ ඒවායේ වූ අසාමාන්‍ය සාමාන්‍ය බව නිසාවෙනි. ඉහළම තනතුරක සිටින අයෙකු මෙතරම් සරල වීම කාටත් නැවුම් අත්දැකීමක් වුවත්, එහි යටි අරමුණ ගැන ප්‍රශ්නයක් මතු වේ. එනම් මෙය ඔහුගේ සැබෑ ස්වභාවය ද, එසේත් නැතිනම් දේශපාලන උපක්‍රමයක් ලෙස සැලසුම් කළ රංගනයක් ද යන්නයි. අප එසේ පවසනුයේ වත්මන් මාලිමා ආණ්ඩුව බලයට පත් කර ගැනීම සම්බන්ධයෙන් වත්මන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඇතුළු මාලිමා නායකයන් කලින් කළ කී දේ සම්බන්ධයෙන් වෙනම සමාජ කතිකාවක් පැන නැඟී ඇති පසුබිමක ය.

නමුත් ලෝක නායකයන් සම්බන්ධයෙන් ද මෙවැනි සිදුවීම් අපි විවිධ අවස්ථාවලදී දැක ඇත්තෙමු. ලොව පුරා නායකයන් බොහෝ විට තම නිල බලයෙන් මඳකට ඉවත්ව, සරල සහ සමීප ආකාරයෙන් පෙනී සිටීමට උත්සාහ කරනු ද බොහෝ මාධ්‍ය ඔස්සේ අපි දැක ඇත්තෙමු. ස්වාභාවිකව හෝ සැලසුම් සහගතව හෝ සිදුවන මෙවැනි අවස්ථා සමාජය තුළ ප්‍රබල හැඟීමක් ඇති කිරීමට සමත් වෙයි.

uruguweඋරුගුවේ ජනපතිවරයාව සිටි හොසේ මුජිකා

මීට දිය හැකි හොඳම උදාහරණයක් වන්නේ 2010 සිට 2015 දක්වා උරුගුවේ ජනපතිවරයාව සිටි හොසේ මුජිකා ය. ඔහු ජනාධිපති ධුරය දරන කාලයේ පවා නිල නිවසේ පදිංචි නොවී කුඩා ගොවිපළක ජීවත් වීමට තීරණය කළේය. ඔහු පාවිච්චි කළේ පැරණි මෝටර් රථයකි. එසේම ඔහු සිය වැටුපෙන් වැඩි කොටසක් පරිත්‍යාග කළේය. ඔහුගේ සරල බව ප්‍රසිද්ධ උත්සවවලට පමණක් සීමා වූවක් නොව, එය ඔහුගේ දෛනික ජීවිතයේම කොටසක් විය. මෙම නොසැලෙන පැවැත්ම නිසාම ජනතාව ඔහුගේ ක්‍රියාවන් හුදු සංකේතයන් නොව සැබෑ අවංක හැසිරීම් ලෙස පිළිගත්තහ.

narendra modi riverඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද පොදු පිරිසිදු කිරීමේ වැඩසටහන්වලට සහභාගී වෙමින් සහ සාමාන්‍ය වැසියන් සමඟ සමීපව කතාබස් කරමින් එදිනෙදා ජීවිතය නිරූපණය කරන අවස්ථා නිතර දක්නට ලැබේ. විශේෂයෙන් ආගමික වතාවත් සඳහා ගංගාවන්ට බැසීමේදී ඔහු ද සෙසු සාමාන්‍ය වැසියන් සේ හැසිරෙනු නිතරම දක්නට ලැබෙන්නකි.

trudoකැනඩාවේ වත්මන් අගමැති ජස්ටින් ටෘෘඩෝ
jasindaනවසීලන්තයේ 40 වැනි අගමැතිනියව සිටි ජසින්ඩා ආර්ඩර්න්

කැනඩාවේ වත්මන් අගමැති ජස්ටින් ටෘෘඩෝ වැනි නායකයන් ජනතාව සමඟ ඉතා සැහැල්ලුවෙන් වැඩ කටයුතු කරන අයුරුත්, නවසීලන්තයේ 40 වැනි අගමැතිනියව සිටි ජසින්ඩා ආර්ඩර්න් ඇයගේ උණුසුම් සහ සරල සන්නිවේදන විලාසය නිසා ඇගයීමට ලක්වන අයුරුත් අප දැක ඇත.

