The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අලුත් අවුරුදු සමයේ ‘තිරික්කල් රේස්’ අදටත් ගැලපේ ද? | රීටා ජෙනට් පෙරේරා

T

The Leader Desk

April 8, 2026 • 7:22 AM

අලුත් අවුරුදු සමයේ ‘තිරික්කල් රේස්’ අදටත් ගැලපේ ද? | රීටා ජෙනට් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වත්මන් පරපුරට නුහුරු වුවද, මීට දශක කිහිපයකට පෙර මෙරට පහත රට පෙදෙස්වල සිංහල අලුත් අවුරුදු සමයේ ‘තිරික්කල් රේස්’ නොහොත් කරත්ත තරඟ අනිවාර්ය අංගයක් විය.
  • එමෙන්ම ඔවුන්ගේ තරුණ පුතුන් මෙම තිරික්කල්වල නැඟී ගම් දනව් සිසාරා වේගයෙන් “පියඹන්නට” වූයේ ඒවායේ ආධිපත්‍යය ද තමන් සතු බව අඟවමිනි.
  • කෙසේ වෙතත්, මෙම පාරම්පරික කලාව අභාවයට යාමේ අවදානම සලකා, තිරික්කල්කරුවන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් පසුගිය 03 වන දා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් හමු වී සිය ගැටලු ඉදිරිපත් කළහ.
  • එහිදී පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට පත්වුවද, ගවයාට තුවාල නොමැති බව පොලිසිය තහවුරු කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙය හුදෙක් ක්‍රීඩාවක් පමණක් නොව, එකල රේන්ද සහ මිනිරන් කර්මාන්තයෙන් ධනවත් වූ මුදලි මුහන්දිරම්වරුන්ගේ පවුල්වල ගෞරවය පිළිබඳ ප්‍රශ්නයක් ලෙස ද සැලකුණි. එමෙන්ම ඔවුන්ගේ තරුණ පුතුන් මෙම තිරික්කල්වල නැඟී ගම් දනව් සිසාරා වේගයෙන් “පියඹන්නට” වූයේ ඒවායේ ආධිපත්‍යය ද තමන් සතු බව අඟවමිනි.

thirikkal rase1

එමෙන්ම මෙම ප්‍රභූන් සතුව රේස් සඳහාම විශේෂයෙන් පුහුණු කළ ‘හම්බන්’ ගවයන් සහ සැහැල්ලු තිරික්කල් කිහිපයක්ම තිබූ අතර, තම මිතුරන් සමඟ වර්තමාන වටිනාකමෙන් ලක්ෂ කෝටි ගණනින් ඔට්ටු අල්ලමින් මෙම තරඟ අතිශය උණුසුම් අයුරින් පවත්වා තිබේ. වේගය ඉලක්ක කර ගනිමින් සැහැල්ලු ලීවලින් නිපදවන තිරික්කලය හැසිරවීමට ධාවකයාට සුවිශේෂී සමබරතාවයක් අවශ්‍ය වන අතර, මේ සඳහා යොදාගන්නා ගවයාට කුඩා කල සිටම විශේෂ ආහාර සහ ව්‍යායාම ලබා දෙමින් ජවය වර්ධනය කරනු ලබයි. මගේ විශ්වාසයේ හැටියට මෙය ලෝක ප්‍රකට තුරඟ තරඟ සඳහා සියවස් ගණනාවක සිට අප සමාජය තුළ දක්නට ලැබුණු දේශීය ආරෝපණයක් හෝ දකුණු ඉන්දියාවෙන් අපට හිමි වූ ක්‍රීඩාවකි.

thirikkal rase2

කෙසේ වෙතත්, මෙම පාරම්පරික කලාව අභාවයට යාමේ අවදානම සලකා, තිරික්කල්කරුවන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් පසුගිය 03 වන දා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් හමු වී සිය ගැටලු ඉදිරිපත් කළහ. මීට ආසන්නතම හේතුව වූයේ හලාවත ප්‍රදේශයේ පැවැති තරඟයකදී සිදු වූ අනතුරක් මුල් කරගෙන සත්ව සුබසාධන සංවිධාන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමයි. එහිදී පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට පත්වුවද, ගවයාට තුවාල නොමැති බව පොලිසිය තහවුරු කර තිබේ. තම අරමුණ සත්ව හිංසනය නොව සංස්කෘතික උරුමය රැක ගැනීම බව අවධාරණය කරන සංගමය, ඉදිරි අවුරුදු සමයේ තරඟ පැවැත්වීමට රජය පිළිගත් නීතිමය මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙසත්, වාහන තදබදය අඩු සති අන්ත දිනවල පෙ.ව 6.30 සිට 7.00 දක්වා පුහුණුවීම් සඳහා අවසර ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියි.

නූතන සමාජ චින්තනය තුළ මෙම ක්‍රීඩාව දෙස බලන ආකාරය බෙහෙවින් වෙනස් වී ඇත්තේ සත්ව අයිතිවාසිකම් සහ සමාජ ආරක්ෂාව පිළිබඳ පවතින ගැටලු හේතුවෙනි. විශාල ජනකායකගේ කෑගැසීම් හමුවේ සතුන් දැඩි මානසික පීඩනයට පත්වීම, වේගය වැඩි කිරීම සඳහා වලිගයෙන් ඇදීම වැනි අමානුෂික ක්‍රියා සිදුවීම සහ වත්මන් රථවාහන බහුල මාර්ගවල ගවයෙකු කුලප්පු වීමෙන් සිදුවිය හැකි මාරක අනතුරු පිළිබඳව සමාජයේ බොහෝ පිරිස් අනතුරු අඟවති. එමෙන්ම, මෙම උද්වේගකර ක්‍රීඩාව ඇතැම් විට ලේ වැගිරීම් සහ අපරාධ දක්වා දුරදිග යාමේ ප්‍රවණතාවක් ද පවතී. මීට වසර කිහිපයකට පෙර මන්නාරම, උයිලන්කුලම ප්‍රදේශයේදී තරඟයක ජයග්‍රහණය පිළිබඳ ඇති වූ ආරවුලකින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඝාතනය වීම මෙයට කදිම නිදසුනකි.

thirikkal rase3

 

ගම්පහ, මිනුවන්ගොඩ, මීගමුව, කටුනායක, හලාවත සහ දකුණු පළාතේ ප්‍රචලිත වූ මෙම කලාව ගැමියාගේත් ගවයාගේත් ශක්තිය විදහා දක්වන සංස්කෘතික අංගයක් බව සැබෑවකි. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා සත්ව සුබසාධනය සුරැකෙන ක්‍රමවේදයක් සකස් කරන බව පැවසුවද, කුකුළු පොර සහ ජල්ලි කට්ටු වැනි ක්‍රීඩා අභාවයට යන යුගයක, මුදල් ඔට්ටු සහ ප්‍රචණ්ඩත්වය මිශ්‍ර වූ මෙවැනි ක්‍රීඩාවක් තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ සමාජ-සංස්කෘතික පදනමක් ඇත්දැයි යන්න බුද්ධිමත්ව විමසා බැලිය යුතු කාලය එළඹ ඇත.

Reeta Jenet Perera(සටහන | රීටා ජෙනට් පෙරේරා)
නිදහස් මාධ්‍යවේදිනී
madampagereetajenet@gmail.com


උපුටා ගැනීම - vinivida

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...