The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ට්‍රම්ප් සමතලා කරනවා කියූ ඉරානය තීරණාත්මක බලයක් අතට අරගෙන | කුසල් පෙරේරා

T

The Leader Desk

April 9, 2026 • 3:24 PM

ට්‍රම්ප් සමතලා කරනවා කියූ ඉරානය තීරණාත්මක බලයක් අතට අරගෙන | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දින කිහිපයකින් අවසන් කරනවා යැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියූ ඉරානයට එරෙහි පෙබරවාරි 28 වන දින හමුදා ප්‍රහාරයට,
  • ඉරාන උත්තරීතර මණ්ඩලයේ නායකත්වය ඉලක්ක කළ ඊශ්‍රායල හා ඇමෙරිකානු බුද්ධි අංශ නොදැන සිටි ප්‍රති-ප්‍රහාරක ශක්තියක් ඉරානය සතුව ඇතැයි ලෝකෙටම තේරුම් ගන්නට සතියක්වත් ගත වූයේ නැත.
  • දැඩි ආරක්ෂා සහිතව තිබූ ඊශ්‍රායෙල් අගනුවර බරපතල ලෙස විනාශ කරන්නත් අගමැති නෙතන්යාහු පලා ගොස් යැයි කතා පැතිරෙන්නටත් තරම් ටෙල් අවිව් වෙත ඉලක්ක කෙරුණු ඉරාන ප්‍රති ප්‍රහාර බරපතල් විය.
  • ඇමෙරිකාව සමග කිසිදු සාම සාකච්ඡාවක් කරන්නේ නැතැයි ඉතා දඩබ්බර තීන්දුවක සිටි ඉරාන “උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලය” ඔවුන්ගේ අනිවාර්ය කොන්දේසි 15 ක ලේඛනයක් මාර්තු අවසන් සතියෙහි ප්‍රසිද්ධ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

මාසයක් ගතවන විටත් දැකිය හැකි අවසානයක් නොවුනි. ඉරාන උත්තරීතර මණ්ඩලයේ නායකත්වය ඉලක්ක කළ ඊශ්‍රායල හා ඇමෙරිකානු බුද්ධි අංශ නොදැන සිටි ප්‍රති-ප්‍රහාරක ශක්තියක් ඉරානය සතුව ඇතැයි ලෝකෙටම තේරුම් ගන්නට සතියක්වත් ගත වූයේ නැත.

දැඩි ආරක්ෂා සහිතව තිබූ ඊශ්‍රායෙල් අගනුවර බරපතල ලෙස විනාශ කරන්නත් අගමැති නෙතන්යාහු පලා ගොස් යැයි කතා පැතිරෙන්නටත් තරම් ටෙල් අවිව් වෙත ඉලක්ක කෙරුණු ඉරාන ප්‍රති ප්‍රහාර බරපතල් විය. එනිසා ඊශ්‍රායෙලය මුහුණ දෙන මිසයිල ප්‍රහාර හා විනාශ සම්බන්ධ ප්‍රවෘත්ති දැඩි වාරණයකට ලක් කෙරුණි. එතැන් සිට ට්‍රම්ප්ගේ ජයග්‍රාහී වහසි බස් අතරට, සටන් විරාම, ද්විපාර්ශික සාකච්ඡා සම්බන්ධ යෝජනාද එකතු වන්නට විය.

ඇමෙරිකාව සමග කිසිදු සාම සාකච්ඡාවක් කරන්නේ නැතැයි ඉතා දඩබ්බර තීන්දුවක සිටි ඉරාන “උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලය” ඔවුන්ගේ අනිවාර්ය කොන්දේසි 15 ක ලේඛනයක් මාර්තු අවසන් සතියෙහි ප්‍රසිද්ධ කළේය. එය ප්‍රතික්ෂේප කළ ජනාධිපති ට්‍රම්ප්ද යෝජනා මාලාවක් ඉදිරිපත් කළේය. පකිස්තාන මැදිහත්වීම ආරම්භ වන්නේ ඒ ඇමෙරිකානු ඉල්ලීම් සමග ය.  

cfhdrtert
අප්‍රේල් 07 වන දින, ලොවම අලුත් හුස්මක් ගත්තේ, ට්‍රම්ප් දෙසතියක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර, ඉරානය සමග සාකච්ඡා ආරම්භ කරනවා යැයි කියූ නිසා නොව, ඉරානය එම ප්‍රවෘත්තිය සනාථ කළ නිසාවෙනි. පකිස්තානයේ අතරමැදි කාර්ය සමග ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග අප්‍රේල් 10 වන දින ඉස්ලමාබාද් නුවරදී විසඳුම් සාකච්ඡා කිරීමට ඉරානය එකඟව ඇත්තේ ඔවුන් ජනාධිපති ට්‍රම්ප් වෙත යොමු කළ ඔවුන්ගේ කොන්දේසි 10 ක යෝජනා මාලාව, සාකච්ඡා කිරීමට ජනාපධිති ට්‍රම්ප් කැමැත්ත ප්‍රකාශ කිරීමත් සමගය. එහි ප්‍රාරම්භක සම්මුතිය වන්නේ හෝමුස් සමුද්‍රවංකය ඉරාන අධීක්ෂණය යටතේ නාවික ගමනා ගමනයට විවෘත කිරීම ය.  