ALPHA, IL - AUGUST 17:  U.S. President Barack Obama shakes hands with people after speaking at a town hall style meeting at Country Corner Farm Market on August 17, 2011 in Alpha, Illinois. President Obama is on the last day of a three-day bus tour of Minnesota, Iowa and Illinois during which he will discuss ways to improve the economy and create jobs, and hear directly from Americans.  (Photo by Joe Raedle/Getty Images)හිටපු ජනාධිපති බැරැක් ඔබාමා
ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනපතිවරයකු වූ බැරැක් ඔබාමා පවා එදිනෙදා කටයුතු ඔස්සේ තමන් වෙත පහසුවෙන් ළඟා විය හැකි පුද්ගලයෙකු බව පෙන්වන ප්‍රතිරූපයක් ගොඩනඟා ගත්තේය.


anjelaජර්මනියේ හිටපු චාන්සලර්වරිය වූ ඇන්ජෙලා මර්කල්
ජර්මනියේ (Germany) හිටපු චාන්සලර්වරිය වූ ඇන්ජෙලා මර්කල් ප්‍රසිද්ධියට පත් වූයේ ඇගේ සරල ජීවන රටාව නිසාය. ලෝකයේ බලවත්ම තනතුරක් දැරූවද, ඇය සිය ධනය හෝ බලය ප්‍රදර්ශනය කිරීමෙන් වැළකී සිටියාය. ඇය නිතරම පාහේ ඉතා සරල ඇඳුම් පැළඳුම් භාවිතා කළ අතර, පෞද්ගලික ජීවිතයේදී ද අතිශය චාම් ස්වභාවයක් පවත්වා ගැනීමට වගබලා ගත්තාය. බඩු භාණ්ඩ මිල දී ගැනීම සඳහා ඇය වෙළෙඳසල්වලට ගොඩ වීම නිතර දක්නට ලැබුණු දෙයක් විය.

BOLIVIA - JUNE 13:  Evo Morales, right, president of Bolivia, holds up a young girl wearing traditional dress upon his arrival to Tarija, Bolivia, Wednesday, June 13, 2007, for the XVII Community of Andean Nations, or CAN, meeting.  (Photo by Zacarias Garcia/Bloomberg via Getty Images)බොලිවියාවේ (Bolivia) හිටපු ජනාධිපතිවරයා වූ ඒවෝ මොරාලස්
බොලිවියාවේ (Bolivia) හිටපු ජනාධිපතිවරයා වූ ඒවෝ මොරාලස් (Evo Morales) බොහෝ විට පෙනී සිටියේ ආදිවාසී සහ වැඩකරන ජනතාව සමඟ සමීප සබඳතාවක් ඇති නායකයෙකු ලෙසය. ඔහුගේ ඇඳුම් පැළඳුම්, භාෂා විලාසය සහ ප්‍රසිද්ධියේ හැසිරෙන ආකාරය එම අනන්‍යතාව නිරූපණය වන පරිදි සකස් වී තිබුණි. මේ නිසා ඔහු රටේ බහුතර ජනතාවට වඩාත් සමීප නායකයෙකු බවට පත්විය.

කෙසේ වෙතත්, නායකයෙකු යනු කවුදැයි තීරණය වන්නේ එකම එක අවස්ථාවකින් නොව, ඔහු දිගින් දිගටම පෙන්වන හැසිරීම් රටාවෙනි. සැබෑ සරල බව කිසිවෙකු බලා නොසිටින විට පවා නොවෙනස්ව පවතී. මිනිසුන් යමක් විශ්වාස කළ යුතුද නැද්ද යන්න තීරණය කරන්නේ එම ස්ථාවරභාවය දෙස බැලීමෙනි.


Niranjan Chaminda
(සටහන | නිරංජන් චාමින්ද කරුණාතිලක)
hnckcreations@gmail.com

උපුටා ගැනීම -vinivida.lk

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...