The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නලින්ද ජයතිස්ස මොණරෙක් මෙන් නටයි...

T

The Leader Desk

April 9, 2026 • 4:09 PM

නලින්ද ජයතිස්ස මොණරෙක් මෙන් නටයි...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද අප අත්විදින දුෂ්කර ග්‍රාමීය රෝහල් වලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමේ අර්බුදය බල දේශපාලනයේ සහ දේශපාලන මමත්වයේ කටුක යතාර්තය පෙන්වයි.
  • පසුව ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් අප්‍රේල් 09 වන දින සාකච්ඡාවක් ලබා දීමට ඇමතිවරයා එකඟ විය.
  • අප්‍රේල් 09 දින ගැටලු විසඳීමට සාකච්ඡාව තිබියදී, ඊට පෙර දින එනම් "අප්‍රේල් 08" වන දින රාත්‍රියේ හොර රහසේම අදාළ අර්බුදකාරී ස්ථානමාරු ලැයිස්තුව ප්‍රකාශයට පත් කරන ලදී.
  • අවම සදාචාරය පවා උල්ලංඝණය කරමින් මර්දනකාරී ලෙස කටයුතු කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


රටේ රෝහල් පද්ධතිය තුළ නිර්මාණය වී ඇති අර්බුදයට සැබෑ හේතුව කුමක්ද? වෛද්‍යවරුන් නැවතත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්නේ මන්ද?

cghftrt
නිර්දේශපාලනික රාජ්‍ය සේවයක් පොරොන්දු වී බලයට පැමිණි ජාජබ රජයේ බල කණුවකි නලින්ද ජයතිස්ස.

ඈත දුෂ්කර පළාත්වල රෝහල්වලට වෛද්‍යවරුන් පත් කිරීමේදී (ස්ථානමාරු ලැයිස්තු සකස් කිරීමේදී) සෞඛ්‍ය අමාත්‍යාංශය පවතින නීති රීති උල්ලංඝණය කරමින් දේශපාලන හිතවත්කම් මත අත්තනෝමතික ලෙස කටයුතු කිරීමේ පුරෝගාමියා වූයේද  ඔහුම වීම දෛවයේ සරදමකි .මෙහි සෘජු බලපෑම එල්ල වන්නේ ගමේ රෝහලට වෛද්‍යවරයෙකු නොමැති වීමේ අවදානමයි.

සෞඛ්‍ය ඇමතිගේ මර්දනකාරී පිළිවෙතට එරෙහිව වෛද්‍යවරුන් සාකච්ඡා ඉල්ලූ නමුත් සෞඛ්‍ය අමාත්‍යවරයා එය දිගින් දිගටම මඟ හැරියේය. පසුව ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් අප්‍රේල් 09 වන දින සාකච්ඡාවක් ලබා දීමට ඇමතිවරයා එකඟ විය.

fgdfgdfg
එම පොරොන්දුව විශ්වාස කළ වෛද්‍යවරුන් ජනතාවට සිදුවන අපහසුව සලකා තාවකාලිකව වැඩවර්ජන අත්හිටුවීමට තීරණය කළහ. එය ජනතාව කෙරෙහි සංවේදී වීමක් මෙන්ම අවම දේශපාලන සදාචාරය පිලිබද කුඩා හෝ විශ්වාසයකද සළකුණක් ද විය.

නමුත් සිදු වූයේ කිසිවෙකු නොසිතූ දෙයකි. අප්‍රේල් 09 දින ගැටලු විසඳීමට සාකච්ඡාව තිබියදී, ඊට පෙර දින එනම් "අප්‍රේල් 08" වන දින රාත්‍රියේ හොර රහසේම අදාළ අර්බුදකාරී ස්ථානමාරු ලැයිස්තුව ප්‍රකාශයට පත් කරන ලදී.

  • සාකච්ඡාවට තිබූ ඉඩකඩ ඇමතිවරයා විසින්ම වසා දැමීය.

  • වෛද්‍යවරුන්ව සහ මුළු රටේම ජනතාව මුලා කළේය.

  • අවම සදාචාරය පවා උල්ලංඝණය කරමින් මර්දනකාරී ලෙස කටයුතු කළේය.

  • ⁠සම්මුතිය සහ සාකච්ඡාව කුණු කූඩයට දැමූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම අත්තනෝමතික  ක්‍රියාවට එරෙහිව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නැවතත් වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට එළඹීමට තීරණය කර කළේය.