ඉස්ලමාබාද් නුවරදී අප්‍රේල් 10 වන දින ඇමෙරිකාව සාකච්ඡා කිරීමට සූදානම් වන ඉරාන කෙන්දේසි 10 වන්නේ,


(1) ප්‍රතිපත්තිමය වශයෙන් ඇමෙරිකාව ආක්‍රමණශීලි කිසිවකට ඉඩ නොතැබීමට සහතිකවීම 
 
(2) හෝමුස් සමුද්‍රවංකයෙහි ඉරාන ආධිපත්‍ය පවත්වා ගැනීම 
 
(3) යුරේනියම් පරිපහදුව පිළිගැනීම 
 
(4) සියලු මූලික සම්භාධක ඉවත් කිරීම 
 
(5) සියලු ද්විතියික සම්භාධක ඉවත් කිරීම 
 
(6) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඉරානයට අදාල යෝජනා සියල්ල අහෝසි කිරීම 
 
(7) න්‍යෂ්ඨික බලය සම්බන්ධ ජාත්‍යන්තර ආයතනයේ පාලක මණ්ඩලයේ ඉරානයට අදාල සියලු යෝජනා අහෝසි කිරීම 
 
(8) ඉරානයට හානීපූර්ණ වන්දි ගෙවීම 
 
(9) අරාබි කලාපයෙන් ඇමෙරිකානු හමුදා කඳවුරු සියල්ල ඉවත්කර ගැනීම සහ 
 
(10) ලෙබනනයෙන් ඉදිරිපත්වන ප්‍රතිරෝධ ඇතුළත්ව සියලු පැතිකඩ වලින් දිග හැරෙන යුධ ගැටුම් වහා නතර කිරීම ය.
 
ජනාධිපති ට්‍රම්ප් ඊශ්‍රායෙලය සමග පෙබරවාරි 28 වන දින මුදා හැරි ඉරානයට එරෙහි අප්‍රකාශිත යුද්ධයට දින 02 ට පෙර ඕමාන රාජ්‍යයේ මැදිහත්වීම සමග ජිනීවා නුවරදි සාකච්ඡ කළ ඉරාන න්‍යෂ්ඨික බලය හා එහි වපසරිය ගැන කොන්දේසි නැවත මාර්තු 02 වන දින වියනා නුවරදී සාකච්ඡා කරන්නට නියමිතව තිබුණත් ට්‍රම්ප්-නෙතන්යාහු දියත් කළ යුද්ධයෙන් සිදුව ඇත්තේ කුමක්ද? ඉරානයේ යටිතල පහසුකම් විශාල වශයෙන් විනාශ වන්නට ඇත. දේශීය ආර්ථිකය බිඳ වැටී ඇත. ඉරාන වැසියන්ද දෙදහකට අධික සංඛ්‍යාවක් ඊශ්‍රායෙල් මිසයිල හා ගුවන් ප්‍රහාර මගින් ඝාතනය කෙරුණි. ඒ සියල්ල මේ යුද්ධයේ විනාශකාරී ප්‍රතිපලය.
 
cghfdf
ඒ සියලු විනාශ සමග ඉරානය මේ යුද්ධයේ ජයග්‍රාහකයා ය. ඉරාන න්‍යෂ්ඨික බලය හා ඊට එරෙහිව පැනවෙන සීමා තහංචි ගැන කතා දැන් නැත. දැන් කතා පටන් ගන්නේ ඔවුන්ට නොතිබූ හෝමුස් සමුද්‍රවංකය නිල වශයෙන් ඔවුන්ගේ අධිකාරී බලය යටතේ තබා ගෙනය. දැන් සාකච්ඡා කෙරෙන්නේ ඉරානය ඉදිරිපත් කරන කොන්දේසීන් ය. 
 
ඔවුන්ට එරෙහිව අවුරුදු 40 ක් පමණ ක්‍රියාත්මක කෙරුණු ප්‍රාථමික හා ද්විතියික සම්භාධක ඉවත් කිරීම, ඔවුන්ට එරෙහිව ආක්‍රමණශීලි කිසිවකට ඉඩ නොතැබීම, අරාබි කලාපයෙන් ඇමෙරිකානු හමුදා කඳවුරු ඉවත්කර ගැනීම, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සහ න්‍යෂ්ඨික බලය සම්බන්ධ ජාත්‍යන්තර ආයතනයේ පාලක මණ්ඩලයේ ඉරානයට අදාල සියලු යෝජනා අහෝසි කිරීම, යන කාරණා ය. මේවා ලැබුණත් නොලැබුණත් හෝමුස් සමුද්‍රවංකය ඉරානය යටතේ පවතිනු ඇත. ඒ හරහා යන නැව් වලින් ඔවුන් අය කිරීම් කරනු ඇත. ඒ අය කිරීම්, විශේෂයෙන් ඉන්ධන ප්‍රවාහනයේදී චීන යුආන් වලින් ගෙවීම් කරන්නට සිදුවනු ඇත. ඉන් කියැවෙන්නේ ඉරානයට එතෙක් සෘජුව නොතිබුණු චීන සහාය ලැබෙන බවය.

xfgdfff
ඒ සියල්ල සම්පිණ්ඩනය කළහොත් පෙබරවාරි 28 වන දින ඇමෙරිකාව හා ඊශ්‍රායෙලය ආරම්භ කළ යුද්ධයට පෙර තිබූ බොහෝ දේ ඇමෙරිකානු කදවුරට අහිමිව ඇති අතර, යුද්ධයේ තාවකාලික විරාමය වන විට, පෙර නොතිබූ බලයක්, කේවල් කිරීමේ හයියක් ඉරානයට ලැබී ඇත. දැනට ජය, ඉරානයට ය.

kusal perera(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2026 අප්‍රේල් 09 වන දින
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...