මෙවැනි සංසිද්ධින් පිලිබද  සිතීමේදී පැන නැගෙන ප්‍රශ්නය නම් වසර දෙකකට වරක් චක්‍රීය ලෙස ක්‍රියාත්මක වූ දුෂ්කර සේවය නාමිකව දුෂ්කර සේවයක් නොවන බවට ලයිස්තුවකින් පමණක් වෙනස් කිරීම තුළින් තරුණ වෛද්‍යවරුන් වසර හතරක් " සිර" කිරීම තුළින් සෞඛ්‍ය පද්ධතියට සිදු වූ සෙත කුමක්ද? වසර දෙකින් දෙකට වෛද්‍යවරුන් දුෂ්කර සේවය ට යැව්වේ නම් ඔවුන් පද්ධතිය තුළ රැදෙනු ඇත. කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකින් තොරව එකම ඉඩමේ තිබෙන එක රෝහලක් දුෂ්කර ලැයිස්තුවේ ඇති අතර අනෙක දුෂ්කර ලැයිස්තුවෙන් ඉවත් කර ඇත. මෙහි අවසන් ප්‍රතිඵල ය නවක වෛද්‍යවරුන් රට හැර යාමයි; රජයේ සේවයෙන් ඉවත් වීමය; අධෛර්ය වීමයි - අවසානයේ ග්‍රාමීය දුෂ්කර රෝහල් වැසී යාමයි.

xgsdfd
අමාත්‍ය නලින්ද ජයතිස්ස කිසිදු සාකච්ඡාවකින් තොරව, අවම සදාචාරය ද උල්ලංඝනය කරමින් අත්තනෝමතික ලෙස කටයුතු කිරීමේ සැබෑ වින්දිතයන් වෛද්‍යවරුන් නොවේ. ඔවුන් ලොව කොතැන හෝ සිය වෘත්තීය ජීවිතය, සිය නිදහස සොයා ගනු ඇත; සොයා යනු ඇත. අමාත්‍යවරයා බිලිගෙන ඇත්තේ සමාජ මාධ්‍ය වල සිය අසරණ බව ගැන ලියන්නට ස්මාර්ට් ෆෝන් එකක් තබා කුසට කන්නට නැති , යන්නට වෙන රටක් නැති දුප්පතුන් වය.

අමත්‍යවරයාගේ වෛද්‍යවරුන් කෙරෙහි වන සමාජ වෛරය දෛවයේ සරදමකි. ඒ ඔහුද නාමිකව හෝ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ වෛද්‍යවරුයකු වන බැවිනි. ඔහුගේ පක්ෂයේ සමාජ මාධ්‍ය දඩ ක්‍රියාකාරීන්ට අනුව වෛද්‍ය උපාධියයක සැබෑ පිරිවැය ලක්ශ 60 කි. එසේනම් නලින්ද ජයතිස්ස නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන එක් දවසක් හෝ කවර රෝගී සත්කාරයක් කර ඇතිද? ඔහු වෙනුවෙන් බදු ගෙවන්නන් වැය කළ පිරිවැය වෙනුවෙන් ඔහූ මේ රටේ සෞඛ්‍යය පද්ධතියයට වෛද්‍යවරයකු ලෙස කර ඇති සේවය කුමක්ද? ඔහු දුෂ්කර සේවයේ පීඩාව නොහදුනයි.

xdgseeh
ඔහු පාවා දී ඇත්තේ ඔහුගේම සගයන්වය. ඔහු දුෂ්කර සේවය සාමාන්‍ය සේවයක් ලෙස නාමකරණයෙන් අනුන් පීඩා කිරීමෙන් සිය මමත්වය සනසා ගනියි. පරපීඩාව ශිෂ්ට දේශපාලකයකුට තරම් නොවෙයි . සාකච්ඡා ව සම්මුතිය වෙනුවට විසම්මුතිය සහ මර්දනය තෝරා ගැනීම බලයේ ගමන කෙටි කරවයි.

නලින්ද ජයතිස්ස අපට පෙන්වන්නේ අපරිණත, දේශපාලන අව්‍යක්ත තාවයේ භයානක කමයි. ඔහු මමත්වයෙන් මත්ව සමාජමාධ්‍ය සාදයක නටමින් සිටී. පිල් විදහා ගත් මොණරෙකු වැනිය ඔහු- තරුණ වෛද්‍යවරුන් මෙල්ල කළ සතුට ඔහුගේ මොණර පිළයි. නමුත් ඔහුගේ සමාජ වෛරය මොණර පිලට පසුපසින් නිරුවත්ව පෙනෙයි .

(සටහන | වෛද්‍ය ජීවක ගමගේ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...